WoGo Forward from agriculture 🚜 🌾🌱

🤔මොකක්ද මේ ඊසාන දිග මෝසම කියලා කියන්නේ?☔🌧️☔🌧️☔🌧️☔🌧️☔🌧️⭕ඉතින් අපි කලින් කතා කරානේ ↗️නිරතදිග මෝසම ගැන,අද අපි බලමු ↙️ඊසාන ද...
09/06/2024

🤔මොකක්ද මේ ඊසාන දිග මෝසම කියලා කියන්නේ?
☔🌧️☔🌧️☔🌧️☔🌧️☔🌧️

⭕ඉතින් අපි කලින් කතා කරානේ ↗️නිරතදිග මෝසම ගැන,
අද අපි බලමු ↙️ඊසාන දිග මෝසම කියන්නේ මොකක්ද කියලා....

⭕ උතුරු ඉන්දීය ප්‍රදේශ හරහා හමා එන ජල වාෂ්ප සහිත සුළඟ, දිවයිනේ ↙️ඊසාන දිශාවෙන් දිවයිනට ඇතුළු වීමත් එක්ක 🌧️වර්ෂාව ඇතිවෙනවා.ඉතින් ඔන්න ඕකට අපි කියනවා ↙️ඊසාන දිග මෝසම සක්‍රීය වුණා කියලා...

⭕මේ සුළඟ වැඩි ප්‍රමාණයක්,ගොඩබිම හරහා තමයි හමා එන්නෙ,ඒ නිසා එතරම් ජලවාෂ්ප ප්‍රමාණයක් මේ සුළඟ තුළ අඩංගු වෙන්නේ නැහැ.
🍃ඒ වගේම තමයි මෙමගින් අපේ මුතු ඇටයට ලොකු බලපෑමක් සිද්ධ වෙන්නෙත් නැහැ.

⭕ඉතින් මේ ↙️ ඊසාන දිග මෝසම දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාල පරාසය තුල ක්‍රියාත්මක වෙනවා.
ඒ වගේම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමට සහ නැගෙනහිර වෙරළ බඩ ප්‍රදේශවලට මෙම හේතුවෙන් වැසි ඇති වෙනවා.

ඉතින් ඔන්න ඕකයි ඊසාන දිග මෝසමේ කතාව.....

ඉතින් මේක දකින ඔයාලටත් මේ ගැන අදහසක් තියෙනවා නම් comment කොරන් යන්ටකෝ......

ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න,අපේ Page එකට 👍 කරන්න...

___________________________________________________

🤔ඇයි? මේ අපේ මුතු ඇටේට  මෙච්චර වැස්ස..🌧️☔🌧️☔🌧️☔🌧️☔🌧️☔මුලින්ම බලමුකෝ වර්ෂාව🌧️ කියන්නේ මොකක්ද කියලා?⭕වායුගෝලය වෙත ඇදෙන ජලව...
07/06/2024

🤔ඇයි? මේ අපේ මුතු ඇටේට මෙච්චර වැස්ස..
🌧️☔🌧️☔🌧️☔🌧️☔🌧️☔

මුලින්ම බලමුකෝ වර්ෂාව🌧️ කියන්නේ මොකක්ද කියලා?

⭕වායුගෝලය වෙත ඇදෙන ජලවාශ්ප ඝනීභවනය වීමෙන් පසුව බර වැඩිවීම නිසා ගුරුත්වය ඔස්සේ බිඳිති🌧️ ලෙස ද්‍රව ජලය ඇද හැලීම වැස්සක් කියලා කියනවා.

⭕ඉතින් මේ අපේ මුතු ඇටේට වර්ෂාපතනය ලැබෙන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා,

01.මෝසම් වැසි මගින්
I. නිරතදිග මෝසම
II. ඊසාන දිග මෝසම
02.සංවහන ක්‍රියාවලිය මගින්
03.වාසුලි වැසි මගින්

⭕ඉතින් ශ්‍රී ලංකාවට මැයි සිට සැප්තැම්බර් දක්වා නිරතදිග මෝසම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.

නිරත දිග මෝසම කියලා කියන්නේ,දිවයිනට ↗️නිරතදිග දිසාවෙන් ඇතුළුවන සුළං දිවයින හරහා ඊසාන දෙසට↗️ හමායාම සිද්ධ වෙනවා,ඉතින් මේ රැගෙන එන සුළං සමග විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් ඇති නිසා අපි මේ මුතු ඇටේට නිරිත දිග මෝසම් වැසි ඇතිවෙනවා කියල කියනවා.

ඉතින් මෙයින් වැඩිපුර බලපෑමක් ඇතිවෙන්නේ දිවයිනේ නිරත දිග ප්‍රදේශයට සහ කඳුකරයේ බටහිර බෑවුම්වලටයි.

