Ganga Niroshinie Suduwelikanda

Ganga Niroshinie Suduwelikanda This is the official page for Ganga Niroshinie Suduwelikanda, author of SUWANDA THOTUPOLA and transl She now lives in Hong Kong with her 13 years old son, Seth.

Ganga Niroshini Suduwelikanda is the translator of more than forty best selling English novels, including GIRL WITH A PEARL EARRING, LIKE WATER FOR CHOCOLATE, MARTYN PIG, SPILLED WATER, CHRISTY, LOVE, ROSIE, THE KITE RUNNER, A THOUSAND SPLENDID, AND THE MOUNTAINS ECOED, THE LIGHT BETWEEN OCEANS, A STRANGENESS IN MY MIND, CELESTIAL BODIES, THE DEATH OF MRS WESTAWAY. In her free time, she likes to take photos and try new recipes.

A collaboration between Little House Publishers and Subhavi Publishers.ලිට්ල් හවුස් ප්‍රකාශන සහ සුභාවි ප්‍රකාශන සහයෝගිතා...
16/09/2026

A collaboration between Little House Publishers and Subhavi Publishers.

ලිට්ල් හවුස් ප්‍රකාශන සහ සුභාවි ප්‍රකාශන සහයෝගිතාවයක් ❤️

❤️
12/09/2026

❤️

නව මුද්‍රණයකට සූදානම් වෙමින් • • • 😍
11/09/2026

නව මුද්‍රණයකට සූදානම් වෙමින් • • • 😍

විස්කොන්සින් වනය ඉතා විශාල විය. නිවස ඉතා කුඩා විය. ඒ සුවිසල් මහා වනයේ සිටින කුඩා දැරියක වන ලෝරා එලිසබෙත් ඉන්ගල්ස්ද ඉතා ක...
10/09/2026

විස්කොන්සින් වනය ඉතා විශාල විය. නිවස ඉතා කුඩා විය. ඒ සුවිසල් මහා වනයේ සිටින කුඩා දැරියක වන ලෝරා එලිසබෙත් ඉන්ගල්ස්ද ඉතා කුඩා වූවාය. ඇය ඇගේ අප්පච්චි, අම්මා සහ වැඩිමහල් සහෝදරිය වන මේරි ඇමීලියා සමග ලී කොටවලින් තැනූ කුඩා නිවසක වාසය කළාය. නිවස වටා පිහිටා තිබූ ගස් උස්ව සහ අභිමානවත්ව නැගී සිටියේය. ඕක්, ඈෂ්, සහ එල්ම්. මේපල්, බටර්නට්, සහ බර්ච්. ඒ ඝන වනය මස් සහ සම් ලබා ගැනීම සදහා අප්පච්චි දඩයම් කළ සහ උගුල් ඇටවූ බොහෝ සතුන්ගේ නිවහන බවට පත් වී තිබිණි. රූස්ස වනපෙත් එළිපෙහෙළි වී තිබූ, පොළොව හිරුට සහ සුළගට අනාවරණය වූ එළිමහන් ස්ථානවල ඔහු ගොවිතැන් වැඩද කළේය.

කුඩා නිවස වටා පිහිටි මහ වනය අති විශාල සහ අනවසාන එකක් මෙන් ලෝරාට දැනේනට ඇත. එහි වෙනත් නිවාස, ගොඩනැගිලි, හෝ මං මාවත් නොතිබූ අතර, දකින්නට ලැබුණේ ගස් සහ ඉදහිට විශාල පියාපත් සලා අහසේ ඉගිලී යන බකමූණකුගේ දසුනක් පමණි. සීත සෘතුවේදී, දිස්න දෙන සුදු හිම කුඩා නිවසේ පැති වටා ගොඩ ගැසුණේය. වසන්තයේදී, වනපෙත් සහ තණබිම් මලින් පිරී ගියේය.

