SAY on TV

SAY on TV This is a company which is based on News and information and web solutions.

කේන්ති ගන්න එක නරක දෙයක්. ඒත් සමහර දෙවල් වලට අපිට යකා නගිනවා, මළ පනිනවා, අසූ හාරදාහට නගිනවා, නහුතෙට තද වෙනවා. 😡ඉතින් මොක...
01/09/2023

කේන්ති ගන්න එක නරක දෙයක්. ඒත් සමහර දෙවල් වලට අපිට යකා නගිනවා, මළ පනිනවා, අසූ හාරදාහට නගිනවා, නහුතෙට තද වෙනවා. 😡
ඉතින් මොකක් ද මේ "නහුතෙට තද වෙනවා" කියන්නේ?
අසූහාරදාහා හැදිලා තියෙන්නේ බුදුන් වහන්සේ දේශණා කළ අසූහාරදහසක් ධර්මස්කන්ධය නිසා. ඉතින් මිනිස්සු දන්න සහ වැඩිපුර අහපු ලොකුම ඉලක්කමත් ඒක්ක එහෙම කියනවා. "නහුතෙ" කියන්නේත් ඉලක්කමක්. සමහරු කියනවා එකයි බින්දු 13 නහුතය කියලා. නමුත් නිවැරදි ලෙස නහුතය කියන්නේ එකයි බින්දු 29ට. ඉතින් ඒ තරම් සැරට කේන්ති ගියාම අපි කියනවා "ඒකට නම් මට නහුතෙට තද වුණා ඒයි" කියලා. 😁

ඔබේ අදහස් comment කරන්න.

"ට්‍රිප් එක යන්න කට්ටිය එකතු කරන එක ලාහට ගෙම්බො එකතු කරනවා වගේ" කියලා ඔබත් කියලා ඇති. 😁දන්නවා ද මේකෙ තේරුම? කරන්න අමාරු ...
21/08/2023

"ට්‍රිප් එක යන්න කට්ටිය එකතු කරන එක ලාහට ගෙම්බො එකතු කරනවා වගේ" කියලා ඔබත් කියලා ඇති. 😁දන්නවා ද මේකෙ තේරුම? කරන්න අමාරු දෙයක්? ඔව්!
"ලාහ" කියලා කියන්නේ සේරු හතරක පමණ ප්‍රමාණයක් මැන ගත හැකි ධාන්‍ය මනින (වී මනින) උපකරණයක්. මේක ලෑලි පාදමක් සහිතව ඉහළ කොටස වේවැල් වලින් වියා ගන්නවා වගේ ම සමහර ප්‍රදේශ වල ලොකු ලී කුට්ටියක් හාරා ලාහ ප්‍රමාණයට සකසා ගන්නවා. ඉතින් මේ කතාවට මෙහි තියෙන සම්බන්ධය තමයි ලාහා කියන්නේ කට පළල් එතරම් ගැඹුරක් නැති උපකරණයක් වීම. ඉතින් ලාහට එක ගෙම්බෙක් අල්ලලා දාලා අනිත් ගෙම්බාව දාන්න හදනකොට අර ඇතුළෙ හිටපු ගෙම්බා එළියට පනිනවා. ලාහෙ කට පළල් නිසා අල්ලෙන් වහලා වළක්වන්නත් බෑ. ඉතින් ඒ වගේ එක්කෙනෙක් කැමති කරවගෙන අනිත් අය හොයන්න යද්දි අර ළඟ හිටපු කෙනා මඟඇරලා ගිහින් නම් අපි කියනවා "මුං ටික එකතු කරන එක ලාහට ගෙම්බො එකතු කරනවා වගේ" කියලා.

ඔබේ අදහසත් comment කරන්න.

