23/08/2026
දිනෙන් දින අසන්නට ලැබෙන නාවික අනතුරු අතර ඊයේ දින සිදුවු අනතුර, කාර්ය මණ්ඩල සාමාජිකයන් 24 දෙනෙකු රැගෙන ගමන් කළ MV Ocean Winner නමැති පැනමා ධජය යටතේ යාත්‍රා කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් (Bulk Carrier) ඉන්දියාවේ ඔඩිෂා වෙරළට ඔබ්බෙන් බෙංගාල බොක්කේදී ගිලී ගොස් ඇති බව වාර්තා වේ. නෞකාව සමුද්‍රීය නිරීක්ෂණ පද්ධතිවලින් හදිසියේ අතුරුදන් වීමත් සමඟ ඉන්දීය බලධාරීන් විසින් විශාල සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
MV Ocean Winner නෞකාව යකඩ (Iron Ore) තොගයක් රැගෙන Paradip වරායෙන් පිටත්ව තිබූ අතර, එය සිංගප්පූරුව බලා යමින් සිටි බව වාර්තා වේ. නෞකාව සිංගප්පූරුවට අගෝස්තු 27 වනදා ළඟාවීමට නියමිතව තිබූ බව සඳහන් වේ.
මීටර් 225ක් දිග මෙම නෞකාව ඔඩිෂා වෙරළේ සිට නාවික සැතපුම් 240කට වැඩි දුරකදී අවසන් වරට වාර්තා වී තිබේ. ඉන්පසුව නෞකාව සමඟ තිබූ සන්නිවේදන සම්බන්ධතාවය අහිමි වී ඇත.
සෙනසුරාදා රාත්‍රියේදී Maritime Rescue Coordination Centre (MRCC) වෙත නෞකාව සමඟ සම්බන්ධතාවය නැතිවීම පිළිබඳ තොරතුරු ලැබී ඇති අතර, Victory Star Group Co Ltd විසින් සෙවීම් හා මුදාගැනීමේ සහාය ඉල්ලා තිබේ.
නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 24 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් අතර:
🇨🇳 චීන ජාතිකයන් – 20 දෙනෙක්
🇲🇲 මියන්මාර ජාතිකයන් – 3 දෙනෙක්
🇧🇩 බංග්ලාදේශ ජාතිකයෙක් – 1 දෙනෙක්
ඉන්දීය Coast Guard සහ Indian Navy විසින් මේ වනවිට මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත්, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් දෙදෙනෙකු බේරාගත් බව වාර්තා වේ.