Galle Times

Galle Times මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ සොයා ❤️
(2)

01/09/2026

කාලයක් තිස්සේ වැලි සහ රොන්මඩ හිරවෙලා වැහිලා තිබ්බ ඓතිහාසික ගාලු කොටුවේ අපජලය බැසයන පල්දෝරු පද්ධතිය ආයෙත් යථා තත්ත්වයට ගන්න ගාල්ල මහ නගර සභාවේ සේවක මහත්තුරු දැන් අතිවිශාල කැපවීමකින් වැඩ කටයුතු කරගෙන යනවා. දැඩි වෙහෙසක් දරමින් ඒ සේවකයන් කරන මේ අප්‍රතිහ කැපවීම නිසා, ගල් වැලි තලාවට යටවෙලා තිබ්බ පල්දොරු යලි පද්ධතිය පණ ලබමින් තියෙනවා!

කෙසේ වෙතත්, සමහර පිරිස් විසින් මෙම ඓතිහාසික පල්දෝරු පද්ධතියට නීති විරෝධී ලෙස වැසිකිළි බට යොමුකර ඇති බවට වාර්තා වී ඇති අතර, මේ හේතුවෙන් එම අගනා ඉංජිනේරු නිර්මාණයට හානි සිදුවීමේ දැඩි අවදානමක් මතුව තිබේ. මේ පිළිබඳව ඉදිරියේදී විශේෂ පරීක්ෂණයක් පවත්වා, පල්දෝරු පද්ධතියට හානි වන ලෙස වැසිකිළි බට යොමුකර ඇති සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව බලධාරීන් පැවසීය

30/08/2026

මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ

🔴 ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 15කින් පහළට නව මිල රුපියල් 399කි...

🔴 ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 20කින් පහළට නව මිල රුපියල් 475කි..

🔴 සුදු ඩීසල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්හි කිසිදු වෙනසක් සිදුව නොමැත.

ලෝක උරුම සංචාරක කලාපයක් වන ගාලු කොටුවේ පල්ලිය වීදිය මාර්ගයේ පිහිටි පල්දෝරු පද්ධතියක් ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් එම මාර්...
30/08/2026

ලෝක උරුම සංචාරක කලාපයක් වන ගාලු කොටුවේ පල්ලිය වීදිය මාර්ගයේ පිහිටි පල්දෝරු පද්ධතියක් ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබේ.

සති කිහිපයකට පෙර සිදු වූ මෙම ගිලා බැසීම නිසා තමන් දුෂ්කරතාවයට පත්ව සිටින බව ප්‍රදේශවාසීහු සහ ව්‍යාපාරිකයෝ පවසති.

ඉදිරියේදී ඉදිරි සංචාරක සමය ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමක, මෙම මාර්ගය වසා තැබීම හේතුවෙන් ගාලු කොටුව නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන් ද ගැටලු රැසකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

තවද, මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ගිලා බැසීමට ලක්වූ ස්ථානය අසලින් ගමන් කිරීම පවා අවදානම් සහගත බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති...

මේ පිළිබඳව වගකිවයුතු සියලුම රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, දැනට ගාල්ල මහ නගර සභාව පමණක් ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ අපවහන පද්ධතියට සම්බන්ධ භූගත කානුව පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටින බව ඔවුහු පවසති.

කෙසේ වෙතත්, උදාවීමට නියමිත සංචාරක සමයට පෙර මෙම අනතුරුදායක ස්ථානය ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර මාර්ගය යථා තත්ත්වයට පත්කර දෙන ලෙස ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Galle Times
2026/08/30

ගාල්ල ජාතික රෝහලට ඉන්දියානු ජනතාවගෙන් පරිත්‍යාගයක්...ගාල්ල ජාතික රෝහල වෙත පැමිණෙන රෝගීන් සහ මහජනතාවගේ පානීය ජල අවශ්‍යතාව...
29/08/2026

ගාල්ල ජාතික රෝහලට ඉන්දියානු ජනතාවගෙන් පරිත්‍යාගයක්...

ගාල්ල ජාතික රෝහල වෙත පැමිණෙන රෝගීන් සහ මහජනතාවගේ පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියානු ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස ජල පිරිපහදු කට්ටල 10ක් පරිත්‍යාග කිරීම අද (29) පස්වරුවේ සිදු කෙරුණා...

ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් මෛත්‍රී කුල්කර්ණි (Maitrey Kulkarni) සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හරවින්ද්‍ර සිං යන මහත්වරුන් විසින් මෙම පරිත්‍යාගය ගාල්ල ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

රෝහල් ප්‍රධාන ඇතුළුවීමේ දොරටුව අසල සවිකළ පළමු ජල පිරිපහදු කට්ටලය විවෘත කිරීමද මෙහිදී සිදු වූ අතර, අනෙක් කට්ටලද රෝහලේ විශේෂයෙන් හඳුනාගත් ස්ථානවල ඉදිරියේදී සවිකිරීමට නියමිතයි...

මෙම අවස්ථාවෙන් පසු වැඩබලන ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු නියෝජිත පිරිස රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) සහ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානය (ETC) නිරීක්ෂණය කිරීමටද එක් වුණා.

Galle Times
2026/08/29

විනිශ්චයාසනයෙන් අද නික්ම යන ඔබ යුක්තිය වෙනුවෙන් තැබුවේ සදා නොමැකෙන රන් සලකුණකි...බද්දේගම දිසා විනිසුරු/ මහේස්ත්‍රාත් ගරු...
28/08/2026

විනිශ්චයාසනයෙන් අද නික්ම යන ඔබ යුක්තිය වෙනුවෙන් තැබුවේ සදා නොමැකෙන රන් සලකුණකි...

බද්දේගම දිසා විනිසුරු/ මහේස්ත්‍රාත් ගරු සනත් නානායක්කාර මැතිතුමා අද දින විනිශ්චයකාර භූමිකාවෙන් සමු ගන්නවා.

එතුමා මහාධිකරණ විනිශ්චකාරවරයෙකු නොවී මහේස්ත්‍රාත් හා දිසා විනිසුරුවරයෙකු ලෙස විශ්‍රාම ගන්නේ ඇයිදැයි, එතුමා ගැන නොදන්නා කෙනෙකුට සිතෙන්නට පුළුවන.

සනත් නානායක්කාර මැතිතුමා විනිශ්චයකාරවරයෙකු ලෙස පත්වන්නේ පෞද්ගලික නීති වෘත්තියේ ඉහළම සාර්ථකත්වයක් අත්කරගෙන සිටි අවස්ථාවක. අපේ වචනවලින් කිව්වොත් වෘත්තීය ජීවිතයේ "පීක්" එකේදීය. ඒ වනවිට එතුමා වයසින් අඩ සියවසක් පසුකර අවසන්.

එවැනි අවස්ථාවක තමන්ට හිමිව තිබූ වෘත්තීය සාර්ථකත්වය, ආදායම, සමාජ පිළිගැනීම සහ නිදහස පසෙක තබා විනිශ්චයාසනයේ වගකීම භාරගැනීමෙන් එතුමාගේ චරිතය පිළිබඳ බොහෝ දේ කියවා ගැනීමට පුලුවන්.

මගේ කෙටි නීතිඥ ජීවිතය තුළ ගරු විනිශ්චයකාරවරුන් ගණනාවක් ස්ථාන මාරු ලබා, විශ්‍රාම ලබා ගිය අවස්ථා ඕනෑ තරම් දැක තිබුනත් එවැනි අවස්ථා පිළිබඳ මා කිසිවක් ලියා නැත්තේ ඒවායේ වටිනාකමක් නොතිබූ නිසා නොවේ.

නමුත් සනත් නානායක්කාර මැතිතුමාගේ විශ්‍රාම ගැනීම ගැන ලිවිය යුතුයැයි මට හැඟුණේ එතුමා විනිශ්චයකාරවරයෙකු ලෙස ඉටු කළ කාර්යභාරය නිසයි.

එතුමා ගැන ලිවීමට බොහෝ කලක සිට අවශ්‍යතාවක් තිබුණත්, එතුමා විනිශ්චයාසනයේ සිටින තුරු කිසිවක් නොලීවේ එවැනි ලිවීමකින් එතුමාට කිසියම් අගතියක් සිදුවිය හැකියැයි සිතුන නිසාය.

අද එතුමා විනිශ්චයාසනයෙන් සමුගන්නා බැවින්, එතුමා පිළිබඳව මා අවස්ථාවන් කිහිපයක් සටහන් කර තැබීම එතුමා වෙනුවෙන් කරන ගෞරවයකි.

බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩත්තු නඩු කැඳවන්නේ සිකුරාදා දිනයෙ. පියෙකුගෙන් නඩත්තු ඉල්ලා දරුවෙකු විසින් පවරන ලද නඩුවක ඉල්ලුම්කාර දරුවා වෙනුවෙන් මගේ බිරිඳ උපේක්ෂා පෙනී සිටියාය.

