Gampola Janamadyawediya

Gampola Janamadyawediya journalist

පොලිසිය ඉදිරිපිටදී දුරකථනයක් සොරාගත් අය පොලිස් සැරයන්වරියක අල්ලාගත් හැටිමහනුවර මූලස්ථාන පොලිස් ස්ථානය ඉදිරිපිට සිදුවූ සි...
09/06/2025

පොලිසිය ඉදිරිපිටදී දුරකථනයක් සොරාගත් අය පොලිස් සැරයන්වරියක අල්ලාගත් හැටි

මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානය ඉදිරිපිට සිදුවූ සිද්ධියකදී තරුණියකගේ වටිනා ජංගම දුරකථනයක් පැහැරගෙන පලා යාමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් සැරයන්වරියක විසින් ධෛර්යසම්පන්න ලෙස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

මහනුවර මූලස්ථාන පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව,මෙම සිද්ධිය සිදුව ඇත්තේ ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා පැමිණි තරුණියක් මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානය ඉදිරිපිටින් ගමන් කරමින් සිටියදීය. එම අවස්ථාවේදී පුද්ගලයෙකු ඇගේ අතේ තිබූ ජංගම දුරකථනය පැහැරගෙන පලා යාමට උත්සාහ කර ඇත.

මෙම සිද්ධිය දුටු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් නෙරංජලා කුමාරි (2954) මහත්මිය වහාම ක්‍රියාත්මක වී පලා යමින් සිටි සැකකරු පසුපස ලුහුබැඳ ගොස් බලවත් පරිශ්‍රමයකින් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන තරුණිය ඇගේ මිතුරියක් සමඟ දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා පෙරේදා (5) මහනුවර පැමිණ ඇත. ඔවුන් මහනුවර මූලස්ථාන පොලිසිය ඉදිරිපිටින් වැටී ඇති මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇත. මහනුවර මූලස්ථාන පොලිසියේ පිවිසුම් දොරටුව ආසන්නයේදී අදාළ පුද්ගලයා තරුණිය සතුව තිබූ නවීන වර්ගයේ ජංගම දුරකථනය පැහැරගෙන පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් සැරයන් කුමාරි මහත්මිය ධෛර්යසම්පන්න ලෙස ක්‍රියා කරමින් සැකකරු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර, පැහැර ගත් ජංගම දුරකථනය ද සැකකරු සන්තකයෙන් සොයා ගැනීමට හැකි වී තිබේ. එම දුරකථනය රුපියල් තුන්ලක්ෂ අනූ දහසක් පමණ වටිනා බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොලොන්නරුව, වැලිකන්ද, තාවල්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක් වන හෝටල් සේවකයෙකු බව හඳුනාගෙන ඇත

අවවාදය නම් හොදයි..
09/06/2025

අවවාදය නම් හොදයි..

ලොවම කතා වෙන බුර්කිනා ෆාසෝ හමුදා පාලකයාබුර්කිනා ෆාසෝ ඉතිහාසය පුරාම ජුන්ටා රජයන් බිහිවීමේ කුප්‍රකට ඉතිහාසයකට හිමිකම් කියන...
09/06/2025

