Vibe With Api

Vibe With Api 🌏 VibeWithApi is all about living, learning, and exploring together. Follow us and vibe with us ✨

From Sri Lanka to anywhere, we share travel, lifestyle, and real everyday moments — simple, honest, and relatable.

මනෙල්ල දිය ඇල්ල (Manella Waterfall)💚📸🇱🇰ගම්පහ දිස්ත්‍රික්කයේ වටිනා ස්වභාවික දිය දහරාවකි. ගම්මුන් විසින් පුද පූජා පවත්වනු ...
07/09/2025

මනෙල්ල දිය ඇල්ල (Manella Waterfall)💚📸🇱🇰

ගම්පහ දිස්ත්‍රික්කයේ වටිනා ස්වභාවික දිය දහරාවකි. ගම්මුන් විසින් පුද පූජා පවත්වනු ලබන බුද්ධ ප්‍රතිමාවක්ද මේ ආසන්නයේ නිර්මාණය කර ඇත.ගම්පහ නගරයෙන් කිලෝමීටර් 8 පමණ ඈත.මෙම ජලවැව, ගල් වැලි අතරින් වැටෙන ජලය සහිත සීතල හා සිත සන්සුන් කළ හැකි ස්ථානයකි.

02/06/2025

ජීවිතේ මහන්සි උනාම..පොඩි විවේකයක් ගන්න..🌸❤️🌿

27/04/2025

අවිස්සාවේල්ල පැත්තෙ යද්දි මෙහේ ගිහින් තියනවද?😁❤️🌿📸✨

20/04/2025

රිදුනු පපුවට සැනසුමක් ගේන්න නම්.. මේ වගේ කොළ පාට ලෝකෙක තනි වෙන්නම ඕන.. 🌿✨❤️

ඉංගිරිය කියන්නෙ ඔයාලා යන්නම ඕන පැත්තක්..ලිස්ට් එකේ දාල තියාගන්න ළමයි..🌱🫶🏻📸බස්නාහිර පළාත ඇතුලෙම ලස්සන තැන් කීපයක්ම එක පාර...
15/02/2025

ඉංගිරිය කියන්නෙ ඔයාලා යන්නම ඕන පැත්තක්..ලිස්ට් එකේ දාල තියාගන්න ළමයි..🌱🫶🏻📸

බස්නාහිර පළාත ඇතුලෙම ලස්සන තැන් කීපයක්ම එක පාර බලන්න ඔයාලට යන්න පුළුවන්..😁

🍃 මාකෙලි ඇල්ල
🍃 මියුණු ඇල්ල
🍃 නාච්චිමලේ
🍃 පාහියන්ගල
🍃 බෝධිනාගල රක්ශිතය (දොඹගස්කන්ද)
🍃 ඇටඹ ඇල්ල

Google Map එක පාවිච්චි කරනවනම් මේ අවට තියන තවත් ලස්සන තැන් ඔයාලට හොයාගන්න පුළුවන්. තමන්ගෙම වාහනේක යනවනම් තවත් ලේසියි. එහෙනම් ඔයාලත් මේ පැත්තෙ රවුමක් ගහල එන්න යන්න..🫶🏻❤️

පරිස්සමෙන්..ජය වේවා..

ආසාවෙන් ඉන්න හැම තැනම යන්න ලැබෙන..🫣මුදල් අඩුපඩුකම් නැති..🤑හැමෝගෙම යහපත් ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන..🏁හීන දිනන අවුරුද්ද 202...
01/01/2025

ආසාවෙන් ඉන්න හැම තැනම යන්න ලැබෙන..🫣
මුදල් අඩුපඩුකම් නැති..🤑
හැමෝගෙම යහපත් ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන..🏁
හීන දිනන අවුරුද්ද 2025..🫶🏻

