Rajina News

Rajina News Your News Source

14/05/2025
14/05/2025
14/05/2025
14/05/2025
14/05/2025
14/05/2025

⭕ හයේෂිකා ප්‍රනාන්දු අධිකරණයට භාරවෙයි

පොලිසියෙන් සැඟව පලා ගොස් සිටි ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ නමැත්තිය අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

විත්තිකාරිනිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා විසින් අධිකරණයට දැනුම්දී ඇත්තේ සිය සේවාදායිකාව අධිකරණයට භාර වූ බවය.

හයේෂිකා ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3ක් යෙදවූවද පොලිසියට ඇයව අධිකරණයට අද භාරවන තෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවිය

පොලීසිය කියා සිටියේ, අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී ඇය ඇගේ දියණිය ද සමග ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බවය.

වැඩිදුර විස්තර >>> https://www.dinamina.lk/2025/05/14/lawnorder/187675

14/05/2025

තවත් බසයක් ප්‍රපාතයකට පෙරළෙයි

වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් මහනුවර කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පහළින් වූ අතුරු මාර්ගයකට පතිත වීමෙන් එහි ගමන්ගත් 29 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

වැඩිදුර විස්තර >>> https://www.dinamina.lk/?p=187565

13/05/2025

⭕ ගැරඩිඇල්ල බස් අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ දේහයන් ඥාතීන්ට භාර දෙයි - එක් අයෙකු හඳුනා නැහැ

කොත්මලේ - ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදුවී ඇති දරුණු බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ දේහයන් ඊයේ (11) සවස් වරුවේ සිට ඔවුන්ගේ ඥාතීන්ට භාර දීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පොලිස් ප්‍රකාශකයෙකු විසින් තහවුරු කර ඇති පරිදි, අනතුරට ලක්වූ පුද්ගලයින් අතරින් හඳුනා නොගත් එක් මෘත දේහයක් තවමත් ගම්පොළ රෝහලේ රඳවා තබා ඇත. මෙම හඳුනා නොගත් පුද්ගලයා කවුරුන්ද යන්න දැනට තහවුරු කිරීමට නොහැකි වී ඇති අතර, ඥාතීන් විසින් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

නාවලපිටිය, පේරාදෙණිය, නුවරඑළිය සහ ගම්පොළ යන රෝහල්වල පැවති පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව බොහෝ මෘත දේහයන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට භාර දී ඇති අතර, අද දිනයේදීත් ඉතිරි මෘත දේහයන් ඥාතීන්ට භාර දීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයින් සඳහන් කරයි.

අනතුරේ බරපතල තත්ත්වය හේතුවෙන් තවමත් පුද්ගලයින් 46 දෙනෙකු විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි. මෙම රෝගීන්ගෙන් සමහරෙකුගේ තත්ත්වය තවමත් බරපතල අතර, වෛද්‍ය කාර්ය මණ්ඩල විසින් ඔවුන්ට අවශ්‍ය සියලුම ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව දැනගන්නට ලැබේ.

වැඩිදුර විස්තර >>> https://www.dinamina.lk/2025/05/12/breaking-news/187146

13/05/2025

⭕ සංචාරක ප්‍රවර්ධනයට රඹුක්කන ඩිපෝවට තට්ටු දෙකේ බස් රථයක්

රඹුක්කන සංවර්ධන කමිටුවේ යෝජනාවක් අනුව රඹුක්කන, පින්නවල ප්‍රදේශය ඇතුළු රඹුක්කන ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධනය සඳහා රත්මලාන ඩිපෝවෙන් රඹුක්කන ඩිපෝව වෙත ලබා දුන් තට්ටු දෙකේ බස් රථය හඳුන්වා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පින්නවල ප්‍රදේශයේ සිදු කෙරුණි. මෙම අවස්ථාවට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් පිරිසක් එක්ව සිටියහ.

