Gampola Janamadyawediya

Gampola Janamadyawediya Gampola News / Local News/world news provider in Sri Lanka
(3)

2016 දී, Indiana ප්‍රාන්තයේ South Bend හි පිහිටි Memorial Children’s Hospital රෝහල, පුළුල් කිරීමේ වැඩකටයුතුවල ඉදිකිරීම් ...
15/08/2026

2016 දී, Indiana ප්‍රාන්තයේ South Bend හි පිහිටි Memorial Children’s Hospital රෝහල, පුළුල් කිරීමේ වැඩකටයුතුවල ඉදිකිරීම් අධීක්ෂකවරයා ලෙස වැඩ කළේ Jason Haney.

රෝහල් කාමරවල හිරවෙලා ඉන්න පොඩි ළමයින්ට කොච්චර අමාරුද කියලා ඔහු හොඳටම දැනගෙන හිටියා. මොකද ඔහුගේම දුව Taylor, මවගේ කුසයේ සිටියදීම ආඝාතයක් (stroke) නිසා අසනීප වෙලා සිටි නිසා..වෛද්‍යවරුන් ඔහුට කියලා තිබුණේ ඇයට තුන්වෙනි ශ්‍රේණියට වඩා ඉගෙන ගන්න බැරිවෙයි කියලා.

රෝගී දරුවන්ගේ දවස් ටිකක් ප්‍රීතිමත් කරන්න, Haney සහ ඔහුගේ දුව අඩි 8ක් උස ප්ලයිවුඩ් වලින් Waldo ගේ රූපයක් හදලා, ඉදිකිරීම් භූමියේ තැන් තැන්වල හංගන්න පටන් ගත්තා. ළමයි තමන්ගේ ජනේලෙන් ඉදිකිරීම් භූමිය දිහා බලාගෙන Waldo ව හොයනවා. ඔවුන් ඔහුව දැක්කට පස්සේ, ඔහු එය අරගෙන වෙනත් තැනක හංගනවා.

මේ සෙල්ලම කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම්, Haney ෆේස්බුක් සමූහයක් පවා හැදුවා පවුල්වලට තමන් හොයාගත්ත Waldo ගේ ෆොටෝ share කරන්න.

වෛද්‍යවරුන්ගේ අනාවැකි බොරු කරමින් Taylor විශිෂ්ට විදිහට උසස් පාසලෙන් සමත්වෙලා, පසුව Ball State University හි ජීව විද්‍යාව හදාරන්න ගියා. විනෝදය දිගටම තියාගන්න Haney පසුව කුඩා Minion චරිත හතරකුත් මේ සෙල්ලමට එකතු කළා.

ඔහු වරක් මෙහෙම කිව්වා: “මම මේක කළේ ළමයින්ට තමන් ඉන්න තත්ත්වය ටික වෙලාවකට අමතක කරලා ඉන්න පුළුවන් වෙන්න.”

සමහර වෙලාවට පුංචි කරුණාවන්ත ක්‍රියාවක් ලොකු වෙනසක් කරනවා. 🧩🏗️💛

අපි නිදිමත, තෙහෙට්ටු, තැතිගැන්මකින් වගේ ඉන්නකොට "groggy" කියන වචනය කියනවා නේද? මේ වචනය ඉපදිලා තියෙන්නේ මුහුද මැදදියි. 🍹"...
15/08/2026

අපි නිදිමත, තෙහෙට්ටු, තැතිගැන්මකින් වගේ ඉන්නකොට "groggy" කියන වචනය කියනවා නේද? මේ වචනය ඉපදිලා තියෙන්නේ මුහුද මැදදියි. 🍹

"groggy" කියන වචනයේ කතාව:

1740 දී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ අද්මිරාල්වරයෙක් හිටියා එඩ්වඩ් වර්නන් කියලා. එයා හැමවෙලේම ඇදගෙන ඉන්න ජලයට ඔරොත්තු දෙන ඝන රෙද්දකින් හදපු cloaks එකක් නිසා එයාට හැමෝම කිව්වේ "Old Grog" කියලා. ඒ grogram රෙද්ද නිසා.

ඒ කාලේ නැවියන්ට දවස ගානේ රම් (rum) පංගුවක් දුන්නා. නැවියෝ ගොඩක් බීලා මත් වෙන නිසා අද්මිරාල් වර්නන් අණ කළා ඒ රම් වතුරට, දෙහි යුෂ කලවම් කරලා දෙන්න කියලා. ඒකෙන් මත් වීම අඩු වෙනවා වගේම scurvy රෝගයත් අඩු වෙනවා.

