Sathsara Wickramasinghe - Gaiya

Sathsara Wickramasinghe -  Gaiya 𝔽𝕠𝕣 𝔸𝕕𝕧𝕖𝕣𝕥𝕚𝕤𝕚𝕟𝕘
𝕞𝕤𝕘 𝕠𝕟𝕝𝕪

ශුභ ගමන් භාතිය 🤍🥹
15/07/2025

ශුභ ගමන් භාතිය 🤍🥹

ප්‍රශ්න 🥹
16/06/2025

ප්‍රශ්න 🥹

වයස අවුරුද 15 ක පමන වන මව් අලියෙකු සහා කුසතුල සිටි මාස 15කට වැඩි පැටවෙකු  අඹන්පොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිකවලයාය ප්...
27/05/2025

වයස අවුරුද 15 ක පමන වන මව් අලියෙකු සහා කුසතුල සිටි මාස 15කට වැඩි පැටවෙකු අඹන්පොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිකවලයාය ප්‍රදේශයෙ දි අනවසර විදුලිය වද්දවා ඝාතනය කොට ඇත . 🥺💔

පැටව් ලැබෙන්න ඉන්න අම්මෙකුට මෙවන් අපරාදයක් කරන්නට හැකිද? උඹලා සද්ධන්තයො උනාට කුහුඹුවකුට තරම්වත් නිදහසක් නැති එකම රට ලංකාව.

මේ රටේ පිනට පඩි අරන් ලොකු පුටු රත් කරන පාලකයන් කවදාවත් මේ අපරාද වලක්වන්න ක්‍රියාමාර්ගයක් මෙතෙක් අරගෙන නැති බව කණගාටුවෙන් උනත් කිව යුතුයි.

Photo credits - Rmj Bandara

24/05/2025

නිවන් සුව ලැබේවා නිලි රැජිනියනි. 🥺🤍

කොත්මලේ බස්රථ අනතුරේ නොදකින කතාව 😔 (ඇසින් දුටු සාක්ෂි)මේ දැන් ටිකකට කලින් ( 7 pm ) මම ගත්තු photo එකක් . අද කොත්මලේ බස් ...
12/05/2025

කොත්මලේ බස්රථ අනතුරේ
නොදකින කතාව 😔 (ඇසින් දුටු සාක්ෂි)

මේ දැන් ටිකකට කලින් ( 7 pm ) මම ගත්තු photo එකක් . අද කොත්මලේ බස් අනතුර සිදුවුන තැන.

පහන් පත්තු කරලා තිබුණ නිසා වාහනය නවත්තලා එතනට ගියා.
(තවත් අය කිහිප දෙනකු හිටියා. )

මේ කතාව කියන්නම ඕනේ දෙයක්.
හැබැයි තමන්ගේ දේශපාලන පක්ෂය පැත්තකින් තියලා බලන්න.

මම හැම ඉරිදා දිනකම උදේ 7.30 වෙන කොට බණ්ඩාරවෙල යනවා මේ පාරේ.( මගේ ටියුෂන් පන්ති වලට)

අදත් මේ හරියෙන් යනකොට උදේ 6 අාසන්න වෙලා තිබුණා.
එතකොට පාරේ සෑහෙන සනඟක් හා වාහන සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණා.

ඒ වෙලාවේ 1990 ගිලන් රථයකට රෝගියෙක් පටවලා අරන් යනවා.

මම slow කරලා බලනකොට ඇහුනා, හරි හරි අන්තිම එක්කෙනා තමයි ගෙනියන්නේ කියලා,පාරේ හිටපු අය හයියෙන් කාට හරි කියනවා.

මම හිතුවා ගොඩක් කලින් වෙච්ච අනතුරක් දැන් ඔක්කොම ඉවරයි කියලා.
මොකද මිනිස්සු ගොඩක් හිටියා ,වාහනත් ගොඩක් තිබුණා ,(ඒක බලන්න ආපු අය කියලා)

හැමෝම ප්‍රපාතය දිහා බලාගෙන ඉන්නවා.
7.30 පන්තියට යන්න ඕනේ නිසාත්, මට කරන්න තරම් දෙයක් නැ කියලා හිතලා මම එතනින් ආවා.
දවල් වෙන කොට තමයි තත්වය බරපතලයි කියලා නිවුස් වලින් දැක්කේ.