එක් නඩු දිනයක විවෘත අධිකරණයේ නඩුව කැඳවූ නමුත් වගඋත්තරකාර පියා අධිකරණයට පැමිණ සිටියේ නෑ. එම දරුවා උසස් පෙළ හදාරන පිරිමි දරුවෙක්. උපකාරක පන්ති සඳහාත්, අධ්‍යාපන කටයුතු සඳහාත් වැයවන මුදල් පිළිබඳව කරුණු ඉදිරිපත් කළත්, පියා නොපැමිණීම මත එම මස නඩත්තු මුදල් ලැබුනෙ නෑ.

ගරු මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මැතිතුමා පියාට වරෙන්තු නිකුත් කර ඊළඟ නඩු දිනය ලබා දුන්නා.

දිවා විවේකයට නඩු කටයුතු නතර වූ විට උපේක්ෂා මට කිව්වා "අර නඩත්තු නඩුවේ පිරිමි ළමයට ආරච්චි ඇවිත් සර් ඉන්න කිව්වා. ඇයි කියලා දන්නේ නෑ."

සවස නඩු කටයුතු අවසන් කර නිවසට ආව උපේක්ෂා මට ඒ කතාව කිව්ව ආකාරය අදටත් අමතක නැත.

"මාර වැඩේනේ සර්... අර ළමයාව චේම්බර් එකට කතා කරලා විස්තර අහලා සල්ලි දීලා. අපි දෙදෙනා එය කිසිවෙකුට නොකියා රහසක් ලෙස තබා ගත්තෙමු.

නමුත් කාලයක් ගතවන විට දැනගන්නට ලැබුනා, නඩු කටයුතු හේතුවෙන් අගතියට පත් වූ, මූල්‍යමය රැකවරණය අහිමි වූ මිනිසුන් ගණනාවකට එතුමා පෞද්ගලිකව මූල්‍යමය උපකාර කර ඇති බව.

ලංකාවේ බෙදුම් නඩු වැඩිම ප්‍රමාණයක් පවතින්නේ දකුණු පළාතේ අධිකරණවල. අවුරුදු දහය, පහළොව පමණක් නොව, අවුරුදු හතළිහ, පනහ පමණ පැරණි බෙදුම් නඩු පවා මේ උසාවිවල තියෙනවා.

මුල් අවස්ථා සිවිල් අධිකරණයක විනිශ්චයකාරවරයෙකුට තීන්දුවක් ලබාදීම සඳහා අතිශය අපහසු , සංකීර්ණ සහ වෙහෙසකරම නඩු වෙන්නේ බෙදුම් නඩු.

එයට හේතුව සරලයි. එක් පාර්ශ්වයක අයිතියක් පමණක් සලකා තීන්දුවක් දෙන්න බෑ. නඩුවේ සියලු පාර්ශ්වකරුවන්ගේ අයිතිවාසිකම් සලකා බලන්න ඕනි. අනෙක් නඩු වගෙ නෙවෙයි, බෙදුම් නඩුවල විත්තිකරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඇතැම් නඩුවල විත්තිකරුවන් තිහ, හතළිහ, පනහ ඉන්න අවස්ථා තිබෙනවා. ඒ සියලු දෙනාගේම අයිතිවාසිකම් වෙන වෙනම තීරණය කළ යුතුයි. එම අයිතිවාසිකම් ඔප්පු, ලේඛන සහ සාක්ෂි ලෙස නඩු වාර්තාවල ගොනුවෙලා තිබෙනවා. සමහර බෙදුම් නඩු වාර්තා අඟල් හතක්, අටක්, නවයක් තරම් විශාලයි. තීන්දුවක් ලබාදීම සඳහා ඒ සියල්ල A 2 Z කියවිය යුතුය.

එවැනි නඩුවක් වෙනුවෙන් අතිවිශාල කාලයක් වැයවෙනවා. ඒ නිසා ඇතැම් විනිශ්චයකාරවරුන් (සියල්ලන්ම නොවේ) බෙදුම් නඩු දීර්ඝව විභාග කර තීන්දුවක් ලබාදීම වෙනුවට, විෂය වස්තුව නිසි ලෙස හඳුනාගෙන නොමැති බවට තීරණය කර නඩුව නිෂ්ප්‍රභා කරන අවස්ථාවන් අපි ඕනෑතරම් දැක තිබෙනවා.

විෂය වස්තුව හඳුනා ගතහොත් පැමිණිල්ලේ සහ අනෙකුත් විත්තිකරුවන්ගේ අයිතිවාසිකම් වෙන වෙනම සලකා බැලිය යුතුයි. එය දීර්ඝ ක්‍රියාවලියක්. නමුත් කිසිදු පාර්ශ්වයක් විෂය වස්තුවේ අනන්‍යතාවය පිළිබඳව හබ නොකරන අවස්ථාවල පවා, විෂය වස්තුව හඳුනාගෙන නොමැති බව පවසමින් නඩු නිෂ්ප්‍රභා කරන අවස්ථා තියෙනවා.

