The Forensic Eye

The Forensic Eye Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Forensic Eye, Digital creator, Colombo.
(5)

සත්‍යයේ විද්‍යාත්මක ගවේෂණය 🔍🧠

ඔබ දකින දේට එහා ගිය සැබෑ තත්ත්වය සොයා යන රහස් පරීක්ෂක ඇස!

අපරාධ විද්‍යාව (Criminology), ආරක්ෂක උපක්‍රම (Tactical Knowledge) සහ ලොව වටා සිදුවන අමුතුම අභිරහස් ගැන නිවැරදි විද්‍යාත්මක විශ්ලේෂණය මෙතැනින්.

කැනඩාවේ පාසල් පොත්වලින් අපේ හමුදාවට ගහන්න හැදූ "බුද්ධිමය ත්‍රස්තවාදය" පැරදවූ තනි මිනිසාමහාචාර්ය නෙවිල් හේවගේ මැතිඳුන්යුද...
26/09/2026

කැනඩාවේ පාසල් පොත්වලින් අපේ හමුදාවට ගහන්න හැදූ "බුද්ධිමය ත්‍රස්තවාදය" පැරදවූ තනි මිනිසා

මහාචාර්ය නෙවිල් හේවගේ මැතිඳුන්

යුද්ධය අවසන් වී වසර 17ක් ගතවී ඇතත්, ශ්‍රී ලංකාවට එරෙහි යුද්ධය විදෙස් රටවල තවමත් අලුත් මුහුණුවරකින් ක්‍රියාත්මක බව ඔබ දන්නවාද? මේ දිනවල කැනඩාව කේන්ද්‍ර කරගෙන කොටි හිතවාදී ඩයස්පෝරාව විසින් දියත් කළ අතිශය භයානක "බුද්ධිමය ත්‍රස්තවාදී"ප්‍රහාරයක්, එක් සැබෑ දේශප්‍රේමියෙකුගේ නොසැලෙන ධෛර්යය හමුවේ කුඩුපට්ටම් වී ගියේය.

ශ්‍රී ලංකාවේ පසින් ඉපිද, අපේ මව්බිමේ අධ්‍යාපනයෙන් පන්නරය ලබා ලෝකය ජයගත් එතුමා, මේ වන විට කැනඩාවේ ප්‍රකට ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පර්යේෂකයෙකු සහ විද්වතෙකු ලෙස කටයුතු කරයි. ජාත්‍යන්තර සබඳතා, රාජ්‍ය ප්‍රතිපත්ති සහ සංක්‍රාන්තික යුක්තිය පිළිබඳව ජාත්‍යන්තර තලයේ පිළිගත් ප්‍රබලම ශ්‍රී ලාංකික බුද්ධිමතෙකු වන එතුමා, විදෙස් රටක ඉහළම ගෞරවයක් සහිතව වෘත්තියේ නියැළුණද කිසිදා තමන් උපන් රට අමතක කළ කෙනෙකු නොවේ.

විදෙස් ගත ඩයස්පෝරාවේ මීළඟ ඉලක්කය වූයේ කැනඩාවේ මීළඟ පරම්පරාවේ මොළ සේදීමයි. ඔවුන් කැනඩා රජය හරහා එරට පාසල් අධ්‍යාපන විෂය නිර්දේශයට ශ්‍රී ලංකා හමුදාව විසින් සිවිල් වැසියන් සමූලඝාතනය කළ බවට අසත්‍ය ඉතිහාසයක් ඇතුළත් කිරීමට දැවැන්ත සැලසුමක් දියත් කළේය. මෙය සාර්ථක වූවා නම්, හෙට දවසේ කැනඩාවේ හැදී වැඩෙන සෑම දරුවෙක්ම අපේ ත්‍රිවිධ හමුදාව දකින්නේ "යුධ අපරාධකරුවන්" ලෙසිනි.

මේ දැවැන්ත ජාතික විනාශය දුටු මහාචාර්ය නෙවිල් හේවගේ මැතිතුමා නිහඬව සිටියේ නැත. කිසිදු රජයක හෝ ආයතනයක මුදල් බලාපොරොත්තු නොවී, තම පෞද්ගලික ධනය සම්පූර්ණයෙන්ම වියදම් කරමින් එතුමා කැනඩා අධිකරණය ඉදිරියේ මේ අසත්‍යයට එරෙහිව දැවැන්ත නීතිමය සටනක් ආරම්භ කළේය.
මේ සත්‍යය හෙළි කිරීම නිසාම අන්තවාදීන්ගෙන් එතුමාට දැඩි මරණ තර්ජන පවා එල්ල විය. නමුත්, සැබෑ බුද්ධිමතෙකු කිසිදාක තර්ජන හමුවේ සත්‍යය පාවා දෙන්නේ නැත!
අවසානයේදී කැනේඩියානු අධිකරණය ඩයස්පෝරාවේ බොරු ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කළේය. "පිළිගත හැකි කිසිදු නීත්‍යානුකූල සාක්ෂියක් නොමැතිව, හුදෙක් ප්‍රබන්ධ මත පදනම්ව මෙවැනි කරුණු අධ්‍යාපන විෂය නිර්දේශයට ඇතුළත් කළ නොහැකි බව" අධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය. එය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ අභිමානය ජාත්‍යන්තරය ඉදිරියේ නීතිමය සාක්ෂි මතින්ම නැවතත් තහවුරු කළ සුවිශේෂී අවස්ථාවකි.

මහාචාර්ය නෙවිල් හේවගේ යනු හුදෙක් ජාත්‍යන්තරය ජයගත් බුද්ධිමතෙකු පමණක් නොවේ. පෞද්ගලිකව මා හොඳින්ම හඳුනන, මාගේ ජීවිතයේ අරමුණු සහ දැක්ම ගොඩනගා ගැනීමට මට සුවිශාල අභිප්‍රේරණයක් සහ මාර්ගෝපදේශකත්වයක් ලබා දුන් අසමසම දක්ෂයෙකි.
උණ්ඩයකින් කළ නොහැකි දැවැන්ත පෙරළියක්, නිවැරදි කරුණු සහ නීතිමය තර්කනය ඔස්සේ සිදු කළ හැකි බව එතුමා අද මුළු ලෝකයටම ඔප්පු කර පෙන්වා ඇත.
මාතෘභූමියේ අභිමානය වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණවල තනිව සටන් වදින මහාචාර්ය නෙවිල් හේවගේ මැතිඳුනි,

ඔබතුමාට මාගේත්, සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේත් ගෞරවනීය ප්‍රණාමය!

Detective A***n
The Forensic Eye

***n

හමුදාවයි පොලිසියයි දැන් සමානද? STF එකට තියෙන්නෙත් මේ බලයමද? නව ත්‍රස්ත විරෝධී පනත අද ප්‍රවෘත්තිවල අලුත් ‘ත්‍රස්තවාදයෙන් ...
25/09/2026

හමුදාවයි පොලිසියයි දැන් සමානද?
STF එකට තියෙන්නෙත් මේ බලයමද?

නව ත්‍රස්ත විරෝධී පනත
අද ප්‍රවෘත්තිවල අලුත් ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ ගැන නිවුස් එක ගිය ගමන් සමාජ මාධ්‍යවල "දැන් හමුදාවයි පොලිසියයි සමානයි", "හමුදාවෙන් දැන් පොලිසියවත් චෙක් කරයි", "STF එකට තියෙන්නෙත් මේ බලයම තමයි" වගේ කතා වැල නොකැඩී ශෙයා වෙනවා.