"මිල්ටන්ලා, ජෝතිලා, ක්ලැරන්ස්ලා, සුනිල්ලා එකතු වුණාම රස ගුලාවක් තමයි"මොකක් ද මේ ගුලාව? ගුහාවක් වගේ එකක් ද? 😄නෑ... ඔබ "සෙ...
17/08/2023

"මිල්ටන්ලා, ජෝතිලා, ක්ලැරන්ස්ලා, සුනිල්ලා එකතු වුණාම රස ගුලාවක් තමයි"
මොකක් ද මේ ගුලාව? ගුහාවක් වගේ එකක් ද? 😄
නෑ... ඔබ "සෙක්කුව" දැකලා තියෙනවා නේද? දැකලා නැතත් අහලා හරි තියෙනවා කියලා විශ්වාසයි. පොල් තෙල් සිඳීමට භාවිත කරන උපකරණය තමයි සෙක්කුව කියන්නේ. සෙක්කු ගලට කොප්පරා දාලා එහි මැද තියෙන මෝල්ගහ වගේ උපකරණය ගවයින් යොදාගෙන කරකවනවා. එතකොට කොප්පරා ටික මිරිකිලා තෙල් එන්න පටන් ගන්නවා. මෙන්න මේ තෙල් ගලා එන සිදුරට තමයි "ගුලාව" කියලා කියන්නේ. සෙක්කුව ක්‍රියාත්මක වුණාට පස්සේ එයින් නොනවත්වාම තෙල් එනවා. ඉතින් ඒ වගේ රසය නොනවත්වා දෙන තැනක් වේ නම් අපි කියනවා "එතන නම් රස ගුලාවයි" කියලා.

ඔබේ අදහසත් comment කරන්න.

"ඕකට තමයි කියන්නේ ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල් කියලා"කෙනෙක් මහන්සි වී කරන දෙයින් තවත් කෙනෙක් වාසි ලබා ගැනීම ...
11/08/2023

"ඕකට තමයි කියන්නේ ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල් කියලා"
කෙනෙක් මහන්සි වී කරන දෙයින් තවත් කෙනෙක් වාසි ලබා ගැනීම ගැන කියවෙන මේ කියමන හැදුනෙ මෙහෙමයි.
කැකුණ කියන්නේ ප්‍රමාණයෙන් වෙරළු ගෙඩියක් තරම් ගෙඩි වර්ගයක්. කැකුණ වැටෙන කාලෙට කැලේ ඉන්න ඌරො හරි කැමතිලු මේ කැකුණ කන්න. ගස් යට වැටෙන කැකුණ කන්න ආවාට ඒක හිතන තරම් ලේසි නෑ. හේතුව, කැකුණ පොත්ත හරි තද නිසා. ඉතින්, ඌරො කැකුණ ගෙඩිය හක්කට තියලා හපනවා. ඒකෙන් වෙන්නේ කැකුණ ඇටය පුපුරලා මද ටික එලියට විසි වෙන එක. නමුත් මේකෙන් ඌරාගේ හක්ක තුවාල වෙලා ලේ යනවා. ඒ ලේ ටික ගිලින ඌරා හිතන්නේ ඒ දැනුණේ කැකුණ මදේ රස කියලා. ඉතින් තව තව කැකුණ තලන්න ගන්නවා.
හබන් කුකුළා කියන්නේ ඝන වැසි වනාන්තර වල (සිංහරාජ වැනි) වෙසෙන බාගෙට වැඩුණ ගම් කුකුලෙකු ගේ ප්‍රමාණය ඇති භූමි වාසී කුරුල්ලෙක්. අර ඌරො කැකුණ තලනකොට එළියට විසිවෙන මද ටික ඉතා පහසුවෙන කා දමන්නේ මෙන්න මේ හබන් කුකුළා. කඩන්න අමාරු ඝණ පොත්ත ඌරන් ගලවලා දෙන නිසා හබන් කුකුලාට හරි වාසියි. මේ නිසා තමයි "ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල්" කියලා කියමනක් සිංහල ජන වහරට එක වුණේ.

ඔබේ අදහසත් comment කරන්න.

08/08/2023

ෆින්ලන්තයේ කෝපි කලාව ගැන ඔබ නොදන්නා දේ දැනගන්න මෙතැනින්
https://rb.gy/1m38d

මල් වැස්ස, හිරිපොද වැස්ස, මහ වැස්ස, ගෑණු නටවන වැස්ස, නා කපන වැස්ස, අනෝරා වැස්ස වගේ එක එක ජාතියෙ වැහි ගැන ඔබත් අහලා ඇති. ...
08/08/2023