ලොවම කතා වෙන බුර්කිනා ෆාසෝ හමුදා පාලකයා

බුර්කිනා ෆාසෝ ඉතිහාසය පුරාම ජුන්ටා රජයන් බිහිවීමේ කුප්‍රකට ඉතිහාසයකට හිමිකම් කියන බටහිර අප්‍රිකානු රාජ්‍යයකි. වයඹ දෙසින් මාලි රාජ්‍යයත්, ඊසාන දෙසින් නයිජර් රාජ්‍යයටත්, ගිනිකොන දෙසින් බෙනින් රාජ්‍යයටත්, දකුණින් ටෝගෝ සහ ඝානාව හා නිරිතදිගින් අයිවරි කොස්ට් රාජ්‍යයටත් මායිම් වූ දරිද්‍රතාවයේ අන්තයටම ගිය ජනතාවක් ජීවත්වන රටකි. සියවස් ගණනාවක් පුරා ප්‍රංශ යටත් විජිතයක්ව පැවැති බුර්කිනා ෆාසෝ නිදහස ලැබුවේ හැටේ දශකයේ මුල් භාගයේදීය. එහෙත් එතැන් සිට ගත වූ දශක ගණනාවක කාලය පුරා ප්‍රංශයේ විවිධ බලපෑම්වලින් අඩුවක් නොවීය. රටේ ස්වභාවික සම්පත් සූරාකෑමේ පටු අරමුණින් යුතුව ක්‍රියාත්මක වන විවිධ විදේශීය බලවේග විසින් රට අස්ථාවර කිරීමට සැලසුම්සහගතව සිදු කරන හමුදා කුමන්ත්‍රණ, අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදය, සිවිල් යුද ගැටුම්වලින් ද පිරුණු රටකි. දේශපාලන හා සමාජයීය ව්‍යසන රැසක් මධ්‍යයේ සිය ජීවිතය ගැටගසා ගැනීමේ අභියෝග රැසකට මුහුණපා සිටින එරට මිලියන 23ක ජනතාවට වසංගත රෝග, සාගත, ගංවතුර, දිගුකාලීන ඉඩෝර වැනි ස්වභාවික විපත්තිවලින් ද උපරිම බැට කෑහ.

මේ වන විට ලොවම කතා කරන ඉබ්‍රාහිම් ට්‍රවුරේ නමැති ළාබාල හමුදා නිලධාරියා බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ බලය උදුරා ගන්නේ එවැනි පසුබිමකදීය. ඔහු බලයට පත්වන්නේ ද 2022 වසරේ සැප්තැම්බරයේ සිදුකළ හමුදා කුමන්ත්‍රණයකිනි. එය වසරේ දෙවැනි හමුදා කුමන්ත්‍රණය ද විය. ඊට පෙර ජනවාරියේදී එවකට බලයේ සිටි ජනාධිපති රොච් කබෝරේගේ රජය පෙරළා දමා ලුතිනන් කර්නල් පෝල් හෙන්රි ඩමීබා රාජ්‍ය බලය පැහැරගත්තේය. ඔහුගේ නායකත්වයෙන් යුතු ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණය සඳහා වූ දේශප්‍රේමී ව්‍යාපාරයට (The Patriotic Movement for Safeguard and Restoration – MPSR) එරට මිලිටරි සහාය නොඅඩුව ලැබී තිබිණි. හමුදා කුමන්ත්‍රණවලින් රාජ්‍ය බලය අත්පත් කරගත් නායකයන්ට ජනතා ප්‍රසාදයක් නැත. එවැනි රටවල ජුන්ටා ආණ්ඩු වැඩි කාලයක් පවතින්නේ ද නැත. ඩමීබා මිලිටරි ජුන්ටාවට ද එම ඉරණම අත්විය. 2022 ඔක්තෝබරයේදී යුද හමුදා කපිතාන් 34 හැවිරිදි ඉබ්‍රාහිම් ට්‍රවුරේ නිල වශයෙන් රටේ නායකත්වයට පත්වූ අතර, ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණය සඳහා වූ දේශප්‍රේමී ව්‍යාපාරයේ නායකයා ද විය. ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවක් සඳහා ප්‍රතිඥා දෙමින් රටේ නායකත්වයට පත්වූ කපිතාන් ඉබ්‍රාහිම් ජනතාවට පොරොන්දු වූයේ 2024 ජූලි මාසයේදී ජනාධිපතිවරණය පවත්වන බවටය. ඒ දක්වා දෙවසරක කාලසීමාව තුළ බුර්කිනා ෆාසෝ ජනතාවට සිය උපරිම සේවය ඉටු කිරීම ඔහුගේ අරමුණ වී තිබිණි.

