Ayesh dissanayaka

Ayesh dissanayaka welcome �

අවුරැදු 5ම බනිනවා😃 happy 5th anniversary sudu nona 😘
27/05/2025

අවුරැදු 5ම බනිනවා😃 happy 5th anniversary sudu nona 😘

24/04/2025
හිත හදාගනිම්😄
06/01/2025

හිත හදාගනිම්😄

❤
11/11/2024

03/11/2024

05/04/2024

එක්තරා පුද්ගලයෙකු බූරු #වෙකු මිල දී ගෙන ඔහු බූරු #වා ගේ පස්චත්භාගයට රන් කාසි පුරවා ගෙන ගමේ පොළට ගෙන ගොස් පොළට එන අයට කියනවා ඌ වසුරු හෙලන සෑම අවස්ථාවකම උගේ පිටුපසින් රත්‍රන් එළියට එනවා කියල.

මේක දැකපු ගමේ අය බූ #රුවා මිලදී ගැනීමට පොරකනවා. පොළේ ප්‍රධාන වෙළෙන්දා ඔවුන්ට වඩා විශාල මුදලකට ඌ මිල දී ගෙන ගෙදර ගෙන යනවා.

නමුත් ගෙදර ගෙනිච්චාට පස්සෙ බූ #රුවා කෙඳිරිගානව විතරයි. කියපු විදිහට රත්තරං කිසිම දවසක උගේ පස්චත් භාගයෙන් ආවෙ නැහැ ...😌

මෙයින් කෝපයට පත් ප්‍රධානියා මිනිසුන් සමඟ බූරුවා විකිණූ වෙළෙන්දාගේ නිවස වැටලීමට යනවා. ඔවුන් එහි යනවිට ඉන්නේ වෙළෙන්දාගේ බිරිඳ පමණයි.

ඔහුගේ බිරිඳ ඔවුන්ට කියනවා.. ඔහු ගෙදර නැහැ නමුත් ඔහුව ගෙන්වා ගැනීමට ගෙදර සිටින බල්ලාව යවන්න පුලුවන් කියලයි. මේ කතාවට මිනිසුන් පුදුමයට පත් වෙනවා. වෙළෙන්දාගේ බිරිඳ කියූ අයුරින්ම මිනිසා ආපසු එනවා බල්ලත් එක්කම. 😌

නමුත් මිනිස්සු දන්නෙ නෑ වෙළෙන්දා එන්නේ ඒ බල්ලා වගේම වෙන බල්ලෙක් එක්ක කියලා. ඔවුන් ආපු කාරණයද අමතක කරලා බල්ලා මිලදී ගැනීමට ගනන් කතාකරනවා. 😅

කෙනෙක් එය මිල දී ගෙන ඔහුගේ බිරිඳට දීලා කියනවාමේ බල්ලා ගන්න, ඔබට මා අවශ්‍ය වෙලාවෙ මම මම ගෙදර හිටියේ නැත්නම් මාව එක්කන් යන්න බල්ලා එවන්න කියලා.

ඇය වරක් බල්ලා ඔහු සොයා ඒමට යැව්වද බල්ලා නැවත ගෙදර ආවෙ නැත.
ඌ ආයෙත් උගේ පුරුදු නිවස වෙලෙන්දාගේ නිවසට ගොස් ඇතිබව දැනගෙන ආයෙත් ගමේ අය එකතු වෙලා වංචනික වෙළෙන්දාගේ නිවසට යනවා.

නමුත් සුපුරුදු පරිදි වෙළෙන්දාගේ බිරිඳ කියනවා ඔහු ගෙදර නැහැ හොයාගෙන එක්කන් එන්න බල්ලාත් ගෙදර නැහැ කියලා. මේ කතාව අහපු මිනිස්සු ඔහු එනකම් බලා ඉන්නවා.

වෙළෙන්දා ගෙදර එනකොට දැනගන්නවා මිනිස්සු කෝපයෙන් කියලා. ඒ නිසා ඔහුගේ ඊළඟ උප්පරවැට්ටිය ක්‍රීයාත්මක කරනවා😪

ඔහු තම බිරිඳට කෑගැසනවා ඇයි ?ගෙදර ට මනුස්සයෙක් ආවම ආගන්තුක සත්කාර කියල දෙයක් දන්නෙ නැද්ද ඇයි මේ මිනිස්සුන්ට ඉදගන්නවත් නොදුන්නේ කියලා බොරු තරහක් මවාපාලා සාක්කුවෙන් පිහියක් එළියට ගෙන බිරිඳගේ පපුවෙන් තියනවා. පිහිය වටකර ලේ වැනි රතු පැහැති සායම් බෑගයක් බැඳ තිබූ අතර පි #හියේ තලය බිරිඳගේ පපුවට තබනවාත් සමඟ සායම් බෑගය බිඳී බිරිඳගේ පපුව පුරා රතු සායම් ගලායනවා.

