Pawana Books

Pawana Books Less Price. More opportunities. We can help you to increase your product selling. Able to do any ar

08/09/2026
නිවෙස ඉදිරියෙන් වාහනයක නලා හඬ ඇසුණේ ඒ මොහොතේය.“ඒ පාර කවුද..?” යුගාත්‍රා ආලින්දයට ගියේ හිත පුරා සැකයක් මතු වෙද්දීය. ඇය හැ...
06/09/2026

නිවෙස ඉදිරියෙන් වාහනයක නලා හඬ ඇසුණේ ඒ මොහොතේය.
“ඒ පාර කවුද..?”
යුගාත්‍රා ආලින්දයට ගියේ හිත පුරා සැකයක් මතු වෙද්දීය. ඇය හැදුවේ ජෙස්මින් හවුස් වසා දමා නික්ම යන්නටය.
මිදුලෙහි නවත්වා තිබුණේ නිල් පැහැති ඇක්වා කාරයකි.
“කවුද..?”
යුගාත්‍රා ඇස් දෙක විසල් කරගෙන බලා සිටියාය.
රියේ දොර ඇරිණි. ඇරුණු දොරෙන් මතුවූයේ රතු රෝස මල් කළඹකි. ඊළඟට හිසක් මතුවූ අතර කකුල් දෙක පොළවෙහි තැබිණි. ඊළඟ මොහොතේ සිනා කටක් පුරවාගත් තරුණයෙක් රියේ දොර වසා දැමුවේය.
“සුනෙත්.. ????”
යුගාත්‍රා මිමිනුවාය.
“ඔයා බය වුණානම් සොරි..”
සුනෙත් ආවේම එසේ කියාගෙනය.
“ඔයා කොහොමද දන්නෙ මං මෙහෙ ඉන්නවා කියලා..”
යුගාත්‍රා ඇසුවාය.
සුනෙත් දඟකාර ලෙස සිනාසෙමින් රතු රෝස මල් කලඹ පපුවට තුරුලු කරගෙන බලා සිටියේය.
“මම ඔයා ගැන අවදියෙන් ඉන්නෙ. ඔයා කරන්නෙ මොනවද ඔයා ඉන්නෙ කොහෙද කියලා මම හැම තිස්සෙම හොයනවා. තේරුනාද?’‘
යුගාත්‍රා ඇස් දෙක නැටෙව්වේ කටද ඇද කරමිනි.
ඊළඟ මොහොතේ සුනෙත් මල් කළඹ හෙමින් හෙමින් යුගාත්‍රා වෙත දිගු කළේය.
“ඔයාට..”
යුගාත්‍රා අත් දෙක දිගු නොකරම බලා සිටියදී ඔහු පැවසුවේය..
යුවතිය හිස දෙපසට වැනුවේ එපා යැයි කියන්නටය.
“ගන්න.. එපා නම් පස්සෙ විසි කරන්න.. හැබැයි මගෙ ඉස්සරහ එහෙම කරන්න එපා යුගා.. ඊට හොඳයි මගෙ කනට ගහන එක..”
මන්දස්මිතයකින් දෙතොල සරසා ගත් යුගාත්‍රා එමොහොතේ රෝස මල් කළඹ සුරතින් ගත්තාය.
“ස්තූතියි ”
සුනෙත් කීවේ දෑසින්ද සිනාසෙමිනි.
“ඔයා හිතනව ඇති මම මහා නපුරු කෙල්ලක් කියලා?”
යුගාත්‍රා ඇසුවාය.
“අනේ නැහැ. කෙල්ල. එහෙම හිතුවානම් මම ඔයාව බලන්න මෙහෙම එනවද?”

පිච්ච මල් මන්දිරය
ශකුවි
Rs 1200

“එයා ඔයාට ආදරෙත් නැත්නම්, ඔයා ඔහොම එයා නිසා කලබල වෙන්නේ එයා ගැන හොයලා බලන්නේ ඇයි..? ඔයාට එයාව අයිති වෙන්නෙත් නෑනේ.. ඔයාට...
02/09/2026

