Lyzaag Lanka

Lyzaag Lanka ප්‍රවෘත්ති වාර්තා ,සොබාදහම පරිසරය සහ ?

ගෙදර අල්මාරි අල්මාරියේ ඇඳුම් ටික පිළිවෙලට නමලා අහුරලා තියෙනවා ..කොයි තරං තරම් ලස්සනට පිළිවෙලට අහුරලා තිබුනත් ,,කී දවසක් ...
30/09/2025

ගෙදර අල්මාරි අල්මාරියේ ඇඳුම් ටික පිළිවෙලට නමලා අහුරලා තියෙනවා ..කොයි තරං තරම් ලස්සනට පිළිවෙලට අහුරලා තිබුනත් ,,කී දවසක් නම් අම්මගෙන් නෝනගෙන්..යාලුවන්ගෙන් බැනුම් ඇහුවද ..වෙන ඇඳුම් නෑ වගේ ඇයි ඕකම අඳින්නේ ..මටනම් ඕක දැකල ඇති වෙලා ..මේ වගේ කතා කී දවසක් ඇහුවද ..ඔබ ආස ඇඳුමට ම අත යන නිසා ...කොයි තරම් ඇඳුම් තිබ්බත් .ඔබේ මොළේ ඇඳුන ..පුදුම බැඳීමක් තියෙන ..ඇඳුමට නේද හිත ඇදෙන්නේ ..ඉස්සර ඉඳලා කොළඹ පාරේ ගියපු කෙනෙක් නම් ..පොල් අතු බත් කඩේ අපිට හොඳට මතකයි ..පුංචි කාලේ මල්ගුඩියේ දවසක් නාට්‍යය ..,වොසින්,robin hood ,knight rider ,ටාසන් ,රාමායණය ..මගේ කාලයේ අයට නම් මේවා හොඳට මතක ඇති ..මොකද .මොලේ ගැඹුරුම තැන හොඳට ඇඳිලා තියෙන දේවල් ...ඒ වගේ බොහෝ සිතුවම් ඇති .ඔබේ මොලෙන් මැකෙන්නෙ නැති ..මොලේ ඇඳිලා තියෙන හිත ඇදගත්ත තැන් ..මොකක්ද මම කියන තියරිය .අහගන්න ."මොලේ ඇඳෙන දේට මොලේ ඇදෙනවා..".දැන් තමයි ගැඹුරුම තැන මුදල් ආකර්ෂණය ගැන ..ඔබට කියන්න යන්නේ ..අහන්න හදවතින් මොලෙන් ඔබ ..ගෙදර අල්මාරියෙ ඇඳුම තරමටවත් ..ඔබ රුපියල් පන්දාහේ කොලයකට ආදරේ කරාද පරිස්සං කරාද ගරු කරාද ..කියන්න පුළුවන්ද ලක්ෂණ පහක් ..අඳින්න පුලුවන්ද .කොලයක පන්දාහේ නෝට්ටුවක මතක ලක්ෂණ පහක් ..දැන් තේරෙනවද ඔබේ තරම ..අතට ගත්ත පන්දාහ ගන්නවට වැඩි වේගෙන් වියදම් වෙනවා නේද ..ළඟ රැඳෙන්නේ නෑ නේද ..ඒ ඔබ ආදරේ කරපු ඇඳගත්තු තරම ..හොඳට මතක තියාගන්න.නිතර උවමනාවෙන් ආසාවෙන් ..පන්දාහේ නෝට්ටු අතට අරගෙන විමසිල්ලෙන් බලලා .පුළුවන් තරම් ඔබේ මොලේ සිතුවම ඇඳගන්න ..ඇස් දෙක පියාගෙන කියන්න පුළුවන් තරමට .පිටපත් කරන්න පුළුවන් තරමට .චිත්‍ර යෙන් පරිණත මොලයක් හදාගන්න ..ටිකක් හොදට මේ ටික බලන්න ...මතුපිට වම් පැත්තේ පහලට කලුපාට ඩොට් හයක් ..වම් පැත්තේ කළු පාටින් Rඅකුර යට ඉලක්කම් අටක් .දකුණු පැත්තෙRඅකුර යට පහලට රතුපාටින් ඒ ඉලක්කම් 8ම.වම් පැත්තේ යට සමනලයෙක් .දකුණු පැත්තේ ඩෑම් එක සහ ඉලක්කම් අතර දිය ඇල්ල..dam එකේ තුන්වෙනි කණුව හරහා යන ඉටි පටිය..ඉහළින් ශ්‍රී ලංකා මහ බැංකුව .පහලින් රුපියල් පන්දාහයි කියලාසින්හලෙන් ඉන්ග්‍රීසියෙන් දෙමලින් මුද්‍රණය කරලා ..නෝට්ටුව අනිත් පිට හරවල බලපුවම..ඉහළින්ම රුපියල් පන්දාහ ඉලක්කමෙන් .දකුණු පැත්තෙන් මුරගල .