අද හවස ආපහු එන කොට මම එතන නතර කරන්න හිතාගෙන ආවේ.

එතකොට තමයි මේ පහන් ටික දැක්කේ.

එතනට ගිහින් මිනිත්තු15 විතර හිටියා කළුවර වෙලා තිබුනේ. තව පාරේ ගියපු ටික දෙනෙකුත් හිටියා.

ගමේ කොල්ලෝ කිහිප දෙනෙක් ටිකක් ආවේගයෙන් කතා කරනවා එතන.

මම ටිකකින් එයාලත් එක්ක හිතවත් වුණා.

මගෙන් ඇහුවා මහත්තයා කව්ද? පොලිසියේ ද? රජයේ නිලධාරියෙක් ද? කියලා.
මම හිනා වෙලා කිව්වා අපෝ නැහැ.
මම ටියුශන් ගුරුවරයෙක් කියලා.
ඊට පස්සේ තමයි කතාව කිවේ.....

සර් අපිට වඩා උගත්නේ අපි ඩිග්ග්‍රි ගහලා නැ.
මේ අයියා තමයි මළ මිනි 15 විතර තනියම අ
ඇද්දේ. කියලා කෙනෙක් පෙන්නුවා.

බස් එක වැටුන හරියට එහාපැත්තෙන් එයාගේ ගෙදරත් පෙන්නුවා, (නම සදහන් නොකරමි)
ඒ මනුස්සයා කියනවා සර් මෙතන අපේ කවුරුත් මැරිලා නැ.

ඒත් අපිට හිත හදා ගන්න අමාරුයි.
එකයි මේ පහන් ටික හරි පත්තුකරේ.

මම තමයි සර් උදේ පන්දර මේක දැක්කේ.ගමටම කෑගහලා මිනිස්සු ඇහැරවලා මෙතනට එක්කන් අවා.

මහත්තයා මට කියන්න119 ගැහුවාම පොලිසියෙන් එන්න කොච්චර වෙලා යනවද? කියලා.

මම කිව්වා ළගම පොලිසියට එන්න එච්චර වෙලාවක් යන්නැ කියලා.

ඒක තමයි සර් ඒ වුනාට මෙතන එහා පැත්තේ (කොත්මලේ ) පොලිසියෙන් ආවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා.

තව කිව්වා1990 ට කොල්ලො ටික කෝල් කරා ඒක ආවෙත් පැය ගානක් ගිහින් කියලා.

පව් ඒ මිනිස්සු. අපිට පුලුවන් දේ කරා.

හරියට මේ දේවල් කරානම් තව ජීවිත බේරා ගන්න තිබුණා ,

අනිත් එක සර් අපේ මෙහේ ඉස්පිරිතාලේ පැනඩෝල් පෙත්තක්වත් නැ .ඒකට ගියා කියන්නේ ඉවරයි.

මම කිව්වා ඒක ප්‍රදේශීය රෝහලක් නේ ගොඩක් පහසුකම් තියෙන්න විදියක් නැ කියලා.

ඒ මිනිස්සු හිතේ අමාරුවට තමයි ඒවා කියන්නේ.

මම කරට අතදාගෙන එ් අයියාට කිව්වා ඔයාලා ඉගෙන ගෙන තියන තරම හොදටම
ඇති.

ගොඩක් උගත් අයට නැති මනුස්සකම් ඔයාලට තියනවා කියලා.

මළමිනි ඇදපු විදිය, තුවලා උනු අය ගෙනාව විදිය කිව්වා මට පුදුමත් හිතුනා.

සමහරු කියනවා මහත්තයා අපි ළග පිළී ගඳයි ඔයාට දැනෙනවා ද?

තාම අද දවසට බත් ඇටයක් කෑවේ නැ.
බස් එකේ හිටපු හැම ළමයෙක්ම බේරා ගත්තා.

මැරැණු අයගේ කැලි අතින් එකතු කරා කියලා. ආය කවදාවත් මස් කන්නැ කිවිවා ,ඒවා දැකපු නිසා.