“එයා ඔයාට ආදරෙත් නැත්නම්, ඔයා ඔහොම එයා නිසා කලබල වෙන්නේ එයා ගැන හොයලා බලන්නේ ඇයි..? ඔයාට එයාව අයිති වෙන්නෙත් නෑනේ.. ඔයාට මොනවද ඔය ආදරෙන් ලැබෙන්නේ..?”
ආන්‍ය විමසුවේ සිතට වද දෙමින් තිබූ පැනයකි.
“සතුට..” ඔහු මිමිණුවේ මෘදු ලෙස සිනාසෙමිනි. “මම ආදරෙයි කියලා එයාව බලෙන් හරි මගේ ළඟ තියාගන්න පුළුවන් තත්තවෙක නෙමෙයි මම ඉන්නේ ආන්‍යා.. අනික ආදරෙයි කියන්නේ අයිති කර ගන්න එකටම ද? අයිතියක් නැති දේකට අපිට ආදරේ කරන්න බැරි ඇයි.,? මම හිතන්නේ ලෝකේ තියෙන ඇත්තම ආදරේ ඒක.. අයිතියක් නැතුවම ආදරේ කරන එක..”

Idin Premiya book by Pawani Umayangana.
Place your order. whatsapp 0719375028
pawanacreations.com

“විල්.. විල්.. විල්..”නිද්‍රාගතව සිටි විලියම්ව අවදි කළ මොරින් සිටියේ වෙව්ලමිනි. “මොකද මෝ.. මේ කලබල වෙලා. ඔයත් අවතාරයක් ද...
31/08/2026

“විල්.. විල්.. විල්..”
නිද්‍රාගතව සිටි විලියම්ව අවදි කළ මොරින් සිටියේ වෙව්ලමිනි.
“මොකද මෝ.. මේ කලබල වෙලා. ඔයත් අවතාරයක් දැක්කද?”
“අපි ඉවරයි විල්..”
මොරින්, විලියම්ගේ තුරුල්ලට වූවාය.
“ඇයි මොකද වෙලා තියෙන්නෙ..?”
“මේ පාර ජෙස්මින් හවුස් එක ගන්නෙ ලේසි පාසු මිනිහෙක් නෙවෙයි. ඌ දැන් කිව්වා ඌ මේක ගත්ත හැටියෙ අපේ කාමරේ කඩලා අයින් කරනවා කියලා.. ඒ විතරක් නෙවෙයි අපි දෙන්නව බැඳලා කුප්පියකට දාලා මූදට ගිහින් දානවලු.. එතකොට අපි දෙන්නට මේ වගේ යතුරු හිලෙන් රිංගලා ජෙස්මින් හවුස් එක වටේ යන්න බැරි වෙනවා. අපිට ඉන්න වෙන්නෙ මූදෙ පාවි පාවි.. හිරකාරයො වගේ.. සමහරවිට අපිව දාපු කුප්පිය මාළුවෙක් එහෙම ගිල්ලොත් අපිව අපායෙදි වගේ පිච්චෙයි”
“ඒ මිනිහා ඔය කියපු විදිහටම කරයිද ඉතින්?’‘
“කිව්වෙ නම් එහෙම තමා. පස්සෙ අර ලස්සන පුංචි මිසිත් ඇවිත් අපේ කාමරේ දොරට අත තියලා මට කිව්වා සොරි මොරීන් කියලා. එයාට නම් කරන්න දෙයක් නැහැයි කියලත් කිව්වා.’‘
“එහෙම කරන්නෙ කොහොමද මෝ... අපි අවුරුදු සීයක විතර ඉඳලානෙ මේ ගෙදර ඉන්නෙ. ඔය ගේ ගන්න මිනිහට වැඩියෙන් අපිට අයිතියක් තියෙනවා නේද මේ ගෙදර තවත් සියවසක් විතර ඉන්න’‘
“තියෙනවා නම් තමා. ඒත් ඉතින් අපි අවතාර දෙක මොනව කරන්නද? අපේ කාමරේ කඩලා දාන කොට භූත හිනාව දාලා ගලකින් බාස් කෙනෙකුට ගහලා පොඩි කලබලයක් කරතෑකි. වෙන මොනව කරන්නද?’‘
“ඒකත් හරි තමා. උන් අපේ කාමරේ කඩන්න කලින් තොවිල් කරලා අපි දෙන්නව කුප්පියකට දාලා ඉඳියි’‘
“එතකොට අපි මොකද කරන්නෙ විල්..?”
“මට ටිකක් කල්පනා කරන්න ඕනෑ මෝ. එකපාරටම උත්තරයක් හිතට එන්නෙ නැහැ’‘
“හරි. ඔයා කල්පනා කරන්නකො. මම රවුමක් දාලා එන්නම්’‘
මොරීන් බංගලාව වටේ ඇවිදින්නට ගියාය. එහි ඉදිරිපස වවා තිබු සමන් පිච්ච මල් වැට අද්දර නැවතුණු ඇය මොහොතකට පිච්ච මල් සුවඳ වින්දාය.
“ජෙස්මින් හවුස් බංගලාව ගැන ඇගේ හිතේ වුයේ ලෝබකමක් බඳු හැඟීමකි. ඊට හේතුව ඇයත් විලියමුත් දෙදෙනා හමුවූයෙත් වෙන් වූයේත් මේ බංගලාවේදීම වීමය.
“අපි දෙදෙනා එක් කළේත් ජෙස්මින් හවුස්. වෙන් කළේත් ජෙස්මින් හවුස්’‘
මොරීන් තමන්ටම කියාගත්තාය.
පිච්ච මල් වැටෙන් එක් මලක් නෙලාගත් ඇයට හිතුණේ එය විලියම්ට ගෙන ගොස් දීමටය.