මුරගලට යටින් නැවත පන්දාහක් දික් අතට.පහලින් සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් පන්දාහක් ලියලා .දකුණු පැත්ත කෙලවරේ පන්දාහ ඉලක්කමෙන් .අකුරෙන් ලියූ 5000ට ඉහළින් නැට්ටුවෙක් ඉඳගෙන නැට්ටුවෙක් හිටගෙන ..ඉඳගෙන ඉන්න නැට්ටුවට ඉහළින් ලංකා සිතියම ..සිතියමේ කෙළවර ශ්‍රී ලංකා මහ බැංකුව කියලා ..භාෂා තුනෙන්ම ලියලා ..පුලුවන්නං මේ කියපු කතාව..ඔබ කොලයක් අරගෙන හිතලා ඇඳලා .පස්සේ පන්දාහේ නෝට්ටුවක් අරගෙන ..අධ්‍යයනය කරලා බලන්න ..සැහැල්ලු සරල තේරෙන මතක හිටින භාෂාවකින් ..මොළේට ගන්න අවශ්‍ය නිසා මෙහෙම සඳහන් කළාට ..ඔබට තව බොහෝ සවිස්තරාත්මකව මෙය මතක තියාගන්න පුළුවන් ..හොඳට අධ්‍යයනය කරන්න ..තදින් සිතුවම මොලේ ඇඳගන්න .නිතර නිතර මා වෙත .පන්දාහේ මුදල් නෝට්ටු ..ගලාගෙන එන විදිය හිතන්න දකින්න ..ආවොත් ලඟට පන්දාහේ කොලයක් ..වැඩිම දින ගණනක් ඔබේ ළඟ තියාගෙන ඉන්න සහතික වෙන්න ..ඇස් දෙකෙන් දකින්න අතගාන්න ..කාට දුන්නත් අත්දෙකෙන්ම දෙන්න .ගෞරවයෙන් ..ඔහුට හරි යන්න හරියන්න සරු වෙන්න ප්‍රාර්ථනා කරන්න ..මට නැවත නැවතත් ඒ වගේ විශාල මුදල් නෝට්ටු .මා වෙත ගලා ගලාගෙන එනවා.ඒ සඳහා සැලසුම හැදෙනවා ..හිතිං මුමුණන්න ..පුලුවන්නං නිදාගන්න යද්දි ..දවසේ අවසාන සිතුවිල්ල ඇස් දෙකෙන් පන්දාහෙ කොලේ හොදට කියවලා ..උදේ අවදි උන ගමන් පළමුව අත්දෙකෙන් පන්දාහෙ කොල‍ය අරගෙන අය වතාවක් කියවලා .බලලා .පුදුම විශ්වාසයකින් සහතිකයකින් දවස පටන් ගන්න..ක්‍රමය මොකක්ද කියලා හිතන්න යන්න එපා ..මැලිකම් පැත්තකින් දාලා සතුටින් විශ්වාසයෙන් දවස පටන් ගන්න.සත්තයි සහතිකයි ඔබට ..මුදල් ගලාගෙන එන මාවතක් හැදෙනවාමයි..වෙනදට වඩා වැඩියෙන් ඔබ ලඟ ඒ මුදල් ආදරෙන් ආරක්ෂා වෙනවාමයි ..ඔබේ සාර්ථකත්වය ටඅරමුණට ඔබ පුදුම වෙන විශ්වාසයකින් වෙනදට වඩා . කැපවීමෙන් සූදානම් වෙන්න .ආදරේ කරමින් මුදල් අගය කරමින් සිතේ ඇදගනිමින් ඉදිරියටම යන්න .ලැබුණොත් මුදල් අතට ..කොල පිලිවෙලට එක අතට හදන්න..වටිනාකම අඩු කුලේ සිට වැඩි කොලේ දක්වා පිළිවෙලට හදාගන්න ..මුදල් ගණන් කරද්දි පිටට යන්න නෙමෙයි ..ඇතුලට එන්න .අත් දෙකෙන් ගණන් කරද්දි හුලං පාර තමන් පැත්තට එන්න ..මුදල් මගේ මගේ මගේ කියලා හිත හිත ගණන් කරන්න ..පිටට නෙමේ ඇතුලට ..කාට හරි පඩියක් දෙද්දී ..අත් දෙකෙන් සතුටෙන් සුබපතලා දෙන්න ..ඔබ මුදල් වලට ආදරේ නං .ආදරේ කරන දේ ආකර්ෂණය වන බලයක් ..තියෙනවා වගේම ..ඔබ ආදරය කරන දේ බොහෝ ආදරයෙන් පරිස්සම් වෙනවා ..මොලේ ඇඳෙන දේට මොලේ ඇඳෙනවා මයි..කරල බලන්න .බලලා කියන්න .සමාවෙන්න මට..කතාව දිග උනාට ..සුභ දවසක් ඔබට