කුමන්ත්‍රණ

බුර්කිනා ෆාසෝ ඉතිහාසය වෙනස් වූයේ එතැන් සිටය. කිසිදු දේශපාලන දැනුමක් නොතිබූ මේ ළාබාල හමුදා නායකයා එම දෙවසරක කාලය තුළ බුර්කිනා ෆාසෝ ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමට සමත්වූවා පමණක් නොව එතෙක් කාලයක් ලෝක සිතියමේ කිසිදු පිළිගැනීමකට ලක්නොවූ මේ දිළිඳු රාජ්‍යයට ජාත්‍යන්තර අවධානය ගෙන දීමට සමත්වූයේ විමතිය දනවනසුලු සංවර්ධනයකට උරදෙමිනි.

එම දෙවසරක කාලසීමාවේ ඔහු විසින් ගනු ලැබූ තීන්දු තීරණ සමස්ත අප්‍රිකානු කලාපයේ පළපුරුදු රාජ්‍ය නායකයන්ගේ නළල්තල රැළි ගැන්වූ එකකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ණය ආධාර ප්‍රතික්ෂේප කිරීම.

බුර්කිනා ෆාසෝ හි ප්‍රංශ හමුදා මෙහෙයුම් තහනම් කිරීම.

එරට රැඳී සිටි ප්‍රංශ හමුදාව රටින් පිටුවහල් කිරීම

මීට අමතරව ඔහු විසින් සපුරාගනු ලැබූ දැවැන්ත ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ක්‍රියාවලිය එවැනි රාජ්‍යයකට පහසුවෙන් ළඟා විය නොහැකි ඉලක්කයන් ය. වසර දෙකක් ඇතුළත එවැනි සංවර්ධන ක්‍රියාවලියක් එතෙක් අප්‍රිකානු මහාද්වීපයේ කිසිදු රාජ්‍යයකට අත්කරගත නොහැකිවූ බව විචාරකයන්ගේ අදහස ය.

රටේ දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 18.8 සිට 22.1 දක්වා ඉහළ නැංවීම.

අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කප්පාදු කිරීම සහ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 50%කින් ඉහළ නැංවීම.

බුර්කිනා ෆාසෝ දේශීය ණය පියවා දැමීම.

බුර්කිනා ෆාසෝ හි පළමුවරට තක්කාලි ආශ්‍රිත ආහාර නිෂ්පාදන කර්මාන්තශාලා දෙකක් ආරම්භ කිරීම. එමගින් එරට අපනයන ආර්ථිකය ඉහළ නැංවීම.

තක්කාලි නිෂ්පාදනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3,15,000 සිට මෙට්‍රික් ටොන් 3,60,000 දක්වා ඉහළ නැංවීම.

දේශීය ආර්ථිකය වර්ධනය කිරීම සඳහා රන් ආකර සංවර්ධනය කිරීම.

යුරෝපයට අමිශ්‍රිත රන් අපනයනය අත්හිටුවීම. එමගින් රටේ රැකියා අවස්ථාව ඉහළ නැංවීම.

ට්‍රැක්ටර් වැනි උපකරණ ප්‍රදානය කරමින් එරට කෘෂි කර්මාන්තය නඟාසිටුවීම.

මෙනේරි නිෂ්පාදනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 9,07,000 සිට මෙට්‍රික් ටොන් මිලියන 1.1 දක්වා ඉහළ නැංවීම.

සහල් නිෂ්පාදනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 2,80,000 සිට මෙට්‍රික් ටොන් 3,26,000 දක්වා ඉහළ නැංවීම.

මංමාවත් හා යටිතල පහසුකම් පුළුල් සංවර්ධනයට ලක් කිරීම.

වාර්ෂිකව මගීන් මිලියනයක් හුවමාරු වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදි කිරීම.