පිච්ච මල් මන්දිරය
ශාන්ත කුමාර විතාන
රු. 1200
Order your book
Whatsapp 0719375028

26/08/2026

Thank you Ms. Shenaya Kodikara for this compliment.
Order your book.
Whatsapp 0719375028
Web - pawanacreations.com

“නෙලුක... ඔයා මාව මැරි කළේ මලීෂාව හිතේ තියාගෙන ද..? එයාව අමතක කරන්න ඔයාට බැරි වුණා ද..?” මම දැඩි සේ සිත පාලනය කරගෙන වදන්...
25/08/2026

“නෙලුක... ඔයා මාව මැරි කළේ මලීෂාව හිතේ තියාගෙන ද..? එයාව අමතක කරන්න ඔයාට බැරි වුණා ද..?”
මම දැඩි සේ සිත පාලනය කරගෙන වදන් ගොනු කර ගත්තෙමි. ඔහුගේ පස නිහඬ වූයේ මගෙන් එවැනි පැනයක් බලාපොරොත්තු නොවූ නිසා විය යුතුය.
“එහෙම දෙයක් නෑ..”
නිහඬව ගෙවී ගිය මඳ වේලාවකට පසු ඔහු නිහැඬියාව බිඳ දැමීය.
“එහෙනම් ඇයි ඔයා, එයා එක්ක චැට් කළේ..? වෙන වෙන ගෑණු එක්ක කතා කළේ..? එයාලව මීට් වුණේ..? ඔයා මගේ ළඟ නෑ කියලා මම වැරදි කළේ නෑ කියලා මම දන්නවා වගේම ඔයාත් හොඳටම දන්නවා.. ඔයා, ඔයාගේ වරද වහ ගන්න මට චෝදනා කරනවා කියලත් මම දන්නවා.. ඒකට කමක් නෑ.. ඒත් මට ඇත්ත කියන්න.. ඇයි මට එහෙම කළේ..?”
අවසන් වදන් පෙළ මුමුණද්දී, මගේ හඬ බිඳිණි.
“මම ඔයාට ආදරෙයි කියන දේ වෙනස් වෙලා නෑ ශෙනායා..”
“නෙලුක.. මට ආදරෙයි කියන එක වෙනස් වෙලා නෑ කියන්නේ මගේ ප්‍රශ්නවලට උත්තර නෙමෙයි..”
මා කෑ ගැසුවේ තව දුරටත් ඉවසාගෙන කතා කළ නොහැකි තැනය.
“මම ඒ ප්‍රශ්නවලට උත්තර දුන්නා.. තමුන් ඉස්කෝලෙයි, ළමයිනුයි බදාගෙන මීගමුවට වෙලා ඉද්දී, මම මෙහෙට වෙලා තනියම ඉන්නේ කොහොම ද.,? මිනිහා කියන එකා ගැන නිකම්වත් හිතුව ද.,? ඒ මිනිහගේ අවශ්‍යතා, ඒ මිනිහව බලා ගන්න එක...”
“කොච්චර අඩුපාඩු තිබ්බත් මිනිහානේ කියලා ආදරෙන් සළකාගෙන මාත් හිටියා කියලා අමතක ද නෙලුක..? අනික ඕන වේලාවක මාව බලන්න එන්න තහනමක් තිබ්බේ නෑනේ.. ඒ මොනවත් නැතත්, මට ඔයා නැතුව පාළුයි.. ඔය මඟුල් රස්සාව අතෑරලා එන්න කියලවත් මට කිව්ව ද.,? පාළුයි කියලා වෙන ගෑනු හොයා ගන්න එක ද තිබ්බ උත්තරේ..?”
මා කියාගෙන ගියේ හැඬුම ආයාසයෙන් පාලනය කර ගනිමිනි.