මට ඒ සෙට් එක මෙහෙම කිව්වා සර් පුලුවන්නම් විඩියෝ එකක් දාලා මේක කියන්න.

දැන් නිව්ස් වලට යන්නේ fb යන්නේ ඇත්තම කතාව නෙවෙයි.

ඒ වෙලේ කවුරුත් හිටියේ නැ , ඔක්කොම උනාට පස්සේ දැන් කට්ටිය ඇවිත් බොරුවට ලකුණු දාගන්නවා.

රජයේ ආයතන වල වගකීමක් නැ.
119 ගහලා වැඩක් නැ බොරුවක් ,
පොලිසිය වැඩක්ම නැ.
ඉස්පිරිතාලෙත් ඒවගේ තමයි.

හැබැයි හමුදාවේ කොල්ලෙක් බැස්සා පොර නම් සුපිරි වැඩ්ඩෙක් කියලා කිව්වා.

හෙට අපි මෙතන දන්සලක් දෙනවා පුලුවන් විදියට මැරැනු අයට පිං පිණිස කියලා ඒ කොල්ලො ටික කිව්වා.
මම ඒකට සල්ලි දෙන්න හදද්දි එයාලා කිව්වා එපා සර් සල්ලි එපා.

මේතන වුණ වැරැද්ද කියන්න.
මිනිස්සු මෙච්චර මරැනේ බේරාගන්න වගකීමක් ගත්තේ නැති නිසා කියලා.😥

මේ මිනිස්සු කියන කතාව 100% නැතත් හොයලා බලන්න වටින දේවල් තියනවා.

කාට උනත් මේ වගේ දුර පැත්තකදි අනතුරක් උනොත් මීට වඩා දෙයක් නැ තමයි.

අද සිදු වීමේ විශේෂ දේ තමයි,
මම දකින විදියට රොහල් ගත කිරිමෙන් පසු ටික වෙලාවක් තුළ මරණ සංඛයාව වැඩිවීම.

පේරාදෙණිය ,මහනුවර වැනි ප්‍රධාන රෝහලක් නම් තත්වය වෙනස් වීමට පුලුවන්.
පැය ගනන් ප්‍රමාද වී , අවශ්‍ය ප්‍රතිකාර නොමැති වූ විට වෙන කුමක් සිදුවේද?

රාජ්‍ය ආයතන වල වගකීම් පැහැර හැර ඇතිනම් ඒ ගැන පරීක්ෂණ සිදු කර ,
අනාගතයේ මෙවැනි අවාසනාවන්ත මරණ වලක්වා ගතයුතුය.

මධ්‍යම රාත්‍රිය(12.50 )පසු වුවද මෙය අපහසු වෙන් සටහන් කලේ ජීවිත බේරා ගැනීමට කටයුතු කර තරැණයිගේ ඉල්ලීම හා මා තුළ ඇති වු කම්පනය නිසාය.
රෝගීන්ට ඉක්මන් සුවය පතමි !🙏

උපුටා ගැනීමකි.

🙂🥺 පව් අහිංසක කොල්ලා
02/05/2025

🙂🥺 පව් අහිංසක කොල්ලා

10/04/2025

Orange cat 😁

තාත්තගේ දුකමාගෙ දරුවාගේ කැස්සයි උනයි නිසා උන තරමක් වැඩිඋන නිසා සින්හ රොහාලේ මාර්තු 17 වන දින සවස dr තිලිනි මුතුකුමාරන නැ...
08/04/2025