බුර්කිනා ෆාසෝ හමුදා නායකයකු කෙරෙහි එවැනි ප්‍රසාදයක් සහ ජනප්‍රියත්වයක් ජනතාව අතර පැතිරී ගියේ දශක ගණනාවකට පසුවය. ඊට පෙර එවැනි ජනප්‍රියත්වයක් හිමි වූයේ අසූව දශකයේ එරට පාලනය කළ හමුදා නායක තෝමස් සන්කාරාටය. සමස්ත අප්‍රිකානු කලාපයෙන් බිහිවූ විශිෂ්ටතම හමුදා පාලකයා ලෙස ප්‍රකටව සිටි මේ මාක්ස්වාදී හමුදා කපිතාන්වරයා 1983 අගෝස්තුවේ සිට 1987 ඔක්තෝබරයේදී ඔහුගේම සමීප සගයකු වන හමුදා නිලධාරි බ්ලේස් කොම්පෝරේ සිදු කළ හමුදා කුමන්ත්‍රණයකදී ඝාතනය වනතුරු බුර්කිනා ෆාසෝ රාජ්‍යය පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික හා සමාජයීය ප්‍රතිසංස්කරණයක් සිදු කළේය. අවුරුදු 33දී එරට හමුදා පාලකයා බවට පත්වූ සන්කාරා සිදුකළ විප්ලවීය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හේතුවෙන් එවකට ඔහු හඳුන්වනු ලැබුවේ ‘අප්‍රිකාවේ චේ ගුවේරා‘ නමිනි. හෙතෙම ‘අවංක ජනතාවගේ භූමිය‘ නමින් බුර්කිනා ෆාසෝ ජාතික ගීය නිර්මාණය කරනු ලැබීය. ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය අධිරාජ්‍ය විරෝධී එකකි. ඉබ්‍රාහිම් මෙන්ම සන්කාරා ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කළ අතර, රටේ ආර්ථික සංවර්ධනයට උරදෙන ඇතැම් විදේශීය ආධාරවලට පමණක් දොරටු විවර කළේය.

විදේශ ප්‍රතිපත්තිය

අද ඉබ්‍රාහිම් ට්‍රවුරේ ගමන් කරන්නේ ද සන්කාරා ගිය අඩිපාරේමය. ඔහුද දැඩි මාක්ස්වාදී මතධාරියකු වන අතර, අධිරාජ්‍ය විරෝධී සංකල්පය පෙරදැරිව විදේශ ප්‍රතිපත්තියක් සකස් කළේය. විශේෂයෙන් රන් ආකර වැනි රටේ ස්වභාවික සම්පත් සූරා කෑමේ පටු චේතනාවෙන් යුතුව බුර්කිනා ෆාසෝ රාජ්‍යයට ඇතුළුවීමට උත්සාහ ගත් බටහිර අදෘශ්‍යමාන බලවේග රැසක් වේලාසනින්ම හඳුනා ගැනීමටත්, රටේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය උදෙසා දැඩි පියවර ගැනීමටත් පසුබට නොවීය. 2024 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ බලහුවමාරුවකට අවස්ථාව උදා කරමින් පැවැත්වීමට නියමිතව තිබු ජනාධිපතිවරණය ඔහු විසින් අවලංගු කරනු ලැබුවේ බුර්කිනා ෆාසෝ රාජ්‍යය තවදුරටත් බටහිර ආධිපත්‍යයෙන් ඈත් කර තැබීමේ අරමුණ ඇතිවය.

‘වඩාත් වැදගත් වෙන්නේ ආරක්ෂාව. ප්‍රමුඛතාව දිය යුතු වන්නේ ජනාධිපතිවරණයට නොව රටේ ආරක්ෂාවටයි.‘ එසේ කියමින් ඉබ්‍රාහිම් ට්‍රවුරේ තවත් වසර පහකට ජුන්ටා බලය දීර්ඝ කළේය. ඒ සඳහා මාස 60ක නව අන්තර්වාර රාජ්‍ය ගිවිසුමකට ද ඔහු අත්සන් තැබුවේය. ඒ අනුව එරට ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2029 වසරේදීය. එතෙක් ඔහු සිය රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් තවත් විශාල වැඩ කොටසක් ඉටු කරනු ඇත. ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ට අනුව මීළඟට පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාව ද මේ වන විට ඉබ්‍රාහිම් ට්‍රවුරේ නිර්මාණය කරගෙන සිටින බවය. ඒ සඳහා රටේ බහුතර ජනතාවගේ කැමැත්ත ද ඔහුට ලැබෙනු ඇතැයි වාර්තා පළ වී තිබේ.