සරිෆා බිම ඇන තියා ගෙන ඉන්නවා. රිදී මුදුවලින් බර වුණ එයාගෙ මහත ඇඟිලි, ඉස්තරම් වර්ගයේ ඕමානි මස්කට් දාපු පුංචි පෙට්ටි වටේ ඔ...
09/09/2026

සරිෆා බිම ඇන තියා ගෙන ඉන්නවා. රිදී මුදුවලින් බර වුණ එයාගෙ මහත ඇඟිලි, ඉස්තරම් වර්ගයේ ඕමානි මස්කට් දාපු පුංචි පෙට්ටි වටේ ඔතපු පටි ගලවන අතරෙ, එයාගෙ අතිවිශාල පියයුරු එයාගෙ ඔඩොක්කුවට වැගිරෙනවා. එයා ආමන්ඩ්වලින් කරලා තියෙන සැරසුමටයි, තද දුඹුරු පාට පෘෂ්ඨයටයි යාන්තමට තට්ටු කරනවා. එතකොට ඒක හෙලවෙනවා. බලන්නකො කොච්චර නං ලස්සණ දර්ශනයක්ද කියලා! මේ තරම් රස ගොඩක්, ඒ වුණාට ඒගොල්ලො මට කියනවා ඕවා කන්න එපා, උඹට දියවැඩියාව තියෙනවා කියලා මතකයි නේද, ඕවා තනිකරම සීනි. පාඩුවෙ තියෙන්න ඇරපං කියලා. කමක් නෑ, සීනි ඇතා හෝ නැතා, කනගාටුයි, සරිෆා පැණි රස කෑමවලට පාඩුවෙ තියෙන්න අරින්නෙ නෑ. තනිකරම සීනි කියලා ඒගොල්ලො නාහෙන් අඬනවා. කමක් නෑ, හාහ්! සරිෆා ලොකු කුට්ටියක් අරගෙන, එයාගෙ ඇඟිලි සේරමත් එක්ක ඒක කට ඇතුළෙ ඔබා ගන්නවා. ඒ අතරෙ ඕනකමින්ම ඒවා ලෙවකනවා. හරියට මගේ තාත්තා එයාව සල්ලිවලට ගන්න කලින්, ෂෙයික් සායිද්ගෙ ගෙදරදි බඩගින්නෙන් පෙළි පෙළි හිටිය අවුරුදු ගණනාවෙ පළිය දැන්, මේ මොහොතෙ ගන්නවා වගේ.

උඹේ සිනිඳු, උණුසුම් පපුව ඇතුළෙ මාව හංගගනිං, සරිෆා - මට බයයි. මගේ ඔළුව අල්ලගනිං, ඒක උඹේ ඔඩොක්කුවයි, පියයුරුයි අතර කොහේහරි තැනක සතපවා ගනිං. මට උඹේ දාඩිය ආශ්වාස කරන්න දීපං, උඹ ගාවින් හැමදාමත් එන සුප් සුවඳ ආඝ්‍රාණය කරන්න දීපං, ඊට පස්සෙ මට නිදාගන්න දීපං. මට බයයි, සරිෆා. උඹේ මරණය වෙනුවෙන් තාත්තා මට සමාව දෙන එකක් නෑ. එයා කවදාවත් මට අනුකම්පා කරන එකක් නෑ. එයා මොනවා කරයිද කියලා මට බය හිතෙනවා. උඹ ගැන මගෙන් ප්‍රශ්න කරන්න, එයා ආයෙ ආයෙමත්, එයාගෙ මිනීවළෙන් එළියට ඇවිල්ලා තියෙනවා. එයා රට ඉදි ගහේ කෙඳිවලින් වියපු ලණුවෙන් මාව බැන්දා. උඹට මතකද, ඊට පස්සෙ එයා මාව උඩු යටිකුරුව හිටින්න ළිඳ ඇතුළට විසි කෙරුවා.

ළිං පතුලෙ ඉඳගෙන මං කෑගැහුවා. එයා සාමකාමීව මැරුණා, දෙවියො එයාව අරන් ගියා. ඔයගොල්ලො වෙන් වෙලා හුඟ කාලෙකට පස්සෙ. එතකොට ඔයා මැරිලා අවුරුදු ගාණක් ගතවෙලා ඉවරයි.

ඒත් එයා මාව ළිඳෙන් උඩට ඉස්සුවෙ නෑ.
එයා කට්ට කළුවර පතල් ළිඳ ඇතුළෙ මාව ඔළුවෙන් එල්ලෙන්න තියලා තිබ්බා.

