Ado-අඩෝ

Ado-අඩෝ හීන ඝාතනය වූ පරපුරක හදවතට
කතා කරන සොදුරු නැවතු‌ම්පොළ. "අඩෝ-Ado" ලංකාවේ පේජ් කලාවේ හැරවුම් ලක්ෂ්‍යය.

28/04/2026

ආලෝකාගේ දුරින් ඥාති වන පැටවෙකු විකිනීමට ඇත.
Rs.80,000/=

කෝකිලයාගේ හඬයි, එරබදු මල්වල රතු පාටයි... අවුරුදු එනවා කියලා මුලින්ම කිව්වේ සොබාදහම. 🦜🌺    ඒ සද්දේ ඇහෙද්දී දැනුන සතුට අද ...
14/04/2026

කෝකිලයාගේ හඬයි, එරබදු මල්වල රතු පාටයි... අවුරුදු එනවා කියලා මුලින්ම කිව්වේ සොබාදහම. 🦜🌺
ඒ සද්දේ ඇහෙද්දී දැනුන සතුට අද AC කාමර ඇතුලේ ඉන්න අපිට මග හැරිලා නේද? මතකද පොඩි කාලේ කෝකිලයාට උත්තර දීපු හැටි?
ඔයාගේ ගෙදරටත් දැන් කෝකිලයා ඇවිත්ද? 👇

සතියම වැඩ කරලා හෙම්බත් වෙලා ඉන්න උඹට, අද හවස යාලුවෙක් එක්ක බොන ප්ලේන්ටියක තියෙන රහ වෙන කොහේවත් නෑ. ☕️👬පොඩි කයියක් දාමුද?...
10/04/2026

සතියම වැඩ කරලා හෙම්බත් වෙලා ඉන්න උඹට, අද හවස යාලුවෙක් එක්ක බොන ප්ලේන්ටියක තියෙන රහ වෙන කොහේවත් නෑ. ☕️👬
පොඩි කයියක් දාමුද? මේ සතියේ උඹට වුණ අමතක නොවන වැඩේ මොකක්ද?
කියමු බලන්න. 👇

සෙනසුරාදා උදේ 7 වෙද්දී ටීවී එක ඉස්සරහා පදිංචි වුණ අපේ පරපුර. 📺🦁    ස්කූබි ඩූ, පින්ක් පැන්තර්, ටොම් ඇන්ඩ් ජෙරී... ඒ කාටුන...
09/04/2026

සෙනසුරාදා උදේ 7 වෙද්දී ටීවී එක ඉස්සරහා පදිංචි වුණ අපේ පරපුර. 📺🦁
ස්කූබි ඩූ, පින්ක් පැන්තර්, ටොම් ඇන්ඩ් ජෙරී... ඒ කාටුන් ටික බලලා ඉවර වෙනකන් කිසිම වැඩක් නෑ.
අදත් ඒ කාටුන් එකක් ගියොත් උඹ බලනවා නේද? කියමු බලන්න. 👇

පැකට් එක කඩන්නේ කන්න නෙවෙයි, ඒක ඇතුලේ තියෙන තෑග්ග ගන්න. 🎁🍿    ටිපි ටිප්, ජුබ් ජුබ්, අයිස් ජෙම්ස්... ඒ රස අද කොච්චර මිල අ...
09/04/2026

පැකට් එක කඩන්නේ කන්න නෙවෙයි, ඒක ඇතුලේ තියෙන තෑග්ග ගන්න. 🎁🍿
ටිපි ටිප්, ජුබ් ජුබ්, අයිස් ජෙම්ස්... ඒ රස අද කොච්චර මිල අධික කෑම කෑවත් දැනෙන්නේ නෑ.
ඔයා වැඩියෙන්ම ආස කරපු ස්නැක් එක මොකක්ද? 😋

නටරාජා කවකටු පෙට්ටියයි, ඒක ඇතුලේ තිබ්බ පොඩිම පොඩි පැන්සල් කෑල්ලයි... 📐✏️    කවකටුව බුරුල් වෙලා රවුම අඳින්න බැරිවෙද්දී ආප...
09/04/2026

නටරාජා කවකටු පෙට්ටියයි, ඒක ඇතුලේ තිබ්බ පොඩිම පොඩි පැන්සල් කෑල්ලයි... 📐✏️
කවකටුව බුරුල් වෙලා රවුම අඳින්න බැරිවෙද්දී ආපු කේන්තිය මතකද? ඒත් ඒ කාලේ අපේ ලෝකය වුණේ ඔය පොඩි පෙට්ටිය.
තාමත් ඔය පෙට්ටියක් ගෙදර කොහේ හරි තියෙනවද? 👇