අපරාධ විද්‍යාව සහ නීතිය ගැන කිසිම අවබෝධයක් නැති අය මේ පනතේ වගන්ති තමන්ට ඕනේ විදිහට අර්ථකථනය කරගෙන සමාජය නොමඟ යවනවා. අද අපි මේ අලුත් සංශෝධනයේ සැබෑ නීතිමය තත්ත්වය සහ සමාජයේ පැතිරෙන මිත්‍යාවන් කුඩුපට්ටම් කරලා දාමු.

හමුදාවට පොලිස් බලතල ලැබුණේ "කොන්දේසි සහිතවයි"
මේ පනතෙන් සන්නද්ධ හමුදාවන්ට සහ වෙරළ ආරක්ෂක බලකායට පොලිසියට සමාන සෝදිසි කිරීමේ සහ අත්අඩංගුවට ගැනීමේ බලය ලබා දී ඇත්තේ සාමාන්‍ය සිවිල් නීතිය යටතේ නොව, "අතිශය විශේෂිත කොන්දේසි 03ක්" යටතේ පමණි

හමුදාවයි පොලිසියයි දැන් සමානද?
STF එකට තියෙන්නෙත් මේ බලයමද?

හමුදාවට පොලිස් බලතල ලැබුණේ "කොන්දේසි සහිතවයි"
මේ පනතෙන් සන්නද්ධ හමුදාවන්ට සහ වෙරළ ආරක්ෂක බලකායට පොලිසියට සමාන සෝදිසි කිරීමේ සහ අත්අඩංගුවට ගැනීමේ බලය ලබා දී ඇත්තේ සාමාන්‍ය සිවිල් නීතිය යටතේ නොව, "අතිශය විශේෂිත කොන්දේසි 03ක්" යටතේ පමණි

ත්‍රස්තවාදී ක්‍රියාවක් වැළැක්වීමට ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගත යුතු අවස්ථාවක.

අදාළ ස්ථානයේ පොලිස් නිලධාරියෙකු නොමැති සහ පොලිසියකට වහාම පැමිණීමට ප්‍රායෝගික නොවන අවස්ථාවක.

මහජන සාමය හෝ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සඳහා සන්නද්ධ හමුදා යොදවා ඇති ප්‍රදේශයකදී පමණි.

මෙයින් අදහස් වෙන්නේ හමුදාවට සාමාන්‍ය ට්‍රැෆික් රාජකාරි කිරීමට, සිවිල් ආරවුල් විසඳීමට හෝ මහපාරේ යන සාමාන්‍ය වැසියන්ව සෝදිසි කිරීමට "බ්ලෑන්ක් චෙක්පතක්" දී ඇති බව නොවේ! ඔවුන් ක්‍රියාත්මක වන්නේ පොලිසිය නොමැති තැනකදී විකල්ප බලවේගයක් ලෙස පමණි.

"හමුදාවයි පොලිසියයි දැන් සමානයි" කියන අයට පනතේ තියෙන ඊළඟ වගන්තිය පේන්නේ නැත.
යම් හෙයකින් හමුදාව විසින් ත්‍රස්ත සැකකරුවෙකුව අත්අඩංගුවට ගත්තොත්, පැය 24ක් ඇතුළත එම සැකකරුව ආසන්නතම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත භාර දිය යුතුමය.
හේතුව? හමුදාවකට සැකකරුවෙකුව අධිකරණයට ඉදිරිපත් කිරීමට, බී-වාර්තා මගින් නඩු පැවරීමට හෝ සාක්ෂි ගොනු කිරීමට සිවිල් නීතිය යටතේ බලයක් නැත. ඒ පූර්ණ බලය ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියට පමණි.

හමුදාවෙන් පොලිස් නිලධාරීන්ව චෙක් කරයිද?

සමාජ මාධ්‍යවල යන විහිලු සහගතම කතාව මෙයයි. මේ පනතෙන් පැහැදිලිවම කියන්නේ "පොලිසිය නොමැති අවස්ථාවකදී" හමුදාවට මේ බලය පාවිච්චි කළ හැකි බවයි. පොලිස් නිලධාරීන් යනු රටේ සිවිල් නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානතම නියෝජිතයන්ය . කිසිදු හමුදා නිලධාරියෙකුට රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුව සෝදිසි කිරීමට මේ පනතෙන් කිසිදු ඉඩක් හෝ නීතිමය ප්‍රතිපාදනයක් ලබා දී නැත.

STF එකට තියෙන්නෙත් මේ බලයමද?
ගොඩක් අය හිතන් ඉන්නේ විශේෂ කාර්ය බලකාය (STF) කියන්නේ හමුදාවක් කියලා. ඒ නිසා STF එකට බලය ලැබිල තියෙන්නෙත් මේ වගේ ගැසට් වලින් කියලා ඔවුන් හිතනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි!

STF යනු ශ්‍රී ලංකා පොලීසියයි! විශේෂ කාර්ය බලකාය යනු පොලිස් දෙපාර්තමේන්තුවේම ප්‍රභූ සටන්කාමී ඒකකයයි
ඔවුන්ට සැකකරුවෙකුව අත්අඩංගුවට ගන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් හෝ විශේෂ ගැසට් අවශ්‍ය නැත.
STF නිලධාරියෙකුට අපරාධ නඩු විධාන සංග්‍රහය සහ පොලිස් ආඥාපනත යටතේ වසරේ දවස් 365ම, පැය 24 පුරාම, රටේ ඕනෑම තැනකදී නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ "පොලිස් බලතල" බලකාය වෙත උපතින්ම හිමිය.

හමුදාව වගේ පැය 24න් වෙනත් ආයතනයකට සැකකරුවන්ව භාරදීමේ නීතියක් STF එකට බලපාන්නේ නැත ඔවුන් පරිපාලන පහසුවට අදාළ පොලිස් ස්ථාන වෙත සැකකරුවන් භාර දුන්නද, නීතිමය වශයෙන් ඔවුන්ද පොලිස් නිලධාරීන්මය
අලුත් නීතියක් ආපු ගමන් ඒක කියවන්නේ නැතුව බොරු පතුරවන සමාජයක ඔබ ජීවත් වෙන්නේ.
හමුදාවට මේ ලබා දී ඇත්තේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය 'හදිසි මෙවලමක්' පමණි. එයින් සිවිල් නීතියේ ආධිපත්‍යය හෝ ශ්‍රී ලංකා පොලීසියේ අනන්‍යතාවය කිසිසේත්ම යටපත් වන්නේ නැත!

ඔබ දකින දේට එහා ගිය සෑබෑ තත්ත්වය සොයා යන,

The Forensic Eye 🔍🧠

"හමුදා වාහනේකට අතදාන්න පොලිසියට බලයක් නෑ"👇👇👇👇👇👇👇👇👇👇👇"හමුදා වාහනේකට අතදාන්න පොලිසියට බලයක් නෑ" කියන කතාව සමාජයේ බොහෝ දෙනෙ...
22/09/2026

"හමුදා වාහනේකට අතදාන්න පොලිසියට බලයක් නෑ"
👇👇👇👇👇👇👇👇👇👇👇
"හමුදා වාහනේකට අතදාන්න පොලිසියට බලයක් නෑ" කියන කතාව සමාජයේ බොහෝ දෙනෙක් අතර තියෙන ලොකුම නීතිමය මිත්‍යාවක්. සමහර වෙලාවට මහමඟදී පොලිස් නිලධාරීන් සහ හමුදා සෙබළුන් අතර මේ නොදැනුවත්කම නිසාම මතගැටුම් පවා ඇතිවෙනවා.