17/09/2024

හැමෝම යන්න ආස කරන සුන්දර ඇබර්ඩීන් ඇල්ල..❤️🌿🌊

මේකත් ගම්පහ ඉඳන් අපි දවසින් ගිහින් ආපු ගමනක්. ගිනිගත්හේන ප්‍රදේශයේ තමයි මේ ලස්සන ඇල්ල පිහිටල තියෙන්නෙ. Google Map එක බලාගෙන යනවනම් හොයාගන්න ලේසී. 😎
ඇල්ලට යන්න කලින් Parking එකක් තියනවා. එතන වාහන දාල පයින් යන්න පුලුවන් ඇල්ල ලඟට. ඇල්ලට යන පාරවල් කිහිපයක් බලාගන්න පුළුවන්. 🌿
වැහි කාලෙටනම් නාන එක අනතුරුදායකයි කියල තමයි ගමේ අය කියන්නෙ. ගමේ කිහිපදෙනෙක් ඇතුළුව 10ක් විතර මැරිලා තියනවලු අනාරක්ශිතව නාන්න ගිහින්. 🥺
පල්ලම බැහැගෙන ඇල්ල ලඟට යන්න ලේසි උනාට එන එකනම් හරිම මහන්සි වැඩක්😁
ඉතින් ඔයත් මේ සුන්දර ඇබර්ඩීන් ඇල්ල බලන්න යන්න..
හැබැයි පා සටහන් පමණක් ඉතුරු කරල එන වගබලාගන්න..මොකද මේ ලස්සන තැන් අනාගත පරම්පරාවටත් බලන්න තියන්න ඕනනේ🙂🫶🏻

මාලිගාතැන්න රජ මහා විහාරය ☸️🙏🏻කොළඹ - නුවර මහා මාර්ගයේ මිරිස්වත්ත මාර්ගයෙන් දකුණට හැරී වතුරුගම සැතපුම් තුනක් පමණ ද, එතැන්...
22/06/2024

මාලිගාතැන්න රජ මහා විහාරය ☸️🙏🏻

කොළඹ - නුවර මහා මාර්ගයේ මිරිස්වත්ත මාර්ගයෙන් දකුණට හැරී වතුරුගම සැතපුම් තුනක් පමණ ද, එතැන් සිට වමට ඇති මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ද ගිය විට මාලිගාතැන්නේ නම් වූ විවේකී සේනාසනය දැකගත හැක. ඉතා රමණීය ස්ථානයක් වන මෙම පුරාණ විහාරය මුහුදු මට්ටමේ සිට අඩි 800ක් පමණ උස් වූ පර්වතයක් මත ගල්ලෙන් ද සහිතව පිහිටා තිබේ. ප්‍රාකාරයකින් වට කරන ලද විශාල බෝධි වෘක්ෂයක් පර්වතය මුදුනෙහි දක්නට ඇති අතර ඒ අසල පූරාණයේ දී ගොඩනැගිල්ලක් තිබෙන්නට ඇතැයි නිගමනය කළ හැකි, කණු සිටුවීම සදහා හාරන ලද සිදුරු දක්නට පුළුවන.

වර්තමානයේ ද භීක්ෂූන් වහන්සේලාගේ වාසය සඳහා යොදා ගැනෙන ගල්ලෙන් කිහිපයක් ඇති අතර ඉන් එක් ගල්ලෙනක කැටයම් කරන ලද ගල් උළුවස්සකි ද වෙයි. මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ අදහස වනුයේ මෙය 8 වන සියවසට පමණ අයත් වන්නක් බවයි. සිදුරු විසිපහකින් යුත් නිදන් ගලක් ද මෙම ස්ථානයේ පිහිටා තිබීම මාළිගාතැන්නට ඉහළ වටිනාකමත් එක් කරයි. බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් ලිපි මෙයට නුදුරින් පිහිටි වාරණ, පිළිකුත්තුව ආදී ස්ථාන වලින් හමු වී ඇති බැවින් මෙම ස්ථානයෙත් එකල සිටම බෞද්ධ භික්ෂූන් වහන්සේලා වාසය කළ බව නිගමනය කළ හැක. කෝට්ටේ යුගයේ සතුරු උපද්‍රව වලදී රජුන්හට හා ඇමතිවරුන්ට ආරක්ෂාව හා රැකවරණය ලබා දී ඇති අතර වළගම්බා රජුත් මෙම ස්ථානයේ සැඟවී සිටි බව ජනප්‍රවාදයේ ඇත. කෝට්ටේ යුගයේ දී දන්ත ධාතූන් වහන්සේගේ ආරාක්ෂාව පතා මෙම ස්ථානයට වැඩමවා ගෙනවිත් කලක් තැන්පත් කර තිබීමෙන් පසු දෙල්ගමුවට වැඩම කල බව ජනප්‍රවාදයේ සඳහන් තවත් කරුණකි.

Address

Ragama
Gampaha
11010

Website

Alerts

Be the first to know and let us send you an email when Vibe With Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share