වැස්ස වෙලාවට CR පොතෙන් පිටුවක් ඉරාගෙන හදපු නැව් හමුදාව මතකද? 🌧️⛵     කානුවේ යන නැව ඉස්සරහට යද්දී දැනුන සතුට අද සුපිරි යා...
09/04/2026

වැස්ස වෙලාවට CR පොතෙන් පිටුවක් ඉරාගෙන හදපු නැව් හමුදාව මතකද? 🌧️⛵
කානුවේ යන නැව ඉස්සරහට යද්දී දැනුන සතුට අද සුපිරි යාත්‍රාවක ගියත් දැනෙන්නේ නෑ බන්.
කී දෙනෙක් මේ වගේ නැව් යවලා තියෙනවද? ❤️

මතකද ඉස්කෝලේ කාලේ මේ ස්ටිකර් පොත් පිස්සුව? 🦄✨     හොඳම ස්ටිකර් එක අලවන්න තියෙන තරඟය, යාලුවෝ එක්ක ස්ටිකර් මාරු කරපු හැටි....
09/04/2026

මතකද ඉස්කෝලේ කාලේ මේ ස්ටිකර් පොත් පිස්සුව? 🦄✨
හොඳම ස්ටිකර් එක අලවන්න තියෙන තරඟය, යාලුවෝ එක්ක ස්ටිකර් මාරු කරපු හැටි. අද ඒ ස්ටිකර් පොත් කොහේ තිබ්බත්, ඒ මතක තාමත් හිතේ අලුත්ම අලුත්.
ඔයාගේ ස්ටිකර් පොතේ වැඩියෙන්ම තිබ්බේ මොන වගේ ස්ටිකර්ද? 👇

"මතකද මේ අකුරු ටික එකතු කරලා බයිසිකලේ දිනන්න බලන් හිටපු කාලේ? 🚲🍦     යෝගට් එක කන්න කලින් පියන බලන්නේ අකුර තියෙනවද කියලා....
09/04/2026

"මතකද මේ අකුරු ටික එකතු කරලා බයිසිකලේ දිනන්න බලන් හිටපු කාලේ? 🚲🍦
යෝගට් එක කන්න කලින් පියන බලන්නේ අකුර තියෙනවද කියලා. අන්තිමට බයිසිකලේ නොලැබුනත් ඒ බලාපොරොත්තුවේ තිබ්බ සතුට අද කෝටි ගානක් දුන්නත් ගන්න බෑ බන්.
ඔයාලටත් තිබ්බද මේ වගේ පිස්සුවක්? පල්ලෙහායින් කොටාගෙන යමු බලන්න. 👇

දැන් එක වසරට ආවේ 2020 ඉපදුන ළමයි  🙂කාලේ හෙන ඉක්මණට ගිහින් බන්,කුරුම්බැට්ටි මැෂිමකට ෆැෂන් කොලයක් දාලා මහපු ඇදුම්,කොස්කොළ ...
31/01/2026

