20/10/2025
දඹුල්ලෙ අවුරුදු ගානක ප්‍රශ්නයක් පිළිවෙලට විසඳන්න ජාතික ජන බලවේගය ප්රමුඛ නියෝජ්‍යය අමාත්‍යය ගමගෙදර දිසානායක මැතිතුමා, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මැතිතුමා ඒ වගේම මේ ප්‍රශ්නෙ ගැන දිග පළල ගැඹුර හරියටම දන්න නගරාධිපති වසන්ත රාජමන්ත්රී සහෝදරයා සහ සියලු වගකියන රාජ්‍යය ආයතන ප්‍රධානීන් එකතුවෙලා අදාල ප්රශ්නයේ වින්දිතයන් එක්ක සාකච්ඡාවක් තිබ්බා විතරයි ඉඳුල් කන බැ ලයො ටික ආයෙත් එලි බැහැලා.
උඩවැව, පෙරහැර මාවත, පාදෙනිය, කණ්ඩලම හන්දියේ හිටපු මිනිස්සුන්ගෙ ජීවිත අවුරුදු ගානක් නන්නත්තාර කරලා දේශපාලන බල තණ්හාවට වවාගෙන කාපු ප්‍රශ්නෙ හෝද හෝද මඩේ දාලා විසඳගන්න බැරි උනත් ඉඩම් තමන්ගෙ චක්ගෝලයන්ටයි හෙංචයියොන්ටයි විකුණලා චන්ද වලින් අන්ත පරාජ උන හිටපු ඉඩම් හා ඉඩම් සංවර්ධන පියාගෙ බැලයො. පුතා පැත්තවත් හැරිලා බැලුවෙ නෑ. මහ ලොකුවට ඇමති. අනිකා කෝටි ගානක ගෙවල් හදලා වන්දි අරන් ඉන්න එවුන්ව උඩ තියන් ඉන්න කොහෙවත් යන මාධ්‍යවේදියො ඔන්න ආයෙත් අර කලින් වගේම එනවා ටික ටික මේක ආයෙත් කචල් කරන්න. UDA එකට හොරු දාගෙන ප්‍රා.ලේ එකට් හොරු දාගෙන නගරසභාවත් හොරෙක් කරගෙන ආණ්ඩුත් හොරුන්ට දීලා තිබ්බ ඒ ගියපු අවුරුදු ගානක කාලෙ කරපු මගෝඩි නිසා තමා මේ ප්‍රශ්නෙ අලුත් වෙලා තියෙන්නෙ.
ප්‍රශ්නෙ අලුත් නෑ හැබැයි මේ යන ගේම් වලින් එකක් හොඳටම පැහැදිලි. මේ අප තයො මේ ප්‍රශ්නෙ විසඳන තැනක ඉඳලම නෑ. අන්න ඒ නිසා තමා මේ ප්‍රශ්නෙ විසඳෙනවාට බය. මොකද ප්‍රශ්නෙ විසඳලා ඉවර වෙද්දි නීති විරෝධීව හැදුනු වැඩුනු ලොකු ලොකු අතු වලටත් මුල් වලටත් ගස් වලට්ත් අනිවාර්යයෙන් තට්ටුවෙනවා.
