
28/02/2025
වතුර විකුණලා Brand එකක් වුණ මරණීය ද්‍රවය (Liquid Death) ☠️
එදිනෙදා ජීවිතේදි අපි මිලදී ගන්න වතුර බෝතලයක photo එකක් Insta, FB Stories, හරි Whatsapp status හරි දාන්න හිතිලා නෑනේද? අද මං කතා කරන්න යන Liquid Death කියන්නෙ වතුර බෝතල් සම්ප්‍රදාය අතික්‍රමණය කරලා බොන වතුර එකත් Brand එකක් කරපු Brand එකක්. හොඳම දේ තමයි එයාලා production පටන් ගන්නත් කලින්ම advertisement එකකින් මිනිස්සු අතරේ viral ගියපු Brand එකක්.
Liquid Death Company එකේ Founder වෙන්නේ Mike Cessario. එයා Advertising Field එකේ වෙනස් විදිහේ jobs ගොඩක් කරලා හොඳ experience තියෙන, අපේ වචනෙන් කිව්වොත් 'වැඩ්ඩෙක්'. කොහොම හරි 2017 දී Mike ට හිතනවා එයාගේ අදහස් වලින්ම එයාගෙම Brand එකක් පටන් ගන්න. ප්ලාස්ටික් වතුර බෝතල් වලින් වෙන හානිය අඩු කරන්නත් එක්ක Aluminum Can වල Liquid Death නිශ්පාදනය කරන්න එයාල පටන් ගන්නවා.
Liquid Death ලාගෙ Marketing Campaigns මාර වෙනස් වගේම මිනිස්සුන්ගේ අවධානය දිනාගන්නත් පුලුවන් උනා. එක පාරක් Beer Festival එකක එයාලගේ stall එකක් design කලා අදුරු ගොතික් style එකට " The death Bar " කියලා. හොඳම සීන් එක තමයි එයාලා එකේ Water Cans විකුණලා තියෙන්නෙ මිනී පෙට්ටියක දාලා. එයාලා මිනී පෙට්ටිය ගේන්න Liquid Death Branding කරපු මිනී කාර් එකකුත් පාවිච්චි කරලා. ඒ වගේම තමයි එයාලගේ Tagline එක විදිහට පාවිච්චි කරේ "Murder Your thirst" කියන tagline එක. ඔය tagline එකෙන් මාරම වෙනස් විදිහේ creative advertisement සෙට් එකක්ම එයාලා කරලා තිබුණා.
පරිසරය ආරක්ශා කරගන්න ප්ලාස්ටික් වෙනුවට ඇලුමිනියම් කෑන් යොදාගන්න එකෙන් Mike try කලා එයාගෙ Liquid Death වෙනමම Brand එකක් විදිහට Brand කරවන්න. කියන hashtag එක පාවිච්චි කරලා advertisement කලා වගේම Liquid Death පරිසර සංරක්ශනය වෙනුවෙන් උදව් කරන Brand එකක් බවටත් පත් වුනා.
Out of the box හිතන Creativity එක තුලින් Liquid Death ලට පුලුවන් වුනා බොන වතුරටත් වෙනස්ම අගයක් එකතු කරලා Brand එකක් නිර්මාණය කරන්න.