රටේ හමුදා පාලනය ස්ථාපිත කිරීමෙන් පසු ඔහු පළමුව සිදු කරනු ලැබුවේ ප්‍රංශ අධිරාජ්‍යවාදී තෝතැන්නක් බවට පත්වී තිබූ සිය රට ඉන් මුදා ගැනීමට පියවර ගැනීමය. එරට සිදු කරන ප්‍රංශ හමුදා මෙහෙයුම් අත්හිටුවීමටත්, ඔවුන් රටින් පිටුවහල් කිරීමටත් පියවර ගනු ලැබුවේ ඒ අනුවය. බටහිර ආධිපත්‍යය තදින්ම ප්‍රතික්ෂේප කළ ඉබ්‍රාහිම් සිය ධුර කාලයේ ආරම්භක අවධියේදීම රුසියාවට සමීප විය. ඔහු වාමවාදී ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට පියවර ගත් අතර, රුසියානු පැරාමිලිටරි හමුදා කණ්ඩායමක් බුර්කිනා ෆාසෝ වෙත ගෙන්වා ගැනීම වැනි උපාය මාර්ගික පිළිවෙත් තුළින් බටහිර රටවලට ප්‍රබල පණිවුඩයක් නිකුත් කළේය. ඉන් නොනැවතී ඔහු එතෙක් බටහිර රටවල ආයෝජන සමාගම්වල ආධිපත්‍යයට යටවූ එරට රන් ආකර නැවත රජයට අත්කර ගැනීමට කටයුතු කළ අතර, රජයේ රන් ආකර සමාගම් දෙකක් බිහි කරමින් විදේශීය ආධිපත්‍යයට නතුවූ බුර්කිනා ෆාසෝ රන් ආකර කැණීම් කටයුතු රජයට පවරා ගත්තේය.

ඉබ්‍රාහිම් ට්‍රවුරේ සිය කෙටි ධුරකාලය අතරතුර කලාපීය මට්ටමෙන් සිදුකළ තවත් කැපී පෙනෙන කාර්යභාරයක් වන්නේ බටහිර අප්‍රිකානු රාජ්‍යයන්හි ආර්ථික ප්‍රජාව සංවිධානයෙන් ඉවත්වී බුර්කිනා ෆාසෝ මෙන්ම දිළිඳු රටවල් වන නයිජර් සහ මාලි රාජ්‍යයන් සමඟ එක්ව සහේල් රාජ්‍ය සන්ධානය නමින් (the Alliance of Sahel States (AES) සංවිධානයක් බිහි කරගැනීමටය. නයිජ් සහ මාලි රාජ්‍යයන් ද හමුදා පාලනය යටතේ පවතින බටහිර අප්‍රිකානු කලාපයේ දිළිඳු රටවල්ය.

අපේක්ෂා

ඉබ්‍රාහිම් ට්‍රවුරේගේ ජනප්‍රියත්වය සහ ආධිපත්‍යය සමස්ත අප්‍රිකානු කලාපයේ පමණක් නොව ලොව පුරා පැතිරී යෑමට හේතුවූයේ එම කාර්යභාරය පමණක්ම නොවීය. ඔහු විසින් වරින් වර සිදු කළ බටහිර විරෝධී ප්‍රකාශයන් ද ඊට ප්‍රබල සාධක බවට පත්වී තිබිණි. මේ දිනවල සමාජ මාධ්‍යජාලයේ සහ ජාත්‍යන්තර මාධ්‍ය අතර දැඩි කතාබහට ලක්වෙමින් ‘වයිරල්‘ වන්නේ එවැනි ප්‍රකාශ මාලාවකි. ඔහු 2023 වසරේ ජූලි මාසයේ රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවරදී රුසියානු නායක ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රුසියානු- අප්‍රිකා සමුළුවේදී සිදු කළ දේශනයේදී අප්‍රිකානු කලාපයේ පළපුරුදු රාජ්‍ය නායකයන් දැඩි විවේචනයට ලක් කළේය. එය ඔහු විසින් ජාත්‍යන්තරය හමුවේ ප්‍රසිද්ධ දේශනයකට එක්වූ පළමු අවස්ථාව ද විය. සැබැවින්ම ඉබ්‍රාහිම් එවැනි අවස්ථාවක් අපේක්ෂාවෙන් පසුවිය. ‘අධිරාජ්‍යවාදින්ගේ නූලට නැටවෙන පඹයන් වගේ හැසිරීම නතර කරන්න.‘ සිය දේශනය අතරතුර ඔහු එසේ කියමින් සමුළුවට පැමිණි සියලු අප්‍රිකානු නායකයන්ගෙන් විවෘත ඉල්ලීමක් කළේය.

