Ayesh -The Walker

Ayesh -The Walker දවසක මෙ සියලුදේ , ලස්සන මතකයක් පමනක්ම වේවි මගෙ මිත්‍රයා 🌱🤍

11/03/2026

මෑත ඉතිහාසයේ මංජුසාවක වගේම, Campus එකක හැදුනු හොදම invitation එක 2025 මංජුසාව ❤️🫡

11/01/2026

නුඹෙ මතකයේ මං ඔහේ පාවෙනා❤️🥰
゚viralシfypシ゚

Mind therapy 🧏‍♂️💆‍♂️
03/01/2026

Mind therapy 🧏‍♂️💆‍♂️

31/12/2025

🔅Last wish in 2025🔅
2026 december වෙද්දි තමන්ගෙ හිතේ තියෙන target achieve කරගෙන.
පවුලෙ හැමෝම එක්ක සතුටින් ඉන්න පුලුවම් ජීවිතයක් හැමෝටම ලැබෙන්න ඕනෙ.
❤️🥺

16/12/2025

Free fish theropy 🥹❤️

මේ සිරිපා වාරය ආරම්භයයි. මීට කලින් තිබුන සිරිපා වාරය පටන් ගද්දිනම් ගොඩක් සතුටින් තමයි පෝස්ට් එකක් දාන්නෙ. නමුත් මේ ගමන ඒ...
05/12/2025

මේ සිරිපා වාරය ආරම්භයයි.
මීට කලින් තිබුන සිරිපා වාරය පටන් ගද්දිනම් ගොඩක් සතුටින් තමයි පෝස්ට් එකක් දාන්නෙ.
නමුත් මේ ගමන ඒ තත්වෙ ගොඩක් වෙනස්.
ආරම්භ වූ සිරිපා සමය කලින් පාරවල් වල වගේ නෙවෙයි. ඉතිම් මේ තත්වය ටිකක් පහව යනකම් කට්ටිය සහයෝගය ලබා දෙයි කියලා විශ්වාස කරනවා❤️.

