Western Provincial Media Unit - WPMU

Western Provincial Media Unit - WPMU Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Western Provincial Media Unit - WPMU, Media, Gampaha.

මාළබේ රාහුල බාලිකා විද්‍යාලය කියන්නේ බස්නාහිර පළාතට තියන බාලිකා පළාත් පාසල් අතරින් ඉතාම සුවිශේෂී පළාත් පාසලක්. විශේෂයෙන්...
10/03/2023

මාළබේ රාහුල බාලිකා විද්‍යාලය කියන්නේ බස්නාහිර පළාතට තියන බාලිකා පළාත් පාසල් අතරින් ඉතාම සුවිශේෂී පළාත් පාසලක්. විශේෂයෙන්ම ජයවර්ධනපුර කලාපයේ දීප්තිමත් බාලිකා පාසලක් වන රාහුල බාලිකාව ඉතාම තරඟකාරී ඉල්ලුමක් ඇති පාසලක්ද වන බව නොරහසක්.

පසුගිය කාලය පුරාවටම අධ්‍යාපනික හා භාහිර කුසලතා අතින් දක්ෂතා පෙන්වූ මෙම පාසල පිළිබඳ ආණ්ඩුකාරවරයාට කරුණු හා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා නිරන්තරව කටයුතු කිරීමත් සමඟ,

ශ්‍රී ජයවර්ධනපුර කළාපයේ තව දුරටත් විශේෂ අවදානයකින් සංවර්ධනය කිරීමට අවශ්‍ය පාසලක් ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ අධීක්ෂණයට එම පාසල පසුගිය දා ලක් විය.

බ.ප මාධ්‍ය අංශය.

පොහොර පිළිබඳ පසුගිය වසර කිහිපය තුල ජන සමාජයේ විවිධ කථිකා හා වේදිකා ගොඩ නැගුනද,දේශපාලන අරමුණු හා විවිධ හැල හැප්පීම් පසෙක ...
09/03/2023

පොහොර පිළිබඳ පසුගිය වසර කිහිපය තුල ජන සමාජයේ විවිධ කථිකා හා වේදිකා ගොඩ නැගුනද,
දේශපාලන අරමුණු හා විවිධ හැල හැප්පීම් පසෙක ලා පාරිභෝගිකයාට වස විසෙන් තොර ආහාර වේලක් මෙන්ම ගොවියාගේ ආර්ථිකයට යහපත් අස්වැන්නක් ලැබෙන ගුණාත්මක පොහොර නිෂ්පාදනයක් බස්නාහිර පළාත් සභාවේ නිරන්තර අවදානයට ලක් විය.

හිටපු මහ ඇමතිවරු හා ආණ්ඩුකාරවරුන්ගේ සිට දීර්ඝ කාලීනව පැවත ආ ඉවත දමන ලද කසල තුලින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය අනාගත පුනරුදයකට මන් සලකුණු තබමින් අලුත් ප්‍රබෝධයකින් නව සංකල්ප හා දායකත්වයෙන් නිෂ්පාදනය වැඩි කරන්නට වර්තමාන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පිඹුරු පත් සකස් කලේ ඔහු සතු අතීත නායකත්ව ලක්ෂණද ඊට එක් කරමිනි.

ඒ අනුව අලුතින්ම එසේ බලගැන්වුන හෝමාගම - පිටිපන පිහිටි
"කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ඒකකය''
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ අධීක්ෂණයට ලක්විය.

මේ අවස්ථාව සඳහා වර්තමාන කොම්පෝස්ට් අංගනය නඩත්තු හා ක්‍රියාත්මක කටයුතු සිදු කරන අපද්‍රවය කළමනාකරණ අධිකාරියේ සභාපති මෙරිල් පෙරේරා මහතා ඇතුලු නිළධාරීන් එක් විය.

එහිදී ඉදිරි පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය හා වර්ථමාන නිෂ්පාදන වැඩි කිරීම මෙන්ම ගොවියාට සහන දායි ක්‍රමවේදයන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.

