සර්වජන බලය - මාතලේ Sarvajana balaya - Matale

සර්වජන බලය - මාතලේ  Sarvajana balaya - Matale ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්

👍👍👍👍💪💪💪💪💪🌷🌷🌷
16/09/2023

👍👍👍👍💪💪💪💪💪🌷🌷🌷

   🎉️🎉️🎊️🎊️🎉️🎉️ඔබේ ජය අපේ පැතුම යි...✌✌🌷🌷🌷  , ආරම්භයේ සිට අවසන් 6 දක්වාම ඔබ රැගෙන යාමට ශක්තිය ලබාදීමට හැකිවීම මා ලද භාග්...
18/12/2021

🎉️🎉️🎊️🎊️🎉️🎉️
ඔබේ ජය අපේ පැතුම යි...✌✌🌷🌷🌷
, ආරම්භයේ සිට අවසන් 6 දක්වාම ඔබ රැගෙන යාමට ශක්තිය ලබාදීමට හැකිවීම මා ලද භාග්‍යයක් ලෙස සලකමි.🎉️🎉️🎊️🎊️
සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පැතුම් මල්ලී..... ජය වේවා ✌ ✌✌💪💪👍👍👍🌷🌷🌷🌷🌷 🌷🌷🌷🌷🌷🌷

13/12/2021

පිහිටක් වෙමු...👍👍👍

25/11/2021

කොවිඩ් - 19 රෝගී තත්ත්වයට හේතුවන නව කොරෝනා වෛරසය චීනය වූහාන් නගරයෙන් වාර්තා වීමත් සමග බෝවන රෝග පිළිබඳ නැවතත් ලොව පුරා කතිකාවතක් නිර්මාණය වුනා.

කොවිඩ් ආසාදන තත්ත්වයෙන් මියයන පුද්ගලයින් සහ එමගින් රෝගාතුර වන පුද්ගලයින් පිළිබඳ දෛනික දත්ත ගැන සියලු දෙනාම සාකච්ඡා වෙනවා. කොවිඩ්-19 කියන්නේ වෛරසයකින් ඇතිවන රෝගී තත්ත්වයක්. ඒ වගේම පහුගිය කාලය තුල දක්නට ලැබුණු SARS, ඉබෝලා, කුරුළු උණ වැනි රෝග තත්ත්ව පවා වයිරස වලින් ඇතිවන ඒවා. ලෝක ඉතිහාසයේ අවුරුදු සීයකට එපිට කාලයක් තුළ මහා ව්‍යසනයන් ඇති කළ ඇතැම් බැක්ටීරියාවන් අද බොහෝ දුරට පාලනය වී පවතින්නේ අපි හැමෝම හොඳින් අඳුනන ප්‍රතිජීවක ඖෂධ, එහෙම නැත්නම් ඇන්ටිබයොටික් නිසාවෙන්.

එහෙත් වර්තමානය වන විට මේ ඇතැම් බැක්ටීරියාවන් ඒවා පාලනය කිරිමට යොදා ගැනුන ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් ගොඩනඟා ගනිමින් පවතින බව පෙනී යනවා. මෙය අති භයංකර වසංගතයක පෙර නිමිත්තක් විය හැකි බව කියවෙනවා.

මේ උවදුරට පිළියම් සෙවීමට් නම් , මේ තරම් ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී (ඔරොත්තු දෙන ) රෝගකාරක අප අතරට එන්නට හේතුව කුමක් දැයි අප මුලින්ම සොයා බැලිය යුතු වනවා.

