Bunny’s Clicks

Bunny’s Clicks Exploring the world, one click at a time 🌍📸
Welcome to Bunny’s Clicks — where every photo tells a story!

The true power is peace ❤️
11/02/2026

The true power is peace ❤️

GOod MoRning 🌞🌏⛰️
08/02/2026

GOod MoRning 🌞🌏⛰️

18/01/2026

"බැඳීමක් ගොඩනගාගන්න ඕන බැඳීමක වටිනාකම දන්න කෙනෙක් එක්ක විතරයි..." 🌻

ඇත්තටම ඇයි අපි එහෙම කියන්නේ? හමුවන හැම මනුස්සයාම අපේ ජීවිතේ නතර කරගන්න ගියොත් වෙන්නේ අන්තිමට අපිට අපිවත් අහිමි වෙන එක. 💔

සමහරුන්ට ආදරය කියන්නේ නිකම්ම නිකන් වචනයක් විතරයි, තවත් සමහරුන්ට ඒක තාවකාලික අවශ්‍යතාවයක් විතරයි.

හැබැයි බැඳීමක වටිනාකම දන්න කෙනෙක් කියන්නේ "අතහරින්න දහසක් හේතු තිබුණත්, අල්ලන් ඉන්න එකම එක හේතුවක් හොයන" කෙනෙක්ට. හිත රිදුණම සමාව දෙන, අමාරුම වෙලාවට අතින් අල්ලගන්න, අපේ නිහඬතාවය අස්සේ තියෙන වේදනාව අඳුරගන්න පුළුවන් කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගන්න එක මහා ලොකු සහනයක්.💫

නොගැලපෙන තැන්වල හිත නතර කරලා තුවාල වෙනවට වඩා, තනිවම ඉන්න එක සැපයි. ඒත් දවසක ඒ වටිනාකම දන්න කෙනෙක් මුණගැහුණොත්... අන්න එතනයි නියම ජීවිතේ පටන් ගන්නේ. ❤️✨

15/01/2026

ජීවිතේ කියන්නේ හැමතිස්සෙම දුවන්න ඕනේ ගමනක් නෙවෙයි. සමහර වෙලාවට මේ වගේ මීදුම පිරුණු නිම්නයක තනි වෙලා, හුස්මක් ගන්නත් ඉඩ තියෙන්න ඕනේ.☘️
අපේ ඇස් වලට හැමදේම පැහැදිලිව පේනවාට වඩා, මීදුම අතරින් නොපෙනී යන දේවල් ඇතුළේ පුදුම ලස්සනක් තියෙනවා💫. ලෝකය මොනතරම් වේගයෙන් ගියත්, කෑකෝ ගහන සිරිත් විරිත්, ප්‍රශ්න, කලබල අස්සේ අපි අපිටම මගඇරුණු තැන් ඕනෑතරම් තියෙනවා. ඉතින් මේ වගේ නිහඬ මොහොතක ඒ හැමදේම අමතක කරලා, සොබාදහමේ මේ සිසිලස විඳගන්න එක තරම් සැනසීමක් තවත් කොහෙන්ද? 🦌🌿🌫️✨

දවසක සෙවන දුන්නා කියලා අදටත් ඒ සෙවන බලාපොරොත්තු වෙන්න එපා. කාලයත් එක්ක හැමදේම දිරාපත් වෙනවා. ඉතුරු වෙන්නේ අපි අතීතයේ කරප...
14/01/2026

දවසක සෙවන දුන්නා කියලා අදටත් ඒ සෙවන බලාපොරොත්තු වෙන්න එපා. කාලයත් එක්ක හැමදේම දිරාපත් වෙනවා. ඉතුරු වෙන්නේ අපි අතීතයේ කරපු දේවල් වල නටබුන් විතරයි. ඒක තමයි ලෝක ස්වභාවය.⌛🍂✨

13/01/2026

මායාකාරී මහඑලිය තැන්නෙ සුන්දර අයිතිකාරයෝ 🦌☘️💫🌏

🍃හිත නිදහසේ හුස්ම ගන්න පුළුවන් අතීත රහස් ගොඩක් සැගවුනු ලස්සන තැනක් . මහඑලිය තැන්න🌏මහඑලිය තැන්න (Maha Eliya Thanna) කියන්...
13/01/2026

🍃හිත නිදහසේ හුස්ම ගන්න පුළුවන් අතීත රහස් ගොඩක් සැගවුනු ලස්සන තැනක් . මහඑලිය තැන්න🌏

මහඑලිය තැන්න (Maha Eliya Thanna) කියන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි උස්බිම් තැන්නක්. අද මෙය වැඩිපුරම හඳුන්වන්නේ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ලෙසයි.