උදාර දෙවියන්ගෙ නාමයෙන්, තාත්තෙ, මං දැනගෙන හිටියෙ නෑ! ඒ වෙද්දි මං මස්කට්වල පදිංචියට ගිහින් හිටියා. හැම මොහොතක්ම ව්‍යාපාර වැඩවලට ගතවුණා. මං අල්-අවාෆිවලට ගියේ උත්සව දවස්වලට විතරයි. එයා කුවේට් ඉඳලා ආපහු ඇවිත් ඉන්නවා කියලා මට ආරංචි වුණා. එයාට ෂන්නා එක්ක ජීවත් වෙන එක ඉවසගෙන ඉන්න බැරි වුණා කියලා මිනිස්සු කිව්වා. ෂන්නා එයාව ගෙදරින් දොට්ට දැම්මා කියලා කවුදෝ කිව්වා. සරිෆා පිස්සු ගෑනියෙක්ය කියලා එයා සරිෆව කොටු කරලා තියාගන්න හැදුවා, එතකොට සරිෆා පැනලා ගියා කියලා තව කවුදෝ කිව්වා. සරිෆට අල්-අවාෆි නැතුව හරිම පාළුයි, ඒ නිසා එහෙන් පිට වෙලා ඉන්න එක දරාගන්න බැරුව ගියා කියලා තවත් අය කිව්වා. එයා හීනෙන් එයාගෙ අම්මා අන්කබුතාව දැක්කලු, එයාට අඬ ගගහා ඉන්නවා. ඉතින් එයා ආපහු ආවලු. එයා නෑදෑයොත් එක්ක පදිංචියට ගිහින් තිබුණා.

තාත්තෙ, මට හරියට වැඩ තිබුණා. එතකොට අපේ කොටස් වෙළෙඳපොළ කඩා වැටිලා ටික කාලයයි. අබු සලිහුයි, මමයි අපේ ව්‍යාපාරය ගොඩ නගන්න උත්සාහ කරමින් ලොකු සටනක යෙදිලා හිටියා. තාත්තේ, මං මුළු වෙලාවෙම හුගක් කාර්යබහුල වෙලයි හිටියෙ. මං මස්කට්වල හිටියා, ඊට පස්සෙ අල්-ඛ්වේර්වල, අල් ඝුබ්රාවල හිටියා, අල්-හෙයිල්වල, සිබ්වල හිටියා. මං මස්කට් අවට තියෙන හැම නගරයකටම, හැම ප්‍රදේශයකටම ගිහින් හිටියා. මං ඉඩම් කෑල්ලක්, ගෙයක්, විලාවක්, කොන්ත්‍රාත්කාරයො, මුහම්මද්ගෙ ඔටිසම් තත්ත්වය සම්බන්ධව අපිට උදව් කරන්න පුළුවන් සායනයක්, ඉංග්‍රීසි භාෂාව උගන්නන ආයතන, ගිණුම්කරණය පන්ති, ඔයාගෙ පරණ මර්සිඩිස් එකට වඩා ලොකු කාර් එකක්, ප්‍රයෝජනවත් ව්‍යාපාර ගනුදෙනු මොනවහරි, වැදගත් සංචාරක නියෝජිතවරයෙක්, විශ්වාස කරන්න පුළුවන් ගෘහ සේවකයො - ෆිලිපීන මිනිස්සු, ඉන්දුනීසියානු මිනිස්සු - ළමයින්ට ඉස්කෝල, ටියුෂන් ගුරුවරු, ඩ්‍රයිවර් කෙනෙනක්, හැන්දෑව ගත කරන්න තැන්, යාළුවො - හොය හොයා හිටියා . . .

මගේ තාත්තා මාව ළිඳෙන් උඩට ඉස්සුවෙ නෑ.

අදින්න, තාත්තෙ! ලණුව උඩට අදින්න. මට උඩට එන්න පුළුවන් වෙන විදියට ලණුවෙ අනිත් කෙළවර මගේ ඉණ වටේ තද වෙනකං, ඔයා අල්ලගෙන ඉන්න කෙළවර හයියෙන් අදින්න. ළිඳ ඇතුළෙ කළුවරයි, තාත්තේ, මෙතන සර්පයො ඉන්නවා. මාව උඩට උස්සන්න. මං ඔයාගෙ රයිෆලේ හොරකම් කරන්නෙ නෑ, කොහොමටත් මං මාරහුනුයි, සන්ජාරුයි එක්ක කොහේවත් යන්නෙ නෑ. සන්ජාර් දැන් සුක් එකේ බඩු අදින්නෙක් විදියට වැඩ කරනවා, තාත්තේ. එතකොට ෂන්නා ඉස්කෝලෙක පිරිසිදු කරන්නියක් විදියට වැඩ කරනවා. ඉතුරු වෙලා ඉන්නෙ සරිෆා විතරයි. එයා ඒගොල්ලන්ව දාලා අවා. එයාට කුවේට්වල ජීවිතේ ඉවසගන්න බැරි වුණා.