තාත්තගේ දුක
මාගෙ දරුවාගේ කැස්සයි උනයි නිසා උන තරමක් වැඩිඋන නිසා සින්හ රොහාලේ මාර්තු 17 වන දින සවස dr තිලිනි මුතුකුමාරන නැමති වෛද්‍ය් වරිය chanal කර පෙන්නු අතර ඇය පවසුයේ දරුවාගේ තත්වය අසාද්‍ය් බැවින් දැන්ම දරුවා රොහල් ගතකරන ලෙසයි.
ඉන්පසු මාහට පාමසියේන් බෙහෙතක්ද රැගෙන යාමට පැවසීය මම එබෙගෙතත් අරගෙන දාරුවා රත්නපුර මහ රොහලේ 26/A වාට්ටුවෙ රාත්‍රියෙම නැවැත්තුවා
දරුවා ඇඩ්මීට් කලපසු දරුවාට බෙහෙතක්ද විද ලේ දෙකකුයි අරගත්තා පස්සේ X ray එකකුත් ගත්තා ඊට පස්සෙ මම ලමයත් එක්ක එලිවෙනකම් ලග හිටියා.හොදටම අමරුයි කිඋව ලමයට දුන්නෙ පාමසියෙන් දුන්න පෙති බාගයයි පෙනඩෝල් බාගයයි විතරයි එලිවෙනකම් මම දුගේ ලගට වෙලාහිටියෙ බෙහෙත් දීලා පැය හයක් යනකොටආය උන අවා මම නර්ස් ට කිඋවහම ආය පෙනඩෝල් බාගයක් දුන්නා.දුව මට කිඋව මම පෙති බොන්නෙ නෑනෙ තාත්තේ කමක්නැ තාත්තෙ මම කට අරින්නම් උගුරටම පෙත්ත දාන්න කියල මට සෑහේන්න දුක හිතුනා එයා පෙත්ත බිවුවහම එයාට සනීපවෙයි කියල ඉක්මනට .
එදා උදේ දුවගෙ අම්මා ආවාලග නවතින්න එයත් හවස් වෙනකම් ඉදල පොඩ්දරුවට කිරිදෙන්න ඔනනිසා ගෙදර ගියා අම්මාව නවත්තලා.
17 වෙනිද ඉදලා බ්‍රහස්පතින්දා වෙනකම්ම මගෙ දුවට නවත්තපු වෙලාවෙ ඉදන් දුන්නෙ සෙලඉන් එකයි උන වැඩි වෙනකොට පෙනඩොල් බාගයයි විතරයි
හොදටම අමාරුයි කිව්ව ලමයා බලන්න තිලිනි මුතුකුමරන වෛද්‍ය වරිය ආවෙ බාදාදා හවස ඒත් ඇය ලමයගේ ලගට නෑවිත් දුර ඉදන් දැන් හොදයිද අසා ගොස් තිබුනා.
බ්‍රහස්පතින්දා හවස් වන තුරු උන ඇරෙන්න වෙන කිසිම රොගයක් නොතිබුන දරුවා එදින හවස වෙනකම්ම මම තුන් වේලටම මගෙ දුවට බත් අරගෙන ගිහින් කවල එයව හුරතල් කරලා අවෙ එදා හවසත් ලමයගෙ වෙනසක් තිබ්බෙ නෑ මම ලමයට බත් කවලා කාටුන් එකක් පෙන්නලා වඩාගෙන එලියෙ රවුමක් එක්කරගෙන ගිහින් ඉදලා අවේ 6.30ට විතර මම ඇවිත් රෑ එකපාරටම අම්මා කෝල්කලා ලමයට අමාරුයි කියල අපි එගමන්ම ලෑස්තිවෙලා ඉස්පිරිතාලෙට ගියා.යනකොට ලමයට හෑම තැනින්ම බටදාලා ලමයට ඊට පස්සෙ තිලිනි වෛද්‍ය වරිය අපට පැවසූයෙ ලමයට අමාරුයි ICU දාන්න වෙනව කියලා ඊට පස්සෙ ගිලන් රතයක් ගෙනත් පැය දෙකක් විතර ඉදල ලමයව රිච්වෙ එකට යැවුවා මමත් ඊටපස්සෙන්ම ගියා2.00 විතරවෙනකොට ගිහින් උදෙ 10.30 වෙනකම් ලමයව බෙරගන්න එ වෛද්‍ය වරූ උත්සහ කලා එත් මගේ රත්තරන් දොනි මගෙ සදහටම යන්න ගියා.එහෙ වෛද්‍ය වරු අපිට කිවුව දෙපැත්තටම හිත හදාගෙන ඉන්න කියල මම ICU එකෙ දුගේ ලගටම වෙලා හිටියෙ එයාට සිහියක් තිබ්බෙනෑ නහයෙන් කටින් ලෙආවා ගොඩාක්. රත්නපුරේදි වමනය ගිහින් ලේගලන්න ගත්තඑක ලමය නැතිවෙනකම් ගියා රිච්වේ එකෙදි ගලන ලේ අයින් කර කර හිටියෙ එයාට පස්සේ ලේත් දෙකක් දුන්නා ඒත්.....

