Top Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Top, Media/News Company, Dematagoda.

22/12/2023

🔴 යුක්තියේ මෙහෙයුම, අයුක්ති සහගතයි!

21/12/2023

🔴 VAT වැඩි කිරීම
හරිද, වැරදිද..?

13/12/2023

🟢 "අස්වැසුමද? ඇස්වැසුමද?"

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයක් වන ආර්ථිකය අතින් අවදානම් සහගත තත්වයක සිටින පුද්ගලයන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ දැල් සකස් කිරීමේ එක් පියවරක් වශයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ආරම්භ කරන ලද "අස්වැසුම" සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන මේ වන විට ගැටලුකාරී තත්වයන් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතී මේ ඒ වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සකසන වීඩියෝවකි...

#අස්වැසුම #මානවහිමිකම්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්!ආසියානු සංවර්ධන බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක සහනදායි ණය ...
09/12/2023

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්!

ආසියානු සංවර්ධන බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක සහනදායි ණය මුදලක් පිරිනැමීමට ඊයේ (8) අනුමැතිය දී තිබේ.

ආර්ථික ස්ථායීකරණ සහ මූල්‍ය හා බැංකු පද්ධතියේ ස්ථාවරත්වය ඇති කිරීමට රජය දැනට ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට සහාය වීම ලෙස මේ ණය පහසුකම දී ඇත.

ආසියානු සංවර්ධන බැංකුව විසින් මේ ණය පහසුකම කොටස් දෙකකින් මෙරටට ලබා දෙනු ඇත. එමෙන්ම වසර 2022 සිට විදේශීය ණය ආපසු ගෙවීම තාවකාලිකව නතර කොට සිටින ශ්‍රී ලංකාවට යළි ප්‍රබෝධයක් ඇති කර ගැනීමට මූල්‍ය හා බැංකු පද්ධතියේ ශක්තිමත් බව විශාල රුකුලක් වනු ඇත. ඒ නිසා මේ ණය පහසුකම සැලසීමට අනුමත කළ බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත.

මෙම ඩොලර් මිලියන 200ක මුදලේ කෙටි කාලීන වැඩසටහන 2023 වසර තුළ ක්‍රියාත්මක කෙරෙන අතර දිගු කාලීන වැඩසටහන 2024 වසරේ සිට ආරම්භ කෙරෙනු ඇත.
https://www.aithiya.lk/

#අයිතිය

සංක්‍රාන්තික යුක්තිය සඳහා ස්වාධීන කොමිසමක්.සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා  වූ වැදගත් පියවරක් ...
09/12/2023

සංක්‍රාන්තික යුක්තිය සඳහා ස්වාධීන කොමිසමක්.

සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා වූ වැදගත් පියවරක් ලෙස සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් මඟින් පිහිටුවනු ලබන අතර, ඊට අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින් ඒ පනත් කෙටුම්පත මේ වන විට සකස් කෙරෙමින් පවතී. මේ පනත් කෙටුම්පතට ඉදිරියේදී මහජනතාවගෙන්ද අදහස් ගැනීමට නියමිතය.

ගැටුම් සමයෙන් පසු ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් සත්‍යය තහවුරු කරගැනීමට හැකි වන සහ සංහිඳියාව, වන්දි ගෙවීම සහ තිරසර සාමය සඳහා අවශ්‍ය වන පහසුකම් සැලසීම යෝජිත ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණයි. ජනතාව අතීතයේ මුහුණ දුන් ගැටුම්කාරි තත්ත්වයන්ගෙන් මිදීමට අවැසි ප්‍රධාන අංගයක් වන සත්‍යය සොයාගැනීමට සෑම ශ්‍රී ලාංකිකයකුටම ඇති අනුල්ලංඝනීය අයිතිය, පිළිගනිමින් මෙම යෝජිත කොමිෂන් සභාව කටයුතු කරනු ඇත.

එසේම, ජාතික සමඟිය, සාමය, නීතියේ ආධිපත්‍යය, සහජීවනය, සමානාත්මතාව, ඉවසීම, විවිධත්වයට ගරු කිරීම සහ ශ්‍රී ලංකික ජනතාව අතර සංහිඳියාව තහවුරු කර, ශක්තිමත් කිරීමට මේ කොමිසම ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලංකාවේ බහු වාර්ගික සහ විවිධ ප්‍රජාවන් අතර ඇති නොගැළපීම් සහ අනාගතයේ නැවත ගැටුම් ඇති වීම වැළැක්වීම සඳහා දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කිරීමට යෝජිත කොමිෂන් සභාව මඟින් අපේක්ෂා කෙරේ.

වැඩි දුරටත් 👇
https://www.aithiya.lk/25382/independent-commission-for-transitional-justice/

08/12/2023

දික්කසාද නීතියේ අලුත්ම වෙනස!

24/11/2023

🔴 රාජපක්ෂලා මේ රට බංකලොත් කළා!
- නීතීඥ නාමල් රාජපක්ෂ

23/11/2023

🔴 රාජපක්ෂලා මේ රට බංකලොත් කළා!
- නීතීඥ නාමල් රාජපක්ෂ

ගහලා මරන උතුරේ ලයිසන් පාතාලේ...
22/11/2023

ගහලා මරන උතුරේ ලයිසන් පාතාලේ...

18/11/2023

තරුණ තරුණියන් පෙම් කරන්න කලින් මේ ගැනත් හිතන්නන...

18/11/2023

⁣ආදරය කරන්න කලින් මේ ටිකත් දැනගන්න..👇

17/11/2023

🔴 රම්සිගේ ඓතිහාසික නඩු තීන්දුව

🔴 තීන්දුවේ පිටපත් සෑම පොලිසියක් වෙතම
යැවීමටත් නියෝග කරලා...

#අයිතිය #රම්සි

Address

Dematagoda

Alerts

Be the first to know and let us send you an email when Top posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Top:

Share