සැබෑ නීතිය කුමක්ද? හමුදා වාහනයක් පාරේ යද්දී එයට විශේෂ නීතිමය මුක්තියක්හිමිවෙනවාද? අද මේ පිළිබඳව ඇති නීතිමය යථාර්ථය විමසා බලමු.

සිවිල් නීතිය සහ පොලිසියේ පූර්ණ බලය
කෙටි පිළිතුර ඔව්, පොලිසියට පූර්ණ නීතිමය බලයක් ඇත!
මහමඟ ආධිපත්‍යය ශ්‍රී ලංකාවේ පොදු මාර්ගයක නීතිය හා සාමය පවත්වාගෙන යාමේ පූර්ණ බලය ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියටයි. එය පොලිස් ආඥාපනත, අපරාධ නඩුවිධාන සංග්‍රහය සහ මෝටර් වාහන පනත මගින් පැහැදිලිව තහවුරු කර ඇත.
සාධාරණ සැකය හමුදා වාහනයක් වුවද පොදු මාර්ගයක ගමන් කරන විට එය යටත් වන්නේ රටේ සාමාන්‍ය සිවිල් නීතියටයි. යම් අපරාධයක්, නීතිවිරෝධී ප්‍රවාහනයක් (මත්ද්‍රව්‍ය/අවි ආයුධ) හෝ බරපතළ මාර්ග නීති උල්ලංඝනයක් පිළිබඳව "සාධාරණ සැකයක්" ඇත්නම්, ඕනෑම හමුදා වාහනයක් නැවැත්වීමට සහ පරීක්ෂා කිරීමට බලයලත් පොලිස් නිලධාරියෙකුට පූර්ණ නීතිමය බලයක් ඇත.

"හමුදා නීතිය" පාරට අදාළද?
ත්‍රිවිධ හමුදා සෙබළුන් පාලනය වන්නේ යුධ, නාවික හෝ ගුවන් හමුදා පනත් යටතේය. නමුත් එම හමුදා නීතිය බලපාන්නේ හමුදා කඳවුරක් ඇතුළත හෝ ඔවුන්ගේ අභ්‍යන්තර රාජකාරිවලදී පමණි.
හමුදා රථයක් සාමාන්‍ය මහමඟට පැමිණි පසු, ඔවුන් සිවිල් සමාජයේ කොටසක් බවට පත්වේ. හමුදා නිල ඇඳුම හෝ වාහනයේ ඇති හමුදා අංක තහඩුව සාමාන්‍ය නීතියෙන් රිංගා යාමට හෝ පොලිස් සෝදිසියක් ප්‍රතික්ෂේප කිරීමට නිදහසට කරුණක් නොවේ.

වෘත්තීය ගෞරවය සහ ප්‍රායෝගික ක්‍රියාපටිපාටිය
නීතියෙන් බලය තිබුණද, ප්‍රායෝගික තත්ත්වය මීට වඩා තරමක් වෙනස්ය.
රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන සහෝදර හමුදාවන් කෙරෙහි ඇති වෘත්තීය ගෞරවය නිසා, පොලිස් නිලධාරීන් සාමාන්‍යයෙන් හමුදා වාහන අනවශ්‍ය ලෙස පරීක්ෂා කිරීමට යන්නේ නැත.

යම් හෙයකින් හමුදා රථයක් පරීක්ෂා කිරීමට අවශ්‍ය තරමේ බරපතළ බුද්ධි තොරතුරක් ලැබුණහොත්, බොහෝ විට පොලිසිය කරන්නේ යුධ හමුදා පොලිසිය (Military Police / SLCMP) අදාළ ස්ථානයට කැඳවා ඔවුන්ගේද සහාය ඇතිව පරීක්ෂාව සිදු කිරීමයි නමුත් එය අනිවාර්‍යය නැත. එය ආයතන දෙක අතර අනවශ්‍ය ගැටුම් වළක්වා ගනිමින් විනයගරුකව නීතිය ක්‍රියාත්මක කරන පටිපාටියයි.

පොලිස් නිල ඇඳුමත්, හමුදා නිල ඇඳුමත් කියන්නේ දෙකම එකම රටක ආරක්ෂාව වෙනුවෙන් දහඩිය හෙළන පවුරු දෙකක්.

නීතිය ඉදිරියේ කිසිවෙකුට විශේෂ වරප්‍රසාද නොමැත. නමුත්, පොලිස් නිලධාරීන් තම නීතිමය බලය අයුතු ලෙස භාවිත නොකළ යුතු සේම, හමුදා නිලධාරීන්ද තම නිල ඇඳුමේ අභිමානය පලිහක් කරගනිමින් සිවිල් නීතියට අභියෝග නොකළ යුතුය. නීතියේ ආධිපත්‍යයරැඳී පවතින්නේ ආයතන අතර ඇති මේ අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය මතයි!

ඔබ දකින දේට එහා ගිය සෑබෑ තත්ත්වය සොයා යන,

The Forensic Eye 🔍🧠

👉 මේ ආයතන දෙක අතර තියෙන නීතිමය සීමාවන් ගැන සමාජයේ තියෙන නොදැනුවත්කම ගැන ඔයාගේ අදහස මොකක්ද? Comment එකක් දාගෙන යන්න! 👇

***n

ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රථම සහ එකම 'Para Jump Master' STF අභිමානය සහ සහෝදරත්වයේ ශක්තිය! පොලිස් විශේෂ කාර්ය බලකායේ  රණකාමී...
22/09/2026

ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රථම සහ එකම 'Para Jump Master' STF අභිමානය සහ සහෝදරත්වයේ ශක්තිය!

පොලිස් විශේෂ කාර්ය බලකායේ රණකාමී ඉතිහාසයේ තවත් රන් සලකුණක් සනිටුහන් කළ මේ අභීත නිලධාරියාව ඔබ හඳුනනවාද?
ඔහු නමින් පොලිස් සැරයන් 75977 සංජීව හර්ෂ කුමාර මහතායි. , ශ්‍රී ලංකා පොලිස් වංශකතාවේ අසමසම වාර්තාවක් තැබූ මේ අභීත නිලධාරියා සහ STF බලකායේ නොපෙනෙන සටන්කාමී ශක්තිය පිළිබඳවයි.

පොලීසියේ පළමු සහ එකම 'Jump Master'
ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ දක්ෂ 'Jump Masters' ලා කොතෙකුත් සිටියද, ශ්‍රී ලංකා පොලීසිය සතුව සිටින පළමු සහ එකම පැරෂුට් පිම්ම් උපදේශකවරයා (Para Jump Master) වන්නේ මොහුය. යුධ හමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ අතිශය දුෂ්කර Jump Master පාඨමාලාව සාර්ථකව හැදෑරූ ප්‍රථම පොලිස් නිලධාරියා වීමේ ඓතිහාසික ගෞරවය හිමිවන්නේ සැරයන් සංජීව හර්ෂ කුමාර මහතාටයි. අහසින් කඩාපනින පැරෂුට් භටයන්ට ගුවනේදී නිවැරදි නායකත්වය දීමට තරම් මොහු සතු මානසික සහ ශාරීරික ශක්තිය සුළුපටු නැත.