Copied සජිත් වන්නිනායක

මොකද්ද මේ cryptocurrency කියන්නේ?තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු ...
29/09/2025

මොකද්ද මේ cryptocurrency කියන්නේ?

තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්න පහසු මුදල් ඒකක වල අවශ්‍යතාව මිනිසුන්ට දැනෙන්නට පටන් ගන්නවා. Cryptocurrency එහෙමත් නැතිනම් ඩිජිටල් මුදල් පිළිබඳ අදහස ලෝකෙට එන්නේ එහෙමයි. Dogecoin, Bitcoin කියන්නේ අද ලෝකයේ ඉතාම ජනප්‍රිය Cryptocurrency වර්ග. ඉතාම සංකීර්ණ පරිගණක වැඩසටහන් මගින් නිර්මාණය වන මේ Cryptocurrency වර්ග බොහොමයක් කිසිම රටකට, ආයතනයකට හෝ පුද්ගලයකුට අයිති දෙයක් නෙමෙයි. ඒ වගේම මේවයේ හැසිරීම පාලනය කරන්නත් කිසිවෙකුත් නැහැ. ඔබ සමහරවිට දකින්න ඇති බිට් කොයින්වලින් ගෙවීම් කළ හැකි ත්‍රීරෝද රථ පිලිබඳත් අන්තර්ජාලයේ කතාබහක් ඇති වුණා. අද වෙද්දී මේවා එතරම් ම සාමාන්‍යකරණය වෙලා.

IMF පුරෝකතනය 2030 වනවිට ලෝකයේ මුදල් සංසරණයෙන් crypto currency භාවිතාව 30% ප්‍රතිශතය ඉක්මවා යන බවයි

අද වෙද්දී Cryptocurrency වෙනුවෙන් ම විශේෂිත බැංකු සේවා පවා ආරම්භ ව තිබෙනවා. අද වෙද්දී Cryptomining සඳහා විශේෂිත උපාංග පවා නිහී වෙන්න පටන් අරගෙන. විවිධ පුද්ගලයන් මයිනින්ග් ෆාම් පවා පවත්වාගෙන යනවා. ඒවගේම අවශ්‍ය නම් ඔබේ දුරකතනයේ පවා මේ කටයුත්ත සිදු කරගන්න පුළුවන්. හැබැයි ක්‍රිප්ටෝ මයිනින්ග් ඔබ කුමන උපාංගයක කළත් ඒ වෙනුවෙන් විශාල වශයෙන් ඔබේ උපාංගයේ මතක ධාරිතාව සහ සැකසුම් බලය අවශ්‍ය වෙන නිසා ඔබේ දිනපතා භාවිත කරන පරිගණකයේ හෝ දුරකතනයේ මේවා සිදු කිරීමට අපි යෝජනා කරන්නේ නැහැ.