බස්නාහිර පළාත් මාධ්‍ය අංශය

බස්නාහිර පළාතේ ජනතාවගේ ගෙවතු වගාව පිළිබඳ යහපත් ආකල්ප සංවර්ධනය කර,ගෙවතු වගාව කෙරෙහි නැඹුරුතාව හා ආකර්ෂණය ඉහල නැංවීම සඳහා ...
09/03/2023

බස්නාහිර පළාතේ ජනතාවගේ ගෙවතු වගාව පිළිබඳ යහපත් ආකල්ප සංවර්ධනය කර,

ගෙවතු වගාව කෙරෙහි නැඹුරුතාව හා ආකර්ෂණය ඉහල නැංවීම සඳහා බස්නාහිර පළාතේ කඩිනම් ගෙවතු වගා සංවර්ධන වැඩසටහන හා ගෙවතු වගා තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ලබා දීම,

බස්නාහිර පළාත් ආණ්ඩුකරවර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,

( කිරිබත්ගොඩ පිහිටි තරගාවලියේ පළමු ස්ථානය ලබාගත් )
යූ.එම්.පී. ගමගේ මහතාගේ නිවසේදී පවත්වන ලදී.

බස්නාහිර පළාත් මාධ්‍ය අංශය.

බස්නාහිර පලාත් ආණ්ඩුකාරවර, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක මැතිතුමන්ට දීර්ඝායුෂ ලැබෙන, වාසනාවන්ත සුභම සුභ උපන්...
28/02/2023

බස්නාහිර පලාත් ආණ්ඩුකාරවර, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක මැතිතුමන්ට දීර්ඝායුෂ ලැබෙන, වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා !

බස්නාහිර පළාත් මාධ්‍ය අංශය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරව මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ සංකල්පයක් පරිදි,පලාත් කෘෂිසේවා අධිකාරිය මගින්...
22/08/2022

බස්නාහිර පළාත් ආණ්ඩුකාරව මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ සංකල්පයක් පරිදි,

පලාත් කෘෂිසේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන
ශ්‍රී ලංකාවේ ප්‍රථම කාබනික සුපිරි වෙළසැල් හා අවන්හල් ජාලයේ #කටුනායක ශාඛාව විවෘත කිරීම.

ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් කටුනායක දී (22) සිදුවිය.
කාබනිකව නිශ්පාදනය කරන ලද අහාර ද්‍රව්‍ය.
වසවිසෙන් තොරව, කාබනිකව පිසිනලද ශ්‍රී ලාංකික, ඉන්දියානු හා චීන ආහාර වර්ග මෙහිදී ඔබට පහසු හා සහන මිලට මෙන්ම ගුණාත්මකව ලබා ගත හැක.

මෙම අවස්ථාව සඳහා පලාත් සභා නිළධාරීන්, කෘෂි අධිකාරියේ සභාපති රජිත හපුආරච්චි මහතා හා අධිකාරියේ නිළධාරීන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් සහභාගී විය.

- බස්නාහිර පළාත් මාධ්‍ය අංශය -

වස විසෙන් තොර අපේම ආහාර වේලකට" වවමු - දිනමු “බස්නාහිරෙන් පටන් ගමු !බස්නාහිර පළාතේ සෑම බිම් අගලක්ම වගා කිරීමේ මහා සංග්‍රා...
20/06/2022

වස විසෙන් තොර අපේම ආහාර වේලකට
" වවමු - දිනමු “
බස්නාහිරෙන් පටන් ගමු !

බස්නාහිර පළාතේ සෑම බිම් අගලක්ම වගා කිරීමේ මහා සංග්‍රාමය ...

ගෙවතු ලක්ෂ තුනක් වගා සඳහා යොමු කරමු !

"මෙහෙම කරමුද මචං"සිකුරාදා, හෙට ගෙදර ඉන්න ගමන් ඩෙංගු මදුරුවෝ බෝවෙන තැන ඉවත් කරමුද?මේ තියෙන්නේ අද වන විට බස්නාහිර පළාත තුල...
16/06/2022

"මෙහෙම කරමුද මචං"

සිකුරාදා, හෙට ගෙදර ඉන්න ගමන් ඩෙංගු මදුරුවෝ බෝවෙන තැන ඉවත් කරමුද?

මේ තියෙන්නේ අද වන විට බස්නාහිර පළාත තුල ඩෙංගු රෝගය අධි වසංගතයක් දක්වා ව්‍යාප්ත වෙමින් පවතින අන්දම. භයානකයි නේද?
මෙහෙම ගියොත් ලබන මාසේ මැද වෙනකොට මරණ සංඛ්‍යාවත් ඉහල යයි. එයට ගොදුරු වන්නේ අපේ ආදරණියයන්.
නිවාස මට්ටමින්, වීදි මට්ටමින්, ගම් මට්ටමින් ඩෙංගු මදුරුවන් බෝවීම වැලක්වීමට ඔබත් සක්‍රියව දායක වෙන්න.

