Sumathi Awards

Sumathi Awards Appreciating proficiency, aptitude, and dedication to art on the small screen! The title of award winner carries connotations of reputation and expertise.

SUMATHI AWARDS


THE AWARD

Receiving an award boosts a person’s work in their field be it Stage Play, Cinema or Television. Something that is priceless in any line of work. It also celebrates hard work in turn making peoples feel appreciated and well respected. By the mid 90’s many award ceremonies were held in Sri Lanka like Deepashika, Sarasavi Film Festival, OCIC and Presidential Awards. But t

here was a void for television awards. To fill these vacuum Mr Thilanga Sumathipala conceptualized “Sumathi Awards” in 1995 together with National Youth Council. Through this endeavour the “Sumathi Awards” seeks to raise the standards of entertainment in this country and applaud those who display passion and challenge the norm.

04/01/2026

මතක අවදි කරන්න! 1999 සුමති සම්මාන වේදිකාවෙන්... 📽️💃

විශාරද නන්දා මාලිනියන්ගේ හඬත්, එයටම බැඳුණු සොඳුරු නර්තනයත්... "යනවානම් අනේ මං අරන්" ගීතය වේදිකාවේ ජීවමාන වූ ඒ අසිරිමත් මොහොත! ✨

ගීතය සහ නර්තනය මුසු වූ මෙම අපූරු අතීතය යළි දකින්න...

සම්පූර්ණ වීඩියෝව අද සවස 6.30 ට සුමති සම්මාන Facebook සහ Instagram පිටු ඔස්සේ! 🔔

#මතකආවර්ජනා

"සතුට සෝකේ ජය පරාදේ අපටමයි මේ ලෝකයේ...එයට පිටුපා මෙලොව මිනිසා කිසි තැනකදී නෑ ගියේ.........." දශක හතක පමණ කාලයක් පුරා ශ්‍...
31/12/2025

"සතුට සෝකේ
ජය පරාදේ
අපටමයි මේ ලෝකයේ...
එයට පිටුපා මෙලොව මිනිසා
කිසි තැනකදී නෑ ගියේ.........."

දශක හතක පමණ කාලයක් පුරා ශ්‍රී ලාංකේය ගී කෙත සිය රිදී සීනු හඬින් නැළවූ...

ලතා වල්පොල,

මැතිනියනි...

යුගයක් නිර්මාණය කරමින්, යුග ගණනාවකට මතකය ඉතිරිකර තබා ඔබ අද අපගෙන් සමුගන්නීය...

⁣දෙදහසකටත් වඩා වැඩි ගීත ප්‍රමාණයක් ගායනා කරමින් හැමවිටම රසික හදවතේ ජීවත්වූ ඒ අමර හඬ ලතාවට මම මෙසේ ගෞරවයෙන් සමුදෙමි ...!

©️ ආචාර්ය තිලංග සුමතිපාල

31/12/2025

දිරිය දරුවන්ගේ අධ්‍යාපන සිහින සැබෑ කරනු පිණිස මිලිනා මාතා පදනම මගින් සංවිධානය කළ 9 වන ගුණානුස්මරණ "සිසු දිරිය" ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 🌸🎓 පසුගියදා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. ✨
මෙම අවස්ථාවට සහභාගී වූ ආදරණීය රංගන ශිල්පී සුරාජ් මාපා මහතා, මිලිනා මාතා පදනම විසින් වසර ගණනාවක් පුරා අඛණ්ඩව සිදු කරනු ලබන මෙම උදාර සමාජ සත්කාරයන් සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දක්වන දායකත්වය අගය කරමින් සිය ස්තූතිය පුද කර සිටියා. 🙌🎭
දරුවන්ගේ දෑස් පාදන්නටත්, සමාජයට වැඩදායී පරපුරක් බිහිකිරීමටත් මිලිනා මාතා පදනම ගන්නා මේ උත්සාහය සැබවින්ම ප්‍රශංසනීයයි. ❤️🌟