මේ පැමිණෙන සුළඟ නැගෙනහිර සහ උතුරු මැද ප්‍රදේශ හරහා වියළි උණුසුම් සුළං ලෙස හමා යනවා,ඒ සුළඟට අපි විශේෂ නමක් කියනවා,ඒ තමයි "කච්චාන සුළං" කියන්නේ....

ඉතින් ඔන්න ඔය දේ තමා මේ දවස්වල සිද්ධ වෙන්නේ....😊

ඉතින් මේවගේ දේවල් දිගටම දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න,
අපේ page එකටත් 👍 කරන..
ඒ වගේම ඔයාලට මේ ගැන තියන අදහස් comment කොරන් යන්න...

___________________________________________________

20/03/2024

හිතන්නට යමක්...
🌱🙂

19/03/2024

රබර් වගාව🌱 යනු සුදුසු දේශගුණයක් සහ පාංශු තත්ත්වයන් සහිත නිවර්තන කලාපවල රබර් ගස්, මූලික වශයෙන් Hevea brasiliensis විශේෂය සිටුවීමයි. මෙම ක්‍රියාවලියට සුදුසු රෝපණ ස්ථාන තෝරා ගැනීම, භූමිය සකස් කිරීම සහ ගස් සිටුවීම ඇතුළත් වේ. සිටුවීමෙන් පසු, ගස් කැපීමේ ක්‍රියාවලියකට භාජනය වන අතර එහිදී කිරි කැපීම් හරහා පොත්තෙන් රබර් කිරි ලබා ගනී. රබර් කිරි කෝප්පවල එකතු කර රබර් නිෂ්පාදනය සඳහා සකස් කරනු ලැබේ. අස්වැන්න නෙලීම යනු කාලගුණය සහ ගස් සෞඛ්‍යය වැනි සාධක මත පදනම්ව, සාමාන්‍යයෙන් සෑම දින 1-4 කට වරක් නියමිත කාල පරාසයන් තුළ ගස් වල කිරි කැපීමයි. මෙම ක්‍රියාවලිය ගසේ ඵලදායි ජීවිතය පුරාවටම නැවත නැවතත් සිදු වන අතර එය දශක කිහිපයක් පුරා පැවතිය හැක. මීට අමතරව, සාර්ථක රබර් වගාවක් සඳහා පොහොර යෙදීම, වල් මර්දනය සහ රෝග කළමනාකරණය වැනි අනෙකුත් නඩත්තු කටයුතු අත්‍යවශ්‍ය වේ. 🌿

හිමිකම මුල් හිමිකරුවන් සතුය....

18/03/2024

🌾මහන්සියක අවසන් ප්‍රතිඵලය ❤️
මේ සතුට විඳින්න ගොවියෙක් 🌿 වෙන්නම ඕන🌾


👉හිමිකම මුල් හිමිකරුවන් සතුයි...

27/02/2024

😯




👉Owned by the first owner

25/02/2024

Let's eat lettuce
එන්න....අපි,සලාද කමු 🤪




👉Owned by the first owner

🌿 If you protect your crops during the blooming season....🍁 "Summer"what? what why How?🌿 What is this summer?• The veil ...
25/02/2024

🌿 If you protect your crops during the blooming season....

🍁 "Summer"
what? what why How?

🌿 What is this summer?

• The veil that is applied to cover the surface of the soil...

🌿 What is used as mulch?

• Dry or fallen leaves
• Raw greens (such as Gliricidia)
• Tenth
• Straw
• Wood dust
• Coconut rice
• Polythene (for certain crops)
• Cover crop

🌿 What is a blanket used for?

🌼 The main objective is to control the quality of a crop or seed...

• To prevent water evaporation by conserving moisture in the soil...

• Therefore, the number of times and amount of water to be applied to a crop is reduced...

• Also controlling the temperature change around the base board...

• Successful pollination of certain crops and increased yields due to conservation of moisture...

• Minimize or control w**d growth...

• Control of soil borne diseases, infestations...

• Prevent soil leaching...

• Therefore, I save nutrients in the soil and prevent deficiencies...

• By mulching after application of fertilizer, the fertilizer is preserved till it is absorbed by the crop without damage...

• Protecting from damage to the root board by preventing the soil from being washed away.

• Control of pests due to sunlight reflecting ability of certain mulches...

• In order to complete the life cycle of certain pests, certain stages must be spent in the soil and mulch prevents that opportunity and controls the pests...

• Better protection of soil quality (soil structure)...

• Prevent compaction of soil surface...

• Allowing beneficial soil organisms to grow….

🌿 How to apply a cover?

• Application should not be done near the trunk of a crop or piled up on the trunk at all and depending on the crop, the mulch should be applied by leaving a space near the trunk...

• It is more effective to decide the thickness of the mulch according to the crop.

• The application of mulch should be approximately the width of the canopy or half of it depending on the type of crop...

