Southern Province - දකුණෙ අපි

Southern Province - දකුණෙ අපි අභිමානවත් දකුණු පුරවරයේ, ආදරණීය මිනිස්සුන්ගේ එකමුතුව❤️

දුනිත් වෙල්ලාලගේ ගේ පියා අද ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවති තරඟ්‍ය අතරතුරදී හර්දයාබාදයක් ඇතිවීමේන් ජීවිතක්ෂයට පත් ...
18/09/2025

දුනිත් වෙල්ලාලගේ ගේ පියා අද ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවති තරඟ්‍ය අතරතුරදී හර්දයාබාදයක් ඇතිවීමේන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.😒

එමෙන්ම අද තරඟයේ අවසන් පන්දුවාරය යොමු කෙරූ දුනිත්හට 6 පහරවල් 5ක් එල්ලකිරීමට මොහොමඩ් නබී සමත් වන අතර දඟ පන්දු යවන්නකු හට අවසන් පන්දුවාරය යොමු කිරීමට දීම ගැන පුදුමසහගතයි.



පින්සරු ගැටබරු දිව්‍ය පූජා 2025ගැටබරු ඇසළ මහා මංගල්‍යයේ  05 වන දිනය  03 වන පේළි පෙරහර කොස්මෝදර ශ්‍රී සුබෝධාරාම විහාරයේ ස...
05/09/2025

පින්සරු ගැටබරු දිව්‍ය පූජා 2025

ගැටබරු ඇසළ මහා මංගල්‍යයේ
05 වන දිනය 03 වන පේළි පෙරහර කොස්මෝදර ශ්‍රී සුබෝධාරාම විහාරයේ සිට ගැටබරු පූර්වාරාම පුදබිමට පැමිණේ....!!!🙏

Getabaru Raja Maha Viharaya

බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නැහැ. ජීවිත 25ක් ආරක්ෂා කර ගන්න වගකීම රියැදුරු දෑතට තිබුණා. තව මීටර් කිහිපයක් ඉදිරියට ගියොත්...
05/09/2025

බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නැහැ. ජීවිත 25ක් ආරක්ෂා කර ගන්න වගකීම රියැදුරු දෑතට තිබුණා. තව මීටර් කිහිපයක් ඉදිරියට ගියොත් අඩි දහසකට අධික ප්‍රපාතයකට බසය පෙරළෙනවා.

‘බ්‍රේක් නැතිවුණා. කළබල නොවී හැමෝම පස්සට ගිහින් බේරෙන්න.

එසේ රියදුරුගේ හඬ අවදි වීමත් සමගම බස් රථයේ සිටි සියලුදෙනා මරළතෝනි දුන්නා.

කීර්ති බණ්ඩාරට කරන්න තිබුණේ එක දෙයයි. ඔහු පල්ලමට බස්රථය යන්න කලින් තමුන්ගේ රියැදුරු අසුන තියෙන පැත්ත හිතලම ගල් ඇන්දේ හැප්පුවා.

වේගයෙන් පැමිණි බස් රථය එක හුස්මේ නතර වුණා. මිනිස්සු බස් රථයෙන් බැහැලා ජීවිත බේරා ගත්තා. හැබැයි රියදුරු කීර්ති බණ්ඩාරගේ හුස්ම ආයෙත් ආවේ නැහැ. ඔහු තව එක විරයෙක් වෙලා මේ ලෝකෙ දාලා ගියා.

අජරාමර නිවන්සුවයම අත්වේවා "කීර්ති බණ්ඩාර මහතාට..

මිනිස්සු බේරගන්න හැකියාව විතරක් මදි අත්දැකීම් ඕනා.. කීර්ති වගේ මිනිස්සු තව තවත් බිහිවේවා..!!!

Copied

ඉෂාක් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙනුත් මූල්‍යමය පරිත්‍යාගයක් ''ඉෂාක්ට කෝටියක්'' මැයෙන් ඉෂාක් බෙග් මහතා වෙනුවෙන් ආරම්භ කර...
10/07/2025

ඉෂාක් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙනුත් මූල්‍යමය පරිත්‍යාගයක්

''ඉෂාක්ට කෝටියක්'' මැයෙන් ඉෂාක් බෙග් මහතා වෙනුවෙන් ආරම්භ කරන ලද, සුවිශේෂී වැඩකටයුත්ත සඳහා ශ්‍රී ලංකා පොලීසිය ද මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

මේ, එම කටයුත්ත පිළිබඳව චාමින්ද විමලසේන තබන ලද සටහනයි.