එය රුසියානු මාධ්‍ය විසින් ඉහළින්ම ප්‍රචාරය කරනු ලැබීය. තවත් අවස්ථාවකදී ඔහු බටහිර මාධ්‍ය පතුරු ගැසුවේය. බටහිර මාධ්‍ය සමාගම්වල න්‍යාය පත්‍රය දැඩි විවේචනයට ලක් කළේය. අප්‍රිකානු මහාද්වීපය සම්බන්ධව ලිපි පළ කිරීමේදී වසංගත, දරිද්‍රතාව, සාගත, දූෂණ වංචා හැරුණු විට අප්‍රිකාවේ බොහෝ රටවල් විසින් අත්පත් කරගනු ලැබූ සාර්ථකත්වය සම්බන්ධව සටහන් නොකරන්නේ මන්දැයි විමසා සිටියේය. බටහිර මාධ්‍ය සිය පෞද්ගලික න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන බව කියමින් ඔහු විසින් කළ ප්‍රකාශයන් මීට පෙර අප්‍රිකානු මහාද්වීපයේ කිසිදු රාජ්‍ය නායකයකු විසින් සිදු කර නොතිබිණි.

ඉබ්‍රාහිම් ට්‍රවුරේගේ ප්‍රකාශ ඉතා ප්‍රබලය. බටහිර කොලනිවාදයට එරෙහිව ඔහු විසින් වරින් වර සිදු කළ ප්‍රකාශ බහුතර තරුණ පරපුරක් ජීවත්වන බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ උදාන පාඨ බවට පත්වී තිබේ. බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ පමණක් නොව සමස්ත අප්‍රිකානු කලාපය පුරා තරුණ පරපුර අතර මේ හමුදා නායකයාට ලැබී ඇත්තේ ඉහළ ප්‍රතිචාරයකි. ඔහුගේ මේ අසීමිත ජනප්‍රියත්වය සහ තරුණ නායකත්වය අප්‍රිකානු මහාද්වීපයට අරුණෝදය උදා කර ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.

ඉබ්‍රාහිම් ට්‍රවුරේගේ ප්‍රතිපත්තීන් හා ගතිපැවතුම් සම්බන්ධව වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සිය පෞද්ගලික ජීවිතය දේශපාලනයෙන් ඈත් කර තබා ගැනීමය. ලොව පුරා බොහෝ රාජ්‍ය නායකයන් මෙන් ජනපති ආර්යාව පෙරටු කර ගනිමින් විදෙස් සංචාරවලට හෝ විවිධ උත්සවවලට සහභාගි නොවන අතර ඔහු එම ප්‍රතිපත්තිය දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ. ඔහුගේ බිරිය හා දරුවන් පොදු උත්සව කටයුතුවලට සහභාගි නොවන අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන් දැකගැනීමේ හෝ කතාබහ කිරීමේ අවස්ථාව ඔහුගේ සමීපතමයන්ට පවා ලැබෙන්නේ කලාතුරකිනි.

ඉබ්‍රාහිම් ට්‍රවුරේගේ ජනකාන්තභාවය නොඑසේ නම් කැරිස්මාව එක් රැයකින් උදාවූවක් නොවීය. එය ඔහු විසින් කෙටි කාලයක් ඇතුළත සිදු කළ ආශ්චර්යක් බඳු සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි. බුර්කිනා ෆාසෝ වැනි අන්ත දිළිඳු රාජ්‍යයක් ඔසවා තැබීම අවුරුදු තිස්ගණන්වල පසුවන තරුණ රාජ්‍ය නායකයකුගෙන් අපේක්ෂා කළ නොහැක්කකි. ඔහු ලොව පුරා ධනවත් රටවල රාජ්‍ය නායකයන්ගේ අවධානයට ලක්වී ඇත්තේ එබැවිනි.