පණිවිඩ අංක 2" මෙහෙම කරමුද මචං"බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සකසා ඇති සෞඛ්‍ය පණිවිඩයකි.මේ සෞඛ්‍ය පුරුදු පිළ...
16/06/2022

පණිවිඩ අංක 2
" මෙහෙම කරමුද මචං"

බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සකසා ඇති සෞඛ්‍ය පණිවිඩයකි.
මේ සෞඛ්‍ය පුරුදු පිළිපදින්න
මෙම පණිවිඩය share කරන්න

"මෙහෙම කරමුද මචං"බස්නාහිර පළාත තුල පැතිර යන ඩෙංගු වසංගතය අධි වසංගත තත්වයට ළගා වෙමින් පවතී.ඩෙංගු රෝගය වැලැක්වීම සදහා පොදු...
16/06/2022

"මෙහෙම කරමුද මචං"
බස්නාහිර පළාත තුල පැතිර යන ඩෙංගු වසංගතය අධි වසංගත තත්වයට ළගා වෙමින් පවතී.

ඩෙංගු රෝගය වැලැක්වීම සදහා පොදු ජන සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණින් ගෙන එන සෞඛ්‍ය පණිවුඩ මාලාවක්,
බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සකසා ඇති අතර එය මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමු !

මේ සෞඛ්‍ය පුරුදු පිළිපදින්න ...
මෙම පණිවිඩය share කරන්න.

“සෞභාග්‍යමත් පුරවරයක් - සුව දෙන පරිසරයක්” බිහිකිරීමේ අරමුණින් මිල්ලනිය ප්‍රාදේශිය සභාව මඟින් ඉදිකරන ලද දෙල්දොරවත්ත කසල ක...
30/03/2022

“සෞභාග්‍යමත් පුරවරයක් - සුව දෙන පරිසරයක්” බිහිකිරීමේ අරමුණින් මිල්ලනිය ප්‍රාදේශිය සභාව මඟින් ඉදිකරන ලද

දෙල්දොරවත්ත කසල කළමණාකරණ මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල , නවීන කාබනික පොහොර නිෂ්පාදන අංගනය මිල්ලනිය ප්‍රාදේශිය සභාවේ සභාපති සංජීව කුලතිලක මැතිතුමාගේ ආරාධනයෙන් විවෘත කිරීම හා නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම ...

වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා හා බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමන්ලාගේ සුරතින් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට එවකට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙ සභාපතිව සිට මෙහි මූලික පියවර තැබූ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි ලලිත් එල්ලාවල මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් මංජු වර්ණකුමාර මැතිතුමා, මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

- බස්නාහිර පළාත් මාධ්‍ය අංශය -

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් පරිදි මේ වන විට ක්‍රියාත්මක කාබනික පොහොර මගින් වසවිසෙන් තොරව කරනු ලබන වගාවකට ශක්තියක් ව...
25/03/2022

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් පරිදි මේ වන විට ක්‍රියාත්මක කාබනික පොහොර මගින් වසවිසෙන් තොරව කරනු ලබන වගාවකට ශක්තියක් වෙමින්,

දිවුලපිටිය ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යන කාබනික පොහොර නිෂ්පාදනාගාරය සහ එම ඒකකය නිරීක්ෂණය කිරීම,
බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, එම කාර්ය මණ්ඩලය හා ඉන්දික අනුරුද්ධ ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩල නිලධාරීන්, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පිරිසක් සහභාගී විය.

- බස්නාහිර පළාත් මාධ්‍ය අංශය -

බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ අඹේපුස්ස කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පිහිටා තිබූ,පටක රෝපණ හා පාංශු විද්‍යාගාර...
25/03/2022

බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ අඹේපුස්ස කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පිහිටා තිබූ,

පටක රෝපණ හා පාංශු විද්‍යාගාර ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් හා අධීක්ෂණයෙන් නවීකරණය කර, පහසුකම් වැඩි කර එහි ඉඩ කඩ පුළුල් කර දැනට වසරකි.

ඉන් වසරකට පසු එහි පරීක්ෂණ තත්වයන් හා ගුණාත්මකත්වය හා වැඩි සේවා පහසුකම් ගොවීන්ට ලබා දීමේ අරමුණින් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමා විසින් එහි නිරීක්ෂණ අවස්ථාවක නිරත විය.

- බස්නාහිර පළාත් මාධ්‍ය අංශය -

Address

Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when Western Provincial Media Unit - WPMU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category