Media First Sport

Media First Sport Welcome to Media First Sport – Your Ultimate Destination for Everything Sports

දෙවන 20-20 තරගයත් එංගලන්තය ජය ගනී ශ්‍රී ලංකාවට 2-0 ක තරගාවලි පරාජයක් ඊයේ එංගලන්ත කණ්ඩායම සමග පැවති 2 වන 20-20 තරගයත් ශ්‍...
18/09/2026

දෙවන 20-20 තරගයත් එංගලන්තය ජය ගනී
ශ්‍රී ලංකාවට 2-0 ක තරගාවලි පරාජයක්

ඊයේ එංගලන්ත කණ්ඩායම සමග පැවති 2 වන 20-20 තරගයත් ශ්‍රී ලංකාවට පරාජය අත් කර දුන්නා. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුල කඩුළු 9 ක් දැවී ලකුණු 145 ක් ලබා ගත්තා. පැතුම් නිශ්ශංක ලකුණු 37 ක් , නායක චරිත් අසලංක ලකුණු 31 ක් සහ වනිදු හසරංග ලකුණු 27 ක් ලබා ගත්තා,
පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම පන්දු වාර 12 ක් තුල කඩුළු 4 ක් දැවී ලකුණු 146 ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා. ටොම් බැන්ටන් නොදැවී ලකුණු 52 යි.
දෙරට අතර තුන්වන 20-20 තරගය හෙට (19) පැවැත්වීමට නියමිතයි.

ICC ය නම් කළ අගෝස්තු මාසයේ හොඳම ක්‍රීඩකයා  සොනාල් දිනුෂඉන්දියාවට එරෙහිව  පැවති ටෙස්ට් තරගාවලියේ ඉනිම හතරක් තුළ ලකුණු 420...
17/09/2026

ICC ය නම් කළ අගෝස්තු මාසයේ හොඳම ක්‍රීඩකයා සොනාල් දිනුෂ

ඉන්දියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ ඉනිම හතරක් තුළ ලකුණු 420ක් රැස් කිරීම හේතු කරගෙන අගෝස්තු මාසයේ ක්‍රීඩකයා ලෙස සොනාල් දිනුෂ නම් කර තිබේ

17/09/2026

සමාරම්භක ඊළඟ XV රග්බි ලීගය සඳහා උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස Sysco LABS කැන්ඩි ටස්කර්ස් සමඟ එක්වෙයි

හවුල්කාරිත්වය කුසලතා, ඉහළ කාර්ය සාධනය සහ ඊළඟ පරම්පරාව සඳහා මංපෙත් නිර්මාණය කිරීම කෙරෙහි පොදු අවධානයක් එක් කරයි.

ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ රග්බි දක්ෂතා හඳුනා ගැනීම, සංවර්ධනය කිරීම සහ ප්‍රදර්ශනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ නව වේදිකාවකට සහාය වෙමින්, සමාරම්භක Next XV රග්බි ලීගය සඳහා "Kandy Tuskers" හි උපායමාර්ගික හවුල්කරු ලෙස Sysco LABS සම්බන්ධ වී ඇත.

ශ්‍රී ලංකා රග්බි විසින් දියත් කරන ලද Next XV තරගාවලිය, කැන්ඩි ටස්කර්ස්, කලම්බු ඒසස්, ගාලු ලයන්ස් සහ ජැෆ්නා බුල්ස් යන කණ්ඩායම් හතර හරහා රටේ ප්‍රමුඛ පෙළේ වයස අවුරුදු 19 න් පහළ රග්බි ක්‍රීඩකයින් 140 දෙනෙකු එක් කරයි. මෙම ලීගය පාසල් රග්බි සහ ජාතික කණ්ඩායම අතර ව්‍යුහගත මාර්ගයක් ලෙස නිර්මාණය කර ඇති අතර, නැගී එන ක්‍රීඩකයින්ට ඔවුන්ගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට සහ ශ්‍රී ලංකා රග්බි හි ඉහළ කාර්යසාධන මාවත තුළ ප්‍රගතිය සඳහා අවස්ථා සඳහා තරඟ කිරීමට වේදිකාවක් ලබා දෙයි.

Sysco LABS සහ Kandy Tuskers අතර හවුල්කාරිත්වය මුල් බැස ඇත්තේ නැගී එන දක්ෂතාවල විභවය සහ එම දක්ෂතාව සාර්ථක කර ගැනීම සඳහා නිවැරදි මාර්ග නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳ පොදු විශ්වාසයක් මත ය.

Sysco Corporation හි මිණුම් ලකුණක් ලෙස සැලකෙන ගෝලීය නවෝත්පාදන මධ්‍යස්ථානය ලෙස, Sysco LABS ක්‍රියාත්මක වන්නේ ඉහළ කාර්යසාධනයක් සහිත කණ්ඩායම්, අඛණ්ඩ සංවර්ධනය සහ නවෝත්පාදනය සාර්ථකත්වයට මූලික වන පරිසරයක ය. මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ තාක්ෂණික කුසලතා වර්ධනය කිරීම සඳහා නිරන්තරයෙන් ආයෝජනය කර ඇති අතර, තරුණයින්ට කර්මාන්ත නිරාවරණය ලබා ගැනීමට, ඔවුන්ගේ හැකියාවන් ගොඩනඟා ගැනීමට සහ තාක්‍ෂණයේ වෘත්තීන් කරා ප්‍රගතියක් ලබා ගැනීමට අවස්ථා නිර්මාණය කරයි.