• When applying the coating, it should be applied thickly so as to cover ...

Coped
Sri Lanka Exports Agriculture Department

🌿 පායන කාලයේ ඔබේ බෝග වගාවන් රැකගන්න නම් ....

🍁 "වසුන"
මොකක්ද? මොනවද? මොකටද? කොහොමද?

🌿 මොකක්ද මේ වසුනක් කියන්නේ?

• පස මතුපිට ආවරණය වන පරිදි යොදනු ලබන වැස්මයි ...

🌿 වසුන් ලෙස භාවිතා කරන්නේ මොනවද?

• වියළි හෝ වැටණු කොළ වර්ග
• අමු කොළ වර්ග ( ග්ලිරිසීඩියා වැනි )
• දහයියා
• පිදුරු
• ලී කුඩු
• කොහු බත්
• පොලිතීන් ( ඇතැම් බෝග සඳහා)
• ආවරණ බෝග (Cover crop - ඇතැම් බෝග වල පමණක් වසුනක් ලෙස වගා කරයි)

🌿 වසුනක් යොදන්නේ මොකටද?

🌼 බෝගයක හෝ බීජ වල ගුණාත්මක භාවය පාලනය කිරීම ප්‍රධානතම අරමුණයි ...

• පසේ තෙතමනය සුරකිමින් ජලය වාෂ්ප වීම වලකාලීමට ...

• එම නිසාවෙන් බෝගයකට ජලය යෙදිය යුතු වාර ගණන, ප්‍රමාණය අවම වීම ...

• තවද මූල මණ්ඩලය අවට උෂ්ණත්වය වෙනස්වීම පාලනය වීම ...

• තෙතමනය සුරැකීම නිසාවෙන් ඇතැම් බෝග වල පරාගනය සාර්ථක වී අස්වනු වැඩි වීම ...

• වල් පැළ ඇති වීම අවම වීම හෝ පාලනය වීම ...

• පස ඔස්සේ බෝවෙමින් යන රෝග, බෝවීම පාලනය වීම ...

• පස සේදීයාම වැලකීම ...

• එම නිසාවෙන් පසෙහි පෝෂක සුරැකෙමි ඌණතාවන් වැලකීම ...

• පොහොර යෙදූ පසු වසුන් යෙදීම මඟින්, හානි නොවී බෝගයට අවශෝෂණය වනතෙක් පොහොර සුරැකීම ...

• පස සේදීයාම වැලකෙන නිසාවෙන් මතු පිටට මූළ මණ්ඩලය නොපෑදෙමින්, මූළ මණ්ඩලයට සිදුවන හානි වලින් ආරක්ෂාවීම ...

• ඇතැම් වසුන් වල ඇති හිරු එළිය පරාවර්තිත හැකියාව නිසාවෙන් පළිබෝධකයින් පාලනය වීම ...

• ඇතැම් පළිබෝධකයින්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට, ඇතැම් අවධීන් පස තුල ගතකලයුතු අතර වසුන මඟින් එම අවස්ථාව වැලකී පළිබෝධකයින් පාලනය වීම ...

• පසේ ගුණාත්මක බව ( පසේ ව්‍යූහය) වඩාත් ආරක්ෂා වීම ...

• පස මතුපිට තද වීම වලකාලීම ...

• හිතකර පාංශු ජීවීන් වර්ධනයට ඉඩ සලසා දීම ....

🌿 වසුනක් යොදන්නේ කොහොමද ?

• බෝගයක කඳ අසලින්ම හෝ කඳේ ඉහලට ගොඩගසමින් හෝ යෙදීම කිසිසේත්ම නොකල යුතු අතර බෝගය අනුව කඳ අසල සිට ඉඩක් තබමින් වසුන යෙදිය යුතුය ...

• වසුනෙහි ඝනකමද බෝගය අනුව තීරණ කරමින් තරමක ඝනකමට යෙදීම වඩාත් ඵලදායීය ..

• වසුනෙහි වටප්‍රමාණය බොහෝ දුරට අතු වියනෙහි පළල හෝ එයින් අර්ධයක් වන ලෙස යෙදීමද බෝග වර්ගය අනුව තීරණය කල යුතුය ...

• වසුන යෙදීමේදී ලඟින් ඇසිරෙන සේ ඝනව යෙදිය යුතුය ...

Coped
ශ්‍රී ලංකා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව


😮Arabia without a watershed...වතුර බිදක් නොමැති අරාබිය....
24/02/2024

😮
Arabia without a watershed...
වතුර බිදක් නොමැති අරාබිය....


23/02/2024

😮
Diffuse irrigation system...
විසිරි ජල සම්පාදන ක්‍රමය..



👉Owned by the first owner

Address

Deraniyagala

Website

Alerts

Be the first to know and let us send you an email when WoGo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category