03/11/2023
🧚♀️Angle number...
දේවදූත අංක..🧚♂️
නිතරම දැක්කත් තේරුම නොදන්න ඒංජල් නම්බස් ගැනයි අද කතාව...
🪄මොනවද මේ ඒංජල් නම්බස්..
🪄 ඇයි අපිට ඒව පෙන්නෙ...
💫 එක වගේ ඉලක්කම් දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් එකට දැක්කම අපි ඒව ඒංජල් නම්බස් කියල හදුන්වනවා..
තව දුරටත් කිව්වොත් රටාවකට එකම අංක නැවත යෙදිල තීනවනම් අපි ඒව ආකර්ශනය නීතියෙදි දේවදූත අංක කියල හදුන්වනවා....
උදා..:- 111, 12:12, 03:03
ඔහොම එකට පේන අංක තමයි ඒ..
(මේ දැනුත් ෆෝන් එකේ වෙලාව එහෙම අංකයක්. ඔයාලට කියන දේවල් හරි කියල ඉගියක්ද කොහේදෝ...😇)
අපිට මේ අංක පේන එක තැනක් කියල නෑ, ෆොන් එකේ වෙලාව බලද්දි, වාහන අංක, ෆෝන් නම්බස්, ගිනුම් අංක, ආයෙ ඕන්නම් fb ආවම ලයික් කමෙන්ට් තීන ගාන උනත් සමහර වෙලාවට මෙහෙම නම්බස් වලින් අපි දකිනවා...
💫 විශ්ව ආකර්ශනය තුලදි මේ අංක සලකන්නෙ සුබ පනිවිඩයක් විදිහට.
ඒ කියන්නෙ ඔයා මොනව හරි දෙයක් ගැන බලාපොරොත්තු තියන් ඉන්නවනම් ඒ දේ සාර්ත්ක වෙනව කියල ඉගියක් තමයි ඒ අංක වලින් අපට දෙන්නෙ..
ගොඩක් දුරට ඔයාගෙ බලාපොරොත්තු ඉටු වෙන්න ලගයි. විශ්වාසයෙන් ඉන්න කියල පොදුවේ කියවෙනවා...
💫 අහම්බෙන් දකිනව වගේම සමහර වෙලාවට මේ අංක දැක්කම අහම්බයක් නෙවෙයි මන් හිතල බැලුවෙ කියල දැනෙනවා කියන අය ඉන්නවනෙ.
එතකොට ඒකෙන් වැඩක් නැද්ද අහල තිබුන..
මන් කියන්නෙ ඒත් වැඩක් තීනව... හැබැයි හිතල බැලුව කියල සැකයක් ගන්න එපා..
කොහොම දැක්කත් මේ අංක දැක්කම අපට නොදැනුවත්වම හිතට සතුටක් දැනෙනවා..
අන්න ඒ සතුටයි වැදගත්...
කොහොම කොයි වෙලාවක දැක්කත් ඒ සතුටින් හිතේ තීන පැතුම මතක් කරල සතුටින් ස්තූතිවන්ත වෙන්න...
එතනයි ඒංජල් නම්බස් දකින හේතුව තීන්නෙ..
ඔයාගෙ සතුට තමයි ඒංජල්ට වැදගත්.. එයා ඔයාට දෙන දිරිමත් කිරීම එක්ක ඔයා ලැබිල තීන දේවල් වලට ස්තූතිවන්ත වෙමින් අලුත් හීනෙට යන්න උත්සහවන්ත වෙන්න...
මේ මට දැනුන මගෙ අදහස.. මන් ඉගනගද්දි ලැබුන තොරතුරු තමයි ඒ...
මොන දේ කලත් හිතේ විශ්වාසෙ තියාගන්න...
සමහර වෙලාවට මේ අංක දැක්කත් බලාපොරොත්තු ඉටු උනේ නෑ කියල දුක් වෙන අය ඉන්නවා.. මේ අහන්නකෝ විශ්වාසයෙන් ඉන්න ඔයාට ඕනෙ දේ ඉටු වෙනව හරිම වෙලාවට...
අනිත් දේ තමයි මේව දකින්න ඕනමයි කියල නියමයක් නෑ. නොදැක්ක කියල කොහොමවත් දුක් වෙන්න එපා... සතුටින් විශ්වාසයෙන් ඉන්න ඔයාගෙත් බලාපොරොත්තු ඉක්මනින් ඉටු වෙනවා...
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🌍♥️🦋🦋♥️🌍🌍