“හැම රෙද්දම වචනෙන් වචනේ කියන්න මට බෑ.. මීගමුවේ ආවම රණ්ඩු අල්ලලා මට ළඟටවත් එන්න නොදී ඈතට ගියේ එතකොට මං වැඳගෙන එයි කියලා හිතාගෙන ද.,? මට ඔය ගෑනුන්ට වැඳලා පුරුදු නෑ.. මම පොඩි අනුබලයක් දුන්න ගමන් ගෑනු මගේ ළඟට එන්නෙ පෝළිමේ.. පෝළිමේ..”
ඔහුගේ පුරසාරම් ඇසුණ විට මගේ කට කොණක සිනාවක් ඇඳුණේ මා කෙරෙහිම ඇති වූ ලැජ්ජාවටය.
“එහෙම ද..? එහෙනම් නෙලුක, ඒ ගෑනු එක්කම ඔයා ඉන්න.. මට ඩිවෝස් එක ඕනෑ... මම නැතුව සතියක් ඉවසා ගන්න බෑ කියලා වෙන ගෑනු එක්ක චැට් කරන, උන් එක්ක ලගින්න යන මිනිහෙක් මට ආයෙ ඕන නෑ.. අනිත් එක මම බෙහෙත් කරවලා සනීප කර ගත්තෙ නැත්නම් ඔය පෝළිමේ එනවා කියන ගෑනු ඇවිත් මොනවා කරන්න ද දන්නෙ නෑ..”
මම වේදනා දෙන ළය මිරිකාගෙන ඇනුම් පදයක හඬින් කීවෙමි. මිනිසෙකුට සිය අභිමානයට එල්ල වෙන පහර තරම් දරුණු පහරක් නැති බැව් මම දැන සිටියෙමි. එහෙත් ඔහු කතා කළ ස්වභාවය අනුව ඔහුට අනුකම්පා කරන්නට මට සිතුණේ නැත. මා අවසානයට කියූ වදන් ඔහුගේ සිතටත් තදින්ම වදින්නට ඇත.
“ඕන මඟුලක් කර ගන්නවා ශෙනායා.. පුදුම ලොකුකමකින්නේ ජීවත් වෙන්නේ.. මට පාර්ට් දාලා, ඩිවෝස් එක අරගෙන හොම්බ බිම ඇන ගත්තාම තේරෙයි..”
ඔහු එසේ කියන්නට ඇත්තේ එම නිසාය.
“මම හොම්බ නම් බිම ඇන ගන්නේ නෑ නෙලුක.. ඔයා හොම්බ කට පරිස්සම් කරන් ඉන්න.. මොකද ඔය ගෑණුයි, උන්ගේ මිනිස්සුයි මම වගේ ඉවසයි ද දන්නේ නෑ..”
යළිත් ඔහුගෙන් පිළිතුරක් ලැබෙන්නට මත්තෙන් මම දුරකථනය පසෙකට විසි කර දමා කොට්ටයේ මුහුණ සඟවා ගත්තෙමි.

මටත් කවියක් ලියන්න.
පවනි උමයංගනා
පොතේ මිල - රු. 1200
පොත නිවසටම ගෙන්වා ගන්න. අදම කතා කරන්න.
වට්ස්ඇප් - 0719375028

ඔබ කළ යුත්තේ පොතේ නම සඳහන් කර ඔබේ නම, ලිපිනය හා දුරකථන අංකය සඳහන් පණිවිඩයක් අපිට එවීමයි.
පොත ලැබුණු පසු ගෙවීමේ ක්‍රමය හෝ බැංකුවට මුදල් දමා පොත ගෙන්වා ගත හැකියි.

ඉතින් ජීවිතය එහෙමය. මතක ඉතුරු කොට ශරීරය මිය යනු ඇත. සිංහල ගීත කලා කෙත පෝෂණය කළ රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ටත්, සිංහල ගී කෝ...
20/08/2026

ඉතින් ජීවිතය එහෙමය. මතක ඉතුරු කොට ශරීරය මිය යනු ඇත.
සිංහල ගීත කලා කෙත පෝෂණය කළ රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ටත්,
සිංහල ගී කෝකිලාව නන්දා මාලිනි මහත්මියටත්
නිවන් සුව ලැබේවා.

