NewsNow - සිංහල

NewsNow -  සිංහල අගයන් ගරු කරන, මධ්යස්ත, නීති ගරුක හා සමෘද්ධිමත් ශ්රී ලංකාවක් සදහා වන නිදහස් පුවත් වේදිකාව.

පුත්තලම දිස්ත්‍රික් සර්වාගමික කමිටුවේ සාමාජිකයින් newsnow කාර්යාලයට පැමිණි අවස්ථාව
25/08/2025

පුත්තලම දිස්ත්‍රික් සර්වාගමික කමිටුවේ සාමාජිකයින් newsnow කාර්යාලයට පැමිණි අවස්ථාව

 #යුක්රේන නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ සුබ පැතුම් සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව...
25/08/2025

#යුක්රේන නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ සුබ පැතුම් සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මහතා සිය කෘතඥතාව පළ කර තිබේ.

‘X’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මහතා පැවසුවේ අන්‍යෝන්‍ය ගෞරවය සහ සාමය සහ සමෘද්ධිය සඳහා වූ පොදු කැපවීම මත පදනම් වූ ශ්‍රී ලංකාව සමඟ ඇති මිත්‍ර සබඳතා සහ සහයෝගීතාවය යුක්රේනය අගය කරන බවයි.

👉 Join Our Whatsapp Channel
https://whatsapp.com/channel/0029VaREZssAojYmMUFKEB1E

👉Instagram ; https://www.instagram.com/newsnowsinhala_?igsh=MW9qeWV1aXBuYzVibg==

ශ්‍රී ලංකාවේ හිටපු නෝර්වීජියානු සාම නියෝජිත එරික් සොල්හයිම්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ...
25/08/2025

ශ්‍රී ලංකාවේ හිටපු නෝර්වීජියානු සාම නියෝජිත එරික් සොල්හයිම්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටියි.

බන්ධනාගාරය තුළ රඳවා තබා ගැනීමේදී ඔහුගේ සෞඛ්‍යය ගැන සොල්හයිම් දැඩි කනස්සල්ල පළ කර තිබේ.

👉 Join Our Whatsapp Channel
https://whatsapp.com/channel/0029VaREZssAojYmMUFKEB1E

👉Instagram ; https://www.instagram.com/newsnowsinhala_?igsh=MW9qeWV1aXBuYzVibg==

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇප මත නිදහස් කර තිබෙනවා.ඒ ඔහුව අද (22) ...
22/08/2025

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඔහුව අද (22) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

👉 Join Our Whatsapp Channel
https://whatsapp.com/channel/0029VaREZssAojYmMUFKEB1E

👉Instagram ; https://www.instagram.com/newsnowsinhala_?igsh=MW9qeWV1aXBuYzVibg==

2023 මැයි මාසයේදී හමුදා ස්ථානවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් නඩු ගණනාවකට සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට පාකිස...
22/08/2025

2023 මැයි මාසයේදී හමුදා ස්ථානවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් නඩු ගණනාවකට සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට පාකිස්තානයේ ඉහළම අධිකරණය ඊයේ (21) ඇප ලබා දුන් බව විදෙස් මාධ්‍ය පවසයි.

👉 Join Our Whatsapp Channel
https://whatsapp.com/channel/0029VaREZssAojYmMUFKEB1E

👉Instagram ; https://www.instagram.com/newsnowsinhala_?igsh=MW9qeWV1aXBuYzVibg==

ඉන්දියාව දේශීයව නිෂ්පාදනය කරන ලද අග්නි-5 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බැලීය.කිලෝමීටර 5,000 ක පරාසයක...
22/08/2025

ඉන්දියාව දේශීයව නිෂ්පාදනය කරන ලද අග්නි-5 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බැලීය.

කිලෝමීටර 5,000 ක පරාසයක් සහිත අග්නි - 5, එහි ඝන ඉන්ධන, අදියර තුනක සැලසුම, න්‍යෂ්ටික යුධ හිස් ධාරිතාව සහ උසස් මාර්ගෝපදේශ පද්ධති සමඟ කැපී පෙනේ.

