30/09/2026
බැදලත් යාළු වුන කාලේ වගේ ආදරෙන් ඉන්න ඕන නම් මේක කියවන්නම ඕන....👇
කාලය ඉගිල්ලා යන්නේ පුදුමාකාර වේගෙකින්...⏳
ඕලෙවල් ලිව්වේ අද ඊයේ වගේ මතකයි...🥺
ඒ කරලා රිසාල්ට් එනකන් කොබෙයිගනේ දුමිදු අයියගේ ස්ටූඩියෝ එකේ වැඩ කරා...🎬
ඒ ලෙවල් සිංහල වලට සන්නාගේ නුගේගොඩ පංති යද්දි තමයි මේ ඉන්න
" හවස පංතියට සුවද අරන් එන පුංචි කිරිල්ලිය දැක්කේ" 😍
ඉස්කෝලේ ඇරිලා එන ගමන් නිසා එහෙම ලොකු සුවදක් නැති වුනාට 183 බස් එකට නැගලා,
ළගට ගිහින් හිටගත්තම දාඩිය පාරත් එක්ක අමුතු ඕඩිකොලොන් සුවදක් ආවා..🤩
සම්පූර්ණ බස් එකේම සුවද ගැන අහන්න එපා..😅
ඒක නුගේගොඩ පංති ගියපු එවුන් දන්නවා...🤣
එදා ඉදන් අද වෙනකන් අවුරුදු 20 ක් ගෙවිලා..
ඒ අතර කාලයේ වෙච්ච දේවල් ගැන දවසක පොතක් ලියන්නම්...
" ඕඩිකොලොන් සුවද" කියලා..
මිසක් මෙතන හොදටෝම ඉඩ මදි...🪔
අදත් අපි අතර මොන මත භේද තිබ්බත් කවදාවත් ඩිවෝස් වෙන්නේ නැති,
පිට යන්නේ නැති,
ගෙයි ගිනි පිට දෙන්නෙත් නැති,
ආදරයක් තියනවා කියලා අපි දෙන්නා විශ්වාස කරනවා...❤️
එහෙම ඉන්න අපිට විතරක් නෙවෙයි,
ඔයාටත් පුළුවන්..
මේ සරල දේවල් ටික පාවිච්චි කරොත්..
මේවා නීති නෙවෙයි ළමයි, රීති....💯
අපි පටන් ගමු.. 👇
✅ පළවෙනිම සහ වැදගත්ම දේ තමයි සමාව දීම සහ තේරුම් ගැනීම.
ඕන බැඳීමක නොපෑහෙන තැන් එන්න පුළුවන්..⛔
ඒත් එකිනෙකාගේ වැරදි උලුප්පලා කියවන්නේ නැතුව,
ආදරයෙන් සමාව දීලා,
කෙනෙක්ගේ හදවත තේරුම් ගන්න පුළුවන් නම් ඒකම ඇති ආයු කාලයක් එකට ඉන්න...🪔
හැබැයි මේකෙන් කියන්නේ "වටේ ගිහින් ආවම" දෙන්නට දෙන්නා සමාව දීලා පණ වගේ ඉන්න කියන එක නෙවෙයි...⚠️️
එදිනෙදා ජීවිතේ වෙන සරල සිද්ධි ගැන මේ කියන්නේ..
ඔයා සෙ | ක්ස් කරන්න වෙන හෙංචයියෙක් හෝ බ |ඩුවක් ලගට ගන්නවා කියන්නෙම පවුල් ජීවිතේ ආයෙත් හදාගන්න බැරි තරමටම අවුල් ජාලයක් වෙනවා කියන එක..☢️
ස්පා යන මගේ යාළුවෝ දෙතුන් දෙනෙක් කියනවා,
"මචං අපි දැනගන්න ඕන කෙහෙල් ගෙඩිය කාලා ලෙල්ල සාක්කුවේ දාගන්නේ නැතුව ගෙදර එන්න" කියලා..
