08/09/2024
පූර්ව මැතිවරණ කාලසීමාව තුළ ජනාධිපතිවරණයට අදාළව ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිටියේ ඊයේ (07) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 209ක් ලැබී ඇති බවයි. ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 07 වනදා දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2863ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී මහාචාර්ය අර්ජුන පරාක්‍රම පසු ගියදා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේ. ජනාධිපතිවරණයේදී රාජ්‍ය බලය සහ සම්පත් අවභාවිත කිරීම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බවයි.
''මැතිවරණවලදී මීට පෙර වාර්තා වූ ශාරීරික ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වුනත් ව්‍යුහාතමක තත්වයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ක්‍රියාත්මක වෙනවා. මැතිවරණ කොමිසම කරන දැනුම්දීම් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම විශාල ගැටලුවක්. මන්ත්‍රීවරු දෙවැනි ගිනිඅවියත් ඉල්ලා සිටීම, වැඩබලන පොලිස්පතිවරයෙක් පත්නොකිරීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට යෝජනා කිරීම සහ ජනාධිපතිවරයාට පක්‍ෂ නැති රාජ්‍ය අමාත්‍යවරු ඉවත කිරීම ආදිය රාජ්‍ය බලය පාවිච්චි කිරීමට උදාහරණක්.
ජනාධිපතිවරයා හෙලිකොප්ටර් පාවිච්චි කරන්නේ ජනාධිපතිවරයා ලෙසද, ජනාධිපති අපේක්‍ෂකයෙක් ලෙස ද යන ගැටලුව ද මතු වෙනවා. ජනාධිපතිවරයා මෙන්ම ජනාධිපති අපේක්‍ෂකයා වීම පිළිබඳව නීතිමය ගැටලුවක් ව්‍ය්‍යවස්ථාවෙන්ම නිර්මාණය වෙලා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත් කළ ඇමතිවරුන් දෙදෙනාට එම අමාත්‍යංශවල උපදේශක තනතුරු දීම විශාල ගැටලු මතු කරනවා''යැයි මහාචාර්ය අර්ජුන පරාක්‍රම කියා සිටියා