04/12/2025

මන් කොහොමද මේක වචනෙන් කියන්නෙ 💔🙂. මේ තියෙන්නෙ මන් මගෙ ජිවිතේ යන්න ආසම තැන් දෙකෙන් එකක්. "යහන්ගල"
මේ ඉන්නෙ යහන්ගල ගියාම අපිට දරුවන්ට වගේ සලකපු ආච්චී සීයයි. මන් දැන් කීපසැරයක්ම උත්සහ කලා එයාලව කන්ටැක් කරගන්න. ඒත් ෆෝන් එක වැඩ නෑ.
කොහොම පටන් ගන්නද කොහොම කියන්නද කියලා තේරෙන්නෙ නෑ ඇත්තටම. මේ ආච්චි සීයයි ගිය අවුරුද්දෙ මුල වෙනකම්ම මාසෙකට පාරක් විතර කෝල් එකක් අරන් " පුතේ හොදින් ඉන්නවද කියලා අහනවා " නමුත් ඊට පස්සෙ ඇත්තටම මටත් මිස් උනා එයාලව.
ඊයෙ තමයි ටිකක් ෆ්‍රී එකේ fb එක පැත්තෙ ආවෙ. කලින් ආරන්චි උනත් යහන්ගල පාමුල ගම නාය ගිහින් කියලා මන් හිතුවෙ නෑ මෙච්චර ලොකු අව්ලක් වෙලා ඇති කියලා.
හරියටම නිව්ස් එක දැක්කෙ මන් ඊයෙ ඇත්තටම. ගමම යට වෙලා ගමේ තිස් ගානක් මැරිලා කියලා. ඒක දැක්ක ගමන්ම මට මතක් උනේ ආච්චි සීයවයි. යහන්ගල කන්ද නගින්න පටන් ගන්න තැනමයි මේ දෙන්නා ඉන්නෙ. එදා අපි ගිය දවසෙ එහෙ ඉදලා තමයි ගියේ. යද්දිත් මොකටද කඩේ හාල් කන්නෙ කියලා මේ තියෙන්නෙ අපේ කුඹුරු වල හාල් කියලා හාල් මල්ලකුත් දුන්නා. පහුවදා එනකම් කෑමත් උයාගෙන බලාගෙන හිටියා අපි එනකම්. " මන් මෙ උදේ ඉදන් කෑන උයන් ඉන්නෙ ". බැහැලා ආවහම අපිට පීල්ලෙන් නාගෙන එන්න කියලා කන්න දුන්න. ඒ කරලා යද්දි නම්බර් එකත් ඉල්ලගත්තා. ඒ කරලා ගෙදර ගිහින් වැඩි වෙලාවක් ගියේ නෑ ඒ ආච්චි කෝල් කරලා "පුතේ කොහෙද ඉන්නෙ පරිස්සමින් ගියාද ඔයාලා" කියලා විස්තර පවා ඇහුවා. ඒක මාරම බැදීමක් ඇත්තටම. ලබන අවුරුද්දෙ ආච්චිවයි සීයවයි බලලා යහන්ගලත් ආයෙ නැගලා එන්න කියලා තමයි මන් හිතන් හිටියෙ. ඇත්තටම ජීවිතේ යන්න ආසම තැන හම්බුන ඒ අමුතු බැදීම එක ක්ශනිකයකින් බලාපොරොත්තු විරහිත උනා.
ඕනම දේකට ඕනෑවට වඩා ආස කරන්න එපා කියන කතාව මෙච්චර ප්‍රභලයි ද කියලා හිතුවෙ නෑ ඇත්තටම💔. අද ඒ දෙන්නා ඉන්නවද නැද්ද කියලවත් දන්නෙ නෑ. හිතට එන ඒ වේදනාව මෙහෙමයි කියලා කියන්න බෑ ඇත්තටම🙂💔.
දන්න කෙනෙක් හිටියොත් පොඩි පණිවිඩයක් දෙන්න🥺💔.
#යහන්ගල

28/11/2025

කොත්මලේ ජලාශය 🥺💔.
හැමෝම පරිස්සමින් මචංලා. සෝශල් මීඩියා වලින් දකින ටික විතරයි මේ. ඇත්තටම තත්වෙ ගොඩක් භයානකයි. ගොඩක් මිනිස්සුනට කරන් එක නෑ , ෆෝන් වල බැට්‍රි නෑ ඉතිම් පුලුවම් කෙනෙක් ගන්න වීඩියෝ එකක් විතරයි මේ.
ඇත්තටම තත්වෙ ගොඩක් භයානකයි.
ආයෙ කියනවා හැමෝම පරිස්සම් වෙයන්ලා මචංලා. අවධානම් වැඩ කරන්නෙපා.
කිබුලඋත් ගොඩ ගහලලු ඒ ගැනත් අවදානෙන් ඉදපන්ලා 🥺💔

අඩෝ සත්තු එහෙම පව් නේද බන්🥺💔
28/11/2025

අඩෝ සත්තු එහෙම පව් නේද බන්🥺💔

27/11/2025

හැමෝම පරිස්සමින් , අවධානෙන් ඉන්න 🥺❤️.
කාලගුණය ගොඩක් අයහපත්🥺💔
අවධානම් තැන් වල ඉන්න අය පරිස්සමින්❤️.

25/11/2025

කවුරුහරි ඇහුවොත් ඇවිදින්න යන්න ඇයි ඔච්චර ඇබ්බැහි වෙලා තියෙන්නෙ කියලා. මීට වඩා මොනවද සාක්ශී🥹❤️
#අවාරේ_සිරිපාකරුණා ゚viralシfypシ゚viralシalシ

19/11/2025

උඩ මලුව 🥺❤️
゚viralシfypシ゚viralシalシ #අවාරේ_සිරිපාකරුණා

Address

Ganemulla

Telephone

+94712424986

Website

Alerts

Be the first to know and let us send you an email when Ayesh -The Walker posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share