🇱🇰

30/12/2025
28/12/2025

සුමති සම්මාන: අසිරිමත් මතකයක ආවර්ජනය! ✨

1998 සුමති සම්මාන වේදිකාවේදී, ප්‍රවීණ ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනී මහත්මියගේ සුගීත ස්වරයෙන් හැඩවුණු "සඳ සාක්කි කියාපු දෙන්" ගීතයේ ඒ අපූර්ව ගායනය.

| නිර්මාණයේ විස්තර |

ගායනය: නිරෝෂා විරාජිනී

පද රචනය: කැලුම් ශ්‍රීමාල්

සංගීතය: ඇන්තනී සුරේන්ද්‍ර

මෙම සුමධුර මතකය රස විඳින්න, ඔබේ හදවතට සමීපතම නිරෝෂා විරාජිනීගේ ගීතය කුමක්දැයි අපට Comment කරන්න! 🎤

#මතකආවර්ජනා

28/12/2025

මතක අවදි කරන්න! 1998 සුමති සම්මාන වේදිකාවෙන්... 🎬

කැලුම් ශ්‍රීමාල්ගේ පද වැලකට, ඇන්තනී සුරේන්ද්‍රයන්ගේ සංගීතයෙන් හැඩවී, නිරෝෂා විරාජිනීගේ මනබඳින ස්වරයෙන් ගැයුණු ඒ අමරණීය පෙම් ගීතය!

මේ සුන්දර ගීතය කුමක්දැයි හඳුනාගෙන Comment කරන්න. 👇

සම්පූර්ණ වීඩියෝව අද සවස 6.30 ට සුමති සම්මාන Facebook සහ Instagram පිටු ඔස්සේ! 🔔

#මතකආවර්ජනා

• දිවි රඟමඩළින් බැස ගිය සතිස් සඳමා නිතර අවවාද, අනුශාසනා ලබාගත් ඒ නිහතමානී, අව්‍යාජ කලාකරුවා අප සියලු දෙනාගෙන්ම සමුගෙන අද...
25/12/2025

• දිවි රඟමඩළින් බැස ගිය සතිස් සඳ

මා නිතර අවවාද, අනුශාසනා ලබාගත් ඒ නිහතමානී, අව්‍යාජ කලාකරුවා අප සියලු දෙනාගෙන්ම සමුගෙන අද අවසන් ගමන් ගියේය.

මළහිරු බසිනා සැදෑ යාමයේ බොරැල්ල පොදු සුසාන භුමියේදී එතුමන්ගේ සිරුර චිතකයේ තබා ගිනිලද්දී, ඒ දෙස බලාසිටීමත් දැඩි වේදනාවට කාරණයක් වීය.

අපෙන් සමුගත් මේ නිහතමානී ජේෂ්ඨ කලාකරුවාගේ හිඩස කිසි ලෙසකින්වත් පිරවිය නොහැකි බලවත් අඩුවක් ලෙස මට දැනේ. මීට දශක තුනකට පමණ ඉහතදී "සුමති සම්මාන" පිළිබඳ සංකල්පය මාසිත තුළ දළු ලා වැඩෙද්දී එකී භාරදූර කාර්ය සාර්ථකවත්, නොකඩවාත් ඉදිරියට ගෙනයාම පිළිබඳව මා මුලින්ම උපදෙස් ගත්තේ එතුමාගෙන්ය. එදා එතුමන්ගේ උපදෙසින් මා තැනූ අත්තිවාරම අද මහා මන්දිරයක් වී ඇත්තම්, එම ගෞරවයෙන් විශාල කොටසක් එතුමන්ටද හිමිවිය යුතුමය.

සතිස්චන්ඳ්‍ර එදිරිසිංහ යනු කලා ක්ෂේත්‍රයේ දිගු පරාසයක් දිග්විජය කළ අති ප්‍රවීණ කලාකරුවෙකි. වේදිකාව, සිනමාව, පුංචි තිරය, ජයගත් ප්‍රශස්ත රූපණවේදියෙකු සේම වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, නිශ්පාදකවරයෙකු,තිර පිටපත් රචකයෙකු හා ග්‍රන්ථ කතුවරයෙකුද ලෙසද එතුමන්ගේ ප්‍රතිභාව මුළු මහත් ලාංකේය කලා ක්ෂේත්‍රය පුරාම විහිදී පැතුරිණි.ඒ සියල්ලද අභිබවමින් මිනිසත්කම පෙරටුකරගත් එතුමන්, සැබෑ මානව හිතවාදී මිනිසෙකු ලෙසද කාටත් ලෙංගතුව කටයුතු කළේය.