දැන් එක වසරට ආවේ 2020 ඉපදුන ළමයි 🙂
කාලේ හෙන ඉක්මණට ගිහින් බන්,
කුරුම්බැට්ටි මැෂිමකට ෆැෂන් කොලයක් දාලා මහපු ඇදුම්,කොස්කොළ තොප්පි. වැස්සට යවපු බෝට්ටු, Cr පොතෙන් හදපු ජෙට් ,රොකට්.
යාලුවෝ එකක පොඩි මුට්ටි වල සෙල්ලම් බත් උයපු,
තව අර පොඩි කාර් වලින් රේස් තියලා, උණබට තුවක්කුවෙන් වෙඩි තියාගත්තු,
හැංගිමුත්තු, හොදම බට්ටා හොයන් බට්ට පැනපු, ගුටි පන්දු ,යාලුවෝ එක්ක ගහපු Cricket අතවල්.
හවසට කිරි එකයි ගොල්ඩ් මාරි බිස්කට් එකක් එක්ක පොගවන් කිරි බීලා ස්කුබිඩූ,පින්ක්පැන්තර් බෙන් ටෙන් බලපු.
අගෝස්තු මාසේ හොයපු
හොදට බොක්ක තියන කිතුල් පිත්ත.
බදාදා රෑට බලපු අටපට්ටම ,කෝපි කඩේ
මේවා දැන් යන්නෙත් නෑ බන්.
ආදරේ ගැන නොතේරුණත් ටයිටැනික් එකේ රෝස් ජැක් නැවෙන් බැස්සම බදියි කියපු දවස්.
හවස 6 ගිය " ඉසිවර වෙදදුරු ,මායවරුන්ගේ ලෝකේ ජීව මුතු ටික , ඔෂින් , සුජාත දියණි"
මල්ලිනි පොලු කඩන් රගපාපු සත්‍ය ගවේශක.
නිවාඩු මාසේ සිරසෙන් දුන්න කාටුන් 🥺
Harry porter 🙂
ඒ ප්‍රශ්න වලට උත්තර දීලා මගේ නමත් වැටෙනකන් ආසාවෙන් බලන් හිටපු දවස්.
Newdale යෝගට් එකේ පියන් වල අකුරු එකතු කරලා ගන්න ඉදපු බයිසිකලේ
තරගේට ගත්ත Day card
එකතු කරපු මුද්දර පොත් , කුරුළු පියාපත්.
ස්කෝලේ යාලුවෝ එක්ක හෝරාට කරපු කාසි භූතයා, ටිචර්ස්ලාට හොරෙන් කියපු සිංදු.
අච්චු පොත් වල සමහර පාඩම්, ඒ කවි
ඒ කාලේ ආපු සිංදු..
T.v එක ඉස්සරහා කුමාර සංගක්කාරලා ගහපු හයේ පාරවල්.
අපි අදටත් try කරනවා.
අවුරුද්ද ,නත්තලට, අගෝස්තු මාසේට දින ගැනපු අපි.
වෙසක් කාලේට යාලුවාගේ නමට යැව්ව සුබ පැතුම් පත.❤
ස්ටේපර් ගහලා දෙසැම්බර් මාසේ පිටකවර දාපු අලුත් පොත්.
නටරාජා කවකටු පෙට්ටිය.
ස්කෝලේ Trip එක ඒ sport meet එක
ඒ කාලේ ground එකේමයි අපි.
අපේ නිවාසේ දිනන්න කාපු කට්ට..
නෙක්ටා බෝතලයක් බීලා රතු කරගත්ත දිවවල්. වැම්ප් බෝතලේ රස 😌
2අයිස් පැකට්
රුපියල් පහේ තෑගි ටොපිය.🙂
"පිච්ච කැකුලු මල්මාලය කොන්ඩේ පලන්දා සුවදට වැල්ල දිගේ කෝවිල් ගිය.. තංගමනී නංගියේ."
බලපන් අදටත් ඒ තාලේට උඹ ඒක කිව්ව අපුරූව.
ඉරෙන් හදෙන් සිංදු , රන් කෙවිට
නිල් දාලා හෝදපු uniform එක,
Salon එකේ අයියා ආයේ උඹව ලෑල්ලක් උඩ තියලා කොන්ඩේ කපන එකක් නෑ බන්.🥺
මේවා අද ඊයේ උනාට දැන් හෙන පරණයි බන්.
බලහන් 13 පංතියෙන් පස්සේ ගලවපු uniform එක දැන් හෙන පරණයි, අපි දැන් නොකියම කාලේ එක්ක වයසට ගිහින් බන්
මොනා නැතත් අපිට ඒ කාලේ ලස්සන ළමා කාලයක් තිබ්බා අපේ දෙමාපියොන්ට අපිට වඩා ලස්සන ළමා කාලයක් තිබ්බා.
හැබැයි දුකයි දැන් කාලේ ළමයි මේවා ලොකුවට විදින්නේ නෑ
එක වසරෙ ඉදන් සමහරු පංති වල,
රන් කෙවිට Film එකේ ගොපුලු යකාව දැක්කොත් කියයි " අපෝ මේක AI නේ කියලා."😂
අපිට මොනා නැතත් රසාස්වාදයක් තිබ්බා, අපි වින්දා ඒ කාලේ සමහර දෙවල්.
කාලෙත් එක්ක අපි හැමෝම වයසට ගියත් ඒ මතක තවම හදවතේ තියෙනවා.
ඒ කාලේ එකට හිටපු හැම එකාටම හරියන්න ඕනේ. මේක කියවද්දි දැනෙයි, සමහර විට මැවෙයි ඒ කාලේ.
සතුටු වෙයන් අද උඹ මම අපි හොද තැන්වල.
"මචං අපිට ආයේ දවසක සෙල්ලම් කරන්න , නටන්න , සිංදු කියන්න බැරි වෙයි හැබැයි මේවා මතක් කරන් පොඩි කයියක් දාමු!"

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Ado-අඩෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share