Db Digital Media Unit

Db Digital Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Db Digital Media Unit, Broadcasting & media production company, Godagama.

ඩාර්ලි බට්ලර් සමාගම "අපි වෙනස් විය යුතුමයි" වැඩසටහන සමගින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ දැවැන්ත පියවරක් තබයි.කොළඹ, ශ්‍රී...
10/03/2026

ඩාර්ලි බට්ලර් සමාගම "අපි වෙනස් විය යුතුමයි" වැඩසටහන සමගින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ දැවැන්ත පියවරක් තබයි.
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 මාර්තු 06 : E B Creasy & co.PLC හි ශීඝ්‍රයෙන් අලෙවිවන පාරිභෝගික නිෂ්පාදන අංශය (FMCG) වන ඩාර්ලි බට්ලර් සමාගම "අපි වෙනස් විය යුතුමයි" (We Must Change) යන තේමාව ඔස්සේ දියත් කරනු ලබන වැඩසටහන සම්බන්ධයෙන් වන නිවේදනය පසුගියදා සිදු කළේය.මෙම වැඩසටහනට සමගාමීව දේශීය පාරිභෝගිකයන්ගේ ඉහළම විශ්වාසය දිනාගත් ගෘහස්ථ සන්නාමයන් වන Teepol,Bio Clean,Softny සහ Bubble,All out යන නිෂ්පාදන සඳහා නැවත පිරවුම් ඇසුරුම් (Refill pouches) හඳුන්වා දෙනු ලැබීය.ප්ලාස්ටික් භාවිතය අවම කිරීමෙහිලා පුළුල් සහ ප්‍රායෝගික විසඳුමක් සැපයීමේ අරමුණින් දියත් කරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ පාරිභෝගිකයන් හට දැනට භාවිත කරන ප්ලාස්ටික් නිෂ්පාදන ඇසුරුම් සඳහා අදාල පිරවුම් පහසුකම ලබා දීම සිදු කෙරේ.
වර්තමානයේ පාරිභෝගිකයන් තුළ ප්ලාස්ටික් භාවිතයේ ඇති අහිතකර බලපෑම් සම්බන්ධයෙන් පුළුල් අවධානයක් සහ අවබෝධයක් ඇති පසුබිමක,ඔවුන් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමේ කාර්යය සඳහා ඇසුරුම්කාරක ප්‍රබල බලපෑමක් සිදු කරයි.ඩාර්ලි බට්ලර් සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම නැවත පිරවුම් ඇසුරුම් පෙළ තුළින්,පළමු බහාලුම් ඇසුරුම් (Original Container) දිගටම භාවිතා කරමින් නැවත පිරවුම් පහසුකම ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇත.මෙමගින් දෛනිකව මිලදී ගන්නා ප්ලාස්ටික් ප්‍රමාණය අවම කරනු ලබන අතර,සමස්ත ප්ලාස්ටික් පාරිභෝජනය 70% පමණ ප්‍රමාණයක් දක්වා මෙයින් අඩු කරගත හැකි වනු ඇතැයි සමාගමේ අපේක්ෂාව වේ.
"අපි වෙනස් විය යුතුමයි" වැඩසටහන ගොඩනැගී ඇත්තේ 'නැවත මිලදී ගැනීම වෙනුවට,නැවත පිරවීම' ( Refill Instead Of Replace ) යන සරල ක්‍රියාව ඔස්සේය.2026 මාර්තු 06 වැනිදා සිට දිවයින පුරා පිහිටි සුපිරි සෑම වෙළඳ සැලකින්ම මෙම නැවත පිරවුම් ඇසුරු පහසුකම ලබා ගත හැකි අතර,පාරිභෝගිකයන් හට ඉතා පහසුවෙන් සහ ගුණාත්මක බවින් යුතුව මෙම නිෂ්පාදන පාරිභෝජනය කිරීමේ අවස්ථාව ලබා දී ඇත.