අපි භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධ හමුවේ රෝගකාරක විෂබීජ එක්වරම පරාජය භාර ගන්නේ නැහැ. ඔවුන් නැවත ප්‍රතිජීවක ඖෂධ සමඟ සටන් කරනවා කරනවා. ප්‍රතිජීවක මගින් අඩපණ කෙරෙන ජීව ක්‍රියාවලි සඳහා වෙනත් විකල්ප ක්‍රම භාවිතය, ප්‍රතිජීවක ඖෂධය හානි කිරීමට පෙර බිඳ හෙලීම, සෛල තුළට ඇතුළු වීමට නොහැකි පරිදි බාධක නිර්මාණය කිරීම, ප්‍රතිජීවක ඉලක්කය ලබාගත නොහැකි පරිදි එය වෙනස් කිරීම සහ හැකි ඉක්මනින් ආක්‍රමණික සෛලයෙන් පිටතට පොම්ප කිරීම රෝගකාරක ජීවීන් විසින් සුලබවම භාවිතා කරන සටන් උපක්‍රම වනවා. එවැනි හැකියාවන් ලබා ගැනීමෙන් පසු ඒවා ඉදිරි පරම්පරාවට උරුමකර දීමටත්, ජානමය ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමෙන් මේ භයානක හැකියාවන් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමටත් මෙම ක්ෂුද්‍ර ජීවීන් ට හැකියාව තිබෙනවා. කොයිතරම් කාර්යක්ෂම සහ අලුත් ප්‍රතිජීවක ඖෂධ සොයාගත්තත්, ඒවා වගකීමකින් යුතුව භාවිතා නොවන පරිසරයක දී ඉක්මනින්ම ඊට ඔරොත්තුදීමේ හැකියාව ලබාගන්නට රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන්ට හැකියාව ලැබෙනවා.

බොහෝවිට වෛරස ආසාදන නිසා ඇතිවන, සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්වයන්ට පවා "ඇන්ටිබයොටික් කරල්/ පෙති" සොයා යන සහ ඒවා අනවශ්‍ය පරිදි නිර්දේශ කරන සියලු දෙනා ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධීතාව සඳහා කෙලින්ම වග කිව යුතු වෙනවා. මීට අමතරව සත්ව පාලනයේ දී සතුන් ඇති කරන්නන් විසින් නිර්දේශිත මාත්‍රාවන් ඉක්මවමින් සහ හිතුමතයේ සිදුකරන ප්‍රතිජීවක ඖෂධ සතුන්ට ලබාදීම නිසා ද මෙම තත්වය තවත් තීව්‍ර වෙමින් තිබෙනවා.

ලෝකයම වසර දෙකකට ආසන්න කාලයක් අඩපණකල කොවිඩ්-19 වසංගත රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාර ලෙස භාවිතා කළහැකි ඖෂධ ගණනාවක් ගැන ලෝකය මේ වනවිට බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ඒ අතරින් සමහරක් දැනටම භාවිතයට අවශ්‍ය අනුමැතිය ලැබී තිබීම සහ ඉතා ඉහළ මටමකින් අසාධ්‍යවීම් සහ මරණ වළක්වන බව විද්‍යාත්මකව තහවුරු වී තිබීම සතුටුදායක තත්වයක්. අනාගතයේ අප විසින් භාවිතයට ගනු ලැබීමට ඉඩ ඇති එවැනි ඔසු මෙන්ම දැනට භාවිතයේ ඇති ප්‍රතිජීවක ඖෂධ සියල්ලේම ඉරණම රැඳී පවතින්නේ ඒවා කොතෙක් වගකීම් සහගතව භාවිතා වන්නේද යන්න මත බව ඔබට දැන් වැටහෙනවා ඇති.

වෛද්‍ය නිර්දේශයකින් පමණක්, අත්‍යාවශ්‍ය අවස්ථාවල ප්‍රතිජීවක ඔසු භාවිතය, නිර්දේශිත මාත්‍රාව නිවැරදිව සම්පූර්ණ කාලයම භාවිතා කිරීම, සතුන් සඳහා භාවිතයේ දී වගකීම් සහගත වීම, පරිසරයට එකතු නොවන පරිදි නිසි ආකාරයෙන් බැහැරකිරීම වැනි පියවර සැමවිටම අනුගමන කිරීම, තනි තනිවත් සමාජයක් ලෙසත් අපේ දැඩි අවධානයට යොමු විය යුතු වගකීමක් වෙනවා.

එසේ නොවුවහොත්, අප මේ දුටු වෛරස වසංගතයට වඩා ඉතා භයානක සහ මාරාන්තික බෝවන රෝග සහිත ලෝකයක් අපේ අනාගත පරපුරට උරුම වීමත්, ප්‍රතිරෝධී වූ විෂබීජ හමුවේ බෙල හීන වූ ප්‍රතිජීවක ඖෂධ සමඟ ඔවුන් අසරණ වීමත් වළක්වන්නට නොහැකිවනු ඇති බව අප යළිත් අවධාරණය කරනවා.

Address

Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when සර්වජන බලය - මාතලේ Sarvajana balaya - Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සර්වජන බලය - මාතලේ Sarvajana balaya - Matale:

Share