වැඩිදුර විස්තර >>> https://www.dinamina.lk/2025/05/12/provincial-news/187092

13/05/2025

⭕ අද කොළඹ වෙසක් බලන්න එන අයට දැනුම්දීමක්

කොළඹ බෞද්ධාලෝක මාවත, කොළඹ ගංගාරාම, කොළඹ මහ නගර සභාව, බේබෲක් හි, ලේක්හවුස්, ජනාධිපති කාර්යාල අසල, අගමැති කාර්යාලය අසල වෙසක් කලාප රැසක් අද සිට ක්‍රියාත්මක වේ.

කොළඹ නගරයේ වෙසක් බැලීමට පැමිණීමේදී ගමන්මලු රැගෙන ඒමෙන් වළකින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම නළා නාද කිරීමෙන් සහ ඔලුබක්කන් නැටීමෙන් වළකින ලෙසත්, එවැනි විකාර ක්‍රියා සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට නියෝග කර ඇති බවත් ඒ මහතා කීය.

නගරය තුළ ඇතිවන මාර්ග තදබදය අවම කිරීමට රථවාහන විමර්ශන නිලධාරීන් සුදානමින් සිටින බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. මේ අතර, කොළඹ නගරයේ සහ ඒ ආසන්න නගරවල වෙසක් තොරණ 25ක් අද සිට පුරා සතියක් ප්‍රදර්ශනය කෙරේ.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කොස්ගස්හන්දිය,
ඔරුගොඩවත්ත,
තොටළඟ
දෙමටගොඩ
බොරැල්ල තොරණ
කැම්බල් පිටියේ ද
කැලණිය පොලිස් වසමේ කැලණි රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් තොරණ 3ක් ද
පිටකොටුව බෝධිය අසල තොරණක්
පෑලියගොඩ පොලිස් වසමේ නවලෝක තොරණ
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තොරණ
වැලිකඩ නගරයේ තොරණක්
මහරගම නගරයේ තොරණක්
කොට්ටාව නගරයේ තොරණක් ද
හෝමාගම නගරයේ තොරණක් ද
දෙහිවල වෛද්‍ය පාරේ තොරණක් ද
බෙල්ලන්විල විහාර මාවතේ තොරණක් ද
පිළියන්දල නගරයේ තොරණක් ද
කිරිබත්ගොඩ නගරයේ තොරණක් ද
මොරටුව නගරයේ තොරණ 3ක් ද
අතුරුගිරිය නගරයේ තොරණක් ද
මාලබේ නගරයේ තොරණක් ද මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරේ.

වැඩිදුර විස්තර >>> https://www.dinamina.lk/2025/05/12/local/187148/

13/05/2025

⭕ දැඩි ආරක්ෂාව මධ්‍යයේ දහස් ගණනක් බැතිමතුන් බුද්ධගයාවට

බුදුරජාණන් වහන්සේගේ 2569 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් අද(12) අලුයම සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකින් දහස් ගණනක් සැදැහැවතුන් බුද්ධගයාවට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානය ලෙස සැළකෙන බුද්ධගයාව වෙත මල් රැගෙන පැමිණෙන සැදැහැවතුන්ගේ දිගු පෝලිම් දක්නට ලැබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම වසරේ බුද්ධ ජයන්ති සැමරුම මැයි මස 11වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වේ.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම උත්සවය සාර්ථකව පැවැත්වීම සහ අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා, බුද්ධගයාව පුරා දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.

නගරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම නිරීක්ෂණය කිරීම සඳහා CCTV නිරීක්ෂණ සහ ශක්තිමත් පොලිස් ආරක්ෂාවක් ස්ථාපිත කර ඇත.

යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මහාබෝධි විහාරය වෙසක් උත්සවය වෙනුවෙන් විදුලි පහන් සහ මල්වලින් සරසා තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව තායිලන්තය, ජපානය, මියන්මාරය සහ භූතානය වැනි රටවල සැදැහැවතුන් සාම්ප්‍රදායික පූජාවන් සිදු කරමින් නිහඬව භාවනා කරන අයුරු ද දැකගත හැකි බව වාර්තා වේ.

වැඩිදුර විස්තර >>> https://www.dinamina.lk/2025/05/12/breaking-news/187151

Address

Ekala

Telephone

+94761020153

Website

Alerts

Be the first to know and let us send you an email when Rajina News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rajina News:

Share