වසරකට පෙර දිනෙක පිණිපා ස්පාඤ්ඤයට පය තැබුවේ තනිවමය. දින පහක සංචාරයකට පැමිණි ඇය එරටින් සංචාරක නියෝජිතයෙකුවත් සම්බන්ධ කර නො...
20/08/2026

වසරකට පෙර දිනෙක පිණිපා ස්පාඤ්ඤයට පය තැබුවේ තනිවමය. දින පහක සංචාරයකට පැමිණි ඇය එරටින් සංචාරක නියෝජිතයෙකුවත් සම්බන්ධ කර නොගෙන තනිවම රටතොට ඇවිදින්නට වූයේ සැහැල්ලුවෙනි. ඇගේ සිතට බියක්වත් නොසන්සුන්බවක්වත් නොදැනිණි.
ගූගල් ආධාරයෙන් හා ඇය නවාතැන් ගෙන සිටි හෝටලයේ තිබූ දැන්වීම් පත්‍රිකා මඟින් ඇය සංචාරය කළ යුතු තැන් සොයා ගත්තාය.
විනෝදස්වාදය සඳහා ප්‍රසිද්ධ ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලා හා සාද සඳහා වෙනමම ප්‍රසිද්ධ ප්‍රදේශ තිබිණි. ‘ඉබිසා’ ඒ අතරින් ප්‍රසිද්ධම ප්‍රදේශයක් විය. ඉබිසා සම්බන්ධයෙන් අසා තිබූ ඇය එහි ඇති සාද පිළිබඳ විස්තර සොයද්දී දුටුවේ එම ප්‍රදේශයේ බෝට්ටු සාදයක් පවතින බවයි.
කෙදිනකවත් එවැනි ස්ථානයකට ගොස් නොතිබුණු ඇයට එම සාදය මග හරින්නට නොසිතිණි. කුමක් සිදු වුවත් එයට යන්නට සිතූ ඇය එහි සඳහන්ව තිබූ අංකයට කතා කර ඇය වෙනුවෙන් ද වෙන් කිරීමක් කර ගත්තාය.
සැහැල්ලු රෝස පැහැති කෙටි කලිසමකින් හා කළු පැහැති ඕෆ්ෂෝල්ඩර් බ්ලවුසයකින් සැරසුණු ඇය පිටේ එල්ලන බෑගයකට තවත් ඇඳුම් කිහිපයක් ද ඇගේ ලියකියවිලි ද දමාගෙන ‘ඉබිසා’ හි බැලෙයාරික් දූපතට පැමිණියේ කුලී රථයකිනි.
බෝට්ටුව ගමන අරඹන්නට නියමිතව තිබුණේ රාත්‍රී හතට වුවත් සවස හය වන විට වරාය අසළට එන මෙන් නියෝජිතයින් දැනුම් දී තිබිණි.
ඇය රථයෙන් බසිද්දීත් තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් එහි රැස්ව කතා බහේ නියැලෙමින් සිටියේ බොහෝ සැහැල්ලු ලෙසය. කණ්ඩායම් ලෙස සිටි පිරිස අතරේ තනිව සිටින්නේ ඇය පමණක් බව වැටහෙද්දී පිණිපාට නොසන්සුන් බවක් දැනිණි. එහෙත් මොහොතකින් ඇය හිත සන්සුන් කර ගත්තේ විනෝද වීමට තනියට අයෙකු අවශ්‍ය නොවන බව සිතට පවසමිනි.
විදෙස් යුවතියන් පිරිසක් කාණ්ඩ ගැසී සිටි ස්ථානයට ඇය සෙමෙන් ළං වූයේ අවට සිටි තරුණයින්ගේ දෑස් ඇය වෙතට යොමු වන නිසාය.
“හායි...”
ඇය, යුවතියන් පිරිසට ළං ව මිමිණුවේ චකිතයෙනි.
“හායි..”