මාව මේ ළිඳෙන් එළියට ගන්න, තාත්තේ. මං අර පොල්කිච්චන්ට ආස වෙන්න යන්නෙ නෑ. මං කොල්ලො එක්ක බෝල ගහන්න යන්නෙත් නෑ. සුවේද්ගෙ ඌඩයෙ වශී කරන තාලවලට ඇහුම්කන් දීගෙන රෑ වෙනකං ඇහැරිලා ඉන්නෙත් නෑ. ඔයාගෙ මූණට කෑගහන්නෙත් නෑ. ඔයා දැන් ඉන්නෙ කෝමාවක. සන්ජාරුත් එයාගෙ තාත්තා හබීබ් වගේ පැනලා ගියා. මං විතරයි පැනලා නොගිය එකම එක්කෙනා. මාව මෙතනින් උඩට ගන්න, මං ඔයාගෙ ප්‍රේමවන්තිය, ඔයාගෙ අම්මා, ඔයාගෙ දුව, ඔයාගෙ වහලිය, ඔයාගෙ නෝනා සරිෆව දාලා යන්නෙ නෑ. කොහේදෝ කාටවත් අමතක වුණ ඉස්පිරිතාලෙක තනියම මැරිලා යන්න මං එයාව දාලා යන්නෙ නෑ.

දියවැඩියාව හුඟාක් අසාධ්‍ය තත්ත්වෙට හැරුණා, තාත්තේ. ඒක මහ දරුණු එකක් බවට පත් වුණා. ඒකෙ තේරුම ඔයා දන්නවද, සුක්කිරි කියන එකේ? ඒක එයාගෙ මුළු ශරීරය පුරාම පැතිරිලා ගියා, හරිම බිහිසුණුයි. ඒගොල්ලො එයාගෙ කකුල කැපුවා. අබ්බගාත ගෑනියෙකුට අපි දිගටම උදව් කරන්න යන්නෙ නෑ කියලා එයාගෙ නෑදෑයො කිව්වා. ඊට පස්සෙ ඒගොල්ලො එයාගෙ අනිත් කකුලත් කැපුවා. එයාව පොදු නාන ගෙට අරන් යන්නෙ කවුද කියලා අසල්වැසියො කිව්වා. කකුල් දෙක නැති මේ දැවැන්ත ශරීරය එහාට ඇදගෙන යන්නෙ කවුද? රෝහල් අධ්‍යක්ෂකවරයා කරුණාවන්තයි, එයා සදහටම සරිෆට එහෙ නැවතිලා ඉන්න ඉඩ දුන්නා. සාත්තුකාරියො එයාව බලාගත්තා.

මාව උඩට උස්සන්න, තාත්තේ.
සරිෆා, මාව මේ ළිඳෙන් ගොඩගනිං.
මට බයයි.
මට හරිම හරි බයයි.
- ආකාශ වස්තු -









• ඌව නම් මිනිසා සහ හිම ගොඩැල්ල තුළ සිටි බළල් වසංගතේ • මේ උලව් බළලා තමාගේ නිවසේ ජීවත් වනු ඇත්තේ තමාගේ මළකඳ උඩින් බව කියා ...
08/09/2026

• ඌව නම් මිනිසා සහ හිම ගොඩැල්ල තුළ සිටි බළල් වසංගතේ •

මේ උලව් බළලා තමාගේ නිවසේ ජීවත් වනු ඇත්තේ තමාගේ මළකඳ උඩින් බව කියා කෑගසමින් ඌව ඊයේ දවසින් වැඩිහරිය ගත කළේය. දැන් ඔහු බළලා දෙස බලාගෙන සිටියි. බළලා පෙරළා ඔහු දෙස බලා සිටියි.

වෙලාව හයට කාලයක් වූ විට ඌව ඇදෙන් බසිද්දී, බළලා මුළුතැන්ගෙයි බිම මැද වාඩිවී සිටියි. ඌව තමාට ණය වී සිටියාක් මෙන් බළලා නොසතුටු බැල්මක් හෙළයි. යෙහෝවාගේ සාක්ෂිකරුවකු මෙන් සිය ගාත්වලින් බයිබලයක් අල්ලාගෙන තමාගේ දොර සීනුව නාද කර තිබූ බළලකු වෙත සාමාන්‍යයෙන් දක්වන සැකමුසු බවකින් යුතුව ඌව පෙරළා බළලා දෙසට දෑස් අයාගෙන සිටියි.