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් E B Creasy & Co PLC හි අධ්‍යක්ෂ සංජීව ගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය."ප්ලාස්ටික් භාවිතය අවම කිරීම කියන කාර්ය අපිට එක කාලයක් කට හෝ විශේෂ පිරිසක් ඉලක්ක කරගෙන සිදු කළ හැකි දෙයක් නොවේ.දිනපතා සිදුවිය යුතු දෙයක්.විශේෂයෙන් නිෂ්පාදනය ඇසුරුම් කිරීමේ කාර්යය,විකිණීමේ හා භාවිතා කිරීමේ ක්‍රමවේදයට ඇතුළත් විය යුතු දෙයක්."අපි වෙනස් විය යුතුමයි" වැඩසටහන සහ Teepol,Bio Clean,Softny, Bubble,All out යන නිෂ්පාදන සඳහා නැවත පෙරවිය හැකි ඇසුරුම් සේවාව හඳුන්වාදීම තුළින්,ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට තමන් විශ්වාස කරන සන්නාමය දිගටම භාවිතා කරන අතරතුරම,තමන්ගේ ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන බලපෑම සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට අපි අවස්ථාව සලසා දෙනවා.භාවිතා කරන බෝතලයම නැවත පිරවීම වැනි පහසු සහ සරල පුරුද්දක් ඇතිකිරීම මේ වැඩසටහනේ මූලික පදනම නිසා,මෙය ඉතා වේගයෙන් ව්‍යාප්ත කළ හැකි විසඳුමක් විදිහට මම දකිනවා.ඒ නිසා මේක ඉතාමත් සාර්ථක වගේම ප්‍රායෝගික විසඳුමකුත් වෙනවා"
මෙම වැඩසටහන ඩාර්ලි බට්ලර් සමාගමේ ප්‍රධාන ඇසුරුම් නිෂ්පාදන කාණ්ඩ හතරක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර,එම නිෂ්පාදන එදිනෙදා භාවිතයට වඩාත් යෝග්‍ය ඇසුරින් නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි.තවද සමාගමක් ලෙස කිසිදු තේරීමකින් තොරව සමස්ත නිෂ්පාදකයින් හට වගකීම් සහගත නිෂ්පාදනයක් ලබාදීම,දිනපතා පාරිභෝජන කාර්ය සුදුසු ආකාරයෙන් සැකසීම සහ තිරසාරත්වය ප්‍රවර්ධන කිරීමය ආදී අරමුණු සපුරා ගැනීම මෙමගින් සිදුකෙරේ.
පාරිභෝගිකයෙන් ලෙස ඔබට ප්‍රතිලාභ රැසක් අත්කර දෙන මෙම සුවිශේෂී වන සටහන,ඔබගේ එක් තේරීමක් තුළින් ඔබගේ ජීවිතයට විශාල ධනාත්මක බලපෑමක් අත්කර දීමට සමත්ව ඇත.එබැවින් පාරිභෝගික ජනතාව ලෙස ඔබ සැමට මෙම වැඩසටහනේ ගෞරවණීය මෙන්ම සක්‍රීය කොටස්කරුවන් බවට පත්වීමට ඩාර්ලි බට්ලර් සමාගම මෙයින් ආරාධනා කර සිටී.
ඩාලිබට්ලර් සමාගම පිළිබඳව
ඩාර්ලි බට්ලර් යනු E B Creasy & Co PLC හි ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන (FMCG)අංශයයි.Teepol,Bio Clean,Softny සහ Bubble,All out වැනි විශ්වාසනීය ගෘහස්ථ සන්නාම රැසක් එහි නිෂ්පාදන පෙළට අයත් වේ.නවෝත්පාදනය, මෙහෙයුම් වැඩිදියුණු කිරීම සහ තිරසාර ඇසුරුම්කරණ විසඳුම් තුළින් වගකීම් සහගත ව්‍යාපාරික පිළිවෙත් ප්‍රවර්ධනය කරමින්,ගුණාත්මක නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ලබාදීමට සමාගම කැපවී සිටි.