මිනිසුන් අවුරුදු දහයක්, පහළොවක්, විස්සක් පුරා මුදල්, කාලය සහ ශ්‍රමය වැය කර අවසානයේ නඩුව නිෂ්ප්‍රභා කළ විට ඔවුන්ට යුක්තියක් ඉටුවේද?

එවැනි තීන්දුවලට එරෙහි අභියාචනාවලදී , මුල් තීන්දුව අවහරණය කර නැවත තීන්දුවක් ලබාදීම සඳහා පහළ අධිකරණයට යොමු කරන අවස්ථාද අප දැක තිබෙනවා.

සනත් නානායක්කාර මැතිතුමා විෂය වස්තුව හඳුනාගෙන නොමැති බවක් පවසමින් බෙදුම් නඩුවක් අසාධාරණ ලෙස නිෂ්ප්‍රභා කිරීමට උත්සාහ නොකළ විනිශ්චයකාරවරයෙක්.

එතුමා පැමිණිල්ලේ පෙළපත සලකා බලල , විත්ති පෙළපත් සලකා බලල , ලේඛන හා සාක්ෂි පරීක්ෂා අධ්‍යනය කරල අවසානයේ නඩුව නිෂ්ප්‍රභා කිරීම පහසු මාර්ගය ලෙස තෝරා නොගෙන, හැකි සෑම අවස්ථාවකම පාර්ශ්වකරුවන්ට නීත්‍යානුකූලව හිමිවිය යුතු අයිතිවාසිකම් ලබාදීම සඳහා තීන්දුවක් ලබා දුන්නා.

පැමිණිල්ල හෝ විත්ති පාර්ශ්වය තම පෙළපත ප්‍රමාණවත් ලෙස ඔප්පු කර නොතිබූ අවස්ථාවල පවා, නීතියෙන් තමන්ට ලබාදී තිබූ බලය සහ වගකීම භාවිතා කරමින් අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි මත , අධිකරණයට අභිමත පෙළපතක් මත යුක්ති සහගත ලෙස අයිතිවාසිකම් තීරණය කිරීමට එතුමා කටයුතු කළ අවස්ථා තිබුණා.

බෙදුම් නඩු පනතේ 25 වැනි වගන්තියෙන් තීන්දුවක් ලබාදීමේදී විනිශ්චයකාරවරයාට පුළුල් බලයක් හා වගකීමක් පවරා තිබෙනවා. එවැනි බලයක් නීතියෙන් ලබාදී ඇත්තේ විනිශ්චයකාරවරයාට තමන්ට ඕනි දේ කරන්න නෙවෙයි. එවැනි බලයක් නීතියෙන් ලබාදී තිබෙන්නෙ මිනිසුන්ගේ අයිතිවාසිකම් නිවැරැදිව නිශ්චය කර, සාධාරණ හා යුක්තිසහගත තීන්දුවක් ලබාදීමේ අරමුණ වෙනුවෙන්.

එම බලය හා වගකීම මිනිසුන්ට යුක්තිය ඉටු කිරීම සඳහා පුළුල් ලෙස භාවිත කළ විනිශ්චයකාරවරයෙකු ලෙස සනත් නානායක්කාර මැතිතුමා හදුන්වන්න පුලුවන්.

"මේ උසාවි තියෙන්නේ අපිට ජොබ් දෙන්න නෙවෙයි"

"මිනිස්සු බෙදුම් නඩු දාන්නෙ ආසාවට නෙවෙයි. කැමැත්තෙන් නෙවෙයි. එහෙම කරන්නෙ බැරිම තැන."

"නඩු දාලා, වියදම් කරලා, අවුරුදු ගාණක් ගිහින් කිසිම සාධාරණ හා යුක්තිසහගත හේතුවක් නැතුව නඩුව නිෂ්ප්‍රභා කළොත් අර මිනිස්සුන්ට මොකද වෙන්නේ?"

"අපේක්ෂා භංගත්වයට පත්වෙනවා."

"හැබැයි ඒකෙන් අපේ අධිකරණ පද්ධතිය ගැන මිනිස්සුන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා. මිනිස්සු අධිකරණයෙන් බාහිරව තමන්ගේ ක්‍රමවලට යුක්තිය හොයන්න උත්සාහ කරනවා. ඒකෙන් වෙන්නේ මිනිස්සු යුක්තියෙන් පිටමංවීමක්."

මේ එතුමාගේ මුවින් පිටවුන වචන.