ඌව සොරොව් බේසම වෙත යයි. කෝපි යන්ත්‍රය ක්‍රියාත්මක කරයි. සිය අත් ඔර්ලෝසුව පරීක්ෂා කරයි. බළලා දෙස බලයි. රෝහලින් පිටවී ආ පසු, පර්වානේ පශු වෛද්‍යවරයකු වනු මිතුරකු සොයා ගැනීමට සමත් වී තිබුණාය. බළලා බැලීමට ඇවිත් තිබූ පශු වෛද්‍යවරයා “සීතල නිසා ඇති වන බරපතළ තුවාල සහ සංකීර්ණ මන්දපෝෂණ තත්ත්වයක්” ඇති බවට නිශ්චය කළේය. ඉන්පසු ඔහු බළලාට කෑමට අවශ්‍ය දේ සහ උගේ සාත්තු සැලකිලි සම්බන්ධ දීර්ඝ ලැයිස්තුවක් ඌවට දී තිබුණේය.

“මං මෙතන බළල්ලු රෙපෙයාර් කරන කොම්පැනියක් දාලා නෑ,” යි ඌව බළලාට පැහැදිලි කරයි. “උඹ මෙතන ඉන්නෙ මට අර බඩදරු අම්මණ්ඩි එක්ක කතා කරලා මොළේ ටිකක් පාදලා දෙන්න බැරි වුණ නිසයි.”

සිය ඇසක් ලෙවකෑමට උත්සාහ කරමින් කාර්යබහුල වී සිටින බළලා පිළිතුරු නොදෙයි.

ඌව කුඩා මේස් හතරක් ඌ දෙසට දිගු කරයි. ඔහුට ඒවා දී තිබුණේ පශු වෛද්‍යවරයාය. “මෙන්න මේවා දමාගන්නවා. එතකොට අපිට යන්න පුළුවන්. මට පරක්කු වෙනවා.”

බළලා ඉතා පරීක්ෂාකාරීව නැගී සිට, දිග, පරිස්සම් සහගත අඩි තබා දොසර දෙසට ඇවිද යයි. හරියට රතු පලසක් මත ඇවිදින්නාක් මෙන්.

බළලා සාබ් රථයේ රියැදුරු අසුනට යාබද අසුනේ පත්තර කඩදාසියක් මත වාඩිවිය යුතුද නැද්ද යන්න ගැන ක්ෂණිකවම ඌව සහ බළලා අතර මතභේදයක් ඇති වෙයි. ඌව මුලින්ම බළලා කලා පුවත් අතිරේක දෙකක් මත වාඩි කරවන අතර, මහත් අවමානයට පත් වූ බළලා පසුපස ගාත්වලින් ගසා ඒවා බිම දමයි. ඌ අසුනේ සිනිඳු කුෂන් කවරය මත සුවපහසුවට දිගා වෙයි. එය දකින ඌව බළලාගේ ගෙල පිටුපසින් අල්ලා තදින් ඉහළට ඔසවන අතර, බළලා එතරම් සෘජු නොවන ලීලාවකින් විරෝධය පාමින් ඔහු දෙසට සූ ගාන අතරේ, ඌව සංස්කෘතික අතිරේක සහ පොත් විචාර තුනක් උගේ සිරුර යටට දමයි. බළලා ඔහු දෙසට රෞද්‍ර බැල්මක් හෙළයි. පුදුමයකට මෙන් පුවත්පත මතටම වී සිටින ඌ සිත රිදුණු දුක්බර බැල්මකින් ජනේලයෙන් පිටත බලා සිටිනවා පමණි.