ඒ කොන්සෙප්ට් එක කොච්චර සාර්ථකද කියලා ඇත්තටම දන්නේ නෑ...🚫
✅ පුංචි අගය කිරීම්..
දවසක වැදගත්ම වැඩ අතරමැද වුණත්,
"ඔයා අද හරි ලස්සනයි" කියන පුංචි වචන ටික, නැත්නම් හදිස්සියකදී අල්ලන අතක උණුහුම,
ඔයාගේ දැන් කොන්ඩේ ලස්සනයි කියන එක,
මේ ටී ශර්ට් එකටනම් මහත්තයා අද මාර ගති කියන එක,
මේ පුංචි හැම දෙයක්ම මුල් කාලේ තිබුණු අලුත්කම එහෙන්මම තියාගන්න පුළුවන්..💯
කුස්සියේ උයන ගමන් පිටිපස්සෙන් ගිහින් උකුලෙන් අල්ලගෙන කම්මුලට දෙන පුංචි උම්මා එක වටිනවා මේ කාලෙට මහමෙරක් තරම්..😘
"ළමයි බලන් ඉද්දි ඔය කෝලම් අපිට කරන්න බෑ"
කියන උදවිය ළමයි ඉස්සරහ අම්මා මුත්තා සිහි කරලා බැනගන්න නම් පොඩි ලැජ්ජාවක්වත් නෑ නේ.🤬
මචං උඹේ ජො| කා හෝදලා තියනවනම් ඒ ඇති අම්මට වගේ ගරු කරන්න...
නියම පිරිමි මාත් එක්ක එකග වෙයි මේකට...
භාග පිරිමි කියයි "ඒක එයාගේ වගකීම" කියලා..🤮
මේක කියවන උඹ නියම පිරිමියෙක් කියලා මම විශ්වාස කරනවා...💪
✅ කාලය වෙන් කරගැනීම..
කොච්චර බිසී වුනත්, දෙන්නා වෙනුවෙන් තනිකරම වෙන් වුණු පුංචි හෝරාවක්,
තේ කෝප්පයක් බොන අතරතුර හිනාවෙලා කතා කරන වචන ටිකක් ඇති, මනසට පුදුමාකාර සැනසීමක් අරන් එන්න....☕
මාසෙකට එක සැරයක්වත් ළමයි දහයක් හිටියත් දෙන්නා එක්ක ෆිල්ම් එකක් බලන්න තනියම යන්න.📺
බිත්තර රොටියක් කන්න හරි රෑකට එලියට යන්න..
ළමයින්ට හොරෙන් එයාට විතරක් පුංචි චොක්ලට් එකක් ගෙනත් දෙන්න..🍫
මහත්තයා මහන්සි වෙලා ගෙදර ආවම විනාඩි පහක් අරගෙන ගමේ හින්දපු තැඹිලි තෙල් ටිකක් අතට අරගෙන ඔලුවේ ගාන්න..😇
ඉස්සර වගේ දවසට දෙතුන් පාර ඇග උඩ දගලන්න තරම් වෙලාවක්, මූඩ් එකක් නැති වුනාට,
මේ වගේ පුංචි දේවල් ඒවා කරාට වැඩිය බැදීමක් උඹලා දෙන්නා අතර හදනවා....💯
✅ දුක සැප බෙදා ගැනීම...
දෙන්නා එකට ජීවත් වෙන්න පටන් ගත්ත දවසේ ඉදන්, දුක සැප දෙන්නා එක්ක බෙදාගන්නම වෙනවා..
මෙන්න මෙතනදි එකට පෑහෙන්නේ නැති වුනාම තමයි ගොඩක් ප්‍රශ්ණ ඇති වෙන්නේ...😪
ගෑනි වුනත්, මිනිහා වුනත්, දුවගෙන ඇවිල්ලා මොකක් හරි දුකක් කියනවනම් අහගෙන ඉන්න...