ක්‍රිප්ටෝ මයිනින්ග් මෘදුකාංග
අද වෙදිදි විවිධ හැකර්වරුන් මෙවැනි ක්‍රිප්ටෝ මයිනින්ග් මෘදුකාංග වෙනත් පුද්ගලයන්ගේ පරිගණකවල අනවසරයෙන් ස්ථාපනය කරන්න පටන්ගෙන තිබෙනවා. විශේෂයෙන් ම ඔබ භාවිත කරන්නේ cracked මෘදුකාංග නම් එවැනි අවදානමක ඔබත් ඉන්නවා. ඔබටත් නොදැනීම ඔබේ පරිගණකය මන්දගාමී වෙන්න මෙවැනි මෘදුකාංග හේතුවෙන්න පුළුවන්.

Crypto currency ගැන අදහස් සහ ඔබට දැනගැනීමට අවශ්‍ය විස්තර ගැන comment එකක් දාන්න දීර්ඝ ලිපියක් මගින් සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන්නම් තවත් කෙනෙක් ට බලන්න like and shear කරන්න

29/09/2025

දන්නව කියල හිතාගෙන හිටියට කියවලා බලන්න
වේගය.....🚗
--------------
🔘 ඇරලා යන්න කලින් මේ පිළිබඳ දැනුවත් වෙන්න👇

ආරක්ෂිත ගමනකට ඔබේ වාහනයේ ටයර් වල ආයු කාලය සහ උපරිම වේගය සඳහා සඳහන් කර ඇති ඉංග්‍රීසි අක්ෂරය දැන ගැනීම ඉතා වැදගත් වේ.

සෑම ටයරයකම සයිඩ් එකෙන් වේගය ශ්‍රේණිගත කිරීම L සිට H දක්වා අක්ෂරයකින් දක්වා ඇති බව ඔබ දන්නවාද?

මීට අමතරව, ටයරයේ ආයු කාලය පැත්තක ඉලක්කම් හතරකින් දක්වා ඇත, පළමු ඉලක්කම් දෙකෙන් නිෂ්පාදනය කරපු මාසය සහ අවසාන අංක දෙකෙන් නිෂ්පාදිත වර්ෂය දක්වයි. ටයරයක වලංගු භාවය සාමාන්‍යයෙන් නිෂ්පාදනය කළ දින සිට වසර දෙක තුනක් පමණ වන බව සැලකිල්ලට ගැනීම වැදගත්. එමනිසා, අනතුරු වළක්වා ගැනීමට ඔබේ ටයර්වල අධික වේගයේ පීඩනයට ඔරොත්තු දිය හැකි බව සහතික කරගැනීම ඉතා වැදගත් වේ.

බොහෝ ටයර් පුපුරන්නේ වේගය වැඩි වීම නිසා වන අතර, ඔබේ ටයර්වල සඳහන් අකුර පරීක්ෂා කිරීමෙන් මෙය වළක්වා ගත හැක. සෑම ටයරයක්ම නිශ්චිතව වේගය ශ්‍රේණිගත කිරීමක් ඇත,

🔘 L අකුරෙන් අදහස් කරන්නේ උ. වේගය කිලෝමීටර 120 කි.
🔘 M අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 130 කි.
🔘 N අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 140 කි
🔘 P අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 150 කි.
🔘 Q අක්ෂරයේ තේරුම කිලෝමීටර 160 කි.
🔘 R අකුරේ තේරුම කිලෝමීටර් 170 කි.
🔘 H අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 210 ට වැඩි යන්නයි.