රත්නපුරෙ තිලිනි මුතුකුමාරන වෛද්‍ය වරිය මගෙ දුට බෙහෙත් නොකල නිසා ඇයගෙ රොගීන් වෙනත් වෛද්‍ය වරුන් බලනවාට ඇයගේ අකමැත්ත නිසාත් අන්තිමට ඇය ආවෙත්නැ අනිත් අය නොබැලු නිසාත් මගෙ රත්‍තරන් දුව සදහටම මට අහිමි උනා

ඔයලගෙන් මම ඉල්ලන්නෙ ලමයිට අදරෙනම් තිලිනි මුතුකුමාරන වගේ මිනීමරු වෛද්‍ය වරියන්ගෙන් දරුවන් පරිස්සම් කරගන්නා ලෙසයි...
හිතක් පපුවක් නැති සල්ලි පස්සේම දුවන මිනිස්සු එයලා සල්ලි අරන් දොනිව මට නැතිකලා

අනෙ මගෙ පන මම ඔයා ගොඩාක් ආදරෙයි මගෙ සුදුමැනික. ඔයාගේ එ ආදරෙ එ හිනාව මම කොහෙන්ද හොයන්නේ රත්තරනේ.............????????????

උපුටා ගන්නා ලද්දකි .

"♦️♦️✍🏻 පිංතූරෙන් පණිවිඩයක්(වැඩපොලේදී ක්ෂණිකව සිදුවූ හදිසි මරණකරුවෙකුගේ සේයාවක් /54y)♦️සිගරට් ,බීඩි බොන්න එපා කියන්නෙ මෙ...
06/04/2025

"♦️♦️✍🏻 පිංතූරෙන් පණිවිඩයක්(වැඩපොලේදී ක්ෂණිකව සිදුවූ හදිසි මරණකරුවෙකුගේ සේයාවක් /54y)
♦️සිගරට් ,බීඩි බොන්න එපා කියන්නෙ මෙන්න මේකයි,
දුම්බීම එක්ක රුධිර නාල අභ්‍යයන්තරයට වෙන හානිය නිසා ක්ෂ්ණික හෘදයාබාධ හෝ අංශභාග තත්වය ඇතීවීමේ අවධානම හදුනාගන්න.
♦️බොන්න කියනව නෙවේ, ඇල්කොහොල්💀ව
ලට හැරෙන්නවත් බෑ "නිකොටින්"☠️☠️☠️එක්ක.
♦️මගේ ජීවිත අත්දැකීම නම් කිසිමදිනක අවු10 දී 5 වසර ශිෂ්‍යත්වය සමත් වී අධ්‍යාපනය සදහා නිවසෙන් ඈත් වී වෛද්‍යවරයකු වී අවු 27 දී නැවත නිවසට පැමිණීමෙන් පසුත් මේ දක්වාත් Smoke කිරීමට තබා ඒ අසලක සිටීමත් ඉතා අප්‍රසන්න දෙයක් වුනා.සිදුකරගන්නා පව් දෙකයි මොකද අනිත් අයත් හිතාමතා පීඩා සහ ලෙඩ කරනව.
♦️මේ මරණය ගේනකොට දහවල් 11.00 ඒ වනවිට බීඩි 20 මිටියෙන් 10 ඉවරයි(ඔහුගේ දීර්ඝ කාලීන සාමාන්‍ය දිනචරියාව බව පසුව පැමිණි බිරිදගෙන් දැනගත්තා)
♦️Post එක Share කරන්න වගේම,ඔයාගේ list එකේ Smoke කරන 🫏 යාලුවව mentioned කරන්න අමතක කරන්නත් එපා😬"

උපුටාගැනීමකි
Dr.Milinda Abeykoon🤔🤔

Address

Eheliyagoda

Telephone

+94701681356

Website

Alerts

Be the first to know and let us send you an email when Sathsara Wickramasinghe - Gaiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share