මල් වැස්ස, හිරිපොද වැස්ස, මහ වැස්ස, ගෑණු නටවන වැස්ස, නා කපන වැස්ස, අනෝරා වැස්ස වගේ එක එක ජාතියෙ වැහි ගැන ඔබත් අහලා ඇති. ඒ අතර "අද නම් මොර සූරන වැස්ස" කියලා කියනවාත් අහලා ඇති. මොකක් ද මේ මොර සූරන වැස්ස?
මොර ගෙඩි කියලා කියන්නේ විශේෂයෙන් වියලි කලාපයේ වැඩෙන පළතුරක්. පොකුරු වශයෙන් හැදෙන මේ පළතුර රිකිල්ලට තදින් බැඳිලා පවතිනවා. සාමාන්‍ය වැස්සක් ඇද හැලුණාට මේ ගසෙන් ගෙඩි වැටෙන්නේ නැහැ. නමුත් මෙතරම් නටුවට තදින් බැඳී තිබෙන මොර ගෙඩිත් හැලෙන තරමේ වැස්සක් වැටෙනවා නම් ඒ වැස්ස "මොර සූරන වැස්ස" කියලා කියනවා.
ඒ වගේ ම, මොර ගෙඩි තරම් විශාල වැහි බිඳු පොකුරු වගේ වැටෙන වැස්සක් නම්, මොර ගෙඩි වැටෙන වැස්ස කියලා කියන අවස්ථාත් තියෙනවා.

ඔබේ අදහසත් comment කරන්න.

"ඔය ඉතින්, ආච්චිට හාල් ගරනවා නේ" 😁මේක කුණුහරුපයක් වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම මේ යෙදුම භාවිතයට ආවේ කොහොම ද?ම...
03/08/2023

"ඔය ඉතින්, ආච්චිට හාල් ගරනවා නේ" 😁
මේක කුණුහරුපයක් වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම මේ යෙදුම භාවිතයට ආවේ කොහොම ද?
මේ සම්බන්ධ මත දෙකක් තියෙනවා.
එකක් තමයි: ආච්චි කියන්නේ කටේ දත් නැති කෙනෙක්. ඉතින් ආච්චිට හාල් ටික ගරලා තිබුණත් එකයි, නැතත් එකයි. මොකද බත් කනකොට ගල් හැපෙන්නෙ නැති නිසා. ඒ නිසා කෙනෙක් අනවශ්‍ය දෙයක් කරනකොට අපි කියනවා "ආච්චිට හාල් ගරන්නෙ නැතිව පැත්තකට වෙයන්" කියලා.
අනෙක් මතය, එක්දාස් අටසිය ගණන් වල නානු ඔය දක්වා ගමන් කළ රාත්‍රී තැපැල් දුම්රිය මීයන් ඇල්ල (මියන්ගල්ල) ප්‍රදේශයේ දී මහ වැස්ස හේතුවෙන් ගල් පෙරලී විත් වැදීමෙන් අනතුරට පත් වුණා. එහි දී මෙම දුම්රියෙ හි රැගෙන ගිය හාල් ගෝනි විශාල සංඛ්‍යාවක් හානියට පත් වී තිබෙනවා. මෙම හාල් ගෝනි නැවත පටවාගෙන යාම අසීරු වූ නිසා අත්හැර දැම්මා. පසුව ගමේ වයසක කාන්තාවන් පැමිණ මෙම සහල් තමන්ගේ පරිභෝජනයට රැගෙන ගිය අතර ගල් සහ පස් මිශ්‍ර වූ සහල් ගැරීම සඳහා තරුණ පිරිස් ආච්චිලාට සහය වී තිබෙනවා. ඒ සිදුවීමත් එක්කම මේ කියමන ආරම්භ වුණා කියලත් මතයක් තිබෙනවා.

ඔබේ අදහසත් comment කරන්න.

"අනේ, උන්දෑ දන්නවා ඉටිගෙඩියක්!" කියනවා අහලා තිබුණාට මොකක් ද මේ "ඉටිගෙඩිය" කියන්නේ?අපේ අම්මලා, ආච්චිලා වත්ත පහළින් කොස් ග...
02/08/2023