Rise Of Kings 2026
18/02/2026

Rise Of Kings 2026

Rise Of Kings 2026Motivation Programe....
17/02/2026

Rise Of Kings 2026
Motivation Programe....

16/02/2026

ආයුබෝවන් දිගාමඩුල්ල 🙏💃

🔺හැමදාමත් අලුත් දේවල් අලුත් විදිහට කරන😍
🔺 #වාසනා_වැස්ස සංගීත තෑගි සවාරිය😲
🔺18වන අදියර
🔺උහන වීරගොඩ 18"පාසැල් හංදිය බෝ ගහ අසලට අපි එනවා😲
🔺පෙබරවාරි 21
🔺සවස 6 වෙනකොට😲😍
🔺ඔයාලට නැටවෙන්න දෙන සංගීතයත් එක්ක විනෝද වෙන්න💃😍
🔺 තරඟ කරලා තෑගි දිනන්න ඔයාලත් එන්න ඒනම්💃😍

#වාසනා_වැස්ස

ආයුබෝවන් දිගාමඩුල්ල🙏🔊 සතුට සමග තෑගි බෙදන ඩාර්ලි බට්ලර් වාසනා වැස්ස 18වන වාසනා වැස්ස අරගෙන මෙදා සැරේ අපි එන්නෙ..🔴උහන වීරග...
16/02/2026

ආයුබෝවන් දිගාමඩුල්ල🙏🔊

සතුට සමග තෑගි බෙදන ඩාර්ලි බට්ලර් වාසනා වැස්ස 18වන වාසනා වැස්ස අරගෙන මෙදා සැරේ අපි එන්නෙ..
🔴උහන වීරගොඩ 18" පාසැල් හංදිය බෝ ගහ අසලට
නටන්න ගයන්න විනෝද වෙන්න තරග කරලා තැගීත් අරන් ගෙදර යන්න පවුල් පිටින්ම
🔴 #පෙබරවාරි_21
🔴 උහන වීරගොඩ 18" පාසැල් හංදිය බෝ ගහ අසලට එයත් එක්ක ඔයත් එන්න 👇
🔴සවස 6ට වෙනකොට.🤗👨‍👨‍👦‍👦👊




.

04/02/2026
14/01/2026

"හෙළ වරුණ" සොබා දහමේ අසිරිය සොයා යයි - බෝපත් ඇල්ල
සංචාරය යනු හුදෙක් විනෝදය පමණක්ම නොවේ, එය දැනුම සහ අධ්‍යාත්මික සුවය සොයා යාමකි. හෙළ වරුණ කණ්ඩායම මෙවර ඔබව කැඳවාගෙන යන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි මනස්කාන්ත බෝපත් ඇල්ල වෙතයි. දියඇල්ලේ උපත, ජනප්‍රවාද සහ මෙහි ඇති පාරිසරික වටිනාකම පිළිබඳව කෙරෙන ගවේෂණාත්මක සොයාබැලීම නරඹන්න.
අපේ රටේ සැඟවුණු රූ සිරි නරඹන්න, හෙළ වරුණ පිටුව සමඟ එක් වන්න. 🌿✨

07/01/2026

🎤 අමතක නොවන රාත්‍රියකට සූදානම් වන්න! 🎤

ඩාර්ලි බට්ලර් සමාගම ඉදිරිපත් කරන "වාසනා වැස්ස" සංගීත තෑගි සවාරියේ මීළඟ නැවතුම තණමල්විල, හම්බෙගමුව!

අද සවස 6 සිට රතඹලාගම මංසන්ධිය අසලදී පැවැත්වෙන මෙම දැවැන්ත ප්‍රසංගය සඳහා ඔබ සැමට ආදරයෙන් ඇරයුම් කරමු. 🎉

✅ සුපිරි සංගීතය
✅ වටිනා තෑගි දිනාගැනීමේ අවස්ථා
✅ විනෝදය පිරි වැඩසටහන් රැසක්!

අද හවස අපි හම්බෙමු? ❤️

#වාසනාවැස්ස

11/12/2025

හදට...හදක්...💜 ඩාර්ලි බට්ලර් සහන යාත්‍රා 🫡
අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය රටේ පවතින ආපදා තත්වයෙන් අවතැන් වූ ශ්‍රී ලාංකික ජනයා අතට ලබා දීම සදහා සිරස ශක්ති සහන යාත්‍රා ක්‍රියාන්විතයත් සමගින් අත්වැල් බැද ගැනීම

09/12/2025

හදට...හදක්...💜 ඩාර්ලි බට්ලර් සහන යාත්‍රා 🫡
අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය රටේ පවතින ආපදා තත්වයෙන් අවතැන් වූ ශ්‍රී ලාංකික ජනයා අතට ලබා දීම සදහා දෙරණ ආයතනයේ
මනුසත් දෙරණ ක්‍රියාන්විතයත් සමගින් අත්වැල් බැද ගැනීම

08/12/2025

හදට...හදක්...💜 ඩාර්ලි බට්ලර් සහන යාත්‍රා 🫡
අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය රටේ පවතින ආපදා තත්වයෙන් අවතැන් වූ ශ්‍රී ලාංකික ජනයා අතට ලබා දීම සදහා EBC ආයතනයේ
ස්වර්ණ ශ්‍රී සහන සත්කාර ක්‍රියාන්විතයත් සමගින් අත්වැල් බැද ගැනීම

Address

Godagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Db Digital Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share