උත්තරයක් නැති වෙන්න පුළුවන්..🥹
ඒත් ඒ අහගෙන ඉන්න එකම එයාට උත්තරයක්...🪔
"අනේ මේ ඕයි" කියලා පටන් ගන්න එපා..❌
වෙන කෙනෙක්ට දුක කියන්න පටන් ගත්ත දවසට උඹ පිරිමියෙක් වුනත් ගෑනියෙක් වුනත් පරාදයි..😏
එදාට කියන්න එපා "දරාගෙන ඉන්න තිබ්බනේ" කියලා..
දරාගෙන ඉන්න තිබ්බා ඔයා එයාව එදා දරාගත්තා නම්....🪔
වයස යන්න යන්න බැදීමත් හුළගක් වගේ හෑල්ලු වෙනවා...
ඒ දිහා බලාගෙන ඊළග පරම්පරාව ලස්සනට ආදරෙන් හැදෙනවා...❤️
✅ විශේෂම දේ...
අවුරුදු 40 පැනලානම්..
⚠️️ කොල්ලෙක්නම්
එක්සයිස් කරන්න..පාන්, බත්, පිටි ,සීනි අඩු කරන්න..
සිගරට් නැතිම කරන්න,
අරක්කු අඩුම කරන්න..
අහවල් එක බඩෙන් වැහෙන්න දෙන්න එපා..😅
ලස්සනට අදින්න..
ගැම්මෙන් ඉවසීමෙන් පරිණත කොල්ලෙක් වෙන්න..
නියම පිරිමි බිහි වෙන්නේ 40 පැන්නම...
⚠️️ කෙල්ලෙක්නම්
සැලොන් නොගියත් ගෙදරදි හරි ට්‍රීට්මන්ට් ටිකක් කරන්න...
බඩ අඩු කරගන්න...
පපුවයි බඩයි එක වගේ පේන්න දෙන්න එපා..😅
ලස්සනට අදින්න..
බත් පිටි සිනී අඩු කරන්න..
ගෑනූ ලස්සන වෙන්නේ 40 පැන්නම..ඒක විශ්වාස කරන්න..
ආදරේ කියන්නේ පෘතග්ජන අපිට පෙනුමෙන් වැඩි වෙන දෙයක්..💯
පෙනුම හොදට තිබ්බම හදවතේ ලස්සන වැඩිපුර පේනවා..❤️
සේපාලිකා මල් කුණු වෙච්ච ගද ගහන සරම ඇදගෙන,🤮
සුදු ළූණු කුණු වුන ගද එන කැහැටු නයිටිය ඇදගෙන,🤮
අඤේ එයා මට ආදරේ නෑ නේ කියන්න එපා..
ලැජ්ජයි...🫠
ලස්සනට ඉන්න...
ආදරණිය වචන කතා කරන්න...🥰
කොච්චර කිව්වත් මටත් මේවා මගහැරෙනවා..
හැබැයි දන්නවා කරන්නේ වැරැද්දක් කියලා..
ඒක නිසා කොහොම හරි හදාගන්නවා...❤️
හෑල්ල දිග වැඩි වුනත් මෙතනට වෙනකන් කියවපු ඔයාට ආදරණීය ජීවිතයක් උරුමයි..💯
ඒ උරුමය ළගා කරන්න,
පුළුවන් හැම විදියටම මහන්සි වෙන්න...👊
ආදරෙයි අපි මුළු හදවතින්ම..
ඔයාට පුළුවන්..💪
ඔයාගේ ආදාරණීය බැදීමත් මේ වගේ නම් ආඩම්බරයෙන් එයාව මෙතනට මෙන්ශන් කරන්න...
තවත් ආදරණීය හදවතකට,
මතු පරපුරට මේක වැදගත් කියලා හිතෙනවනම් Share කරන්න...
අපි හැමදාමත් ඔයාලට ආදරේ අරන් එන..
🇱🇰 Ariyana's Family 🇱🇰