ආව මිනිස්සු බයවෙලා කෑගහනවා. ඇයි ඔයා ඔයාගේ බිරිඳව මැ #රු #වෙ කියලා. ඔහු ඔවුන්ට කියනවා එය අතපසු වීමක් මම ඇයව මරන්න හිතුවෙ නෑ, බය වෙන්න එපා කියලා ඔහු සාක්කුවෙන් නළාවක් ගෙන නළාව වාදනය කරන්න පටන් ගන්නවා. එතකොට බොරුවට හිටපු බිරිඳට පණ එනවා. 😅

ඒක දැකපු මිනිස්සුන්ට ආයෙත් ආපූ කාරණාව අමතක වෙලා නලාව මිලදී ගන්න පොරකනවා. මේ නළාව ඔහුට ලොකු මුදලකට විකුණාගන්න පුළුවන් වෙනවා.

ඉතිං මේ මිළදී ගත්තැනැත්තා ගෙදර ඇවිත් බිරිඳ සමඟ ඇතිවූ ආරවුලකදී ඇයට පිහියෙන් අනිනවා. නැවත නලාව අතට ගෙන වාදනය කරනවා. නමුත් කොච්චර නළාව වාදනය කලත් ආපහු බිරිඳට පණ දෙන්න බැරිව යනවා. දැනගන්නවා ඔවුන් නැවතත් වංචාවකට අහු උනා කියල.

මේ තොරතුර රට පුරා පැතිර යනවා. ඊටපස්සේ හැමෝම එකතු වෙලා නිවස වටලලා ඔහු අල්ලගෙන ගෝනියක දාලා බැඳලා මුහුදට විසිකරන්න අරගෙන යනවා.

අතරමගදී නිදිමත නිසා ටිකක් විවේක ගන්නවා හැමෝම ඒ අතරතුර එඩේරෙක් එතනින් යනවා. බෑග් එකේ හිටිය වෙළෙන්දා ඔහුගෙන් ඉල්ලනවා බේරගන්න කියලා. ගෝනියට දාලා බඳින්න හේතුව ඇහුවම ඔහු කියනවා, මට පෙම්වතියක් සිටියදී මාව ධනවත් පවුලකට බලහත්කාරයෙන් විවාහ කරල දෙන්න යනවා මම ඒකට කැමතිනෑ, මාව පුලුවන්නම් බේරගන්න කියලා.

වෙළෙන්දාගෙ කතාවට රැවටුන එඩේරා තමන්ගේ බැටලුවො ටික මේ මිනිහට දීලා. විවාහයට කැමති වෙලා ගෝනිය ඇතුලට ඔහු රිංඟාගන්නවා. එඬේරාව බෑගය ට දාල බැඳලා ඔහු බැටළුවන් 300ක් රැගෙන ආපසු ගමට යනවා.

ගමේ මිනිස්සු බැඳපු බෑගය අරගෙන මුහුදට විසි කරලා ආපහු ගමට ඇවිත් බලනකොට වංචනික වෙළෙන්දා බැටළුවො 300ක් එක්කගමේ ඉන්නවා. මිනිස්සු ඔහු දැකලා පුදුමයට පත්වෙලා අහනවා කොහොමද එහෙම උනේ කියලා.

වෙලෙන්දා කියනවා මුහුදු සුරංගනාවිය ඔහුව බේරාගෙන බැටළුවන් සියල්ල ඔහුට දී ඔහුට දිලා කියුවා කියනවා "ඔවුන් ඔබව තවපාරක් මුහුදට විසි කලොත් ඔයා ඔයිට වඩා දෙගුනයක් පෝසත් වෙනවා කියලා.

ඇත්තටම ගමේ අය ඔහුව විස්වාසකරනවා. මොකද මුහුදට විසිකරපු ඔහු අත්තටම ඇවිත්, ඒකත් බැටලුවො 300ක් එක්ක.

මේක විස්වාස කරපු ඔවුන් එකිනෙකා රැස් කර මුහුදට ගිහින්. එකිනෙකා බැද මුහුදට විසි කරගන්නවා. අවසානයේ ඔවුන් සම්පූර්ණයෙන්ම මුහුදට විසි වී ගිහින් සියල්ලෝම මිය යනවා.

දැන් වංචනිකයාට ගම අයිතියි, මෝඩ මිනිස්සු ඔක්කොම මැ #රි #ලා. 😁

වරද “වංචාකාරයාගේ නොවේ” වරද ඇත්තේ තණ්හාව නිසාත්, මුදලට ඇති ආශාව නිසාත්, ආශාවෙන් පිරවිය නොහැකි ඇස නිසාත්, ආත්මාර්ථකාමී කම නිසාත් සෑම විටම රවට්ටන උන්වම විශ්වාස කරන "මෝඩයන්" ගේය.

Address

Galenbindunuwewa

Telephone

+94769315366

Website

Alerts

Be the first to know and let us send you an email when Ayesh dissanayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ayesh dissanayaka:

Share