"මේ උසාවි තියෙන්නේ අපිට ජොබ් දෙන්නවත්, අපේ ගාම්භීරකම් සමාජයට පෙන්නන්නවත්, අපිට සමාජ තත්වයක් අරන් දෙන්නවත් නෙවෙයි."මේ සියල්ල තියෙන්නේ මිනිස්සුන්ට සාධාරණය හා යුක්තිය ඉෂ්ට කරන්න."

විනිශ්චයකාරවරයෙකුගේ වගකීම පිළිබඳ එතුමාගේ දර්ශනය එම වචන කිහිපයෙන්ම පැහැදිලි වෙනවා.

ගරු විනිශ්චයකාරවරයෙකු නීතිය ක්‍රියාත්මක කිරීමේදී බිය විය යුතු නැත. ඔහුට හොඳ කශේරුකාවක් තිබිය යුතුය. එමෙන්ම හොඳ "ඔළුවක්" තිබිය යුතුය. එයින් අදහස් කරන්නේ නීතිමය දැනුමෙන්, අත්දැකීමෙන් සහ විචාරශීලීත්වයෙන් සන්නද්ධ වීමක් ගැනය.

නමුත් ඒ සියල්ල පමණක් ප්‍රමාණවත් නොවේ. විනිශ්චයාසනය මත සිටින්නාට හදවතක්ද තිබිය යුතුය. නිකම්ම හදවතක් නොවේ. ගැහෙන, දැනෙන හදවතක් තිබිය යුතුය.

නීතිය දැන සිටීමත්, ඍජුභාවයත්, මනුෂ්‍යත්වයත් තිබීම වැදගත්. නමුත් ඒ සියල්ලට ඉහළින් විනිශ්චයකාරවරයෙකු අත්‍යන්තයෙන්ම අපක්ෂපාතී විය යුතුය. කිසිවෙකුට පක්ෂපාතී නොවිය යුතුය.

සනත් නානායක්කාර මැතිතුමා ජූනියර්ද, සීනියර්ද, බාර් එකේද, අවුට්ස්ටේෂන්ද යන්න නොසලකා සියලු නීතිඥවරුන්ට සමානව කන් දුන් අයෙක්. සමාන අවස්ථා ලබා දුන්නා. අපක්ෂපාතීව නීතියට අනුව තීන්දු සහ නියෝග ලබා දුන් ගරු විනිශ්චකාරවරයෙක්..

අධිකරණ පරිචයන් ආරක්ෂා කරමින් සහ නීතිඥ වෘත්තියේ සම්ප්‍රදායන් රැකගැනීමට උදව් කරමින් නීතිඥ මණ්ඩලය වෙත එතුමා ලබාදුන්නෙ නොමඳ සහයක්.

වෘත්තීය ජීවිතයක ගෞරවනීය පරිච්ඡේදයක්
------------------------------------------
කාලය මිනිසෙකුගේ ජීවිතය මනින්නේ වසර ගණනින් පමණක් නොවේ. ඔහු ගමන් කළ මාවතෙන්ය. භාරගත් වගකීම්වලින්ය. ඉටු කළ යුතුකම්වලින්ය. තමන් පසුකර ගිය තැන්වල තබා ගිය ගෞරවනීය මතකයන්ගෙන්ය.

එවන් දීර්ඝ වෘත්තීය ගමනක එක් සම්භාවනීය පරිච්ඡේදයක් අද නිමාවට පත්වුණා. විනිශ්චයාසනය යනු බලය ප්‍රදර්ශනය කරන අසුනක් නොවෙයි. එය යුක්තියේ බර දරා සිටිය යුතු ස්ථානයක්. එහි ගෞරවය රැකෙන්නේ වචනවලින් නොව ගන්නා තීරණවලින්. තනතුරෙන් නොව, එම තනතුර දරන ආකාරයෙන්.

එම වගකීම හඳුනාගෙන, නීතියේ ආධිපත්‍යය, අපක්ෂපාතීත්වය, විනය සහ යුක්තිය පිළිබඳ වූ වගකීම පෙරදැරි කරගෙන ගරු සනත් නානායක්කාර මැතිතුමා සිය අධිකරණ කාර්යභාරය මැනවින් ඉටු කල බවට අපි හැමෝම ජීවමාන සාක්ෂිකරුවන්.

බද්දේගම අධිකරණයේ සේවය කළ කාලය තුළ එතුමා නීතිඥ මණ්ඩලය, අධිකරණ කාර්ය මණ්ඩලය සහ යුක්තිය අපේක්ෂාවෙන් අධිකරණයට පැමිණි ජනතාව සමඟ ගෞරවනීය සබඳතාවක් පවත්වාගත් අයෙක්. අධිකරණයේ ගෞරවය හා කාර්යභාරය නිසි ලෙස ඉදිරියට ගෙන යාමට එතුමා ලබාදුන් දායකත්වය අප අතර සදාකල් මතකයේ රැදෙනවාට සැකයක් නෑ.

