12/07/2026
ඇන තියල ඉදගන්න අයට හිනා උනාද ඔයත්? 🤣🤣 මේක බැලුවම ආයේ එහෙම කරන එකක් නැහැ.
ලංකාවේ ඉස්සර බොහෝ අය ඉදගන්නේ ඇන තියල. ඒ කියන්නේ යටි පතුල් පොලොවය සමාන්තරව තියල, දනහිස් දෙක නමල, තුනටිය නමල කළවා වලට බර දීල ඉදගන්න එක. ඒකට කියන ලස්සන වචනේ තියෙන්නේ භාවනා ක්‍රම වල. එනම් "උක්කුටිකයෙන්" හිඳ ගැනීම. එය එක්තරා ආකාරයටකට භාවනා ඉරියව්වක්. English වලින් "Squatting" කියල කියනව.
එතකොට මේ ඇන තියට ඉදගන්න එක ඇයි දැන් මිනිසුන්ගෙන් දකින්න නොලැබෙන්නෙ?
ඔයාලට මතකනම් ඉස්සර වැසිකිළි සඳහා කොමඩ් භාවිතය එන්න කලින් භාවිතා කළ වැසිකිළියෙ ඉදගන්නේ මේ ආකාරයට ඇන තියලයි. ඊටත් ඉස්සර අදී කාලයේ සිටම කැළයකට හෝ වදුලකට වැසිකිළි යන විට මෙම කමයට ඉදගැනීම පටන් අරන් තියෙන්නේ. ඉන්දියාවෙනම් තවමත් මෙම ක්‍රමය බහුලව භාවිතා වෙනව. හැබැයි අපේ රටෙත් නැතුවම නෙවෙයි. අප්‍රිකානු රටවලත් තරමක් දුරට මෙය භාවිතා වන බවට සාක්ෂි තියනව.
වැසිකිළි යාමට ඉදගන්න ඉරියව්වක් විදියට හිතුවත් ඉස්සර ගමේ ගොඩේ, කඩමණ්ඩි වල, බස් නැවතුම් වල එහෙම ඇන තියන් වාඩිවෙලා ඉන්නව. තාමත් පරණ ටෙලිනාට්‍ය වල මේවා දැක ගන්න පුළුවන්. මෙය නැති වෙලා යන්න මූලාරම්භය වෙන්න ඇත්තෙ කොමඩි ක්‍රමය භාවිතාවට ආවත් සමඟ මෙලෙස ඉදගන්න එක සමච්චලයට ලක් කිරීමේ ප්‍රථිපලයක් වෙන්න ඇති කියල හිතනව.
කොහොම උනත් අද වන විට දියුණු රට වල මෙම ක්‍රමය ගැන නැවත කතා කරන්න පටන් අරන් තියනව. ඒකට හේතුව මෙලෙස ඉද ගැනීම ශරීර සෞඛ්‍යයට බෙහෙවින් ඉවහල් වන ඉරියවුවක් හේතුවෙනි. ලෝකයේ ඇතැම් රටවල් කොමඩ් භාවිතයේදී මෙම ඉරියව්වට වාඩි ගැනීමට හැකි ක්‍රම පිළිබඳ අධ්‍යයනයක නිරත වෙමින් සිටි. එලෙස අධ්‍යනය කීරීමට ප්‍රධාන හේතුව මිනිසෙකුගේ නීරෝලී භාවයට මෙය ඉවහල් වීමයි.
මෙය ආසියාතික අයට සාමාන්‍ය දෙයක් වුවත් බොහෝ බටහිර රටවල අයට මෙලෙස ඉද ගැනීමට අපහසු බව සොයාගෙන ඇත. ආසියාතික රටවල අයට මෙය නිතැනින්ම හිමි වුවත් අනෙක් රටවල අයට මෙය ආගන්තුක දෙයක්. සාමාන්‍යයෙන් කුඩා දරුවෙකුට මෙලෙස පහසුවෙන් ඉඳගැනීමට හැකිවුවත් වැඩිහිටි අයට මෙලෙස වාඩිවීමට යම් වෙහෙසක් දැරීමට සිදුවේ. එයට හේතුව මාංශ පේෂි අධික ලෙස ඇදිමක් සම තෙරපුමක් මෙන්ම කළවා ප්‍රදේශයට දැනෙන බර දරා ගැනීමට අපහසු වීම වගේම තුනටිය ප්‍රදේශය අංශක 160 පමණ ප්‍රමාණයට නැමීමට සිදුවීම හේතු කොටගෙනය.
මිනිසෙකුගේ ශාරීරික නම්‍යශීලී භාවය ඉහළ යන අතර සමබරතාවය ගිලිහීමට නොදී රදවා පවත්වා ගැනීමටද මෙයින් ඉවහල් වේ. මෙම ඉරියව්ව මගින් කොන්ද වේදනාව අඩු කර ගැනීමට හැකි බව සොයාගෙන ඇති අතර උකුල සහ පාදවල ශක්තිය වර්ධනයට ඉවහල් ෙව්.
පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙලෙස ඇන තබා ඉදගැනීම හිතකර වුවත් දණහිස් උකුළ හෝ කොන්දේ වේදනාව හෝ ආබාධ ඇති පුද්ගලයින් මෙසෙල ඉදගැනීමට නොකළ යුතු බවයි.