ඉතින් මේ වතුර දාලා හදපු පානයට හැමෝම "grog" කියන්න පටන් ගත්තා. ඒ grog එක වැඩිපුර බීලා අමාරුවෙන් ඇවිදින, දෙපැත්තට පැද්දෙන අයට "groggy" කියන්න පටන් ගත්තා. ඒ කියන්නේ -groggy කියන්නේ තැතිගැන්වූ, අස්ථාවර, උදාසීන ගතියට.

මේ "groggy" කියන වචනය මුලින්ම ලියවිලා තියෙන්නේ 1770 විතර..

නාවික අද්මිරාල් කෙනෙක්ගේ අන්වර්ථ නාමයකින් පටන් අරන්, වතුර දාපු බීම එකක් වෙලා, අද අපි දිග රෑකට පස්සේ, එහෙම නැත්තම් සඳුදා උදේක දැනෙන ඒ මහන්සිය, නිදිමත ගතියට කියන වචනයක් බවට පත් වෙලා. 🍋⛵

ඉන්දියාවට අයත් යැයි සැක යාත්‍රාවක් හලාවත ඉරණවිල වෙරළට ඇවිත්ඉන්දියාවට අයත් බවට සැක කෙරෙන ධීවර යාත්‍රාවක් අද (15) අලුයම හල...
15/08/2026

ඉන්දියාවට අයත් යැයි සැක යාත්‍රාවක් හලාවත ඉරණවිල වෙරළට ඇවිත්

ඉන්දියාවට අයත් බවට සැක කෙරෙන ධීවර යාත්‍රාවක් අද (15) අලුයම හලාවත ඉරණවිල වෙරළට ගොඩගසා තිබේ.

යාත්‍රාව ගල්පරවල ගැටීමකින් තොරව වෙරළට ගොඩගසා තිබීම හේතුවෙන් කිසිවෙකු පැමිණ ඇති බවට ප්‍රදේශවාසීන් සැක කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බලමින් ඇති අතර මේ වනවිට ඊට ආරක්ෂාව ලබාදී තිබේ

ලග්ගල ජලාශය පතුළටම සිඳී යටවුණු පල්ලෙගම නගරයේ නටඹුන් මතු වූ හැටි -
15/08/2026

ලග්ගල ජලාශය පතුළටම සිඳී යටවුණු පල්ලෙගම නගරයේ නටඹුන් මතු වූ හැටි -

🇱🇰🏏🇮🇳 ගැටුම ඇරඹීමට පෙර දෙරටේ කණ්ඩායම් නායකයන් කුසලානය සමඟ...ප්‍රබල ඉන්දියාවට එරෙහිව අපේ කොල්ලො ගේමක් ගහයි නේද??
15/08/2026

🇱🇰🏏🇮🇳 ගැටුම ඇරඹීමට පෙර දෙරටේ කණ්ඩායම් නායකයන් කුසලානය සමඟ...

ප්‍රබල ඉන්දියාවට එරෙහිව අපේ කොල්ලො ගේමක් ගහයි නේද??

🇱🇰 කේෂර නුවන්ත ටෙස්ට් වරම් දිනා ගනී. 🏏 සනත් ජයසූරිය සහ කසුන් රාජිතගෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා...
15/08/2026

🇱🇰 කේෂර නුවන්ත ටෙස්ට් වරම් දිනා ගනී. 🏏

සනත් ජයසූරිය සහ කසුන් රාජිතගෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ තුන්වන සර්වේශස් පාසල් ක්‍රීඩකයා බවට කේෂර පත්වෙයි.

මාතරට අභිමානවත් අවස්ථාවක්! 👏

15/08/2026

එයා මොනවා හරි කියනවා වගේ නේද

15/08/2026

වත්තේගම සිද්ධියට අදාළ යුවල පොලිස් භාරයේදි...

15/08/2026

ඔන්න ඔහොමයි පුහුණුව

15/08/2026

ලමයා අතට ෆොන් එක දිලා නිදාගන්න දෙමාපියන්ට තමයි මේ වීඩියෝ එක වැදගත්.මෙන්න අරං දෙනවා නම් වැදගත් දෙයක්

Address

Gampola

Telephone

+94713861588

Website

Alerts

Be the first to know and let us send you an email when Gampola Janamadyawediya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gampola Janamadyawediya:

Shortcuts

Share