නීතිඥවරයෙකු ලෙස අධිකරණයේ එක් පසෙක සිට ආරම්භ කළ එතුමාගේ ගමන, අවසානයේ අධිකරණයේ විනිශ්චයාසනය මත හිඳ යුක්තිය පසිඳලීම දක්වා දිගුවක් බවට පත්වුණා.

එය එක් වෘත්තියක ගමනක් පමණක් නොවේ. එක් අවධියක එතුමා යුක්තිය ඉල්ලා සිටි අය වෙනුවෙන් හඬ නැඟුවා.තවත් අවධියක සියලු හඬවල් අසා, නීතිය අනුව තීරණය කිරීමේ වගකීම භාරගත්තා. එබැවින් අද නිමාවට පත්වුනේ රැකියාවක අවසානයක් නොවේ. ඒ නිමාවට පත්වුනේ නීතිය හා යුක්තිය සමඟ බැඳුණු දීර්ඝ වෘත්තීය ජීවිතයක එක් ගෞරවනීය පරිච්ඡේදයක්.

අද එතුමා විනිශ්චයාසනයෙන් නික්ම යන විට එහි ඉතිරි වන්නේ හිස් අසුනක් පමණක් නොවෙයි. වසර ගණනාවක් පුරා ඉටු කළ වගකීම්වල මතකයත්, නීතිය වෙනුවෙන් කැප කළ වෘත්තීය ජීවිතයක ගෞරවයත්, තමන් සේවය කළ අධිකරණ හා මිනිසුන් අතර තබා ගිය සලකුණත් එහි ඉතිරිව තිබෙනවා.

එ නිසා මේ මොහොත සමුගැනීමක් පමණක් නෙවෙයි. සේවය අගය කරන නිමේෂයක්.

වගකීමක් නිසි ලෙස ඉටු කළ ජීවිතයකට උත්තමාචාර පුද කරන මොහොතක්.

නීතිය හා යුක්තිය වෙනුවෙන් කැප කළ වසර ගණනාවකට කෘතවේදීත්වය පළ කරන මොහොතක්.

ගරු සනත් නානායක්කාර මැතිතුමනි,

ඔබතුමන් නීතිඥවරයෙකු ලෙස ඇරඹූ ගමන, විනිශ්චයකාරවරයෙකු ලෙස ගෞරවයෙන් නිම කරන මේ මොහොතේ, ශ්‍රී ලංකා අධිකරණ සේවයටත්, විශේෂයෙන් බද්දේගම අධිකරණයටත් ලබාදුන් සේවය අපි කෘතවේදීව හා ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

විනිශ්චයාසනයෙන් සමුගත්තද, ඔබතුමන්ගේ මතකය එතැනින් සමුගන්නේ නොවේ. ඔබතුමන් ඉතිරි කර යන වැදගත් මිනිසුන්ට යුක්තිය පිළිබඳ විශ්වාසයක් ඇති කළ විනිශ්චයකාරවරයෙකුගේ මතකයයි.

ඔබතුමන්ගේ ඉදිරි ජීවිත පරිච්ඡේදය නිදුක් නිරෝගී සුවයෙන්, සැනසීමෙන්, සතුටින් සහ ඔබට ආදරය කරන සියලු දෙනාගේ සෙනෙහසින් පිරුණු සුන්දර කාලයක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

ඡායාරූපය සහ සටහන උපුටා ගැනීම - Chathuranga Amarathunga මහතාගේ වෝලයෙන්

26/08/2026

🔴Update 26/08/27🔴 - නේපාලයේ ඇති වූ ගංවතුරෙන් මියගිය පුද්ගලයන් 157 දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති බවත් මෙම ඛේදවාචකයෙන් විශාල පිරිසක් අතුරුදන් වී ඇති බව තහවුරු වි ඇතැයි නේපාල පොලිස් වාර්තා පැවසීය

🔴ATTENTION🔴 - මුහුද ගොඩගලන බවට සමාජ මාධ්‍යය ඔස්සේ පැතිර යන පුවත නොමඟ යවන සුළු සාවද්‍ය පුවතකි...මෙම මුහුදු තත්ත්වය වාරකන්...
26/08/2026

🔴ATTENTION🔴 - මුහුද ගොඩගලන බවට සමාජ මාධ්‍යය ඔස්සේ පැතිර යන පුවත නොමඟ යවන සුළු සාවද්‍ය පුවතකි...

