
13/07/2025
අතුපතර විහිදීගිය රූස්ස ගස් ගොන්නක හෙවනට තුරුළු උනු, හුණු පිරියම් කළ උළු සෙවිල්ලූ තේජාන්විත විසල් නිවසක් මාදුරුඹයෙහි වෙයි. නිවස අද්දර වෙල් යායයි. වෙල් යාය අවසන් වන්නේ අලි ගහණ වනරොදකින්. මේ වනයේ සුවද රැගෙන වෙලට උඩින් ඇදෙන සුළං රැලි සෑම හවස්වරුවකම පාහේ මේ නිවස පුරවාලයි. එහි සිසිලස තීරණය කරන්නේ වැස්සයි. මේ කවුෂි අක්කගේ සුන්දර නිවහන. කවුෂි අක්කගේ තාත්තා වනජීවී නිලධාරි මහත්තයෙක්. නමුත් නිවසේ බිත්ති කියාපාන්නේ එතුමා දක්ෂ ඡායාරූපශිල්පියෙක් බවයි.
නානාප්‍රකාර සේයා රූ අතරේ එකක දාස්පෙතියා මල් පාටින් කිහිපදෙනෙක් කොහෙදෝ යනවා. ඒ අතරේ බන්දුල මාමා, කවුෂි අක්කගේ තාත්තාත්. "මාමලා කොහෙද මේ යන්නේ?" හිද සිටි අසුනින් නැගිටි ඔහු මා අසළට විත් මා නොදත් ඔහු දත් පාද යාත්‍රාව හරි අපූරුවට චිත්රනය කරන්නට විය. දින ගණන් වනගතව ගෙවූ සැටිත්, වන මෘගයන් මුලිච්චි වූ සැටිත්, ඔවුන් පන්නා දැමූ සැටිත් ඒ අතර හරි උජාරුවෙන් වදන් විය.
පාද යාත්‍රාව ප්‍රථමයෙන් මාගේ සවන් මුණගැසුනේ එදාය. ඒ 2017 වසර මැද්දෑවකය. පාද යාත්‍රාවක් සරල නැත. සිතේ ගතේ හයිය සේම දෙවියන් කෙරෙහි වන භක්තියත් ඕනෑමය. ඔකඳින් ඇරඹෙන මෙම පුණ්‍ය යාත්‍රාව කුමන වනෝද්‍යානය හරහා ගොස් කුඹුක්කන් ඔය කරණය කොට යාල කලාප අංක 02 පසු කර වරහනින් මැණික් ගඟෙන් එගොඩ වී යාල කලාප අංක 01 හරහා කටගමුව පිවිසුම තෙක් වනගතව ගොස් එතැන් පටන් තවත් සැතපුම් කිහිපයක් පා ගමනින්ම ගොස් කතරගම දොවොලින් නිමා කරයි.
වන සතුන් ගහන මේ වන ඉසව්වේ කිසිදු ආසානාසියක් නැතිව පා ගමනේ යෙදීම බැතිමතෙක් ලබන්නා වූ ආශිර්වාදයකි. මා ද ඉන් එක් බැතිමතෙකි. අරෝ හරා රාවේ රැව්පිලිරැව් මැදින් 2025 පාද යාත්‍රාව නිමා කල මගේ ගමනේ මා හට මුණගැසුණාවූ සොඳුරු සිදුවීම් පෙළක එකතුවක් මේ.
ඉතින් ආරාධනා කරනවා එන්න යන්න දෙවියන් දකින්න.
ුපතර විහිදීගිය රූස්ස ගස් ගොන්නක හෙවනට තුරුළු උනු, හුණු පිරියම් කළ උළු සෙවිල්ලූ තේජාන්විත විසල...