කුඩා රටක, දැවැන්ත අභිමානයක්!
ශ්‍රී ලංකාව වගේ කුඩා රටක තියෙන අර්ධ-මිලිටරි බලකායක් විදිහට STF එක ලබාගෙන තියෙන ජයග්‍රහණය ලෝකයටම ආදර්ශයක්. අද වෙද්දී STF එක ඇතුළේ 300කට ආසන්න අතිදක්ෂ Paratroopers ලා පිරිසක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ දැවැන්ත අවදානම ගන්නා කාන්තා පැරෂුට් නිලධාරිනියන් 3ත් 5ත් අතර ප්‍රමාණයක් STF බලකාය නියෝජනය කිරීම සමස්ත ජාතියටම ලොකු අභිමානයක්!
සහෝදරත්වයේ උපහාරය
STF එක මේ තරම් දුරක් ආවේ තනියම නෙවෙයි. මේ තත්ත්වයට එන්න අසීමිත සහයෝගයක් ලබාදුන් ශ්‍රී ලංකා යුධ හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව අනිවාර්යයෙන්ම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.
විශේෂයෙන්ම රෙජිමේන්තු විශේෂ බලකාය (RSF), විශේෂ යාත්‍රා බලඝණය (SBS) තමන්ගේ දියුණු උපක්‍රම සහ යුධ දැනුම කිසිදු පැකිලීමකින් තොරව STF එකත් එක්ක බෙදාගන්නවා. ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අතර තියෙන මේ 'නොබිඳෙන සහෝදරත්වය' තමයි අපේ රටේ ආරක්ෂාවේ ලොකුම පවුර!

සැරයන් සංජීව හර්ෂ කුමාර මහතාගේ මේ ඓතිහාසික ජයග්‍රහණය, මුළු මහත් STF බලකායේම කැපවීම නිරූපණය කරන කැඩපතක්. එකිනෙකාගේ දැනුම බෙදාගනිමින්, සහෝදරත්වයෙන් වැඩ කරන මේ නිහඬ වීරයන්ට ජාතියේ ගෞරවනීය ආචාරය හිමිවිය යුතුයි!

The Forensic Eye 🔍🧠

👉 අහසින් එන මේ අභීත වීරයන්ට සහ අපේ ත්‍රිවිධ හමුදාවට ඔයාගේ සුබපැතුම Comment එකකින් එක් කරන්න! 👇

***n

22/09/2026

පන්නල සිද්ධිය...

ගිරිඋල්ල පොලීසිය විසින් නැවැත්වීමට කරන ලද සංඥා නොතකා පලාගිය සුඛෝභෝගී මෝටර් රථයක් පන්නල නගරයේදී වටලා, එහි රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ගිරිඋල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් මෙම මෝටර් රථය පරීක්ෂා කිරීම සඳහා රියදුරුට රථය නවත්වන ලෙසට සංඥා කළ ද ඔහු වේගයෙන් ඉදිරියට රිය පදවා ඇති බවය.
ඒ අනුව, මෝටර්රථය පසුපසු හඹාගිය පොලීස් නිලධාරින්, රථය නවත්වන ලෙසට රියදුරට නැවත නැවත් සංඥා කළද ඔහු පොලිස් අන නොකතා මෝටර් රථය ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකළ ද ඔහු රථය නොනනවත්වා ධාවනය කර ඇත.
අනතුරුව,පොලීසිය විසින් පන්නල නගරයේදී පොලිස් ජීප් රථය සහ තවත් වාහන කිහිපයක් මෝටර් රථයට හරස් කර එය නවතා ගැනීමට සමත්ව ඇත.
එහිදී වාහනය නැවැත්වූවද රියදුරු මෝටර් රථයේ දොරවල් වෘත්ත නොකිරීම හේතුවෙන්පොලිස් නිලධාරීන් ටී-56 ගිනි අවි පෙන්වා දොර විවෘත කරන ලෙස නියෝග කළද, රියදුරු එය ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ හේතුවෙන්, පොලිස් නිලධාරීන් විසින් මෝටර්රථයේ වම්පස ඉදිරි දොරේ වීදුරුවට ගිනි අවියෙන් පහරදී බිඳ දැමීමෙන් පසු රියදුරු දොර විවෘත කර ඇත.
ඒ අනුව මෝටර්රථයේ සිටි රියදුරු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී රයදුරු සන්තකයේ තිබී මත්ද්‍රව‍ය සුළු ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

පාරේ මනුස්සයෙක් මැරෙද්දී ලේ පෙරාගෙන වීඩියෝ කරන සමාජය  සහ අපේ මනුෂ්‍යත්වයේ ඛේදවාචකය!මහපාරේ දරුණු රිය අනතුරක් වෙලා මනුස්සය...
20/09/2026

පාරේ මනුස්සයෙක් මැරෙද්දී ලේ පෙරාගෙන වීඩියෝ කරන සමාජය සහ අපේ මනුෂ්‍යත්වයේ ඛේදවාචකය!

මහපාරේ දරුණු රිය අනතුරක් වෙලා මනුස්සයෙක් ලේ පෙරාගෙන පාරේ වැටිලා ඉන්නවා. එහෙමත් නැත්නම් කවුරුහරි කාටහරි පිහියකින් අනිනවා. මේ වෙලාවට එතනට එකතු වෙන සෙනඟ කරන්නේ මොකක්ද?
තුවාල වුණු කෙනාව බේරගන්නවා වෙනුවට, 90%ක්ම මිනිස්සු කරන්නේ සාක්කුවෙන් ෆෝන් එක අරගෙන වීඩියෝ කරලා ඉක්මනට Facebook එකට හරි WhatsApp Group එකට හරි දාන එක. අද අපි කතා කරන්නේ, ඇයි මිනිස්සු මෙච්චර අමානුෂික වෙලා තියෙන්නේ කියන එක පිටුපස තියෙන මනෝවිද්‍යාත්මක යථාර්ථය සහ ප්‍රායෝගික ඛේදවාචකය ගැනයි.

කවුරුවත් උදව් නොකරන නරඹන්නාගේ න්‍යාය
මිනිස්සු ෆෝන් එක අරන් වීඩියෝ කරන්නේ ඔවුන් උපතින්ම නරක මිනිස්සු නිසා නෙවෙයි. අපරාධ මනෝවිද්‍යාවේ මේකට කියන්නේ Bystander Effect කියලා.
පාරේ තනියම යනකොට අනතුරක් දැක්කොත් ඒ මනුස්සයා අනිවාර්යයෙන් උදව් කරනවා. හැබැයි වටේට සෙනඟ 10ක් 20ක් ඉන්නකොට, හැමෝම හිතන්නේ "මම ඕකට අතදාන්න ඕනේ නෑ, වෙන කවුරුහරි උදව් කරයි" කියලා.
අන්තිමට ඒ වටවෙලා ඉන්න 20 දෙනාම ෆෝන් එකෙන් වීඩියෝ කර කර බලන් ඉන්නවා, වැටිලා ඉන්න මනුස්සයා මහපාරේ අවසන් හුස්ම හෙළනවා.