මෙම මුහුදු තත්ත්වය වාරකන් කාල වලදී සාමාන්‍ය තත්ත්වයක් වන අතර මුහුදු ඛාදනය සිදුවන ප්‍රදේශවලදී මුහුදු රළ රළු විය හැක

මුහුදු කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) පස්වරුවේ ඇම්බර් වර්ණයෙන් යුක්තව නිකුත් කළ නිවේදනය 👇

මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණයට නව පිම්මක්....මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ නවතම වට...
25/08/2026

මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණයට නව පිම්මක්....

මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ නවතම වටය අද (25) පෙර්වරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම විශේෂ අවස්ථාව බලශක්ති සහ ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහ කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වටයේදී ජාත්‍යන්තර බලශක්ති සමාගම් වෙත ගවේෂණ කටයුතු සඳහා වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් 4ක් පිරිනැමීමට නියමිතය.

මීට පෙර සිදුකරන ලද ගවේෂණවලදී ස්වාභාවික වායු සහ ද්‍රව හමු වීම තුළින් මෙම කලාපයේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් පවතින බව දැනටමත් තහවුරු වී තිබේ.

පවතින දත්තයන්ට අනුව මන්නාරම් ද්‍රෝණියෙන් ඛනිජ තෙල් බැරල් බිලියන 2ක් සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක ප්‍රමාණයක් ලබාගත හැකි වෙතැයි අනුමාන කෙරෙන බව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නීල් ද සිල්වා මහතා සඳහන් කළේය.

නවීන භූ-ගවේෂණ තාක්ෂණය ඔස්සේ දත්ත එකතු කිරීමට ජාත්‍යන්තර සමාගම්වලට අවස්ථාව හිමිවන අතර, අධිකාරිය සතු භූ විද්‍යාත්මක දත්ත පරිශීලනයට ද පහසුකම් සැලසේ.

ශ්‍රී ලංකාවේ බලශක්ති අනාගතය වෙනස් කිරීමට මග පෑදෙන දැවැන්ත ආයෝජන අවස්ථාවක්...

අන්සතු රටක, නොදන්නා දේශයක, දහඩිය හෙලමින් තම පවුල් වෙනුවෙන් ජීවිතය ගැටගසා ගන්නට වෙහෙසෙන අපේ රටේ කොල්ලන්ගේ හිත්වල තවමත් අන...
21/08/2026

අන්සතු රටක, නොදන්නා දේශයක, දහඩිය හෙලමින් තම පවුල් වෙනුවෙන් ජීවිතය ගැටගසා ගන්නට වෙහෙසෙන අපේ රටේ කොල්ලන්ගේ හිත්වල තවමත් අනුන් වෙනුවෙන් ගැහෙන, මනුස්සකමින් පිරුණු හදවතක් තියෙනවා කියන්න තවත් වෙනම සාක්ෂි ඕන වෙන්නේ නැහැ...

2022 අගෝස්තු 12 වෙනිදා... සෝල් නුවරට කිලෝමීටර් 45ක් එහායින් පිහිටි 'හ්වාසන්ග්' වෙරළට ඔබ්බෙන් වූ කහ මුහුදේ චණ්ඩ රළ අතරේ, තමන්ගේ පාඩුවේ ධීවර කටයුතුවල නිරත වෙමින් හිටපු ලාංකිකයන් තිදෙනෙකුගේ ඇස් ඉදිරියට කඩා වැටෙන්නේ කොරියානු ගුවන් හමුදාවට අයත් යානයක්. තත්පර ගණනකින් ජීවිතයත් මරණයත් අතර සටනක් ආරම්භ වෙද්දී, තමන්ගේ ආරක්ෂාව ගැන පොඩ්ඩක්වත් නොසිතා, සයුරට බිලිවෙන්න ගිය කොරියානු ගුවන් නියමුවන් දෙදෙනා වෙනුවෙන් ඉදිරිපත් වුනේ අපේ රටේ ආඩම්බරකාර පුතුන් තිදෙනෙක්.

චතුරංග (34), රුවන් (35), සහ දිලීප් (38) යන අපේ රටේ ශ්‍රමිකයන් තිදෙනා, තමන් සේවය කළ ධීවර බෝට්ටුව ක්ෂණිකව ක්‍රියාත්මක කරමින්, මුහුදට වැටුණු ගුවන් නියමුවන් දෙදෙනාගේ ජීවිත සයුරෙන් එගොඩට අරන් ආවේ ලංකාවේ නම කොරියානු අහස උසට ඔසවා තබමින්!

