Divaina

දිවයින යනු, ශ්‍රී ලංකාවේ උපාලි පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙන සිංහල භාෂා දිනපතා පුවත්පතකි.

දි අයිලන්ඩ් පුවත්පතෙහි බුහුනණි පුවත්පතක් වන දිවයින පුවත්පත සංස්ථාපනය කෙරුණේ 1981 වසරෙහිදීය.

එහි ඉරිදා සංස්කරණය වන්නේ ඉරිදා දිවයින පුවත්පතයි. දිනපතා පුවත්පත, වර්තමානයේදී 156,000 ප්‍රමාණයක සංසරණයකට හිමිකම් කියන අතර, එහි ඉරිදා සංස්කරණය, නිකුතුවකට 340,000 ප්‍රමාණයක සංසරණයකට හිමිකම් කියයි.

එහි ආරම්භකයා වූයේ "උපාලි විජේවර්ධන" මහතාය.

11/08/2026

සම්පුර්ණ වීඩියෝව නැරඹීමට - https://shorturl.at/QNlej

රුසියාව ලොවට සඟවන අවසන් යුධ තුරුම්පුව

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අසාද්ට මරණ දඬුවමසිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අසාද් සහ ඔහුගේ බාල සහෝදරයාට මානවත්වයට එරෙහි ...
11/08/2026

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අසාද්ට මරණ දඬුවම

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අසාද් සහ ඔහුගේ බාල සහෝදරයාට මානවත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර තිබේ. සිරියානු අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර, අසාද් සහ ඔහුගේ සහෝදරයා අධිකරණයේ පෙනී නොසිටි අවස්ථාවකදී නඩුව විභාගයට ගෙන මෙම දඬුවම නියම කර ඇත.

වැඩි විස්තර 👉https://tinyurl.com/4r48x7tw

1953 හර්තාලයට වසර 73යි1948 නිදහස ලැබීමෙන් පසු ක්‍රියාත්මක වූ ප්‍රථම බහුජන අරගල 1953 අගෝස්තු හර්තාලය යි. එම අරගලයට නායකත්...
11/08/2026

1953 හර්තාලයට වසර 73යි

1948 නිදහස ලැබීමෙන් පසු ක්‍රියාත්මක වූ ප්‍රථම බහුජන අරගල 1953 අගෝස්තු හර්තාලය යි. එම අරගලයට නායකත්වය ලබාදුන්නේ වාමාංශික දේශපාලන පක්ෂ විසිනි. එයට පසුබිම සැකසුණේ මෙසේය.

1952 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ලැබුවද වැඩිකල් යන්නට මත්තෙන් ආර්ථික අර්බුදයක් පැන නැඟිණි. පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙරාතුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට තීරණය කිරීමට හේතු වූ එක් කරුණක් වූයේ ද රටේ ආර්ථික අර්බුදය උත්සන්න වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම ආණ්ඩුවට වාසිදායක වූ හෙයිනි.

වැඩි විස්තර 👉https://tinyurl.com/5duvvfc8

වසර 2000ක් පැරණි නැවක සුන්බුන් සිසිලි දූපතෙන් මතු වෙයි වසර 2000කට අධික කාලයකට පෙර ගිලුණු බවට විශ්වාස කෙරෙන පැරණි රෝම නැව...
11/08/2026

වසර 2000ක් පැරණි නැවක සුන්බුන් සිසිලි දූපතෙන් මතු වෙයි

වසර 2000කට අධික කාලයකට පෙර ගිලුණු බවට විශ්වාස කෙරෙන පැරණි රෝම නැවක සුන්බුන් සිසිලි දූපතේ වෙරළබඩ ප්‍රදේශයේ තිබී සොයාගැනීමට ඉතාලි කිමිදුම්කරුවන් පිරිසට හැකි වී තිබේ. අදාළ නැවෙහි සුන්බුන් අතර තිබී එවකට වයින් හා ඔලිව් තෙල් වැනි භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් හොඳින් ආරක්ෂා වූ භාණ්ඩ සිය ගණනක් ද කිමිදුම්කරුවන් සොයාගෙන තිබේ.

වැඩි විස්තර 👉https://tinyurl.com/25wsmefy

කෝටියක හෑෂ් එක්ක මිනුවන්ගොඩ දී ජාවාරමා දැලේඉතාලියේ සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බව කියන ‘මල්ක’ නමැත්තාගේ සමීපතමයකු රුපිය...
11/08/2026

කෝටියක හෑෂ් එක්ක මිනුවන්ගොඩ දී ජාවාරමා දැලේ

ඉතාලියේ සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බව කියන ‘මල්ක’ නමැත්තාගේ සමීපතමයකු රුපියල් කෝටියකට වඩා වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග මිනුවන්ගොඩ පොලිස් වසමේ දී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහ වත්ත හන්දිය අසල දී ඉකුත් 4 දා අත්අඩංගුවට ගෙන ඇත.