ඔබේ ටයරයේ උපරිම වේගය සඳහා වන අක්ෂරය සහ Expire date පිළිබඳව දැනුවත්ව සිටීම ඔබටත් ඔබේ පවුලේ අයගේ ආරක්ෂාවටත් ඉතා වැදගත්...

- copied

පෘථිවියේ පවතින සියළුම වටිනා බීජ වර්ග ගබඩාකර තබා ඇති (vault at the end of the world) ලෝකයේ තිබෙන එකම සුරක්ෂිතාගාරය නැත්නම...
28/09/2025

පෘථිවියේ පවතින සියළුම වටිනා බීජ වර්ග ගබඩාකර තබා ඇති (vault at the end of the world) ලෝකයේ තිබෙන එකම සුරක්ෂිතාගාරය නැත්නම් ලෝකයේ බීජ සේප්පුව තමයි මේ තියෙන්නේ...
මේක පිහිටවලා තියෙන්නේ උතුරු ධ්‍රැවයේ සිට කිලෝමීටර් 1,300 ක් පමණ දුරින් නෝර්වේ රටේ ස්වල්බාර්ඩ් දූපත් සමූහයේ එක් දූපතක...
වසර 2008 දී විවෘත කරන ලද මෙම භූගත ගබඩාව ස්වභාවික විපත්, ගැටුම් සහ දේශගුණික විපර්යාස නිසා ඇතිවන ජානමය ජෛව විවිධත්වය අහිමි වීම සඳහා රක්ෂණයක් ලෙස ක්‍රියා කරමින් ලොව පුරා තිබෙන වටිනා බෝග පැල බීජ මිලියන 4.5 ක් සංරක්ෂණය කිරීමට සැලසුම් කරගෙන යයි...
ඉතින්... ලෝකය කවදා හෝ විනාශවෙලා සහ මිනිස්සු අතරින් ඉතිරිවෙලා ඉන්න එකම පුද්ගලයා ඔබ නම්... ලෝකය නැවතත් ගොඩනගන්න යා යුත්තේ කොතැනටද කියලා දැන් ඔබ දන්නවා....

- ධම්මික සමරතුංග -

චීනයේ පැතිර යන හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය විය යුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසා...
07/01/2025

චීනයේ පැතිර යන හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය විය යුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

"ශීත ඍතුවේ දී ස්වසන ආසාදන බහුලව දක්නට ලැබෙන අතර එය අනතුරු ඇඟවීමට හේතුවක් නොවේ."

2001දී සොයාගනු ලැබූ HMPV වෛරසය, අලුත් වෛරසයක් නොවන බවත්, සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝග ලක්ෂණ සහිත ස්වසන ආසාදන ඇති කරන රෝගයක් බව මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.

කෙසේවෙතත්, HMPV වෛරසය ළමයින්ට, වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණයක් ඇති අයට බරපතල විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.

මෙම වෛරස තත්ත්වය සාමාන්‍යයෙන් සතියක් ඇතුළත පහව යන බව ද මහාචාර්ය චන්දිම ජීවන්දර සිය X ගිණුමේ සටහන් කර ඇත.

මම අද තිස්සමහාරාමෙ කඩේකට වෙලා ඉද්දි මේ පින්තූරෙ ගත්තෙ. මේ ඉන්න මනුස්සයා මේ විදේශීය කාන්තාවට රටේ බලන්න යන්න පුළුවන් තැන්,...
07/01/2025

මම අද තිස්සමහාරාමෙ කඩේකට වෙලා ඉද්දි මේ පින්තූරෙ ගත්තෙ. මේ ඉන්න මනුස්සයා මේ විදේශීය කාන්තාවට රටේ බලන්න යන්න පුළුවන් තැන්, ඒව තියෙන දුර, යන්න එන්න ලේසිම විදිහ, ගැන හරි ලස්සනට ඉංග්‍රීසි කෑලි දදා පැහැදිලි කලා. කොහොම හරි මෑන්ට සාමාන්‍යෙන් හොඳ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක් තිබ්බා. දෙන්න මේ කඩේට ගොඩ වෙලා තියෙන්නෙ මොනා හරි කන්න. මේ සුදු ජාතික ගෑනු කෙනා ෆෘට් සැලඩ් එකක් ඕඩර් කලා.