එහෙත් ඔවුන් මුව පුරා සිනාසෙමින් ඇය පිළිගනිද්දී ඇයට දැනුණේ සතුටකි. එතැන සිටි යුවතියන් ද වෙනත් රටවල අය නිසා ඔවුන් කතා කළේ ඉංග්‍රීසි භාෂාවෙනි. එය ඇයට සහනයක් වූයේ සාමාන්‍ය මට්ටමකට ස්පාඤ්ඤ භාෂාව කතා කිරීමට හැකියාව තිබුණත් ඊට එතරම් දක්ෂ නොවූ නිසාය.
මඳ වේලාවක් ගෙවෙද්දී තට්ටු දෙකකින් සමන්විත සුදු පැහැති විශාල බෝට්ටුවක් වෙරළ අද්දරට ළං විය. එහි බඳ විවිධ පැහැයන්ගෙන් වර්ණ ගන්වා තිබිණි.
බෝට්ටුවේ කාර්ය මණ්ඩලය ‘ඔන්ලයින්’ ඔස්සේ කර තිබූ වෙන් කීරීම්වලට අදාළව පැමිණ සිටි පිරිස් බෝට්ටුවට නංවා ගනිද්දී පිණිපා ද යුවතියන් කණ්ඩායම සමඟම බෝට්ටුවට නැගුණාය. බෝට්ටුවට නැඟුණු සැනින් එහි සිටි තරුණියන් පිහිනුම් ඇඳුම්වලට මාරු වුවත් පිණිපාට එවැනි එකක් ඇඳගෙන සිටීමට නොසිතිණි. එහෙයින් ඇය ඇඳ සිටි ඇඳුම පිටින්ම බෝට්ටුව නරඹන්නට වූවාය.
“සෙනොරීටා..”
ඇය එක්වරම තිගැස්සී හිස ඔසවා බැලුවේ ඇය අසලින්ම ඇසුණු කටහඬ නිසාය.
කෙටි කලිසමකින් හා අත් රහිත බැනියමකින් සැරසුණු උස කෙට්ටු කඩවසම් තරුණයෙකු ඇය අසළ සිටගෙන සිටියේය. ඔහු බීමතින් බවට අඩවන් වූ දෑසත් රතු වූ මුහුණත් සාක්ෂි කීය. ඔහු විදේශිකයෙකු ද ස්පාඤ්ඤ ජාතිකයෙකු ද යන්න ඇයට සිතා ගත නොහැකි වුවත් ඔහු පැවසුවේ ‘මෙනවිය’ යැයි, බව වැටහුණ ඇය යන්තම් සිනාවූවාය.
“එරෙස් හර්මොසා සෙනොරීටා (මිස්, ඔයා ලස්සනයි)”
ඔහු සෙමෙන් ඇය වෙතට නැඹුරු වෙමින් කීවේය.
“ග්‍රාසියාස් (ස්තූතියි)” ඇය ලැජ්ජාශිලීව මිමිණුවාය.
“වාර්මෝසා බයිලාර් (අපි නටමු)”
“නෝ පුවෙදෝ (මට බෑ)..”
ඔහු නටන්නට ආරාධනා කරද්දී ඇය පැවසුවේ දෙනෙත් විසල් කර ගනිමින්ය.
“වෙන් (යමු)”
ඇගේ අකැමැත්ත නොසලකාම ඇගේ අතින් අල්ලාගත් ඔහු නර්තනයේ යෙදෙමින් සිටි තරුණ කණ්ඩායමකට මුසු විය.
ඇය අත තිබූ වීදුරුව ගෙන එක උගුරට එය අවසන් කළ තරුණයා, ඇගේ අතකින් අල්ලා ඇය සිරුරට ළං කර ගත්තේය.
“සෙනොර්..”
ඇය මිමිණුවාය.
“වාර්මෝසා බයිලාර් පොර් ෆවොර් සෙනොරීටා..” (කරුණාකරලා, අපි නටමුකො මිස්)
ඔහු ගැඹුරු හඬකින් මුමුණද්දී ඇයට නොහැකි යැයි කියන්නට නොහැකි විය. ඔහුගේ කඩවසම් මුහුණ දෙස බලාගෙන ඔහු ප්‍රතික්ෂේප කරන්නට ද ඇයට අවැසි නොවිණි.