ෆවුස් මොහොමඩ්

ජනපති පොදු සමාවෙන් බන්ධනාගාරය සිරකරුවන් අනීතිකව නිදහස් කරලා – CID ය කියයි-ගිය වසරේත් 35කට නිදහස දීලාදැයි සැකමෙවර වෙසක් ප...
09/06/2025

ජනපති පොදු සමාවෙන් බන්ධනාගාරය සිරකරුවන් අනීතිකව නිදහස් කරලා – CID ය කියයි
-ගිය වසරේත් 35කට නිදහස දීලාදැයි සැක

මෙවර වෙසක් පොහොය දින ජන­පති පොදු සමාව දුන් සිර­ක­රු­වන්ට අම­ත­රව සිර­ක­රු­වන් කිහිප දෙනකු බන්ධ­නා­ගා­රය විසින් අනී­තික ලෙස නිද­හස් කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ආරම්භ කර ඇති පුළුල් විම­ර්ශ­න­යක දී හෙළිවී තිබේ.

මේ අනුව සිර­ක­රු­වන් 20ක් හෝ ඊට ආසන්න පිරි­සක් මෙවර වෙසක් දින ජනා­ධි­පති පොදු සමාව අනී­තික ලෙස භාවිත කර­මින් නිද­හස් කර ඇති බවට සැක කරන තොර­තුරු රැසක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබී ඇත. ඒ හැරුණු කොට පසු­ගිය වස­රේද මේ ආකා­ර­යට සිර­ක­රු­වන් 30ක් හෝ 35ක් ජන­පති පොදු සමා­වට මුවා වී නිද­හස් කර ඇති බවට සැක­ක­රන තොර­තුරු ලැබී ඇති බව උසස් පොලිස් නිල­ධා­රි­යකු පැවැ­සීය.

මේ සියල්ල සම්බ­න්ධ­යෙන් මේ වන විට පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බවත් බන්ධ­නා­ගා­රය තුළ සිදුවූ මෙම අනී­තික ක්‍රියාව හෙළි­ද­රව් වන්නේ අනු­රා­ධ­පුර බන්ධ­නා­ගා­රයේ රඳවා සිටි සිර­ක­රු­වෙක් වෙසක් දින ජන­පති පොදු සමාව යටතේ නිද­හස් කිරී­මක් සම්බ­න්ධ­යෙන් සමා­ජයේ දැඩි කතා­බ­හක් ඇති­වී­මත් සම­ඟිනි.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් අනු­රා­ධ­පු­ර­යට ගොස් ඒ සම්බ­න්ධ­යෙන් මේ වන විටත් විම­ර්ශන ආර­ම්භ­කර ඇති බව ද උසස් පොලිස් නිල­ධා­රියා සඳ­හන් කළේය.

එම සිදු­වී­මත් සමඟ පොදු සමාව යටතේ නිද­හස් කළ සිර­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් කළ පරීක්ෂා කිරීමේ දී ජන­පති පොදු සමාව අනී­තික ලෙස භාවිත කර­මින් සිර­ක­රු­වන් නිද­හස් කිරීම සම්බ­න්ධ­යෙන් වූ තොර­තුරු හෙළිවූ බව ද එම නිල­ධා­රියා කීය.

ජනා­ධි­පති කාර්යා­ලය විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට කළ පැමි­ණි­ල්ල­කට මේ සම්බ­න්ධ­යෙන් වූ විම­ර්ශන ආරම්භ කළ බව ද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. මේ සම්බ­න්ධ­යෙන් පොලිස් මාධ්‍ය කොට්ඨා­සය මාධ්‍යට ඊයේ නිවේ­ද­න­යක් ද නිකුත් කළේය.

එම නිවේ­ද­නය මෙසේය.

“ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව මඟින් ගරු ජනා­ධි­ප­ති­තුමා වෙත පැව­රුණු බල­තල අනුව 2025 වර්ෂයේ වෙසක් දිනය නිමිති කොට­ගෙන දැනට සිර­ද­ඬු­වම් විඳින සිර­ක­රු­වන් හට පොදු සමාව ලබා­දීමේ වැඩ­ස­ට­හන අනුව පොදු සමාව ලබා­දුන් සිර­ක­රු­වන්ට අම­ත­රව සිර­ක­රු­වන් කිහිප දෙනකු බන්ධ­නා­ගා­රය විසින් අනී­තික ලෙස සමාව ලබා­දුන් සැක­ක­රු­වන් සේ සලකා නිද­හස් කළ බවට පැමි­ණි­ල්ලක් 2025-06-06 වන දින ජනා­ධි­පති කාර්යා­ලය මඟින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙත යොමු­කර ඇත.

එම පැමි­ණිල්ල ප්‍රකා­රව දීර්ඝ විම­ර්ශ­න­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් සිදු­ක­රනු ලබන අතර ඒ සඳහා බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යා­ගෙන්ද මීට අදා­ළව ප්‍රශ්න කර­මින් ප්‍රකාශ සට­හන් කර ඇත. එමෙන්ම තව­දු­ර­ටත් ලේඛන පරීක්ෂා කර­මින් ඔවු­න්ගෙන් ප්‍රකාශ සට­හන් කිරී­මට නිය­මි­තව ද ඇත. මෙම පොදු සමාව අනී­තික ලෙස භාවිත කර යම් සිර­ක­රු­වන් සංඛ්‍යා­වක් පසු­ගිය වෙසක් දින නිද­හ­ස්කර ඇති බවට විම­ර්ශන තුළින් හෙළි­ද­රව් වෙමින් පවතී.

මෙලෙස අනී­තික ලෙස ජනා­ධි­පති පොදු සමාව යටතේ නිද­හස් කරන ලද සිර­ක­රු­වන් සම්බන්ධ අදාළ බන්ධ­නා­ගාර නිල­ධා­රීන් ඇතුළු ඊට සම්බ­න්ධිත සිය­ලුම නිල­ධා­රීන්ට එරෙ­හිව විම­ර්ශ­න­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සිදු­ක­රනු ලබයි. එම විම­ර්ශ­නයේ දී, හෙළි­ද­රව් වූ කරුණු අනුව මීට ප්‍රථම ද මේ ආකා­ර­යෙන් ජනා­ධි­පති පොදු සමාව යටතේ නිද­හස් කිරී­මට නිය­මිත සිර­ක­රු­වන් අතර අනු­මැ­තිය නොලද සිර­ක­රු­වන්ද නිද­හ­ස්කර ඇති බවට ද තොර­තුරු හෙළි­ද­රව් වෙමින් පවතී. ඒ සම්බ­න්ධ­වද ඉදිරි විම­ර්ශන සිදු­ක­රනු ලබයි. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් බන්ධ­නා­ගා­රය තුළින් මෙලෙස අධි­ක­ර­ණ­යන් මඟින් වර­ද­ක­රු­වන් වූ පුද්ග­ල­යන් අනී­ති­කව නිද­හස් කිරීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආර­ම්භ­කර ඇත.”

ගයාන් කුමර වීර­සිංහ

09/06/2025

බුස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ ටෙලිෆොන් කඩයක්.. විස්තර 👇

09/06/2025

පාසැල් පරිශ්‍රයේ මදුරු තොටිලි තිබුනොත් විදුහල්පතිට නඩු.. විස්තර 👇

09/06/2025
තේ හැන්දක ග්‍රෑමඉවුම් පිහුම් කටයුතුවලට ප්‍රයෝජනවත් වේ
09/06/2025

තේ හැන්දක ග්‍රෑම
ඉවුම් පිහුම් කටයුතුවලට ප්‍රයෝජනවත් වේ

08/06/2025

ඔබ සැමට කතරගම දෙවි පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා 🙏

Address

Gampola

Telephone

+94713861588

Website

Alerts

Be the first to know and let us send you an email when Gampola Janamadyawediya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gampola Janamadyawediya:

Share