සුමති සම්මාන උළෙලේදී කලාකරුවෙකුට හෝ කලාකාරියකට ජීවිතේ එක්වරක් පිරිනමන 'සුමතිපාල අනුස්මරණ සම්මානයෙන්' 2003 වර්ෂයේදී එතුමන්ව ගෞරව, බහුමානයට ලක්කරන්න හැකිවීම පිළිබඳව සිතමින් අවසන් මොහොතේ යම්පමණකින් හෝ මම සැනසුම් සුසුම් හෙළුවෙමි.

අපහැරයන මොහොත දක්වාම සුමති සම්මාන උළෙලේ සාර්ථකත්වය වෙනුවෙන් වචනයෙන්ද, ක්‍රියාවෙන්ද අසීමිත ලෙස දායක වූ එතුමන්ට මෙවර පැවති සුමති සම්මාන උළෙල සජීවීව නරඹන්නට උත්සව ශාලාවට ඒමට නොහැකිවූයේ ඒ වන විටත් එතුමන් ගිලන්ව සිටි නිසාය. නමුත් ඒ මොහොතේද දුරකතනයෙන් අමතා එතුමන් ම⁣ට සුබ පැතූ අයුරු මට කිසිදා අමතක නොවේ.
එයින්ද නොනැවතුණු එතුමන් 30 වන සුමති සම්මාන උළෙලට සුබපතා මා වෙත ලිපියක්ද ලියා එවා තිබුණි. අපි එය සමරු කලාපයේද පළ කළෙමු.

එතුමන්ගේ නිහතමානී, මානව හිතවාදී ගුණය සිහිපත් කරමින් එතුමන්ට ගෞරවයක් ලෙස එම ලිපිය මෙසේ ගෙන හැර දක්වමි.

"මීට වසර තිහකට පමණ ඉහතදී තිලංග සුමතිපාල මහතා සමඟ එක්ව සුමති සම්මාන උළෙල ආරම්භ කරන්නට යෙදූ අත්තිවාරම අද අහස උසට නැඟි මහා මන්දිරයක් වී හමාරය. කයෙන් අද මා දුබලව, දුර්වලව සිටියත්, ජීවිතය දෙස ආපසු හැරී බලන විට ඒ අතීත මතකයන් මට කිසිදා අමතක නොවේ. එවිට මට හැඟෙන්නේ කයෙන් දුර්වල වූවත්, සිතින් මා තවමත් තරුණ බවය.

මේ ගෙවුණු කාලය යනු සුළුපටු කාලයක් නොවේ. තිලංග සුමතිපාල නම් නිර්මාණශීලී තරුණයාට පෙර මා හඳුනා ගන්නේ
යූ. ඩබ්ලිව් සුමතිපාල මහතාය. එතුමන් චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස කටයුතු කරන කාලයේ මමද චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කිරීම අපගේ මිත්‍ර සමාගමට මූලික පදනම සැපයීය. පසුව මිලිනා සුමතිපාල මැතිණිය ද චිත්‍රපට නිෂ්පාදිකාවක් වූ අතර, සුමතිපාල පවුලේ දරුවන්ද කලාකරුවන්ගේ ජීවන රටාව සහ ඔවුනගේ නිර්මාණයන්හි වටිනාකම මැනවින් තේරුම්ගත් දූ පුතුන් වූහ.