දැන් ඔන්න දෙන්න කතාව දාන් ඉන්න අතරෙ මේ මනුස්සයා ඉන්න තැනට හොඳටම බීල වැනි වැනි තව ලංකාවෙ මනුස්සයෙක් ඇවිත් බනින්න පටන් ගත්තා. " උබ කොහොමද එහෙම මිනිස්සුන්ට කතා කරන්නෙ මේ අපේ අය මුන්ව දෙන්න බෑ" වගේ ඒව කිය කිය බනින්න පටන් ගත්ත. ඒකත් හරි ලස්සනට හැන්ඩ්ල් කරල ඒ මනුස්සයව කඩෙන් එලියට ගිහින් දාලා ආයෙ ඇවිත් මේ මනුස්සය අර ගෑනු කෙනාගෙන් සමාව ගත්තා. එහෙම සමාව අරං කියනව පොඩ්ඩක් ඔහොම ඒව වෙනව ඒව ගනන් ගන්න එපා ලංකාවෙ ඊට වඩා ලස්සන ඕන තරම් දේවල් තියෙනව කියල තව ලැමිනේට් කරපු දෙකට තුනට නවපු බෝඩ් එකක් අරං ඒකෙන් ලස්සන පින්තූර වගයක් පෙනුව යන්න පුලුවන් තැන් වල. ඒ ගමන් අරක අමතක කරල දාන්න එයා අර ගෑනු කෙනාගෙන් බලන්න යන්න තැන් ආස විදිහ කෑම බීම ගැන අහන්න පටන් ගත්තා. තව මේ මනුස්සය කියනව ඔය දුර බස් වලට මේ බස් ස්ටෑන්ඩ් එකට හෝල්ට් දෙකක් විතර කලින් මිනිස්සු නැගල සුදු මිනිස්සුන්ට පාර කියන්න උන් ගෙ ඇඟේ එල්ලෙන්න හදන හොරු ඉන්නව උන්ට අහුවෙන්න එපා කියල.

මාත් දැන් බත් එක කකා ඕක බලන් ඉන්නව. පස්සෙ ඔන්න අර සුදු ගෑනු කෙනා ඕඩර් කරපු ෆෘට් සැලඩ් එක අරං වේටර් මල්ලි කෙනෙක් ආවා. දැන් ෆෘට් සැලඩ් එක ලංකන් ස්ටයිල් එකට වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් එකක් එහෙම දාලා ලස්සනට මේසෙ උඩින් තිබ්බ ගමන් මේ සුදු ගෑනු කෙනා කිව්වා ඒක කන්න බෑ කියල. දැන් ඔක්කොම කන්ෆියුස් මාත් බලන් ඉන්නව ඉතින්. ඕන දේ ඕඩර් කරල ගෙනාවට පස්සෙ එපා කිව්වම කඩේ එකාටත් මල පැනල. දැන් අර මනුස්සය ඇහුව ඇයි එප කියන්නෙ කියල. බලද්දි සුදු ගෑනු කෙනාට කිරි ඇලර්ජිලු. අයිස්ක්‍රීම් දාපු නිසා කන්න බැරිලු. ඔය ගොඩක් යුරෝපීය රටවල අයට ඔහොම ආසාත්මිකතා වැඩී. දැන් කොල්ලත් කන්ෆියුස් අර මනුස්සයත් කන්ෆියුස්. කොල්ලට නම් වැඩිය සුදු ගෑනු කෙනා කිව්ව එක තේරුන් නෑ වගෙ.

