22/07/2024
❇️ චමිඳු කියන්නෙ එකපාරම උඩින් පාත්වුණ ක්‍රීඩකයෙක් නෙවෙයි. චමිඳු කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගත සැලසුම් වල සිටි ක්‍රීඩකයෙක්.
🔹2022 වසරේ පැවති 19 න් පහළ ලෝක කුසලානයේ දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස චමිඳු ක්‍රීඩා කළා.
🔹ඉන්පසුව SSC ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඔහු මැදපෙල පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරනවා.
🔹තවමත් 21 වන වියේ පසුවන චමිඳු මේ වන විට පළමුපෙල තරග 8 ක් , List A තරග 17 ක් හා T20 තරග 25 ක් ක්‍රීඩා කර තිබෙනවා.
🔹චමිඳුව මෙවර LPL තරගාවලිය තුලින් ප්‍රේක්ෂකයන්ට දැකගත හැකි වුණා.
ඒ වගේම ඔහු තරග රටා 2 ත් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෙකි.
🔹චමිඳු තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.
වමතින් පිත්ත හසුරවන දකුණතින් මදවේගපන්දුයවන ක්‍රීඩකයෙකි.
❇️ චමිඳු කියන්නේ තවමත් ඉගෙනගන්න වේගපන්දුයවන්නෙක්.
LPL තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු දින 100 ක් පමණ සිටියේ ඉන්දියාවේ චෙන්නායි වලය.
ඒ MRF Fast bowling academy එකේය.
එහිදී ඔහු සමඟ ශ්‍රී ලංකාවේ තවත් වේගපන්දුයවන්නෙක් සහභාගි වුණා.
ඒ එශාන් මාලිංගයි.
මේ නමත් මතක තියාගන්න.
ඉස්සරහට එයා ගැනත් කතා කරන්න තියෙනවා.
මේ camp එකේ දී මේ දෙදෙනාට ලොව සුපිරි වේගපන්දුයවන්නෙක් වන Glenn Mcgrath ගෙන් ද ගුරුහරුකම් ලබන්නට භාග්‍යය හිමි වුණා.
මේ camp එකේ දී රතු පන්දුවෙන් ටෙස්ට් තරග රටාවේදී වේගපන්දුයවන්නන් පන්දුයැවිය යුතු ආකාරය පිළිබඳව වැඩි වශයෙන් උගන්වා තිබෙනවා.
මේකත් චමිඳුට ලැබුණ හොඳ අවස්ථාවක්.
❇️ මේ වෙලාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට යම් බියක් තිබෙනවා. ඒ තමයි ඉන්දියානු තරගාවලියට චමිඳුව යොදාගෙන ඔහු අසාර්ථක වුණොත් ඔහුගෙ ක්‍රීඩා දිවිය විනාශ වෙයිද කියල සාධාරණ බයක් තියෙනවා........
❇️ මෙහෙමයි ‼️
අපිට තුන් ඉරියව් ක්‍රීඩකයො හරිම අඩුයි.
සමහර තුන් ඉරියව් ක්‍රීඩකයෝ කොයිතරම් අසාර්ථක වුණත් කණ්ඩායමේ ඉන්නේ ඒ අඩුව නිසයි.
සමහර තුන් ඉරියව් ක්‍රීඩකයෝ වයසින් වැඩි වුණත් , fitness ප්‍රශ්න තිබුණත් කණ්ඩායමේ ඉන්නෙත් ඒ අඩුව නිසාමයි.
ඒ නිසා අපිට options නැහැ.
Top order එකේ මුල් ස්ථානයන් 4 ට අපිට ඕනතරම් ක්‍රීඩකයෝ ඉන්නවා.
පැතුම් , කුසල්ලා දෙන්නයි , කමිඳු , අවිශ්ක , චන්දිමාල් , සදීර , ධනංජය , ශෙවෝන් , කෘස්පුල්ලෙ , නිශාන් , නුවනිඳු
මේ වගේ නම් ලැයිස්තුවක්ම තියෙනවා.
ඒත් අංක 6,7 ට ඉන්නේ නම් දෙක තුනයි.
❇️ 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සැලසුම් වල චමිඳු ඉන්නවනම් එයාව මේ අවුරුදු දෙක පුරාවටම ක්‍රීඩා කරවලා ජාත්‍යන්තර අත්දැකීම් ලබා දිය යුතුයි.
චමිඳු අනිවාරෙන්ම සාර්ථක වෙන්නට උපරිම උත්සාහය දරන්නට ඕනේ. ඒත් පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා පසුබෑමකට ලක්වුණත් ඔහුට අපි සැලකියයුතු අවස්ථාවන් ලබාදෙන්නට ඕනේමයි.
මොකද මැතිව්ස්ට තිසරට දසුන්ට ආදේශක අපිට තාම නෑ.
චමිඳුව එතන්ට හදන්න ඕනා.
තව උදාහරණයක් දෙන්නම් ,
ඉන්දියාවෙ කොච්චර වැඩ්ඩො හිටියත් Hardik Pandya ට ආදේශක නෑ.
ඒ වගේ තමා මේ වගේ all rounders ලා හරිම අඩුයි.
මේ type එකේ ක්‍රීඩකයෝ හරිම දුර්ලභයි.
ඒ නිසා මේ කොල්ලව පරිස්සමට බලාගෙන ඉස්සරහට අරගෙන යන්න ඕනා. ප්‍රමාණවත් පරිදි ජාත්‍යන්තර අත්දැකීම් ලබාදෙන්නට ඕනේ.
මේ වගේම තව එක්කෙනෙක් ඉන්නවා.
දිනුර කලුපහන
අපි එයා ගැනත් ඉස්සරහට කතා කරමු.
ඒ නමත් මතක තියන් ඉන්න.
- Prishon H Silva -
Photo Credit ; Papare Cricket / Getty Images