ජීවිතයක් තීරණය කරන "රන්වන් පැය" හදිසි අනතුරකදී හෝ ප්‍රහාරයකදී වෛද්‍ය විද්‍යාවේ සහ ජීවිතාරක්ෂක කලාවේ ඉතාම තීරණාත්මක කාලය වන්නේ පළමු පැයයි
ශරීරයෙන් අධික ලෙස ලේ වහනය වෙන කෙනෙකුට අවශ්‍ය වෙන්නේ ඉක්මන් රෝහල්ගත කිරීමක් නෙවෙයි, එතන ඉන්න කවුරුහරි තමන්ගේ ෂර්ට් එක ගලවලා හරි ඒ තුවාලය තද කරලා ලේ යන එක නවත්තන එකයි.
සරලවම තුවාලයට පීඩනයක් දීලා ලේ ගලන එක තත්පර 30කින් නැවැත්තුවා නම් බේරගන්න පුළුවන් ජීවිත, වටේ ඉන්න මිනිස්සු තමන්ගේ ෆෝන් එකෙන් වීඩියෝ කර කර Views හොයන්න යන නිසා මහපාරේම නැතිවෙලා යනවා.

ගොඩක් අය අනතුරකට පත්වුණු කෙනෙක්ව රෝහලකට අරන් යන්න බයයි, "අපෙන් පොලිසිය ප්‍රශ්න කරයි, සාක්ෂි දෙන්න උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙයි" කියලා.
මේක සම්පූර්ණ මිත්‍යාවක්. මහපාරේ අසරණ වූ කෙනෙකුගේ ජීවිතයක් බේරගන්න රෝහලකට අරගෙන යන කෙනෙකුට නීතියෙන් කිසිම කරදරයක් වෙන්නේ නෑ. පොලිසියට අවශ්‍ය වන්නේ සිදුවීම ගැන මූලික තොරතුරක් පමණයි. ජීවිතයක් බේරගත්ත මනුස්සයෙක්ව කිසිම පොලිස් නිලධාරියෙක් අනවශ්‍ය විදිහට රස්තියාදු කරන්නේ නෑ.

ඔබේ Views වලට වඩා, ඔබේ ලයික් වලට වඩා, මහපාරේ වැටිලා ඉන්න ඒ මනුස්සයාගේ ජීවිතය වටිනවා. හෙට දවසේ ඒ මහපාරේ ලේ පෙරාගෙන වැටිලා ඉන්නේ ඔබේ තාත්තා, සහෝදරයා හෝ දරුවා වෙන්න පුළුවන්. එදාටත් වටේ ඉන්න මිනිස්සු උදව් කරනවා වෙනුවට ඒක ලයිව් දාද්දී ඔබට දැනෙන වේදනාව අදම තේරුම් ගන්න.

ඛේදවාචකයක් දැක්කම ෆෝන් එක නෙවෙයි, ඔබේ දෑත් ඉස්සරහට දාන්න.

මූලික ප්‍රථමාධාරයක් දෙන්න පුරුදු වෙන්න.
වීරයෙක් වෙන්න ඕනේ තිරය පිටුපස නෙවෙයි, සැබෑ ජීවිතය ඇතුළෙයි!

ඔබ දකින දේට එහා ගිය සෑබෑ තත්ත්වය සොයා යන,

The Forensic Eye 🔍🧠

👉 ඛේදවාචකයක් දැක්කම උදව් කරනවා වෙනුවට වීඩියෝ කරන මේ මානසිකත්වය ගැන ඔයාගේ අදහස මොකක්ද? Comment එකක් දාගෙන යන්න! 👇

***n

අපරාධ විද්‍යාව සහ සමාජ නිරීක්ෂණය තුළ නිතර කතාබහට ලක්වන ප්‍රධාන කරුණක් වන්නේ, ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ පවුල් පරිසරය තුළින...
15/09/2026

අපරාධ විද්‍යාව සහ සමාජ නිරීක්ෂණය තුළ නිතර කතාබහට ලක්වන ප්‍රධාන කරුණක් වන්නේ, ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ පවුල් පරිසරය තුළින් බිහිවන විනය සහ කැපවීමයි. දිවා රෑ නොබලා ජාතික ආරක්ෂාව සහ මහජන සාමය වෙනුවෙන් වෙහෙසෙන පොලිස් නිලධාරීන්ගේ නිවෙස්වල හැදී වැඩෙන දරුවන්, එම කැපවීම ආදර්ශයට ගනිමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම ජයග්‍රහණ කරා ළඟා වන අයුරු දැකගත හැකිය.

පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් දේවප්‍රිය මහතාගේ දියණිය වන සයුනි සහස්නා දේවප්‍රිය මෙනවිය SLIIT උපාධි ප්‍රදානෝත්සවයේදී දැක්වූ විශිෂ්ටත්වය ඊට කදිම නිදසුනකි.

අධ්‍යාපනික විශිෂ්ටත්වයේ සුවිශේෂී සන්ධිස්ථාන

කණ්ඩායමේ විශිෂ්ටතම ශිෂ්‍යාව (Batch Top) සමස්ත කණ්ඩායම අභිබවා යමින් පළමු ස්ථානය දිනා ගැනීම.

Overall Best Academic Performance Award අධ්‍යයන කටයුතුවලදී දැක්වූ ඉහළම දක්ෂතාවය වෙනුවෙන් පිරිනමන ප්‍රධානතම සම්මානය හිමිකර ගැනීම.

විනය සහ කැපවීම: සේවා මුරයන් සහ රාජකාරිමය පීඩනයන් මධ්‍යයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවන ආරක්ෂක අංශ දෙමාපියන්ගේ සාර්ථකත්වයේ ප්‍රතිඵලය ප්‍රදර්ශනය කිරීම.

ආරක්ෂක සේවයේ නියුතු දෙමාපියන්ගේ විනයගරුක මඟපෙන්වීම සහ දියණියගේ නොපසුබට උත්සාහය එක්තැන් වූ මෙවැනි ජයග්‍රහණ, සමස්ත පොලිස් ප්‍රජාවටම පමණක් නොව රටේ සමස්ත තරුණ පරපුරටම විශිෂ්ට ආදර්ශයකි.

සයුනි සහස්නා දේවප්‍රිය දියණියට ඉදිරි වෘත්තීය හා අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් උණුසුම් සුබපැතුම්!

Military Police (CCMP) එකට සාමාන්‍ය පොලිසියේ බලතල තියෙනවාද? ⚔️ ID පරීක්ෂාව, නීතිය සහ "බොරැල්ලේ ට්‍රැෆික්" මිත්‍යාව!"Mili...
13/09/2026

Military Police (CCMP) එකට සාමාන්‍ය පොලිසියේ බලතල තියෙනවාද? ⚔️

ID පරීක්ෂාව, නීතිය සහ "බොරැල්ලේ ට්‍රැෆික්" මිත්‍යාව!

"Military Police එකෙන් පාරේ යන සාමාන්‍ය මිනිස්සුන්ගේ ID චෙක් කරන්න පුළුවන්ද?", "සමහර MP නිලධාරීන් කියනවා අපිටත් සාමාන්‍ය පොලිසියට වගේම බලය තියෙනවා කියලා.. ඒක ඇත්තද?"මෑතක සිට මාර්ගවල සිවිල් වැසියන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීම් සහ යම් යම් සිදුවීම් නිසා ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකාය සහ සාමාන්‍ය සිවිල් ජනතාව අතර ලොකු මතගැටුමක් නිර්මාණය වී ඇත.