එක පාරම අර ගයිඩ් මනුස්සය ඒක අරං කිව්වා මේක මම කන්නම් මේ මැඩම්ට අයිස්ක්‍රීම් නැති එකක් ගේන්න කියල. ඒක හරි ලස්සන මොහොතක්. තමන්ට කන්න උනේ මේ අහක යන එකක් නෙ අතේ තියෙන ගානකටනෙ තට්ටු වෙන්නෙත් ඒත් ඉතින් ඒක කන ගමන් ඒ මනුස්සය එතන හිටිය තව ගෑනු කෙනෙක්ට කියනව මෙහෙම, බන් දැන් මේක එපා කිව්වම අපිට මොකුත් කරන්න බෑනෙ අරං මේ ගෑනිගෙ ඔලුවෙ හලන්නද එහෙම බෑනෙ ඉතින් බන් මේක ඕනෙ උනත් එපා උනත් කාලා ඒ මනුස්සයගෙ මේ මොහොත හොඳ එකක් කරන එකයි වැදගත්. අනික මේ මිනිස්සුන්ට කාට හරි ලංකාව හොඳ රටක් කියන්නත් එහෙම නැති ජරා රටක් කියන්නත් ඔය වෙන පොඩි සිද්ධිය ඇති. ඒ හින්ද මේක කනව. මගෙ අතේ සල්ලි කීයක් හරි තියෙන හින්ද කනව මිසක් මේක කන්න බෑනෙ නැත්තන්. ඒකට තමයි මේ වචනයක් දාලා මිනිස්සුන්ට පාරක් පෙන්නලා කීයක් හරි හම්බ කරගන්නෙ. හොර බොරු නෙවේ ජීවිතේ මේක කරන්නෙ සතුටින් බන් කියල. මට මේක ඉංග්‍රීසියෙන් කියාගන්න බැරිනම් බන් අතින් පයින් හරි කියනව එහෙමත් බැරි නම් ඇඳල හරි පෙන්නනව කියල.

කොහොම උනත් මෙහෙම මිනිස්සු ලංකාවෙ සංචාරක ක්ෂේත්‍රයට ලොකු සේවාවක් කරනවා. හොරුත් ඇති. ඒත් මේ මනුස්සය හරි සාධාරණ හොඳ කොලිටි මනුස්සයෙක්. මං කියන්නෙ බිම්මට්ටමේ හෝ ඉහලම මට්ටමක මග පෙන්වන්නෙක් උනත් සාධාරණව අවංකව මෙහෙම වැඩ කරන්න ඕනෙ.

කලු වෙලා කෙට්ටුවට මූනෙ හැම රැල්ලක්ගානෙම වියලි කලාපෙ මිනිස්සුන්ගෙ ජීවන අරගලේ නිරූපණය කරන මේ මනුස්සයට තව හරියන්න ඕනෙ. ❤️

ලංකාව ලස්සන රටක් වෙන්නෙ අපි තනි තනියෙන් ගන්න උත්සාහයන් ඔක්කොගෙම එකතුවක් නිසා. 💫

ජය වේවා...!
~කෝනාර

උපුටාගැනීමකි

උම්බලකඩ කුඩු සමග ජනතාවගේ ලිවර් එක දිය කිරීම⬇️අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට, ...
10/11/2024