වැඩි විස්තර 👉https://tinyurl.com/swu3375p

11/08/2026

ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ආරම්භ කර ඇති මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා තවත් පූර්ණ පහසුකම් සහිත ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ බස් රථයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යංශයීය පරිශ්‍රයේ දී සිදු කෙරිණ....!

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩසටහනේ දෑඅවුරුදු උපාය මාර්ගිත සැලැස්මට අනුව ක්‍රියාත්මක කර ඇති ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම මේ යටතේ අපේක්ෂා කෙරේ....!

පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන්, කොන්දොස්තරවරුන් සහ රිය සහායකයින් රිය ධාවනයේදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කෙරෙන ජංගම පරීක්ෂණ වැඩසටහන මේ වනවිට දිවයිනේ පලාත් පහක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ. පරීක්ෂණ සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් ක්‍රමිකව සංවර්ධනය කිරීමත් සමග දිවයිනේ සෙසු පලාත්වලට ද මෙම පරීක්ෂණ ක්‍රියාවලිය දියත් කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සැලසුම් කර ඇත. ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කර ජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීමට ආරම්භ කර ඇති මෙම අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ ජාතික වැඩසටහන යටතේ මේවනවිට පරීක්ෂා කිරීම් 7,150 ක් සිදුකර ඇත.

කැබිතිගොල්ලෑවේ වී අලෙවි මණ්ඩල ගබඩාව අබලන් - ගොවීහු පීඩාවට කැබිතිගොල්ලෑවේ වී අලවිමණ්ඩලයට අයත් වී ගබඩාව දීර්ඝ කාලයක සිට ප්...
11/08/2026

කැබිතිගොල්ලෑවේ වී අලෙවි මණ්ඩල ගබඩාව අබලන් - ගොවීහු පීඩාවට

කැබිතිගොල්ලෑවේ වී අලවිමණ්ඩලයට අයත් වී ගබඩාව දීර්ඝ කාලයක සිට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොකිරීම හේතුවෙන් මේ වනවිට දැඩි ලෙස අබලන්වී ඇති බවත් එයින් ගොවි ජනතාව පීඩාවට පත්ව ඇති බවත් කැබිතිගොල්ලෑව ගොවීහු පැවසූහ. ඒ හේතුවෙන් කැබිතිගොල්ලෑවේ ගොවීහු රජයෙන් ලබාදුන් සහතික මිලට වී අලවි කර ගැනීමට නොහැකිව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

වැඩි විස්තර 👉https://tinyurl.com/mpb8eemf

රාජිතට අධිචෝදනා ගොනු කෙරේදූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළ...
11/08/2026

රාජිතට අධිචෝදනා ගොනු කෙරේ

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ. ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීමේදී රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් විත්තිකාර රාජිත සේනාරත්න මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

වැඩි විස්තර 👉https://tinyurl.com/mtxkxaeu

අග්බෝ, කබරයා සමග ඇතුන්ගම හොල්ලයි…අලි චණ්ඩිකම් හමුවේ ගම්මු අසරණ වෙති තිරප්පනේ හා අවට ප්‍රදේශවල ජනතාවගේ ආදරයට පාත්‍ර වූ අග...
11/08/2026

අග්බෝ, කබරයා සමග ඇතුන්ගම හොල්ලයි…අලි චණ්ඩිකම් හමුවේ ගම්මු අසරණ වෙති

තිරප්පනේ හා අවට ප්‍රදේශවල ජනතාවගේ ආදරයට පාත්‍ර වූ අග්බෝ ඇතා මේ දිනවල ‘කබරයා’ නමින් හඳුන්වන තවත් වන අලියකු සමග ඇතුන්ගම ප්‍රදේශයට පැමිණ දින දෙකක් තුළ නිවාස දෙකකට හානි සිදුකර ඇතැයි ඇතුන්ගම ගම්වාසීහු පවසති.

නිවාසවලට හානි කිරීම මෙන්ම ප්‍රදේශයේ වගා බිම්වලට ද අග්බෝ ඇතා හා තවත් වන අලින්ගෙන් හානි සිදුවන බවත්, විශේෂයෙන් මඤ්ඤොක්කා, කෙසෙල් සහ කොස් වැනි වගාවන් විනාශ කිරීම හේතුවෙන් ගොවීන්ගේ ආදායම් මාර්ගවලට ද බලපෑම් එල්ල වී ඇති බවත් ඔවූහු පවසති.

ඇතුන්ගම, උලගල්ල ප්‍රදේශයේ වී ගබඩා කර තිබූ වෙළෙඳ සලකට කබර අලියකු සමග පැමිණි අග්බෝ ඇතා බිත්තියක් බිඳ වී මිටි 08 ක් ආහාරයට ගත් බව උලගල්ල පදිංචි ඩී.එම්. දයාරත්න මහතා පැවසීය.

වැඩි විස්තර 👉https://tinyurl.com/2yjjtxnw

Address

223, Blomendhal Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when Divaina posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Divaina:

Shortcuts

Share