එදා යෞවනයකුව සිටි තිලංග සුමතිපාල මහතා සුමති සම්මාන උළෙල ආරම්භ කිරීමට පෙර මගෙන් ද දැනමුතුකම් ඉල්ලා සිටියේ මේ සියලු අවබෝධතා නිසා විය හැකිය. එදා ‘සුමති සම්මාන‘ නම් මහා මන්දිරයට මුල්ගල තබා ඒ මන්දිරය ජාතික වේදිකාවක් කරන්නට මංගල පිඬැලි කැපූ අයුරු මට අද ද මැවී පෙනේ. එතරම් නිරෝගී සුවයක් නැති වුවද ඒ මතකයන් මගේ ජීවිතයට යළි හුස්ම පිඹියි. අද වනවිට සුමති සම්මාන උළෙල දැයම එකළු කරන මහා මංගල්ලයක් වී හමාරය. තවත් ලෙසකින් කිවහොත් එය තරු එළියෙන් දිලිසෙන තට්ටු තිහක මහා මන්දිරයකි. මේ ජයග්‍රහණයේ පංගුකාරයකුවීම පිළිබඳව අද මට ඇත්තේ නිරහංකාර සතුටකි.
අපේ සංස්කෘතියේ මුල් ගලවන ‘කළගුණ සැලකීමේ ගුණය’ ඉතා මැනවින් තිලංග සුමතිපාල මහතාගෙනුත්, සුමති සම්මාන උළෙලනුත් මම අදටත් දකිමි. එදා සිට අද දක්වා සුමති සම්මානයෙන් පිදුම්ලද සියලුදෙනාටත්, තිස්වෙනි සුමති සම්මාන උළෙලේ ජයග්‍රාහී සියලුදෙනාටත් මම මගේ උණුසුම් සුබ පැතුම් මෙසේ ගෙන එමි.

- සතිස්චන්‍ද්‍ර එදිරිසිංහ

මේ සියලු මතකයන් එකින් එක සිහිවෙද්දී මහා වේදනාවක් හිතට දැනුනද, බොහෝ විට එතුමන්ම අපට සිහිපත් කළ "ලෝක ස්භාවය" තේරුම් ගනිමින් ඒ අසහාය කලාකරුවාට මම මෙසේ ආදරයෙන් සමුදෙමි...!

© තිලංග සුමතිපාල

13/12/2025

✨ සුමති සම්මාන: සිනමා උරුමයට උපහාරයක්! 🏆🇱🇰

1997 සුමති සම්මාන වේදිකාවේදී, දමයන්ති ජයසූරිය මහත්මිය 🎤 සහ ලක්ෂ්මන් විජේසේකර මහතා 🎶 විසින් 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයේ (1947) "සන්ධ්‍යාවේ ශ්‍රීය" ගීතය ගායනා කළ විශිෂ්ට අවස්ථාව. 🌟

| නිර්මාණයේ විස්තර |
මුල් ගායනය : රුක්මණී දේවි සහ ස්ටැන්ලි මල්ලවආරච්චි
පද රචනය : හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : නාරායන අයියර්

මෙම අලංකාර මතක ආවර්ජනය රස විඳින්න, සහ ඔබේ අදහස් Comment කරන්න! 👇💬

#මතකආවර්ජනා

20/09/2025

මිලියන ගණනක ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් සුමති සම්මාන උළෙල 🏆
31 වන සුමති සම්මාන උළෙල 2026 ජූලි 15 වනදා ✨

✨
20/09/2025

සුමති සම්මාන 2026 🏆 සුබ නැකත එළි දැක්වීමේ මාධ්‍ය හමුව ✨ 2025.09.17Youtube 👇
19/09/2025

සුමති සම්මාන 2026 🏆
සුබ නැකත එළි දැක්වීමේ මාධ්‍ය හමුව ✨
2025.09.17

Youtube 👇

සුමති සම්මාන 2026 🏆 | Sumathi Awards 2026 | Sri Lanka’s Premier TV Awards The Sumathi Awards (සුමති සම්මාන) is Sri Lanka’s most prestigious television awar...