තමා මේ සටන ජයගත් බවට තීරණය කරන ඌව තෘප්තියෙන් හිස සලා, සාබ් රථයේ ගියරය දමා, ප්‍රධාන මාර්ගයට පැද යයි. ඒ වෙලාවේ බළලා හෙමිහිට සහ හිතාමතාම උගේ උල් නිය ඇදගෙන ගොස් පත්තර පිටුවේ එහා කොනේ සිට මෙහා කෙනාට දිගට ඉරා දමා, උගේ ඉදිරි ගාත් දෙකම ඉරුණු කඩදාසිය තුළින් ඇතුළට දමයි. ඌ එය කරන්නේ, ‘ඉතින් තමුසෙ මොනවද ඒ ගැන කරන්න යන්නෙ?’ යි අසන්නට මෙන් ඌව දෙසට අභියෝගාත්මක බැල්මක්ද හෙළන අතරය. ඌව මහත් තදින් සාබ් රථයේ තිරංග තද කරයි. එයින් තිගැස්සෙන බළලා ඉදිරියට විසි වී යන අතර, උගේ නාසය පාලක පුවරුවේ වැදෙයි. ‘අන්න ඒක තමයි මට ඒ ගැන කියන්න තියෙන්නෙ.’ ඌවගේ ජයග්‍රාහී බැල්ම එසේ කියන්නාක් මෙනි.

එයින් පසුව මුළු ගමන පුරාම ඌව දෙස බැලීම ප්‍රතික්ෂේප කරන බළලා අසුනේ මුල්ලක වක ගැසීගෙන, මහත් අමනාපයට පත් වූ ලීලාවකින් යුතුව එක ගාතයකින් උගේ නාසය අතුල්ලමින් සිටියි. එහෙත් ඌව මල් සාප්පුව තුළ සිටින අතරේ ඌ ඌවගේ සුක්කානමේ හරහට වැටුණු දිග තෙත වයිරම්, ආරක්ෂිත පටිය සහ ඌවගේ කාරයේ දොරේ ඇතුළු පැත්ත ලෙව කයි.

මලුත් රැගෙන නැවත එන ඌව ඔහුගේ මුළු කාරයම බළල් කෙළවලින් පිරී ඇති බව අනාවරණය කරගෙන, වක් කඩුවක් මෙන් දබරැඟිල්ල තර්ජනාත්මක ලීලාවකින් සොලවයි. එවිට බළලා ඔහුගේ වක් කඩුව සපයි. ගමනේ ඉතිරිය පුරා ඌව බළලා සමග කතා කිරීම ප්‍රතික්ෂේප කරයි.

~ ඌව නම් මිනිසා ~









සුවඳ තොටුපොළ ~       මම ඒ දිනවල අලුත් සිතුවමක වැඩ පටන් ගෙන තිබුණෙමි. එය ළා අළු පැහැති බිත්තියක් පසුබිම් කරගත් උස කනප්පුව...
07/09/2026

සුවඳ තොටුපොළ ~








මම ඒ දිනවල අලුත් සිතුවමක වැඩ පටන් ගෙන තිබුණෙමි. එය ළා අළු පැහැති බිත්තියක් පසුබිම් කරගත් උස කනප්පුවක් මත තබා ඇති වයින් කෙණ්ඩියක් සහ පැතලි ලෑලි තැටියක තැබූ මිදි පොකුරක සිතුවමක් විය. දවසක් වංචායි පැත්තේ ඇවිදිමින් සිටින වේලාවක මට අවශ්‍ය ව තිබූ කෙණ්ඩියක් කුඩා වෙළඳ සැලකින් මිලදී ගන්නට මට හැකි විය. එය සුදු පැහැති පිඟන් මැටි කෙණ්ඩියක් වූ අතර මට ඕනෑ වී තිබුණේ ඒ සිතුවමේ පැරණි දුර්වර්ණ වූ ස්වභාවයක් පෙන්වන්නටය. එබැවින් මම ලිපිද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සල් කිහිපයක විපරම් කර උඩට ඉලිප්පී පෙනෙන රටා මෝස්තරයක් ඇති පාට සේදී ගියාක් වැනි තැඹිලි පැහැයකින් යුතු කරදාසියක් මිලදී ගෙන සුදු පැහැය වැසෙන සේ එය කෙණ්ඩියේ ඇලෙව්වෙමි. අයිකියා සාප්පුවෙන් මිලදී ගත් තැටියක් මා ළඟ තිබිණි. මම මිදි පොකුරක් මට අවශ්‍ය ආකාරයට ඒ මත තබා පැහැය මැලවී, වියළී යන තුරු දින කිහිපයක් ඒ පරිද්දෙන් තියෙන්නට හැරියෙමි. ඉන්පසු ඒ දෙකම කුඩා කාමරයේ තිබූ කනප්පුව මතින් තබා එය බලාගෙන අඳින්නට පටන් ගත්තෙමි. දූවිලි බැඳුණු ස්වභාවයක් පෙන්වනු පිණිස මම කලින් හුණු කූරක් සිහින්ව කුඩු කර හලා කනප්පුව මත ඉසගෙන තිබුණෙමි.