''ඉෂාක්ට කෝටියක්....
ශ්‍රී ලංකා පොලීසියට අපේ උපහාරය....

ශ්‍රී ලංකා පොලීසියේ බෞද්ධ සංගමය ප්‍රධාන කොට එහි සභාපති පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහා බෞද්ධ සංගමයේ ලේකම් DIG මා කල්‍යාණ මිත්‍ර මහින්ද දිසානායක මහතා ඇතුළු පොලීසියේ බෞද්ධ සංගමයේ සියල්ලගේ අනුමැතිය ඇතිව මූල්‍යමය පරිත්‍යාගයක් ඉෂාක් වෙනුවෙන් පරිත්‍යාග කලා...

විශේෂයෙන් ශ්‍රී ලංකා පොලීසියේ බෞද්ධ සංගමයේ ලේකම්තුමන් මහින්ද මහතා මා අමතා ලංකාවේ බෞද්ධාගම වෙනුවෙන් සහා පොලීසිය විසින් සංවිධානය කල සියලු බෞද්ධ වැඩ සටහන් සදහා ඉෂාක් කිසිදු මුදලක් අය නොකර ඒවා සදහා සභාගීවී ගීත ගායනා කල බව සිහි කලේ ඉතාමත් ගෞරවයෙන්.

එමෙන්ම මොහිදීන් බෙග් මහතා බෞද්ධාගම වෙනුවෙන් කල සේවාව අගයමින් එතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ සියළු දෙනා කල මෙම පරිත්‍යාගය අප ඉතාමත් ඉහලින්ම අගයමු.

ඔබ සැමට යහපතක්ම වේවා .!''

පිටබැද්දර එළමල්දෙණිය ෆ්‍රයිඩ් රයිස් සහ අයිස් ක්‍රීම් දන්සල 🙏🌸 එළමල්දෙනිය පාසල අසල ❤️
10/07/2025

පිටබැද්දර එළමල්දෙණිය ෆ්‍රයිඩ් රයිස් සහ අයිස් ක්‍රීම් දන්සල 🙏🌸 එළමල්දෙනිය පාසල අසල ❤️

"පැය 4 න් රුපියල් ලක්ෂ 12 ක් අපේක්ෂා රෝහලට හොයපු ඔන්ලයින් ගේම්කාරයෝ"ඔන්ලයින් ගේම් ගහන අය සමාජයට අහිතකර ජන කොට්ඨාශයක් බව ...
26/11/2024

"පැය 4 න් රුපියල් ලක්ෂ 12 ක් අපේක්ෂා රෝහලට හොයපු ඔන්ලයින් ගේම්කාරයෝ"

ඔන්ලයින් ගේම් ගහන අය සමාජයට අහිතකර ජන කොට්ඨාශයක් බව බොරු මවමින් පෙන්වන්න ලංකාවේ ප්‍රධාන මාධ්‍යයන් පවා සෑහෙන්න කාලයක් තිස්සේ මහන්සි වෙනවා.

ඒත් ඇත්ත මොකක්ද කියන්න අපි හැමෝම දන්නවනේ.

ඉතින් මේ ඔන්ලයින් ගෙම්කාරයෝ ටිකක් එකතු වෙලා කරපු හරි අපූරු වැඩක් ගැන කියන්නයි මම මේ හදන්නේ.

ලංකාවේ ඔනල්යින් ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ ගෝඩ් ලෙවල් එකේ ඉන්න කෙනෙක් තමයි අපේ මිත්‍රයා Manitha Abeysiriwardana නැත්තන් හැමෝම දන්නා ManiYa.

තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මොකක් හරි හොඳ දෙයක් කරන මනියා මේ සැරේ තීරණය කරනවා මහරගම අපේක්ෂා රෝහලට සහ එහි සිටින පිළිකා රෝගීන් වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කරන්න ඔහුගේ ඔන්ලයින් ගේම් ගහන යාළුවොත් එක්ක එකතු වෙලා.

අපේක්ෂා රෝහලට යම් දෙයක් කරන්න කාලෙකට කලින් අදහසක් මනියාට දාපු, ඔවුන් සමඟ සිටි ළඟම මිත්‍රයෙක් පිළිකාවකින් මිය යාමත් අපේක්ෂා රෝහල මේ සඳහා තෝරාගන්න ගොඩක්ම බලපෑවා.

මේ වැඩේ මුලින්ම ගෝල් එක හැටියට තීරණය වුණේ ඇමරිකානු ඩොලර් 1000 ක්. කවුරුත් හිතපු නැති විදියට විනාඩි 27 ක් විතර යද්දී ඒක ඇචීව් කරන්න පුළුවන් වුණා.