2026 වර්ෂය වෙනුවෙන් සුමති සම්මාන උළෙල පවත්වන දිනය ප්‍රකාශයට පත්කෙරේ ✨ ……………………………………...................පුංචි තිරයේ අසිරි...
18/09/2025

2026 වර්ෂය වෙනුවෙන් සුමති සම්මාන උළෙල පවත්වන දිනය ප්‍රකාශයට පත්කෙරේ ✨
……………………………………...................

පුංචි තිරයේ අසිරිමත් කලා මංගල්ලය ලෙස තිස් වසරක් පුරා හෙළ කලා කෙත අස්වද්දන්නට පුරෝගාමීවූ සුමති සම්මාන උළෙලේ අභිමානවත් 31 වන දිග හැරුම 2026 වර්ෂයේ ජූලි 15 වැනිදා සිදුවන බව සුමති සම්මාන උළෙලේ සභාපති තිලංග සුමතිපාල මහතා පසුගියදා (17) නිල වශයෙන් මාධ්‍යට දැනුම් දුන්නේය.
ඒ, සුමති සම්මාන විනිසුරු මඩුල්ලේ සභාපති සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතාද සමගින් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

⁣සුමති සම්මාන උළෙලක් අවසන් වූ වහාම ඊළඟ සම්මාන උළෙල පවත්වන දිනය පිළිබඳව සියලුම කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ රූපවාහිනී නාලිකා විමසිලිමත් වන බවත්, ඒ පිළිබඳව නිතර විමසීම් කරන බවත් පැවසූ සුමතිපාල මහතා කියා සිටියේ, ඊළඟ වර්ෂයේ සුමති සම්මාන උළෙල සඳහා කල් ඇතුව සූදානම් වීමටත්, සම්මාන බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාට තමන්ගේ නිර්මාණ ජූරිය වෙත ලබා දීමටත් දැන් කාලය ඇති බවය.

1995 වර්ෂයේ සිට, වසර 30 ක් තිස්සේ නොකඩවා පවත්වාගෙන එන සුමති සම්මාන උළෙල 'ආසියාවේ ප්‍රථම ටෙලි නාට්‍ය සම්මාන උළෙල' ලෙස වාර්තාවක්ද පිහිටුවා ඇති බව සඳහන් කළ සභාපතිවරයා එහිදී, 2025 සුමති සම්මාන උළෙලේ නරඹුම්වාර පිළිබඳ වාර්තාවක්ද මාධ්‍ය වෙත ලබා දුන්නේය.

එහි සඳහන් ආකාරයට ජූනි 17 සිට සැප්තැම්බර් 01 දක්වා වූ කාලය තුළ පමණක් 159,438,602 පමණ වාර්තාගත පිරිසක් රූපවාහිනිය, සමාජ මාධ්‍ය, පුවත්පත් සහ වෙනත් මාධ්‍ය හරහා කුමන හෝ ක්‍රමයකට සුමති සම්මාන උළෙල දැක බලාගෙන තිබේ.

මෙම වාර්තා අනුවත්, සම්මාන උළෙලේ ඉතිහාසය අනුවත් වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය ඇති ස්වාධීන සම්මාන උළෙල ලෙස 'සුමති සම්මාන උළෙල' ඉතිහාසයට එක්වී අවසන් බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

සුමති සම්මාන ජූරි සභාපති සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා සුමති සම්මාන උළෙලේ ඇති විනිවිදභාවය සහ ස්වාධීනත්වය පිළිබඳ කරුණු පැහැදිලි අතර, සලකා බැලීම සඳහා ජූරිය වෙත නිර්මාණ හෝ වැඩසටහන් එවීමේදී ඇතැමුන් කරන වැරදි පෙන්වා දෙමින්, ඒවා නිවැරදි කරගත යුතු ආකාරයද පෙන්වා දුන්නේය.

ඒ අනුව 2026 ජූලි 15 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී සවස 5.00 සිට හෙළයේ දීප්තිමත් කලා කාරකාවන් පිපී දිදුලන චමත්කාරජනක සුයාමය ආරම්භ වනු ඇත.

Address

Dematagoda

Alerts

Be the first to know and let us send you an email when Sumathi Awards posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category