14/09/2026

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයට තවත් සුවිශේෂී දිනයක් එක් කරමින්, Colombo Marathon 2026 මැරතන් තරගාවලිය ඊයේ උදෑසන කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයෙන් ආරම්භ වුණා.
“Steps for Peace and Humanity” – “සාමය සහ මානුෂීයත්වය වෙනුවෙන් පියවරක්” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම දැවැන්ත ක්‍රීඩා උළෙලට, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000කට අධික පිරිසක් එක්ව සිටියා.

කිලෝමීටර් 42.195ක පූර්ණ මැරතන්, කිලෝමීටර් 21.097ක අර්ධ මැරතන්, කිලෝමීටර් 10 තරගය සහ 5km Fun Run ඇතුළු තරග කාණ්ඩ කිහිපයකින් මෙවර තරගාවලිය සමන්විත වුණා.

විශේෂත්වය වන්නේ, මෙවර Colombo Marathon තරගාවලියට World Athletics ආයතනයේ නිල පිළිගැනීම හිමිවීමයි. ඒ අනුව තරගාවලිය World Rankings Competition එකක් ලෙසද ගෝලීය දින දර්ශනයට එක්ව තිබෙනවා.

14/09/2026

සුපර්ලීග් පාපන්දු තරගාවලිය
අප් කන්ට්‍රි ලයන්ස් ඉදිරියටම
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන සුපර්ලීග් පාපන්දු තරගාවලිය යටතේ අප්කන්ට්‍රි කණ්ඩායම හා රිනවුන් කණ්ඩායම අතර තරගය ඊයේ කොළඹ සුගතදාස පිටියේදී නිමාව දුටුවා.
ගෝල 2-0 ක් ලෙස අප් කන්ට්‍රි ලයන්ස් තරගය ජයග්‍රහණය කළා

13/09/2026

වයස අවුරුදු 17න් පහල ක්‍රිකට් ශූරතාව රාජකීය විද්‍යාලයට

පාසල් ක්‍රිකට් සංගමය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කළ වයස අවුරුදු දාහතෙන් පහළ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් වුණා.

අවසන් තරගය කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.

මුලින් පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාලීය කණ්ඩායම නියමිත පන්දු ඕවර 50 තුළදී කඩුලු නමයක් දැවී ලකුණු 205ක් ලබා ගත්තා.

මනුත් දිසානායක ලකුණු 92 යි

මුදිත ගුණසේකර ලකුණු 38 යි

පන්දු යැවීම තරුල් ජයසූරිය හා සෙනුත් ප්‍රනාන්දු කඩුලු 02 බැගින් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත තෝමස් කණ්ඩායම ඕවර 36යි පන්දු 5 දී සියලු දෙනාම දැවී ලබා ගත්තේ ලකුණු 133ක් පමණයි. ඒ අනුව රාජකීය විද්‍යාලයට ලකුණු 72ක ජයක් අත්වුණා

ශාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් රෙෂාන් සොලමන්ස් ලකුණු 38 ක් සහ තරුල් ජයසූරිය ලකුණු 29 ක් ලබා ගත්තා.
රාජකීය විද්‍යාලයේ මහිරු කොඩිතුවක්කු ලකුණු 32 ට කඩුළු 05 ක් දවා ගත්තා.

09/09/2026

සුපර් ලිග් පාපන්දු තරගාවලිය
Up Country Lions හා Colombo FC කණ්ඩායම අතර තරගයෙන් Up Country Lions කණ්ඩායමට ජය

09/09/2026

DS - Gateway පැසි පන්දු තරගාවලියෙන් Gateway ජය ගනී

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා Gateway ජාත්‍යන්තර පාසල අතර පළමුවරට ආරම්භ කළ ක්‍රීඩා තරගාවලියේ පැසි පන්දු තරග පසුගියදා කොළඹ Gateway ජාත්‍යන්තර පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.

පාසල් දෙකෙහි සුහදතාව වර්ධනය කිරීම සඳහා ඔරුපැදීමේ තරග හා පැසි පන්දු තරග පැවැත්වූවා.

ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්. අයි.ටී අලස් මහතා විසින්ම Gateway ජාත්‍යන්තර පාසල ආරම්භ කිරීම සනිටුහන් කරමිනුයි මෙම සුහද තරගාවලිය පැවැත්වුණේ

පැසි පන්දු තරගාවලියේදී අවුරුදු 15න් පහළ හා 19 න් පහළ ලෙස තරග පැවැත්වුණා

15න් පහළ තරඟයේදී ලකුණු 53- 21 ක් ලෙස තරගයේ ජයගැනීමට ගේට් වේ ජාත්‍යන්තර පාසල සමත් වුණා

අවුරුදු 19න් පහළ තරගාවලියේ ද ලකුණු 60 - 42 ක් ලෙස තරගයේ ජය ගැනීමට සමත් වුණේ ගේට්වේ ජාත්‍යන්තර පාසලයි.

09/09/2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මෙහෙයවනු ලබන ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් සමාජ අතර එක්දින තරග මාලාවේ අවසන් පුර්ව තරග පැවැත්වෙනවා.

NCC පිටියේදී පැවැත්වු SSC සහ CCC අතර තරගයෙන් SSC කණ්ඩායම ජයග්‍රහණය කළා.

08/09/2026

මහානාම විද්‍යාලය සොනාල් දිනුෂ ට උපහාර පුදයි

Address

7A, Ocean Tower , Station Road , Colombo 04
Colombo

Alerts

Be the first to know and let us send you an email when Media First Sport posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share