29/04/2023
“එයාට දෙන්න ඔන නිසා වෙන්නෙලාව එයාට දුන්නට, මේ වේදනාව එයාට දෙන්න බැහැ. ඒ මගේ යාළුවා.”
🎥 𝐌𝐨𝐯𝐢𝐞 𝐍𝐚𝐦𝐞 | 𝐃𝐚𝐬𝐚𝐫𝐚 (𝟐𝟎𝟐𝟑)
ජීවිතේ අපිට කලාතුරකින් හම්බෙන ගොඩක් වටින කෙනෙක් තමයි හොද යාළුවෙක් කියන්නේ. ගොඩක් මිනිස්සු අපිට ලන් වෙන්නේ තමන්ගේ වැඩේ කරගන්න විතරයි. එයාලාට අවශ්‍ය දේ ලැබුනට පස්සේ ඒ අය අපේ ජීවිත වලින් ඇත් වෙලා යනවා. ඊට පස්සේ එයාලට අපි ගැන මතකයක් වත් නැහැ.
හැබැයි හොද යාළුවෙක් කිසිම වෙලාවක තමන්ගේ යාළුවාව තනි කරන්නේ නැහැ. කොච්චර දුරක හිටයත් අවශ්‍යම වෙලාවේ එයා යාළුවාත් එක්ක ඉන්නවා. ඔනම දේකදි කොන්දේසි විරහිතව එයාගේ පැත්තෙන් හිටගන්නවා. ඒ විතරක් නෙවෙයි මොනම කැපකිරීමක් වුනත් කරන්න එයා දෙපාරක් හිතන්නේ නැහැ.
ධරනි සහ සූරි කියන්නේ අන්න ඒ වගේ යාළුවෝ දෙන්නෙක්. පුංචි කාලේ ඉදන්ම එකටම හැදුණු හැම දේම බෙදාගෙන ජීවත් වුන යාළුවො දෙන්නෙක්. කිසිම වෙලාවක මේ දෙන්නා අනිත් කෙනාව තනි කරන්නේ නැහැ. අනික් කෙනාගේ හිත රිදෙන වචනයක් වත් කියන්නේ නැහැ.
හැබැයි මේ යාළුවෝ දෙන්නම එකම කෙල්ලට ආදරේ කලොත්... මොනවා වෙයිද? ඒකෙන් මේ දෙන්නාගේ යාළුකම නැති වෙයිද?
Film 1 මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=73OZQeC1qQ4&lc=UgwVxPgD3TQEwOxfTE94AaABAg.9p53sXxwMvg9p5XuhZCHJq
Movie : Dasara
IMDb rating : 7.2/10
Genres : Action / Adventure / Drama
Language : Telugu
Release Date : 30 March 2023
Starring : Nani (ධරනි)
Keerthy Suresh (වෙන්නෙලා)
Shine Tom Chacko (නම්බි)
Dheeksh*th Shetty (සූරි)
Samuthirakani (ශිවන්නා)
Sai Kumar (රාජන්නා)
Jhansi (වෙන්නෙලාගේ අම්මා