මෙය සමුද්‍ර මට්ටමේ සිට මීටර් 2,000කට වඩා උසින් පිහිටි, සීතල කාලගුණය ඇති ප්‍රදේශයකි. විශාල තණකොළ බිම්, වලාකුළු වනාන්තර, සහ දුර්ලභ සත්ව හා ශාක ජාති මෙහි දක්නට ලැබේ. ලෝකයේ අවසානය (World’s End) සහ බේකර්ස් දිය ඇල්ල වැනි ප්‍රසිද්ධ ස්ථානද මෙහි ඇත.

මහඑලිය තැන්න පරිසර ආරක්ෂාවටත්, සංචාරක ආකර්ෂණයටත් ඉතා වැදගත් ස්ථානයක් වේ.

☀️මහඑලිය තැන්න හා රාවණ ඉතිහාසය ගැන ජනප්‍රවාදවල සඳහන් වන තොරතුරු අනුව

ජනකතා සහ පුරාණ කාව්‍ය අනුව, රාවණ රජුගේ රාජධානියට සම්බන්ධ ප්‍රධාන භූමි ප්‍රදේශයක් ලෙස මහඑලිය තැන්න සැලකෙන බව කියයි. මෙම ප්‍රදේශය උස්බිම්, මීදුමෙන් වැසුණු පරිසරය සහ රහස්මය ස්වභාවය නිසා රාවණ රජුගේ ආරක්ෂිත බලකොටුවක් හෝ ගුවන් ගමන් (දණ්ඩුමොණර) සඳහා භාවිත කළ ස්ථානයක් ලෙස ජනප්‍රවාදවල සඳහන් වේ.🌪️

තවත් ජනකතාවල අනුව, රාවණ රජුගේ ශාක වෛද්‍ය විද්‍යාව හා ගුප්ත ශාස්ත්‍ර මෙවැනි උස්බිම් ප්‍රදේශවල සංවර්ධනය වූ බවත්, මහඑලිය තැන්න ඒ සඳහා වැදගත් ස්ථානයක් වූ බවත් කියැවේ.

මෙම තොරතුරු ඉතිහාසීය සාක්ෂි වලට වඩා ජනප්‍රවාද හා කතාන්දර ලෙස සැලකෙන නමුත්, ශ්‍රී ලංකාවේ පුරාණ සංස්කෘතික උරුමය පිළිබඳ රසවත් අදහස් ලබාදෙනවා.⌛️

11/01/2026

ජීවිතේ ගෙවුන ලස්සනම හවස්වරැ. 🍃🌎🌬️❄️🌫️🩵

07/01/2026

The Sri Lankan sambar deer (Rusa unicolor unicolor) is the largest deer species found in Sri Lanka. It has a dark brown coat, long legs, and impressive antlers in males. These deer are commonly seen in places like Horton Plains National Park and Yala. They are mostly active at dawn and dusk, feeding on grasses, leaves, and fruits. Sambar deer are an important part of the ecosystem, serving as prey for predators like leopards. They are protected in Sri Lanka, but habitat loss and hunting remain threats to their population.

🌳🧙🏻‍♂️A doorway of mist, leading to places unseen. 🌿🍂🌎🌫️
23/11/2025

🌳🧙🏻‍♂️A doorway of mist, leading to places unseen. 🌿🍂🌎🌫️

20/11/2025

ASUPINI ELLA 🌊🍃

Address

Dolosbage

Website

Alerts

Be the first to know and let us send you an email when Bunny’s Clicks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share