"අනේ, උන්දෑ දන්නවා ඉටිගෙඩියක්!" කියනවා අහලා තිබුණාට මොකක් ද මේ "ඉටිගෙඩිය" කියන්නේ?
අපේ අම්මලා, ආච්චිලා වත්ත පහළින් කොස් ගෙඩියක් හරි, පොළොස් ගැටයක් හරි කඩාගෙන ආවාම මේකෙන් බේරෙන කොහොල්ලෑ ටික විසි කළේ නැහැ. අතේ හෝ කොස් පොළොස් කපන පිහියේ ගෑවෙන් කොහොල්ලෑ එකතු කරලා කුස්සියේ වහලේ යට ලීයක හරි දොරේ උළුවස්සේ මුල්ලක හරි අලවනවා. කොහොල්ලෑ වලට අමතරව මී වද වල පැණි මිරිකලා ඉතිරි වුණු මී ඉටි එහෙමත් මෙහෙම ගුලියක් වගේ එකතු කරනවා. මේකෙන් ප්‍රයෝජනයකුත් තියෙනවා. වතුර කරාම නැති ඒ කාලේ, ගෙදර වතුර එකතු කරලා තිබ්බ කළගෙඩි එහෙම හිල් වුණාම කරන්නේ මෙයින් ඉටි ටිකක් අරගෙන ඒ හිල් වුණ තැන තියලා ගිණි පෙණෙල්ලකින් රත් කරනවා. ඒතකොට ඒ ඉටි ටික දිය වෙලා ගිහින් අර හිල වහ ගන්නවා. සමහරු වැඩි හොඳට ඊට උඩින් පුංචි පාංකඩ කෑල්ලකුත් අලවනවා. ඉතින් එහෙම ඉඳලා හිටලා වැඩකට ඕන කරන දෙයක් තමයි "ඉටි ගෙඩිය"
කෙනෙක් දන්න දේත් ඒ තරමේ දෙයක් වග හඳුන්වන්න තමයි "එයා දන්න ඉටිගෙඩිය" කියලා කියන්නේ.

ඔබේ අදහසත් comment කරන්න.

"එයා කියවන්න ගියාම තොර තෝංචියක් නැතුව කියවනවා""තොර තෝංචිය" කියන්නේ මොකක් ද?වචනය යෙදෙන තැන අනුව නම් නැවතීමක් නැතුව කියන එ...
01/08/2023

"එයා කියවන්න ගියාම තොර තෝංචියක් නැතුව කියවනවා"
"තොර තෝංචිය" කියන්නේ මොකක් ද?
වචනය යෙදෙන තැන අනුව නම් නැවතීමක් නැතුව කියන එක තේරෙනවා. නමුත් මෙහෙම යෙදෙන්නේ ඇයි? මොකක් ද මේ වචනයේ ඇත්ත ම තේරුම?
තොර කියලා කියන්නේ අවසානය. "මතින් තොර ලොවක්" "වසවිස තොර ආහාර" වගේ යෙදෙනවා අහලා දැකලා තියෙනවානේ.
එතකොට, තෝංචිය කියන්නේ "ප්‍රමාදය" කියන අදහස.
ඒ අනුව කෙනෙක් "අවසන් වීමක් හෝ ප්‍රමාද වීමක් නැතිව" එක දිගට කතාකරගෙන යනවා නම් අපි කියනවා තොර තෝංචියක් නැතිව කතා කරනවා කියලා.

ඔබේ අදහසත් comment කරන්න.

වර්තමානයේ උසස් නිර්මාණ බිහිවන්නේ "අතලොස්සකි" වගේ කියමන් අහලා තියෙනවා. වාක්‍යයේ යෙදෙන් අර්ථය අනුව නම් මේක කුඩා ප්‍රමාණයක්...
31/07/2023

වර්තමානයේ උසස් නිර්මාණ බිහිවන්නේ "අතලොස්සකි" වගේ කියමන් අහලා තියෙනවා. වාක්‍යයේ යෙදෙන් අර්ථය අනුව නම් මේක කුඩා ප්‍රමාණයක් කියලා තේරෙනෙවා. ඒත් මොකක් ද මේ අතළොස්ස කියන්නේ.
අතීතයේ දී දුර, බර, පරිමාව වගේ දේවල් මැනීමට සම්මත මිනුම් ඒකක තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් භාවිත කළේ "අභිමත ඒකක". නමුත් ඒවා නිශ්චිත නැහැ. උදාහරණයක් ලෙස "වියත" කියන අභිමත ඒකකය මනින කෙනාගේ අතේ ඇඟිළි වල දිග අනුව තරමක් එහෙ-මෙහෙ වෙන්න පුළුවන්.
"අතලොස්ස" කියන්නෙත් එහෙම ඒකකයක්. ඇඟිළි දිග හැර බොකුටු කරන ලද අතක රැඳෙන (ධාන්‍ය වැනි) ප්‍රමාණය හැඳින්වුවේ අතලොස්ස කියලා.
අත්ල + අස්ස = අතලොස්ස වුණ බවයි සැළකෙන්නේ.
අතලොසු දෙකක් පත එකක් ලෙසත්, පත දෙකක් මනා එකක් ලෙසත්, මනා දෙකක් නැළි එකක් ලෙසත්, නැළි හතරක් කුරුණියක් ලෙසත් හැඳින්වුවා.
ඒ අනුව, අතලොස්ස කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්!