👉 Join Our Whatsapp Channel
https://whatsapp.com/channel/0029VaREZssAojYmMUFKEB1E

👉Instagram ; https://www.instagram.com/newsnowsinhala_?igsh=MW9qeWV1aXBuYzVibg==

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන...
22/08/2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.

👉 Join Our Whatsapp Channel
https://whatsapp.com/channel/0029VaREZssAojYmMUFKEB1E

👉Instagram ; https://www.instagram.com/newsnowsinhala_?igsh=MW9qeWV1aXBuYzVibg==

නියමිත ක්‍රියාපටිපාටියට අනුව අවසර ලබා නොගෙන සේවයට වාර්තා නොකර තැපැල් සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට සිදු වන බව තැපැල...
22/08/2025

නියමිත ක්‍රියාපටිපාටියට අනුව අවසර ලබා නොගෙන සේවයට වාර්තා නොකර තැපැල් සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට සිදු වන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

එමෙන්ම සියලු තැපැල් සේවකයන්ට අද (22) දිනයේ සේවයට වාර්තා කරන ලෙස දැනුම්දී තිබෙන අතර සේවයට වාර්තා නොකරන සේවකයන්ට මේ මස වැටුප නොලැබීමේ හෝ ප්‍රමාදවීම සිදු විය හැකි බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තැපැල්පතිවරයා පැවසීය. වර්ජනයේ නිරත සේවකයන් සඳහා වැටුප් ගෙවීම වෙනුවෙන් මුදල් නිකුත් කළ නොහැකි බවට මහා භාණ්ඩාගාරය දැනුම්දී තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා ඊට අමතරව සේවයට වාර්තා කරන සේවකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ද දන්වා ඇතැයි පැවසුවේය.

🔗Tap the link in bio for more

1971 න් පසු පළමු වරට බංග්ලාදේශය පකිස්ථාන නිලධාරීන් සඳහා වීසා බලපත්‍ර අවශ්‍ය නොවන බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසය...
22/08/2025

1971 න් පසු පළමු වරට බංග්ලාදේශය පකිස්ථාන නිලධාරීන් සඳහා වීසා බලපත්‍ර අවශ්‍ය නොවන බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අනුව ඉදිරියට බංග්ලාදේශයේ සහ පකිස්ථානයේ රාජ්‍ය තාන්ත්‍රික සහ නිල ගමන් බලපත්‍ර හිමියන්ට දෙරට අතර සංචාරය කිරීමට තවදුරටත් වීසා අවශ්‍ය නොවන බව එරට නිලධාරීහු පැවසූහ.

👉 Join Our Whatsapp Channel
https://whatsapp.com/channel/0029VaREZssAojYmMUFKEB1E

👉Instagram ; https://www.instagram.com/newsnowsinhala_?igsh=MW9qeWV1aXBuYzVibg==

  තැපැල් සේවකයින් විසින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් විවිධ රටවලින් ලැබී ඇති ලිපි සහ පාර්සල් විශාල තොගයක් කටුනායක ගුවන්ත...
21/08/2025

තැපැල් සේවකයින් විසින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් විවිධ රටවලින් ලැබී ඇති ලිපි සහ පාර්සල් විශාල තොගයක් කටුනායක ගුවන්තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ගොඩගැසී ඇති බව වාර්තා වේ.

ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් ඔවුන් පසුගිය 17 වනදා පස්වරුවේ සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

👉 Join Our Whatsapp Channel
https://whatsapp.com/channel/0029VaREZssAojYmMUFKEB1E

👉Instagram ; https://www.instagram.com/newsnowsinhala_?igsh=MW9qeWV1aXBuYzVibg==

Address

Dematagoda

Alerts

Be the first to know and let us send you an email when NewsNow - සිංහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NewsNow - සිංහල:

Share