මධ්‍යම රාත්‍රිය වන තුරු සිතුවම් අඳිමින් සිටි අපට අයිස් ක්‍රීම් කෑමේ අදහසක් එකවර පහළ විය. එහෙත් නිවසේ අයිස්ක්‍රීම් තිබුණේ නැත. ඉතින් අපි 7-ඉලෙවන් වෙළඳ සලට ගොස් අයිස්ක්‍රීම් දෙකක් මිලදී ගෙන විත් ගොඩනැගිල්ල ඉදිරිපස ඇති මිටි කොන්ක්‍රීට් තාප්පය මත වාඩිවී කතා කරමින් කන්නට වීමු. ඒ අතරේ සමැන්තා මගේ සම්පූර්ණ නම උච්චාරණය කරන්නට වෙහෙසෙමින්, මට දිග වාසගමක් සහිත එතරම් අමාරු නමක් තිබීම ගැන චෝදනා කළාය.

"ඉස්සර අපි කියනවා චීන මිනිස්සුන්ට නම් දාන්නෙ මොනවහරි පිඟන් කෝප්ප පොළොවෙ ගහලා එතකොට ඇහෙන එක එක සද්දවලින් කියලා." මම සිනාසෙමින් කීවෙමි.

"දන්නවද, ඉස්සර අපේ නමුත් හරිම දිගයිලු. නම් කොට වුණ විදිය ගැන ජන කතාවක් තියෙනවා. කියන්නද? හුඟාක් ඉස්සර කාලෙ ඈත චීනෙ පිරිමි ළමයි දෙන්නෙක් ජීවත් වුණාලු. එක්කෙනෙකුගෙ නම සෑම්. මගේ වගේ. අනිත් එක්කෙනාගෙ නම ටිකි ටිකි ටෙම්බෝ නෝ සරිම්බෝ හරි කරි බුෂ්කි පෙරි පෙම් දෝ හායි කායි පොම් පොම් නිකී නෝ මීනෝ දොම් බරාකෝ." ඇය සිනාසෙමින් කතාව කියන්නට වූවාය.

මා අම්මා සහ ඇ‌ගේ චීන මිතුරියන් සමග යම් චාවලට ගො‌ස් බො‌හෝ‌ කාලයක් ගතවී තිබිණි. මට දැන් ඒ‌ සියල්ල අලුත් අත්දැකීමක් මෙන් දැ...
04/09/2026

මා අම්මා සහ ඇ‌ගේ චීන මිතුරියන් සමග යම් චාවලට ගො‌ස් බො‌හෝ‌ කාලයක් ගතවී තිබිණි. මට දැන් ඒ‌ සියල්ල අලුත් අත්දැකීමක් මෙන් දැනෙන්නට විය. අප උදේ ආ‌හාරයට ගිය සෙන්ට්‍රල්වල පිහිටි තේ පැන් හල, විශිෂ්ට තේ සහ ඩිම් සම් සම්බන්ධයෙන් අඩසිය වසරක් පුරා විශාල කීර්තියක් අත්පත් කරගත් ස්ථානයක් බව පීටර් ම් ගෙන් දැනගන්නට ලැබිණි. වර්ණ කළ වීදුරැ මියුරල් සහ රාමු කළ කුරැල්ලන්ගේ සහ කඳු පන්තිවල විශාල සාම්ප්‍රදායික චීන සිතුවම් එහි සුදු බිත්ති අලංකාර කර තිබිණි. අවන්හල පුරා කො‌තරම් ඝෝ‌ෂාවක් පැතිර තිබුණාද යත් එය එකම හෝ‌ හඬක් බවට පත්වී කන් පුරවන්නට විය. එහි ඉංග්‍රීසි මෙනුපත්ද තිබූ බැවින් ආ‌හාර ඇ‌නවුම් කිරීම පහසු වූ අතර මම පීටර් ම්ගේ උදව් ඇ‌තිව, කලින් රස විඳ පුරැදු ඩිම් සම් කිහිපයක් ඇ‌නවුම් කළෙමි. කෑම කන අතරේ ඔහු මා ලංකාවේ ගත කළ ජීවිතය ගැන විස්තර ඇ‌සුවේය. බො‌හෝ‌ කලකට පසුව ලො‌කු අම්මා සහ ලො‌කු තාත්තා ගැන කතා කරන්නට මට හැකි විය. ඒ‌ අතරේ ඔහු කිහිප වරක් මගේ හිස් වූ තේ කෝ‌ප්පය පිරවූ අතර මම ඔහුට ස්තූති කළෙමි.