පැය 4 ක විතර ලයිව් ස්ට්‍රීම් එක ඉවර වෙනකොට රුපියල් 1,136,765.31 ක් හොයන්න මනියා ඇතුළු හැමෝටම පුළුවන් වෙනවා.

අරමුදල ලක්ෂ 12 රවුම් අගයකට ගෙන්න මනියා ඉතිරි මුදල් ටික පරිත්‍යාග කරා. ළඟදීම ඒ පරිත්‍යාගය අපේක්ෂා රෝහලට සිදු කරයි.

මනියාත් එක්ක මේ වැඩේට උපරිම බැහැලා උදව් කරපු B GANG එකටත්, සමස්ත ගේමින්ග් කමියුනිටි එකටත් අපි හැමෝගෙම ආචාරය හිමි වෙන්නම ඕනේ.

ගේම් ගහන ළමයින් තමයි සමාජයේ හොඳම නැති අය විදියට හංවඩු ගපහු මාධ්‍ය කීයක් මේ වැඩේ ප්‍රචාරය කරයිද කියලා තමයි දැන් බලන්න තියෙන්නේ.

නැවතත් හැමෝටම ස්තූතියි මේ වැඩේට.
මේක අගය කරන්නම ඕනේ. ඒ ගැන කතා දෙකක් නෑ.

RASPAT BOIS AND GRILLS!!!

ජය වේවා.

Copped












🇱🇰

යුතුකම මාතර ❤️
21/09/2024

යුතුකම මාතර ❤️

ඒ 1900 වසරේ දෙසැම්බර් 15 වනදා මධ්‍යම රාත්‍රිය      හුදකලාව පිහිටි "ෆ්ලැනන් දූපතේ "  ප්‍රදීපාගාරය පසුකරමින් නෞකාවක් ගමන් ...
21/09/2024

ඒ 1900 වසරේ දෙසැම්බර් 15 වනදා මධ්‍යම රාත්‍රිය

හුදකලාව පිහිටි "ෆ්ලැනන් දූපතේ " ප්‍රදීපාගාරය පසුකරමින් නෞකාවක් ගමන් කරමින් තිබ්බා.

හුදකලාව පිහිටි මේ දූපතේ තියෙන ප්‍රදීපාගාරය තුලින් වෙනදා විහිදෙන එලිය දක්නට ලැබුනේ නෑ . මෙය මදක් අසාමාන්‍ය තත්වයක් වුවත් නෞකාව සාමාන්‍ය පරිදි තම ගමන කරගෙන ගියා.

පසුදා උදෑසන විට ආසන්නතම වරායට ලඟාවූ නෞකාව අදාල ප්‍රදීපාගාරය තුලින් සංඥා ආලෝක ලබා නොදීම ගැන අදාල බලධාරීන් දැනුවත් කලා 👀

නමුත් ඒ පිලිබඳව ඉහල නිලධාරීන් වෙත පැමිණිලි නොකල අතර, එම නිසා මේ පිලිබඳව සැලකියයුතු උනන්දුවක් ලැබුනේ නැහැ.

මේ සිදුවීම වෙනකොට මේ දූපතේ පිහිටි ප්‍රදීපාගාරය මෙහෙයවන්න පුද්ගලයන් තිදෙනෙක්ව යොදවලයි තිබුනේ . ඇත්තටම මේ තුන්දෙනා විතරයි මුලු දූපතටම හිටියේ 😶‍🌫️

කොහොමහරි දෙසැම්බර් 26 වන දින මුර සංචාරයක් යන නිලධාරියෙක් මෙම දූපත අසලට ගොස් ප්‍රදීපාගාරයට විවිධ සංඥා ලබා දෙනවා, නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනු නිසා ඔහු මේ දූපතට ගොඩ බසින්නට තීරණය කරනවා 👀

ඔහුට එම අවස්ථාවේ කිසිදු ජීවී සලකුණක් නම් මේ දූපත තුල දකින්නට ලැබෙන්නේ නෑ 😶‍🌫️ ඒ කියන්නෙ ප්‍රදීපාගාරය මෙහෙයවන්න මේ දූපතට යොදවලා තිබ්බ මිනිසුන් තුන්දෙනාම ඒ වෙද්දි සම්පූර්ණයෙන්ම අතුරුදන් වෙලා 👀