උම්බලකඩ කුඩු සමග ජනතාවගේ ලිවර් එක දිය කිරීම⬇️

අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට, පොල් සම්බෝලයට පමණක් නොව උයන පියන ව්‍යංජන රසවත් කරන්නටත් උම්බලකඩ නැතුවම බැරි අංගයක් විය.
ගිරයකින් උම්බලකඩ උලුප්පා ගත් යුගයක් අප රටේ විය.
ඉන්පසු උම්බලකඩ කැබලි කර පැකට් ලෙස වෙළඳපොළට නිකුත් කරන්නට විය.
ලංකාවේ කිසිම දවසක උම්බලකඩ විකුණන්නට රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය කළේ නැත.
උම්බලකඩ කෑල්ල අද ඒ තත්ත්වයට පත්ව ඇත්තේ බහුජාතික සමාගම් උම්බලකඩ බිස්නස් එකට අත දැමීමත් සමගය. බොහෝ සමාගම් උම්බලකඩ විකුනන්නෙ උම්බලකඩ පවුඩර් මිශ්‍රණයක් නමිනි.
එම ලේබලයේ සැබෑ උම්බලකඩ සමගින් යනුවෙන් තවත් සඳහනක් ඇත. එයින් කියැවෙන්නේ සැබෑ උම්බලකඩවලට අමතරව තවත් ඒවා ඇති බවයි.
ඒවා මොනවාදැයි සොයා බැලූ විට පෙනී යන්නේ අප උම්බලකඩ කුඩු කියා කන්නේ අජිනොමොටෝ බවයි.
මෑතකදී පිළිකා රෝහලේ වෛද්‍යවරයෙකු පවසා සිටියේ පිළිකා රෝහලට අතීතයේදී දිනකට පැමිණෙන නවක රෝගීන් ගණන 7-8 පමණ වූ බවයි. වර්තමානය වන විට එම සංඛ්‍යාව දිනකට 80 පමණ වන බව ඔහු ප්‍රකාශ කළේය.
පිළිකාව අප උපතින් අරන් එනවාද, නැතිනම් බහුජාතික සමාගම් අපට පිළිකා හදනවාද යන්න වටහාගත යුතු කාල සීමාව දැන් එළැඹ ඇත.
ඉස්සර අප දැන සිටියේ ක්ෂණික මෝචනය පමනි. දැන් ක්ෂණික නූඩ්ල්ස්වල සිට හැම කන කෑමක්ම, බීමක්ම ක්ෂණික වී තිබේ.
අපේ ජීවිත ක්ෂණික කරදී ක්ෂණිකව ස්වර්ගයට යන පාර කපාදීම බහුජාතික සමාගම්වල ක්ෂණික කාර්යභාරය වී තිබේ.
මෙකී බහුජාතික සමාගම් ජනතාවගේ ඇස්වලට වැලි ගසන තවත් උපාය මාර්ගයක් ඇත. එනම් ඔවුන් විකුණන ආහාර වර්ග ඇසුරුම්වල ඉදිරිපස 'no added msg' යනුවෙන් ලොකුවට සඳහන් කර තිබීමයි. අපේ රටේ මෝඩ ජනතාව සිතන්නේ මේක මරු කෑමක් කියායි.
එහෙත් ඇසුරුම පිටුපස බැලූවිට යථාර්ථය මොනවාට පැහැදිලි වෙයි. ඉහත 'no added msg' යන පාඨයෙන් කියවෙන්නේ අමතරව msg අඩංගු කර නැති බවයි. එහෙත් ඔවුන් සාමාන්‍යයෙන් එක් කරන msg ප්‍රමාණය එහි අඩංගුව ඇත.
බහුජාතික සමාගම් මෙරට ජනතාවට මෙලෙස වස ගිල්ලවද්දී සෞඛ්‍ය බලධාරීන් නිසොල්මනේ බලා සිටීම විමතිය දනවන කරුණකි. පාරිභෝගික ආරක්ෂා පනත්, පාරිභෝගික අධිකාරිය යනාදී වශයෙන් නහුතයක් අධිකාරි හා සංවිධාන මේ රටේ පිහිටුවා තිබේ. නිදි වැද සිටීම හැර මෙම සංවිධාන කරන වෙනත් කාර්යභාරයක් නැතිදැයි ඇතිවන්නේ බලවත් සැකයකි.

🙏 w.m

ඔව් ඔව් නැවත එනවා
25/09/2024

ඔව් ඔව් නැවත එනවා

24/09/2024
24/09/2024

ජනාධිපති තුමනි නව නීති සකස්කර paypal ,skrill ,perfectmony,coinbas,
trust wallet වැනි ලොවපුරා පිලිගත් ඩිජිටල් බැංකු වලට සහ crypto වලට අවසර දෙන්න වසරක් ගතවෙන්න පෙර ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් වේවි

23/09/2024

Poor countries have the longest National anthems because they explain all their problems in it!

Address

Galle Road
Galle
80550

Alerts

Be the first to know and let us send you an email when Lyzaag Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lyzaag Lanka:

Share