E-9 රැකියා වීසා බලපත්‍ර යටතේ උපරිම වසර 4යි මාස 10ක සීමාවකට යටත්ව සේවය කළ මෙම වීරයන්ට, දකුණු කොරියානු රජය උපහාර දක්වා තිබෙනවා. ඒ, උතුම් මානුෂීය මෙහෙවර අගයමින් ඔවුන්ට ස්ථිරවම එරට රැඳී සිටීමට හිමිකම් කියන දිගුකාලීන වීසා බලපත්‍ර (F-2) පිරිනමමින්!

"අපේ රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීමට කැපවූ විදේශිකයන්ට සුදුසු ගෞරවය ලබාදීම අපේ සමාජයේ විශ්වාසය ඉහළ නැංවීමකි."
— ජුං සුං-හෝ (දකුණු කොරියානු අධිකරණ අමාත්‍ය)

තමන්ගේ ජීවිතය පරදුවට තබමින් අන් ජීවිත බේරාගත් අපේ රටේ මනුෂ්‍යත්වය ලොවට පෙන්වු මේ ශ්‍රි ලාංකීය වීරයන් තිදෙනාට මුළු ලංකාවේම ගෞරවය සහ ප්‍රණාමය හිමිවිය යුතුමයි!

ඔබ අපට ආඩම්බරයකි! ❤️ 💐❤️💐

Galle Times
2026/08/21

උතුරු මැද පළාතේ අපේ අම්මලාට, අක්කලාට, නංගිලාට ලැබුණු මහඟු අස්වැසිල්ලක්... ❤️සහනයක් සොයාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලට එන දහස...
21/08/2026

උතුරු මැද පළාතේ අපේ අම්මලාට, අක්කලාට, නංගිලාට ලැබුණු මහඟු අස්වැසිල්ලක්... ❤️

සහනයක් සොයාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලට එන දහස් ගණනක් කාන්තාවන්ගේ ජීවිත ආරක්ෂා කරන්න දැන් අලුත් බලාපොරොත්තුවක් එකතු වෙලා තියෙනවා.

පියයුරු පිළිකා ඇතුළු අසාමාන්‍යතා ඉතාම මුල් අවධියේදීම හඳුනාගෙන, ජීවිත බේරාගැනීමට උපකාරී වන රුපියල් මිලියන 153ක් වටිනා අතිනවීන මැමෝග්‍රැෆි (Mammography) යන්ත්‍රයක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

මින් පෙර පරීක්ෂණ සඳහා දින ගණනක්, මාස ගණනක් මඟබලා සිටීමට සිදු වුවත්, මෙම නව යන්ත්‍රය සෞඛ්‍ය පද්ධතියට එක්වීමත් සමඟ පරීක්ෂණ ධාරිතාව ඉහළ ගොස් කෙටි කාලයකින් නිවැරදි රෝග විනිශ්චය වාර්තා ලබාගැනීමට පහසුකම් සැලසෙනවා. විශේෂයෙන්ම රෝග තත්ත්වයන් කල්තියා හඳුනාගැනීමට හැකිවීම නිසා රෝගීන්ට ඉක්මනින්ම අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමට හැකියාව ලැබෙන අතර, උතුරු මැද පළාතේ ජනතාවට මෙන්ම වව්නියාව, කුරුණෑගල ඇතුළු අවට ප්‍රදේශවල ජනතාවටද කොළඹ වැනි ඈත රෝහල් වෙත නොගොස් මෙම අතිනවීන පහසුකම තමන්ගේම ප්‍රදේශයෙන් ලබාගැනීමට මෙයින් මඟපැහැදෙනවා.

සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ප්‍රතිපාදන මත, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ අපේක්ෂා රෝහල යන ප්‍රධාන රෝහල් පහ වෙත රුපියල් මිලියන 765ක් වටිනා මෙවැනි යන්ත්‍ර පහක් ලබාදීමට නියමිතයි. ඒ සමඟින් දැනට දිවයින පුරා සක්‍රීයව පවතින මැමෝග්‍රැෆි යන්ත්‍ර 20ක ප්‍රමාණය 25 දක්වා ඉහළ යනු ඇත.

ලෙඩක් දුකක් හැදුණාම දුරබැහැර රෝහල් ගානේ තැවෙන අපේ අසරණ මිනිසුන්ගේ දුක හඳුනාගෙන, ගමටම මේ වගේ අතිනවීන වෛද්‍ය පහසුකම් ලබාදීම ඇත්තටම අපේ අම්මලාගේ, සොහොයුරියන්ගේ ජීවිත වෙනුවෙන් කළ මහඟු සත්කාරයක්! 🙏❤️

Galle Times
2026/08/21

Address

Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Galle Times posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share