05/11/2025
🟠 පිලිපීනයේ සුළි කුණාටුවෙන් 58ක් මරුට
මධ්‍යම පිලිපීනයට බලපෑ 'කල්මේගි' සුළි කුණාටුවකින් පුද්ගලයින් 58 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති බවයි.
කල්මේගි සුළි කුණාටුවත් සමඟ ඇතිවූ වර්ෂාපතන හේතුවෙන් ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වී ඇති අතර එහිදී තවත් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර සහන කටයුතු සඳහා සහාය වීම යොදා තිබූ හමුදා හෙලිකොප්ටර් යානයක් මින්ඩනාඕ දූපතට කඩා වැටීමෙන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙක මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
2025.11.05 | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