සෙනොරීටා - පවනි උමයංගනා
පොතේ මිල රු. 2000
පොත නිවසටම ගෙන්වා ගැනීම සඳහා විමසන්න.
වට්ස්ඇප් 071 937 5028

ඕස්ටේ්‍රලියාවේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්, බෝයිං 370 යානාවේ ඉකොනොමික් පන්තිය තු...
18/08/2026

ඕස්ටේ්‍රලියාවේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්, බෝයිං 370 යානාවේ ඉකොනොමික් පන්තිය තුළ වූයේ කලබලකාරී බවකි.
යානයේ අසුනක් මත කාන්තාවක් සිහි විසංඥව වැතිරී සිටියාය. ගුවන් සේවිකාවන් කිහිප දෙනෙකු ඇයට සිහිය ගන්නට උත්සාහ කරමින් සිටි අතර, අනෙක් ගුවන් මඟීහු ද විවිධ අදහස් පළ කරමින් සිටියහ.
“දිස් ඊස් යුවර් කැප්ටන් රොජර්. ඉෆ් දෙයාර් ඊස් එනි ඩොක්ටර්, ප්ලීස් කම් ටූ ද ඉකොනොමික් ක්ලාස්. සීට් නම්බර් බී ටුවෙන්ටි. දිස් ඊස් ඇන් ඉමර්ජන්සි..” (මම ඔබලාගේ කැප්ටන් රොජර්. යානාවේ වෛද්‍යවරයෙක් ඉන්නවා නම් කරුණාකරලා ඉකොනොමික් පන්තියට එන්න..)
ගුවන්යානයේ කපිතාන්වරයාගේ හඬ යානාව පුරා පැතිරිණි. කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නොවුණු අතර, මගීහු එකිනෙකා එකිනෙකාගේ මුහුණු දෙස වුවමනාවෙන් බැලූහ.
මොහොතකින් යානාවේ ඉදිරිපෙළ අසුනක සිටි තරුණයෙකු නැඟී සිටියේය. අඩි පහකට වඩා උසැති ඔහුගේ සිරුර කායවර්ධනය කර හොඳින් සකසා තිබිණි. පෝනිටේලයක් දමා තිබූ ඩේ‍රඩ්ලොක් මෝස්තරයේ කොණ්ඩය පිට මැදට පමණ දිගු වූයේය. කන් දෙකම කළු පැහැති කොටු හැඩයේ කරාබු යුගලයකින් හැඩ කර තිබූ අතර, ඇහිබැම මත ද කුඩා කරාබුවක් විය. පැහැපත් මුහුණේ අඩක්ම වැසී තිබුණේ, තරමක් දිගට වැවී තිබූ රැවුලෙනි. අත් දිගු දම් පැහැති ජර්සි ටීෂර්ටයෙන් නිරාවරණය වූ අත්ලේ විවිධ ටැටූ මෝස්තර විය. එම පැහැයේම ජොගර් කලිසමත්, සුදු පැහැති ස්නිකර්ස් යුගලත් ඔහුට එක් කර තිබුණේ අමුතු කඩවසම් බවකි.
කලිසම් සාක්කු යුගලට දෑත් ඔබාගත් ඔහු පිරිස රැස්ව සිටි තැනට ගියේ කලබලයකින් තොරවය.
ගුවන් සේවිකාවන් සේම මඟීන් ද ඔහු දෙස යන්තමින් බැලුවත් ඔවුන්ගේ දෑස් කලබලයෙන් ගුවන් යානය පුරා සංචාරය කරමින් තිබිණි.
ඒ වන විටත් කාන්තාව බිම දිගා කර, ගුවන් සේවිකාවන් විසින් ඇයට අවශ්‍ය මූලික ප්‍රතිකාර කර තිබිණි. ඔහු ඇය අසළ දණ නවා, ඇගේ නාඩි පරීක්ෂා කර බැලුවේ කල්පනාවෙනි.
“පල්ස් ආර් අන්ස්ටේබල්”
ඔහු ඉංග්‍රීසි බසින් පවසද්දී අවට සිටියවුන්ගේ පුදුමයෙන් විසල් වූ දෑස් ඔහු වෙතටම යොමුව තිබිණි. ගුවන් සේවිකාවෝ ඔහුගේ හිසේ සිට දෙපතුළටම නෙත් ගෙන ගියහ.
“ඔයා කව්ද?”
එක් ගුවන් සේවිකාවක් පමණක් ආයාසයෙන් හඬ අවදි කර ගත්තාය.
“අයෑම් ඩොක්ටර් අකේන් වැන්ඩර්සේ.. හරියටම කියනවා නම මම නියුරෝ සර්ජන් කෙනෙක්.. ඒත් මට මෙයාට උදව්වක් කරන්න පුළුවන් වෙයි..”
ඔහු මුදු ස්වරයෙන් පැවසුවත් කිසිවෙකුගේ ඉරියව්වල වෙනසක් නොවිණි. ඔවුන්ගේ ප්‍රතිචාරයන් ගණනකට නොගත් අකේන් රෝගියා වෙතට පහත්ව ඇගේ ඇගලුම් ලිහිල් කරමින් හද ගැස්මද පරීක්ෂා කර බැලුවේය.
“ඔයා ඇත්තටම වෛද්‍යවරයෙක් ද?”
එක් ගුවන් සේවිකාවක් අනෙක් අය දෙස ද බලමින් ප්‍රශ්න කළාය.
“මගේ හැඳුනුම්පත ගෙනත් පෙන්නන්න ද? හැබැයි, මෙයාට ඉක්මන් ප්‍රතිකාර ඕනේ.. මම... මම ප්‍රතිකාර කරන්න ද? එපා ද?”
*****************************
දේවදාරා - පවනි උමයංගනා
පොත නිවසටම ගෙන්වා ගන්න.
අදම කතා කරන්න.
මිල රු. 2000
වට්ටම් මිල. රු. 1600
ඔබේ නම, ලිපිනය හා දුරකථන අංකය සටහන් කොට පණිවිඩයක් එවා පොත නිවසටම ගෙන්වා ගන්න.
කුරියර් ගාස්තු ඇතුළත් වේ.