ඔබේ අදහසත් comment කරන්න.

ගමේ, ලේන් එකේ, හන්දියේ චණ්ඩියාට "ඌ නම් මදාවියෙක්" කියලා තමයි කියන්නේ.මොකක් ද මේ මදාවියා කියන එකේ තේරුම?මන්දාවියා කියන වච...
24/07/2023

ගමේ, ලේන් එකේ, හන්දියේ චණ්ඩියාට "ඌ නම් මදාවියෙක්" කියලා තමයි කියන්නේ.
මොකක් ද මේ මදාවියා කියන එකේ තේරුම?
මන්දාවියා කියන වචනය විසන්ධි කළා ම "මඳ + අවි" වෙනවා.
මෙයින් අදහස් වෙන්නේ "කෙටි ආයුෂ ඇත්තා" යන්නයි. (මඳ කියන්නේ සුළු ප්‍රමාණයක්. අවි යනු ආයුෂ)
මඳ + අවි කියන වචන දෙක "දීර්ඝ සන්ධියෙන්" එක් වීමෙන් මේ වචනය හැදෙනවා.
ඉතින්, අහක යන රණ්ඩු වලටත් පැටලි පැටලි, වැඩි ආයුෂ නැතිව චණ්ඩිකම් කරන කෙනා "මදාවියා" වුණේ එහෙමයි.
(අද කාලේ නම් එහෙම චණ්ඩියො ආයුෂ වැඩි කර ගන්න කාට ද ළං වෙන්න ඕනෙ කියලා දන්නවා 😀)

ඔබේ අදහසත් comment කරන්න.

ධීවර රස්සාවෙ යන අය "ජීවිතය පරදුවට තියලා යනවා" කියලා කියනවා. තව තැන් වලත් මේ වචනය යෙදෙනවා. ඒත් මොකක් ද මේ කියන "පරදුව"?පර...
21/07/2023

ධීවර රස්සාවෙ යන අය "ජීවිතය පරදුවට තියලා යනවා" කියලා කියනවා. තව තැන් වලත් මේ වචනය යෙදෙනවා. ඒත් මොකක් ද මේ කියන "පරදුව"?
පරදුව කියලා කියන්නේ, සූදු ක්‍රීඩාවල දී දිනුම වෙනුවෙන් අල්ලන ඔට්ටුව. මේකට "පරදු තියනවා, පරදු අල්ලනවා" කියලා තමයි කියන්නේ. සූදුවේ අත පැරදුණොත් පරදුව අහිමි වෙනවා; දිනුවොත් ලැබෙනවා. ඒ කියන්නේ පරදුව කියලා කියන්නේ විශ්වාසයක් නැති දෙයක්. 50:50. කෙනෙක් ජීවිතය ගැන නොහිතා කරන දේවල් වල දී ඔට්ටුවට තියන්නේ ජීවිතය. මුහුදු යනකොට එන එක අවිශ්වාසයි. ඒ නිසා නේ මුහුදු යන අය 'ගිහින් එන්නම්' නොකියා, 'ලැබුණොත් එන්නම්' කියලා යන්නේ. මාරාන්තික උපවාසයක දි වුණත් (බොරු උපවාස නෙවෙයි 😀) ජීවිතය තමයි පරදුව හැටියට තියන්නේ. ඉතින් මේ නිසා "ජීවිතය පරදුවට තියනවා" කියලා කියනවා.

ඔබේ අදහසත් comment කරන්න.

Address

23/1, Maddegoda
Ganemulla
0

Website

Alerts

Be the first to know and let us send you an email when SAY on TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SAY on TV:

Share