Detective A***n - Defense & Legal Breakdown තුළින්, Military Police හි සැබෑ නීතිමය බලතල සහ මේ වරදවා වටහාගැනීමට හේතු වූ "බොරැල්ලේ ට්‍රැෆික් රාජකාරියේ" යථාර්ථය විමසා බලමු.

යුධ හමුදා පොලිසියට සාමාන්‍ය සිවිල් වැසියන් කෙරෙහි බලයක් තියෙනවාද?
කෙටි පිළිතුර සාමාන්‍ය නීතිය යටතේ නැත!
යුධ හමුදා පොලිසිය ක්‍රියාත්මක වන්නේ යුධ හමුදා පනත යටතේය. ඔවුන්ගේ ප්‍රධානම සහ එකම රාජකාරිය වන්නේ යුධ හමුදාව අභ්‍යන්තරයේ විනය පවත්වාගෙන යාම, හමුදා රථවාහන පාලනය සහ හමුදා සෙබළුන්ගේ නීති විරෝධී ක්‍රියා විමර්ශනය කිරීමයි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිවිල් වැසියන් අත්අඩංගුවට ගැනීමට, සෝදිසි කිරීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට සාමාන්‍ය තත්ත්වයන් යටතේ MP නිලධාරීන්ට කිසිදු නීතිමය බලයක් නොමැත. සිවිල් සමාජයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලය ඇත්තේ පොලිස් ආඥාපනත යටතේ ශ්‍රී ලංකා පොලීසියට පමණි.

"එහෙනම් කොහොමද එයාලා බොරැල්ලේ ට්‍රැෆික් රාජකාරි කළේ?"
මීට කාලයකට පෙර කොළඹ බොරැල්ල වැනි ප්‍රධාන මංසන්ධිවල රථවාහන පාලනයට Military Police යෙදවීම නිසා, ජනතාව මෙන්ම සමහර නිලධාරීන්ද "ඔවුන්ටත් සාමාන්‍ය පොලිස් බලතල ඇතැයි" යන දරුණු නීතිමය මිත්‍යාවක පැටලිණි.
යථාර්ථය කුමක්ද? ඔවුන් එහි යෙදවූයේ රථවාහන තදබදය පාලනය කිරීමට "සහාය වීමක් සහ හමුදාමය පැවැත්මක් පෙන්වීමක්" ලෙස පමණි.

මාර්ගයක රථවාහන පාලනය කළද, සිවිල් රියදුරෙකු වරදක් කළ විට ස්ථානීය දඩ කොළයක් ලිවීමට හෝ රියදුරු බලපත්‍රය රාජසන්තක කිරීමට Military Police නිලධාරියෙකුට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොවීය. එය කළ හැක්කේ මෝටර් වාහන පනත යටතේ බලයලත් පොලිස් නිලධාරියෙකුට පමණි. මේ වැරදි භාවිතය නිසා "විකල්ප පොලිසියක්" පිළිබඳ බොරු චිත්‍රයක් සමාජයේ මැවිණි.
අද පාරේදී සිවිල් වැසියන්ගේ ID පරීක්ෂා කරන්නේ කොහොමද?
Military Police නිලධාරියෙකුට සිවිල් වැසියෙකුගේ හැඳුනුම්පතක් පරීක්ෂා කළ හැක්කේ විශේෂිත අවස්ථා 3කදී පමණි

ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ත්‍රිවිධ හමුදාව කැඳවීමේ විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති කාලසීමාවකදී පමණක්, හමුදාවට සහ MP නිලධාරීන්ට පොලිසියට සමාන සෝදිසි කිරීමේ බලතල හිමිවේ.
ඒකාබද්ධ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරියෙකු සමඟ ඒකාබද්ධව රාජකාරියේ යෙදෙන්නේ නම්.
හමුදා කඳවුරු සහ අධිආරක්ෂිත කලාප: යම් හමුදා පරිශ්‍රයක් අවට හෝ ආරක්ෂිත කලාපයකදී සිවිල් වැසියන් පරීක්ෂා කිරීමට ඔවුන්ට පූර්ණ බලය ඇත.
මීට පරිබාහිරව, සාමාන්‍ය නගරයක පාරක් මැද හිටගෙන සාමාන්‍ය පොලිසිය මෙන් සිවිල් වැසියන් සෝදිසි කිරීම නීත්‍යානුකූල නොවේ.

ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසිය විනයගරුක, හමුදාව අභ්‍යන්තරයේ ගෞරවය සුරකින විශිෂ්ට බලකායකි. නමුත් හමුදා නීතිය සහ සිවිල් නීතිය යනු දෙකකි.

ඔබගේ නීතිමය අයිතිවාසිකම් දැනගන්න. නමුත් මහමඟදී නිල ඇඳුමක් සමඟ අනවශ්‍ය ලෙස වාද කිරීමට හෝ ගැටුම් ඇති කරගැනීමට නොයන්න.
හමුදා බලතල සිවිල් සමාජය මත බලහත්කාරයෙන් ආරෝපණය කිරීමට යාමෙන් සිදුවන්නේ නීතියේ ආධිපත්‍යය විකෘති වීමකි.
පොලිසියේ රාජකාරිය පොලිසියටත්, හමුදාවේ රාජකාරිය හමුදාවටත් පැවරිය යුතුය. දෙකම එකට කලවම් කිරීමෙන් සිදුවන්නේ පද්ධතියේ විනය බිඳ වැටීම පමණි!

ඔබ දකින දේට එහා ගිය සෑබෑ තත්ත්වය සොයා යන,
The Forensic Eye 🔍🧠

👉 සාමාන්‍ය සමාජයේ රථවාහන සහ සිවිල් පාලනයට හමුදා පොලිසිය (MP) යෙදවීම ගැන ඔයාගේ අදහස මොකක්ද? Comment එකක් දාගෙන යන්න! 👇

***n

අපරාධයක් වුණාම කෑගහන මීඩියා, පැය 24න් සැකකරුවන් ඇල්ලුවාම නිහඬ ඇයි? "ලංකාවේ පොලිසියෙන් වැඩක් නෑ... සිස්ටම් එක සම්පූර්ණයෙන...
31/08/2026

අපරාධයක් වුණාම කෑගහන මීඩියා, පැය 24න් සැකකරුවන් ඇල්ලුවාම නිහඬ ඇයි?

"ලංකාවේ පොලිසියෙන් වැඩක් නෑ... සිස්ටම් එක සම්පූර්ණයෙන්ම දූෂිතයි..."

අද සමාජ මාධ්‍යවල සහ ප්‍රධාන මාධ්‍යවල යන ලොකුම ට්‍රෙන්ඩ් එක තමයි මේක. රටේ කොහේ හරි අපරාධයක් වුණු ගමන්, ඒක උලුප්පලා පෙන්නලා, පොලිසියට සහ ආරක්ෂක අංශවලට බැනලා Breaking News ගහන්න අපේ මීඩියා හරිම දක්ෂයි.

අපරාධයක් වූ සැනින් කෑගසන මාධ්‍ය, අපේ පොලිස් නිලධාරීන් පැය 24ක් යන්නටත් මත්තෙන්, නිදි මරාගෙන, තාක්ෂණය සහ බුද්ධි තොරතුරු පාවිච්චි කරලා අදාළ සැකකරුවන්ව සාක්ෂි සහිතවම කොටු කරගත්තාම ඒක ප්‍රධාන පුවතක් කරන්නේ නැත.ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය වැනි දියුණු යැයි කියන රටවල් සමඟ සසඳන විට, ශ්‍රී ලංකාවේ නොවිසඳුණු අපරාධ අනුපාතය (Unsolved Crime Rate) ඉතාමත් අවම මට්ටමක පවතී.