එතකොට ඔය මාධ්යවේදීකම් ගැලවුනු කිසිම මාධ්යවේදීභාවයක් නැති මහින්දලා ලක්ශිතලා වගේ දේශපාලන හෙංචයියොන්ගෙ සල්ලි වලටයි අරක්කු වලටයි බංකොලොත් දේශපාලන ලොක්කොන්ටයි ඕන මේ වැඩේ අවුල් කරන්න. අර ග්‍රීන් බෙල්ට් කේස් එකක් ගැන කියවන්නෙත් එයාලගෙ නොහැකියාව. අනික ඒ කාලෙ හිටපු හොරුන්ට අහු උනානම් ඔය වැඩේ අර ගල්පාතලාගෙ පවුල ගොඩ ගියාවගේ තමා වෙන්නෙ. ඒ නිසා ප්‍රශ්නෙ තියන මිනිස්සුන්ට මේක මේ පාරවත් ඉවර කරලා මේ පූජා භූමි වැඩේ කරගෙන යන්න ඉඩදෙන්න. චන්දයක්වත් දුන්න මිනිස්සුනම් හෙව්වට කමක් නෑ ඒත් අර දංකුඩ කාගෙන හිටපු අය මේකට කුලප්පු නොවී හිටියනම් හරි. අපි මේක බලයට ගෙනාවෙ මිනිස්සුන්ට යහපතක් වෙන්න ලස්සන පිලිවෙල දඹුල්ලක්
හදන්න. මාධ්යයවේදී යැයි කියාගෙන රඟන අය ඒ මාධ්‍යය වේදීම නෙමේ උඩින් ඔපේ තියන් යටින් ගේම දෙන මිනිස්සු. ඔය පූජා භූමි වැඩේ ගියපු එක එක දේශපාලන කැම්පේන් කරපු අය. මිනිස්සුන්ට අසාධාරණ වෙද්දි නැට්ට අහවල් තැන ගහගෙන ගිහින් ඒ ගෙවල් වලින් ආතල් අරන් බත්කාලා ආපු උදවිය ඉන්නෙ. එහෙමයි බලය පාවිච්චි කරේ.
අවුරුදු සිය ගානක් ඉපැරැණි සංචාරක වටිනාකමක් තියෙන තැන මිනිස්සු අවුරුදු ගානක් මේස උඩ තියාගෙන අව්වෙ වැස්සෙ ඔතන මල් විකුණනවා එයාලගෙ ජීවනෝපාය කරගන්නවා. දහස් ගණන් මිනිස්සු එනවා යනවා. පූජා භූමි වැඩේට ඉඩම් පරිත්‍යාග කළා අදටත් ඒ හැමදේම එකම තැන හැබැයි සමහර ඉඩම් හොර ඔප්පු හදලා ඒ කාලෙම විකුණලා. ඉතින් මේවා අපෙ මිනිස්සු වෙනුවෙන් පිළිවෙලකට හානියක් නැතිව හැදෙන්න ඕනෙ නැද්ද? අර විහාර හන්දියෙ ඉස්සර තිබුණ කඩ, මලුව හැදෙන්න ඕන නැද්ද? නෑ හැමදේම වෙන්න ඕනෙ ලස්ස්නට පන්සල පූජා භූමිය හැදෙන්නත් ඕනෙ අවුරුදු ගාණක් දුක් විඳින මිනිස්සුන්ට සහනයක් වෙන්න ඕනෙ. එතකොටයි ජනාධිපති සහෝදර AKD ගේ ප්‍රතිපත්ති ප්රකාශනයෙ පොහොසත් රටකුත් ලස්සන ජීවිතේකුත් හැදෙන්නෙ. එදා මිනිස්සු ඉල්ලපු හෙ න තමා වාරික වශයෙන් ඔය ලොකු ලොකු අයටයි සම හරක් මාධ්‍යය වේදීන්ටයි ඇවිල්ලා තියෙන්නෙ.
හම්බකරන් කන්න අවුලක් නෑ හැබැයි මිනිස්සුන්ගෙන් ආතල් අරන් හම්බකරන් කන්න එපා ඔය බෝතල් වලටයි සල්ලි වලටයි. එහෙම කරලා කන්න දෙන්නත් එපා කාටවත්. දේශපාලකයොන්ගෙ මිරික මිරික හිටපු මාධ්‍යවේදියො අහිංසක මිනිස්සුන්ගෙ දුක දැක්කෙ නෑ . නිවුස් විකෘති කරලා ගැහුවෙ ඒ කාලෙ. ඇමතිලාගෙ ගෙදර ගිහින් අහලා තමා නිවුස් දැම්මෙ. අවුලන උන්ටත් ඇවි ලෙන දවස් අනිවාර්යයෙන් එනවාමයි ඒ නිසා මේ වැඩේ මේ ලස්ස්න වැඩපිළිවෙල යන්න දෙන්න මිනිස්සු හරි තැනක ඉන්නවා මේ වැඩේ කරනවම තමා ඒකට චන්දෙ දුන්න අයගෙ තියන උනන්දුවම මේක හොඳ තැනකට ගේනවා.