මා නොසිතූ අන්දමින් නාන කාමරයේ සිට යළි සයනයට එද්දී ඇගේ මුහුණේ වූ නොරිස්සුම් සහගත පෙනුම නැති වී තිබිණි. එහෙත් ඇය නිහඬවම නි...
16/08/2026

මා නොසිතූ අන්දමින් නාන කාමරයේ සිට යළි සයනයට එද්දී ඇගේ මුහුණේ වූ නොරිස්සුම් සහගත පෙනුම නැති වී තිබිණි. එහෙත් ඇය නිහඬවම නිදා ගත්තාය.
“සුදු මැණික.. මට නින්ද යන්නේ නෑ..”
නෙලු‍කගෙන් කෙටි පණිවිඩයක් පැමිණියේ මගේ කම්මැලිකමට බෙහෙතක් වෙමිනි.
“මාත් ඇහැරලා නිසා ඔයත් ඇහැරලා ඉන්න..”
“එහෙම ද ආස..?”
“ඕඕඕ..”
“මට මොනවා හරි දුන්නොත් ඇහැරලා ඉන්න පුළුවන්..”
“මම හොස්පිට්ල් ඉන්නේ..”
බොහෝ කලකින් මා හා නෙලු‍ක අතර ආදරණීය කෙටි පණිවිඩ හුවමාරු කෙරිණි. ආදරය කරන සමයේ මතක සිතට පැමිණියේ වෙහෙසකර ගතට සේම සිතට තරමක සහනයක් ගෙන දෙමිනි.
අඩ නින්දේ සිටි මා උදෑසන අවදි වූයේ වෛද්‍යවරයා පැමිණි හඬිනි. ඒ වන විටත් අම්මා අවදි වී සයනයේ අසුන්ගෙන සිටියාය.
“ලෙඩා ඇහැරිලා, බලාගන්න කෙනා නිදි හොඳට.. පේනවනේ දුවලගේ විදිය අම්මේ..”
තරුණ වෛද්‍යවරයා මා දෙස බලමින් සරදම් ස්වරයෙන් පවසද්දී, මම ලැජ්ජාශිලී සිනාවක් පෑවෙමි.
“අනේ නෑ ඩොක්ටර්.. එළිවෙනකම්ම ඇහැරගෙන හිටියෙ.. ඔය උදේ ඇහැ ටිකක් පියවෙන්න ඇත්තේ..”
ඇය පවසද්දී මට තරමක පුදුමයක් ද දැනිණි.
“හ්ම්ම්.. හොඳ දුවෙක්නේ එහෙනම් අම්මට ඉන්නේ.. කොච්චර හොඳ ද?”
වෛද්‍යවරයා යළිත් වුවමනාවෙන් මා දෙස බලද්දී මම යන්තමට සිනාවක් පෑවෙමි.
“මේ මගේ ලේලි ඩොක්ටර්.. දුවම තමයි ඒ වුණාට..”
අම්මා මා එලෙස හඳුන්වා දුන්නේ වෛද්‍යවරයාගේ මුහුණේ වූ වෙනස හඳුනා ගත් නිසා ද, නොඑසේ නම් සැබෑවටම මා ගැන ඇති හැඟීමදැයි මට සිතා ගත නොහැකි විය.
වෛද්‍යවරයාගේ මුහුණේ ඇති වූ වෙනස නම් මගේ මුවට සිනාවක් ගෙන එන්නට සමත් විය.

මටත් කවියක් ලියන්න - පවනි උමයංගනා
මිල රු. 1200
වට්ටම් සහිතයි

Address

Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Pawana Books posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pawana Books:

Shortcuts

Share

Category