"යම් චාවලදි ස්තූතියි කියන ක්‍රමය ඔයා දන්නවා නේද?" යි කිසියම් අවස්ථාවක ඔහු ඇ‌සුවේය. මම දෙවුර ඇ‌කිළුවෙමි. ඔහු අතේ දබරැඟිල්ල සහ මැද ඇ‌ඟිලි දෙක නවා, යාන්තමට හඬ නැගෙන සේ මේසයට තට්ටු කළේය.

"මේ විදියට." මමද ඒ‌ අයුරින් ඇ‌ඟිලි නවා මේසයට තට්ටු කළෙමි. "ඒ‌ක කරනවා මං දැකලා තියෙනවා. ඒ‌ වුණාට මං දැනගෙන හිටියෙ නෑ. මට කවදාවත් අහන්නත් මතක් වුණේ නෑ," යි මම මගේ නො‌දන්නාකම ගැන පසුතැවෙමින් කීවෙමි.

ඔහු සිනාසුණේය. "ඒ‌ක මීට අවුරැදු තුන්සීයකට හාරසීයකට කලින් චීන රාජ සමයෙ ඉඳලා කෙරීගෙන එන සිරිතක්. ඒ‌ ගැන පුරාවෘත්තයකුත් තියෙනවා. ඒ‌ කාලෙ හිටපු චියැන්ලෝ‌න්ග් කියලා අධිරාජ්‍යයෙක් සාමාන්‍ය මිනිහෙක් වගේ වෙස් වලාගෙන රටේ ඇ‌විදින්න පුරැදු වෙලා හිටියලු. ඒ‌ වෙලාවට රටේ රජ්ජුරැවො‌ එයා කියලා අනිත් මිනිස්සුන්ට අඳුරගන්න බැරි වෙන විදියට හැසිරෙන්න කියලා සේවකයින්ට නියෝ‌ග ලැබිලා තිබුණලු. ඉතින් එක දවසක් කෑම කන්න කියලා දකුණු චීනෙ පැත්තෙ තේ ශාලාවකට ගිය වෙලාවෙ, රජ්ජුරැවො‌ එයාගෙ කෝ‌ප්පෙට තේ වක්කරගෙන ඉවර වෙලා, අනිත් සේවකයින්ගෙත් කෝ‌ප්පවලට තේ වක්කෙරැවලු. දැන් රජ්ජුරැවො‌ තමන්ගෙ කෝ‌ප්පෙට තේ වක්කරපු එක දුප්පත් සේවකයින්ට ලො‌කු ගවුරවයක්නෙ. ඒ‌කට කළගුණ සැලකීමක් විදියට රජ්ජුරැවන්ට දණ ගහලා වඳින්න ඒ‌ගො‌ල්ලන්ට ඔන වුණාලු. ඒ‌ත් ඔක්කො‌ම පිට මිනිස්සු ඉස්සරහ ඒ‌ක කරන්නත් බෑනෙ. ඉතින් ඒ‌ගො‌ල්ලො‌ මේ වගේ ඇ‌ඟිලි නවලා මේසෙට තියලා තමන්ගෙ ගවුරවයයි ස්තූතියයි පුද කෙරැවලු. එක ඇ‌ඟිල්ලකින් කියන්නෙ ඔළුව නැව්වා කියලා. අනිත් ඇ‌ඟිලි දෙකෙන් කියන්නෙ අත් දෙක එකතු කරලා වැන්දා කියලා. එදා ඉඳලා තමයි තමන්ගෙ කෝ‌ප්පෙට තේ වක්කරන කෙනාට ස්තූතියි නො‌කියා ඒ‌ විදියට අතින් මේසෙට තට්ටු කරන්න පටන් අරන් තියෙන්නෙ."

~ සුවඳ තො‌ටුපො‌ළ ~

නව මුද්‍රණයකට සූදානම් වෙමින් • • • 🥰
03/09/2026

නව මුද්‍රණයකට සූදානම් වෙමින් • • • 🥰

Address

Colombo

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Ganga Niroshinie Suduwelikanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ganga Niroshinie Suduwelikanda:

Shortcuts

Share