01/11/2025
අර්නස්ටෝ චේ ගුවේරාගේ පුත් කැමිලෝ ගුවේරා මාර්ච් ඊයේ (30) මියගොස් ඇති බව නිල වශයෙන්ම දැනුම් දී තිබෙනවා. කියුබානු කොමියුනිස්ට් පක්ෂ, මධ්‍යම කමිටුවේ නිල පුවත් ආයතනය වන 'Granma' ඒ බව පවසනවා. 1962 මයි 20 වෙනිදා උපන් කැමිලෝ ගුවේරා මාර්ච් මිය යන විට වයස අවුරුදු 60ක්. ඔහු මියයන තෙක්ම තම පියාගේ මතකය සුරැකීමට කැපවී, අධ්‍යයනයට හා ව්‍යාප්තියට කැප වූ අයෙක් බවයි සඳහන් වන්නේ. කැමිලෝ මියගොස් තිබෙන්නේ හදිසි හෘදයාබාධයකින් වන අතර ඒ වෙනිසියුලාවේ කැරකාස් හි සිටිය දී යි.
කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ ජනරජයේ සභාපති මිගෙල් ඩයස්-කැනෙල් බර්මියුඩෙස් මෙම සිදුවීම ගැන කළ සටහන කියුබන් මාධ්‍ය උපුටා දක්වා තිබුණා. “චේගේ පුත්‍රයා සහ ඔහුගේ ප්‍රවර්ධකයා වන කැමිලෝට අපි මහත් ශෝකයෙන් සමුදෙමු. චේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙස, ඔහුගේ පියාගේ අසාමාන්‍ය උරුමයෙන් කොටසක් ආරක්ෂා කළේ ඔහුයි. ඔහුගේ මව, ඇලෙයිඩා, ඔහුගේ බිරිඳ සහ දියණියන් සහ මුළු ගුවේරා මාර්ච් පවුලම මේ ශෝකී අවස්ථාවේ අපි වැළඳ ගනිමු” යි ඔහු පවසනවා.
කම්කරු නීතිය පිළිබඳ උපාධියක් හිමි කැමිලෝ තම පියා චේ බොලිවියාවේදී ඝාතනය කරන විට සිව් හැවිරිදි වියේ පසුවූවෙක්.
කියුබානු විප්ලවවාදී Camilo Cienfuegos නමින් නම් කරන ලද කියුබානු විප්ලවයේ සහ ලෝකය පුරා තවමත් පුරාවෘතයක් සේ සලකන තම පියාගේ චින්තනය, ජීවිතය සහ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කළ හවානා හි චේගුවේරා අධ්‍යයන මධ්‍යස්ථානය අධ්‍යක්ෂක ලෙස ඔහු කටයුතු කළා.
https://www.a5news.lk/archives/16044