24/09/2025
The power of your thoughts 🍀🧿🪬
ඔයාගෙ Body එක, Mind එක වැඩ කරන Mechanism එක තේරුම් ගත්ත කෙනෙක් විදියට ඔයා දන්නවා උඩු සිත Control වෙන මූලික සාධකය මොකක්ද කියලා. ඔයා හිතන දේවල්, ඔයාගෙ Thoughts, ඔයාගෙ සිතුවිලි ලොකු බලපෑමක් මේකට කරන්න පුළුවන්. මේ පොතේ කියවෙනවා, මේ Univers එක ඔයාටයි මටයි වාසියට තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ. ඔයා රෝස පැළයක් හිටෙවුවොත් ඔයාට රෝස මල් ලැබෙනවා. ඔයා බෝගන්විලා පැළයක් හැදුවොත් ඔයාට බෝගන්විලා මල් ලැබෙනවා. ඔයාගෙ වත්තෙ ඔයා මුකුත්ම හදන් නැතුව තිබ්බොත් ඔයාට මුකුත්ම ලැබෙන් නැතුව තියෙයිද? නෑ. වල් පැළ එනවා. ඒ වගේ තමයි ඔයාගෙ මනස. ඔයා ඔයාගෙ මනසට Motivational, Positive, Inspirational, Practical, Educational දේවල් පිරෙවුවෙ නැත්නම් ඔයාගෙ මාසෙත් වල් පැළ හැදෙනවා. මට අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඕනෙ, වාහනයක් ගන්න ඕනෙ, සාර්ථක වෙන්න ඕනෙ, සේල්ස් වැඩි කරගන්න ඕනෙ, මට අපෙ Team එක Motivate කරන්න ඕනෙ. මේ පොතේ කියවෙන විදියට මේ හැම සිතුවිල්ලක්ම Vibration එකක් Frequency එකක් තියෙනවා. අර ටීවි චැනල් වලට, රේඩියෝ වලට වෙන වෙනම Frequency තියෙන්නෙ. ඔයා කෝල් එකක් ගද්දි ඒ Frequency සමාන නම්බර් එක රින්ග් වෙනව වගේ, සිතුවිලි වලටත් Frequency තියෙනවා. මේ සමාන සිතුවිලි තමයි ඔයා Attract කරගන්නෙ.Magical Statement එක, Thoughts Become Things. Once Again, Thoughts Become Things. සල්ලි ගස් වලද වැවෙන්නෙ, සල්ලි ගස් වල හැදෙන් නෑ නෙ, අපිට ඒක කරන්න බෑ, මට වාසනාව නෑ, ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි වගේ දේවල් නම් ඔයා කියන්නෙ, මේවා නම් ඔයාගෙ සිතුවිලි වල තියෙන්නෙ ඔයාගෙ යටි සිත වැඩේ පටන් ගන්නවා. හරි, ඔයාට ඒකනෙ ඕනෙ. මං ඔයාට ඒක Attract කරලා දෙන්නම්. ඔයාගෙ Vibration එක ඒක නම් ඒකට සමාන Vibration එකක් මං Attract කරලා දෙන්නම්. එතකොට මොනවද මේ Emotions සහ Feelings කියන්නෙ? මේ Secret පොතේ කියවෙනවා ඔයාගෙ Thoughts වලින් ඔයා හිතන්නෙ මොනවද, ඔයාගෙ සිතුවිලි මොනවද කියලා ඔයාට Feedback එකක් විදියට දෙන Gift එකක් තමයි මේ Emotions කියලා කියන්නෙ. මේ පොතට අනුව මේ Emotions ජාති 2ක් තියෙනවා.
Two types of emotions
Positive emotions
Negative emotions
Guilt, Anger, Anxiety, Unhappy, Sad කියන මේ ඔක්කොම Negative emotions. කොයි වගේ වෙලාවටද ඔයාට Negative emotions එන්නෙ? ඔයාගෙ Goal එකට, ඔයාට යන්න ඕනෙ තැනට, ඔයාගෙ Desire එකට ගැළපෙන් නැති දේවල් ජීවිතේ සිද්ධ වෙනකොට ඒක තේරුම් කරන Feedback එකක් විදියට තමයි Negative emotions ඔයාට එන්නෙ.