නැවෙන් ගොඩබැස්ස කපිතාන් ගේ ,සහයකයෙක් ප්‍රදීපාගාරය තුලට ඇතුල් වී එය පරීක්ෂා කරනවා , නමුත් ප්‍රදීපාගාරය මෙහෙයවන්න යොදවලා තිබ්බ මිනිසුන් තිදෙනා ගැන කිසිදු සලකුණක් ඒ ප්‍රදීපාගාරය තුලින් හොයාගන්න ලැබෙන්නේ නෑ 👀

ලොග් පොත පරීක්ෂා කිරීමේදී එය දෙසැම්බර් 14 වනදා පස්වරුව දක්වා සම්පූර්ණ කරලා තිබ්බා, 👀 එයට අනුව ඔවුන් තීරණය කරනවා අදාල මිනිසුන් තිදෙනා අතුරුදන් වෙලා තියෙන්නෙ 14 වන දින රාත්‍රියේ බව 👀

කෙසේ හෝ තවත් පරීක්ෂා කිරීමේදී ඔවුන් විසින් එලිමහනට අඳින ඇඳුම් දෙකක් අතුරුදන් වී ඇති බවත් සොයාගන්නට ලැබෙනවා 👀

නමුත් කිසිදු මලසිරුරක් හෝ, අඩි සටහනක් හෝ, ලේ පැල්ලම් වැනි දෙයක් හෝ සොයාගන්නට නොහැකි වෙනවා 😶‍🌫️

කොටින්ම ඔවුන් තිදෙනා කෙසේ අතුරුදන් වුනාද යන වග සිතාගැනීමටවත් නොහැකි වන ලෙස කිසිදු සාක්ෂියක් ඉතිරි නොවන ලෙස ඔවුන් තිදෙනා අතුරුදන් වී තිබුනා 👀

මේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ මත පලවන්නට වුනා

බොහෝදෙනා පැවසුවේ අයහපත් කාලගුණයක් වේලාවක එලිමහනට අදින ඇඳුම් ඇඳගෙන , මුහුදු වෙරල අසලට ගිය ඔවුන් දෙදෙනෙකු රල පහරට ගසාගෙන යන්නට ඇති බවත් ඔවුන් සෙවීමට ගිය ඉතිරි පුද්ගලයාද රලට හසුවී ගසාගෙන යන්නට ඇති බවත්ය 👀

තවත් සමහරුන්ගේ අදහස වූයේ ඔවුන් තිදෙනාවම බිහිසුණු මුහුදු ජීවියෙකු විසින් ඩැහැගන්නට ඇති බවයි 😶‍🌫️

සැබවින්ම ඔවුන් තිදෙනාට සිදුවූ දෙය අදවනතෙක් නිශ්චිතව සොයාගෙන නැති අතර , මුහුදු රල සම්බන්ධ පැහැදිලි කිරීම විශ්වාස කිරීමට අකමැති වූ බොහෝ දෙනාගේ අදහස වූයේ...

තවමත් මිනිසාට සොයාගත නොහැකි වූ ගැඹුරු මුහුදේ ජීවත් වන බිහිසුණු මුහුදු ජීවියෙකු විසින් මෙම මිනිසුන් ⁣තිදෙනාව ඩැහැගන්නට ඇති බවයි 😶‍🌫️

සැබවින්ම එසේ වූවානම්?.. 👀😶‍🌫️

Copped .

21/09/2024

2015 හා 2019 හා සසඳන විටදී මෙවර ජන්ද දායක ප්‍රථිශතයේ විශාල වෙනසක් වන අතට මෙවට මුළු දිවයිනෙන්ම ලබාදී ඇත්තේ 72% ක පිරිසකි.

21/09/2024

යුතුකම ඉටු කලා නේද? 🙄

රුහුණු රටේ උත්තම සංස්කෘතික මංගල්‍යය වූ රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයට පැමිණෙන  බැතිමතුන්  වෙනුවෙන්...
10/07/2024

රුහුණු රටේ උත්තම සංස්කෘතික මංගල්‍යය වූ රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන බත් දන්සලෙහිහතරවන දිනය ලෙස 2024 ජූලි මස 10 වැනි දින දහවල් හිරුදය විජේරත්න මැතිතුමා දායකත්වයෙන් පැවැත්විනි.

මෙම මහගු සත්කාරය සිදුකරන ලද හිරුදය විජේරත්න මැතිතුමා සහ පවුලේ සැමට කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු !

Follow | Southern Province - දකුණෙ අපි

ගැටබරු රජමහා විහාරය  🌼🧡Gatabaruwa Rajamaha Wihaaraya
10/07/2024

ගැටබරු රජමහා විහාරය 🌼🧡

Gatabaruwa Rajamaha Wihaaraya

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Southern Province - දකුණෙ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share