පාතාලයේ හෝ සාමාන්‍ය අපරාධකරුවෙකු රටේ කුමන හෝ මුල්ලක සැඟවුණත්, අපේ විමර්ශන නිලධාරීන් (CID / CCD / STF / SOCO) ඔවුන්ව නීතිය හමුවට ගෙන එන්නේ පුදුමාකාර දක්ෂතාවයකිනි. ඔවුන් ඒ වෙනුවෙන් තමන්ගේ පවුල, දරුවන් පවා අමතක කර අසීමිතව කැපවෙන බව මාධ්‍යවලට සහ සමාජයට අමතක වී ඇත.

"සුදනා" වෙන සිවිල් සමාජයේ දෙබිඩි පිළිවෙත!
පොලිසියට සහ රජයේ නිලධාරීන්ට "දූෂිතයි" කියා බනින සාමාන්‍ය ජනතාව, තමන්ගේ පහසුව වෙනුවෙන් මේ පද්ධතිය දූෂණය කරන්නේ නැද්ද?
පාරේ යද්දී රථවාහන වරදකට අහුවුණොත්, නීත්‍යානුකූලව දඩ කොළය අරගෙන දඩය ගෙවනවා වෙනුවට "මහත්තයා මේක ෂේප් කරගමුද?" කියා මුදල් දික් කරන්නේ කවුද?
තමන්ගේ පුද්ගලික වැඩක් ඉක්මන් කරගන්න ඕනේ වුණාම, නීතියට පිටින් ගිහින් "ලොකු පුටුවක ඉන්න කෙනෙකුට කෝල් එකක් අරන් දෙන්න" කියා පද්ධතිය නැමීමට උත්සාහ කරන්නේ කවුද?
අන්තිමේදී, තමන්ගේ වාසියට අල්ලස දීලා, වැඩේ කරගත්තට පස්සේ සමාජ මාධ්‍යයට ඇවිත් "රටේ නිලධාරීන් දූෂිතයි" කියමින් බණ දේශනා කරන්නේ මේ සිවිල් වැසියන්මය!

දූෂණය පටන් ගන්නේ පාසල් ගේට්ටුවෙන්!
අපි අද ලොකුවට සිස්ටම් චේන්ජ් ගැන කතා කළාට, මේ රටේ දූෂණය කියන දේ අපේ සංස්කෘතියේම කොටසක් වෙලා ඉවරයි.
ළමයාව පළවෙනි වසරට ඇතුළත් කරන තැන ඉඳන්ම, හොර ඔප්පු හදලා, හොර ලයිට් බිල් හදලා, පගාව දීලා ළමයාව ඉස්කෝලෙට දාන්න දෙමාපියන් පුරුදු වෙලා ඉවරයි.

තමන්ගේ දරුවාට අධ්‍යාපනය ලබාදෙන්න පටන් ගන්නේම පද්ධතියට අල්ලසක් දීලා, නීතිය කඩලා නම්, ඒ දරුවන් ලොකු වෙලා මේ රට හදයි කියලා බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

මේ පෝස්ට් එකේ බරපතළම සහ ගැඹුරුම කාරණාව මෙයයි. අද ඔබ ඔබේ වාසියට නීතිය නැමුවොත්, හෙට එය ඔබ පසුපසම පන්නාගෙන එනු ඇත!
අද ඔබ රථවාහන දඩයක් මකාගැනීමට හෝ පාසලකට ළමයෙක් දාගැනීමට අල්ලසක් දී නීතිය අකර්මණ්‍ය කරනවා යනු, ඔබ විසින්ම මේ රටේ "යුක්තිය පසිඳලීමේ යන්ත්‍රය" දුර්වල කිරීමකි.
හෙට දවසේ ඔබේ පවුලේ කෙනෙකුට, ඔබේ දරුවාට යම් බරපතළ අපරාධයක් හෝ අසාධාරණයක් වූ දිනකදී ඔබට පිහිටට එන්නට ඇත්තේ මේ නීතිය පමණි. නමුත් එදාට ඒ අපරාධකරුවාද ඔබ අද පාවිච්චි කළ ඒ "දූෂිත ක්‍රමයම" පාවිච්චි කර, සල්ලි විසි කර නීතියෙන් රිංගා යනු ඇත.
එදාට පද්ධතියට බැන වැදීමෙන් ඵලක් නැත. මන්ද, ඒ දූෂිත පද්ධතියේ හිඩැස් නිර්මාණය කළේ වෙන කවුරුවත් නොව අද දවසේ නීතිය නැමූ ඔබමය!

ඔබ අනුන්ට දික් කරන එක ඇඟිල්ලක් පිටුපස, ඉතිරි ඇඟිලි තුනම දික් වී ඇත්තේ ඔබ දෙසටම බව අමතක නොකරන්න!

පොලිසියේ හෝ රාජ්‍ය අංශයේ දූෂිත නිලධාරීන් ඉන්නවා විය හැක. නමුත් ඔවුන්ව ඒ තත්ත්වයට පත් කරන්නේ සහ පෝෂණය කරන්නේ තමන්ගේ පහසුව වෙනුවෙන් කෙටි පාරවල් හොයන මේ සිවිල් සමාජයමයි.

පොලිසියට හෝ පද්ධතියට බනින්න කලින්, කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තමන්ගෙන් අහගන්න, "මම මේ රටේ නීතියට 100%ක් අවංකද?" කියලා.

සිස්ටම් එක කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, "ඔබමයි!" වෙනස් විය යුත්තේ අන් අය නොව, ඔබමයි!

ඔබ දකින දේට එහා ගිය සෑබෑ තත්ත්වය සොයා යන,
The Forensic Eye

👉 තමන්ගේ වාසියට නීතිය නමලා, අන්තිමට නිලධාරීන්ට බනින මේ සමාජ ක්‍රමය ගැන ඔයාගේ අදහස මොකක්ද? Comment එකක් දාගෙන යන්න! 👇

***n

ශ්‍රී ලංකා පොලිස් වංශකතාවේ අභිමානවත් සලකුණ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති දේව ගාමිණී සමන්ත ද සිල්ව...
29/08/2026

ශ්‍රී ලංකා පොලිස් වංශකතාවේ අභිමානවත් සලකුණ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති දේව ගාමිණී සමන්ත ද සිල්වා මැතිඳුන්ගේ ගෞරවනීය විශ්‍රාම සටහන

පුරා දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පොලිස් වංශකතාව තුළ අසමසම විනය, සටන්කාමී ශක්තිය සහ නායකත්වයේ නොමැකෙන මහා පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, 2026 ක් වූ අගෝස්තු මස 30 වන දින ගෞරවනීය පොලිස් සේවයෙන් ඉසිඹු ලබන, නොසැලෙන කැපවීමේ ජීවමාන සංකේතය බඳු වූ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති දේව ගාමිණී සමන්ත ද සිල්වා මැතිඳුන්ට උපහාරය පිණිසයි.

