28/08/2026
https://www.facebook.com/share/p/1AxK73FF2j/
රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ පරීක්ෂණයට පැමිණෙන අපේක්ෂකයින්ට ට්‍රයල් පෙන්වීම සඳහා මෝටර් රථ පරීක්ෂණ අංගනයේ පැය ගණන් රස්තියාදු වීමට සිදුවන බවට මැසිවිල්ලකි.
සාමාන්‍යයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේම රියදුරු බලපත්‍ර අපේක්ෂකයින් රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්‍ෂණ සඳහා ගාල්ලට පැමිණිය යුතුඅතර උදේ පැමිණෙන ඔවුන් සවස පහ හය වන තුරුම රස්තියාදු වීමට සිදුවන බව පැවසේ.
උදෑසන හත පමණ වන විට ගාල්ලට පැමිණෙන මෙම පිරිස අදාල නෛතික ලිවයවිලි පරීක්ෂාවෙන් පසුව ගාල්ල නුගදුවේ පිහිටි මෝටර් රථ පරීක්ෂණ අංගනය වෙත කැඳවාගෙන යනු ලැබේ.
එතැන් සිට මෝටර් රථ පරීක්ෂකවරයා එනතුරු පැය ගානක් රස්තියාදුවෙමින් බලා සිටීමට රියැදුරු බලපත්‍ර අපේක්ෂකයින්ටසිදුවේ.
මෝටර් රථ පරීක්ෂකවරුන් රථ වාහන පරීක්ෂාවන්ට පැමිණෙන්නේ ඉර මුදුන් වී හෝරාවක් දෙකක් පමණ ගිය පසුවය.
දකුණු අධිවේගී මාර්ග පිවිසුමේ නුගදූවේ පිහිටි මෝටර් රථ පරීක්ෂක අංගනයට වී මෙම තරුණ දරුවන්ට පැය ගනන් බලා සිටීමට සිදුවී ඇත.
රියැදුරු බලපත්‍රයක්ලබාගන්නට රියැදුරු පුහුණු පාසල් වෙත විශාල මුදලක් වියදම් කරමින් දින ගණනක් පුහුණුව ලබන මෙම පිරිසට බලා සිටින්නට සිදුව ඇත්තේ මෝටර් රථ පරීක්ෂකවරයා නැමැති දෙයියා වඩින තුරුය. ඇතැම් දිනවල රියදුරු පුනරීක්ෂණ අවසන් වන්නේ අඳුරු වැටුණු පසුවය.
මෙසේ තරුණ දරුවන් අසීරුතාවයට පත්කරන්නේ හිතා මතා දැයි අපි නොදනිමු.නොසැලකිල්ලට හසු වීම නිසාදැයි නොදනිමු.
නමුත් රියදුරු බලපත්‍ර ලබාදීමේ ප්‍රායෝගිකක පරීක්ෂාව මීට වඩා අපේක්ෂකයාට සුබදායී විදියට කරන්නට හැකිනම් ඉතා වටිනා බැව් සඳහන් කළ යුතුය.
නැතිනම් අව්කාස්ටකයේ මහ වැස්සේ පහසුකම් නොමැති මෝටර් රථ අංගනයේ බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන අපේක්ෂකයින් දිනපතාම අසීරුතාවයට පත්වන බව කිව යුතුය.
මෝටර් රථ පරීක්ෂක දෙවිවරුන්ගේ අවධානය පිණිස ටී වී රුහුණේ අප යෝජනා කර සිටින්නේ කරුණාකර පරීක්ෂාවන් සඳහා පෙරවරු දහය පමණ වන විටවත් වඩින ලෙසය