ජන්මයෙන් ලද නායකත්වයේ ආරම්භය
ඓතිහාසික සංස්කෘතික උරුමයන්ගෙන් පිරිපුන් දකුණුලක අම්බලන්ගොඩ පින්බිමේදී, විශ්‍රාමික දුම්රිය නියාමකවරයෙකු වූ ස්ටැන්ලි ද සිල්වා පියතුමාණන්ට සහ කුමුදිනී විජේරත්න ගෞරවනීය මෑණියන්ට දාව 1966 අගෝස්තු මස 30 වන දින උපත ලද මෙතුමන්, කුඩා කල සිටම විනය හා ගුණගරුක බව ජීවිතයට එක්තැන් කරගත්තේය.

1986 දෙසැම්බර් මස 01 වන දින ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කලුතර පොලිස් විද්‍යාලයෙන් පොලිස් සේවයට පිවිසි ගාමිණී සමන්ත ද සිල්වා නම් වූ ඒ ධෛර්යවන්ත තරුණයා, ක්ෂණිකවම තම අනාගත ගමන්මග තෝරාගත්තේ රටේ ප්‍රභූතම සටන්කාමී ඒකකය වන පොලිස් විශේෂ කාර්ය බලකාය සමගිනි.

සටන් බිමේ අසමසම වීරත්වය සහ ලෙයින් ලියූ කැපකිරීම
කටුකුරුන්ද STF පුහුණු පීඨයෙන් සංග්‍රාමික කැලෑ සටන්, බර අවි පරිහරණය, බෝම්බ නිෂ්ක්‍රීය කිරීම, සිතියම් කියවීම සහ විශේෂ ප්‍රභූ ආරක්ෂාව (VIP Security) පිළිබඳව උපරිම පන්නරය ලැබූ මෙතුමන්, උතුරු-නැගෙනහිර දරුණු යුද ගිනි ඇවිළෙමින් පැවති සමයේ සතුරාගේ බලමුළු බිඳහෙළීම සඳහා මුල් පෙළෙන්ම ක්‍රියා කළේය.

කලවංචිකුඩි, මොරයාය සහ කටුකුරුන්ද කඳවුරුවල අභීතව සේවය කරමින් සිටියදී, 1991 ජනවාරි 01 වන දින පොලිස් පරීක්ෂක නිලයට උසස්වීම් ලැබීය.

කාර්තිව් කඳවුරේ රාජකාරියේ නිරතව සිටියදී සතුරු බිම් බෝම්බ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබුවද, අසීමිත වාසනාව, චිත්ත ධෛර්යය සහ මාතෘභූමියේ ආශිර්වාදය මත සුවය ලබා නැවතත් සටන් බිමට පා තැබුවේ සැබෑ සෙබළ ආත්මය විදහාපාමිනි.

පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයට පත්ව, අතිශය අර්බුදකාරී සමයක දිවයිනේ ප්‍රමුඛ පෙළේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේම පුද්ගලික ආරක්ෂක නිලධාරියා (PSO) ලෙස තම රාජකාරිය ජීවිත අවදානම නොතකා පරිපූර්ණව ඉටු කළේය.

2008 වසරේදී සහකාර පොලිස් අධිකාරී නිලයට පත්ව මඩකලපුව කොට්ඨාසයේ දැවැන්ත සේවයක් ඉටු කළ මෙතුමන්, ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් නැගෙනහිර ටිමෝරයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක පොලිස් මෙහෙයුමට එක්ව ජාත්‍යන්තර මට්ටමින් මාතෘභූමියට ඉමහත් කීර්තියක් අත්කර දුන්නේය.2014 දී පොලිස් අධිකාරී නිලයට පත්ව ඇමති ආරක්ෂක කොට්ඨාසය මෙන්ම වැඩබලන අධ්‍යක්ෂ ලෙස විනිසුරු ආරක්ෂක කොට්ඨාසයද මනා ලෙස මෙහෙයවීය.

2018 දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයට උසස්වීම් ලබා පොලිස්පති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (සැලසුම්), දුක්ගැනවිලි කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ලෙස සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන යාන්ත්‍රණය ශක්තිමත් කළේය.

2021 දී වැඩබලන නියෝජ්‍ය පොලිස්පති (Acting DIG) ලෙස පොලිස් මූලස්ථාන දිසාව සහ කිලිනොච්චිය දිසාව භාරව කටයුතු කරමින්, උතුරුකරයේ මහජන සාමය තහවුරු කරමින් ජනතා ප්‍රසාදය දිනාගත්තේය.

2025 ජනවාරි 01 දින නියෝජ්‍ය පොලිස්පති (DIG) ධුරයෙන් පිදුම් ලැබූ මෙතුමන්, තම සේවා දිවියේ උච්චතම කිරුළ ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී (Commandant - STF) ලෙස පත්වෙමින්, විශ්‍රාම යන මේ මොහොත දක්වාම එම අභිමානවත් බලකාය මෙහෙයවමින් පරමාදර්ශී නායකත්වයක් ලබා දුන්නේය.

යුද පිටියේ අසමසම සටන්කාමියෙකු වූ මෙතුමන්, දැනුම හඹායාමද අත්නොහරිමින් රුසියාව ඇතුළු දෙස්-විදෙස් පාඨමාලා රැසක් හදාරා, කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයෙන් තම පශ්චාත් උපාධියද සාර්ථකව සම්පූර්ණ කළේය.

තම අභීත මෙහෙවර උදෙසා විශේෂ පොලිස්පති ප්‍රශංසාවන් දෙකක්, විශේෂ වැටුප් වර්ධක මෙන්ම විශිෂ්ටතම නිලධාරියෙකුට පිරිනමන සියලුම ගෞරවනීය සේවා පදක්කම්වලින් පිදුම් ලැබීමට තරම් මෙතුමා වාසනාවන්ත විය.

මොරටු පුරවරයේ වෙළඳ ව්‍යාපාරික සිරිල් මෙන්ඩිස් පියතුමාණන්ට සහ මේබල් මෙන්ඩිස් මෑණියන්ට දාව උපන් චමිලා දිලේකා මෙන්ඩිස් මැතිණිය සමග යුගදිවියට එළැඹි මෙතුමා, ආදරණීය දියණියකට සහ පුතණුවෙකුට යහපත් අනාගතයක් උරුම කර දෙමින් සමාජයට විශිෂ්ට ආදර්ශයක් වූ සෙනෙහෙබර පියෙකි.

නිලධාරිඳුනි, ඔබතුමන්ට අපගේ උත්තමාචාරය!
පුරා වසර 40ක අමිල, නිර්මල සහ නිර්භීත සේවාවකින් පසු සිය රාජකාරි දිවියෙන් විශ්‍රාම ලබන, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති දේව ගාමිණී සමන්ත ද සිල්වා මැතිඳුනි,

ඔබ මාතෘභූමියට සහ ශ්‍රී ලංකා පොලිස් මාතාවට ඉටුකළ ඒ ඓතිහාසික මෙහෙවර සදා අමරණීයයි!

ඔබතුමන් අදහන ආගමානුකූලව ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් සහ සියලු දෙවි රැකවරණයෙන්, ඉදිරි විශ්‍රාමික දිවිය පවුලේ සැම සමගින් නිදුක් නිරෝගීව, සතුටින් සහ චිරජීවනයෙන් ගත කිරීමට වාසනාව උදාවේවා!

මැතිඳුනි, ඔබට චිරං ජයතු! 🫡🇱🇰❤️

Address

Colombo
10300

Website

Alerts

Be the first to know and let us send you an email when The Forensic Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share