පටිසෝතගාමී - Patisothagami

පටිසෝතගාමී - Patisothagami ❤️

💛
23/04/2025

💛

දළදා වහන්සේ ගැන දැනගෙන සිරි දළදා වන්දනාව කරමු.සසරේ කල පාරමිතා පුන්‍යය බල මහිමයෙන් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දත් ...
19/04/2025

දළදා වහන්සේ ගැන දැනගෙන සිරි දළදා වන්දනාව කරමු.

සසරේ කල පාරමිතා පුන්‍යය බල මහිමයෙන් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දත් 40 ක් තිබුනා. සම්බුද්ධ පරිණිර්වාණයේදී මේ දන්ත දාතූන් වහන්සේලා 40 න් 36 ක්ම සක්වල දෙවියෝ එක් සක්වලකට එක බැගින් රැගෙන ගියා.

සම්බුදු අදිටනින් "දන්ත දාතූන් වහන්සේලා" හතර නමක් ඉතුරු වුනා. මේ ඉතුරු වූ දන්ත දාතූන් වහන්සේලාට කියනවා "සතර දළදා" කියලා.

"දළදා" කියන්නේ බුදුරජාණන් වහන්සේගේ "රදනක" දත් වලටයි.
රදනක දත් හතරක් තියෙනවා.
උඩු ඇන්දේ දෙකක් සහ යටි ඇන්දේ දෙකක් විදියට. උඩු ඇන්දේ වම් පැත්තේ එකකුත්, දකුණු පැත්තේ එකකුත්
යටි ඇන්දේ වම් පැත්තේ එකකුත්, දකුණු පැත්තේ එකකුත් විදියට තමයි මේ දත් පිහිටන්නේ.

සම්බුද්ධ පරිණිර්වාණයේදී බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කලා තමන්ගේ ධාතූන් වහන්සේලා හත් නමක් දැවෙන්නේ නැතුව කුඩා දාතුන් වහන්සේලා විදියට වෙන් වෙන්නේ නැතුව ඉතුරු වේවා කියලා.

1️⃣ලලාට ධාතුන් වහන්සේ
2️⃣වම් අකු දාතූන් වහන්සේ
3️⃣දකූණු අකු දාතූන් වහන්සේ
4️⃣වම් උඩු දළදා වහන්සේ
5️⃣වම් යටි දළදා වහන්සේ
6️⃣දකුණු උඩු දළදා වහන්සේ
7️⃣දකුණු යටි දළදා වහන්සේ

කියන ධාතුන් වහන්සේලා හත් නම තමයි වෙන් නොවී ඉතුරු වුනේ.

🟢දකුණු උඩු දළදා වහන්සේ

🔵දකුණු යටි දළදා වහන්සේ

🔴 වම් යටි දළදා වහන්සේ

🟡වම් උඩු දළදා වහන්සේ

වෙන් නොවී ඉතුරු වූ මේ දන්ත දාතූන් වහන්සේලා තමයි සතර දළදා වහන්සේලා වෙන්නේ.

මේ දළදා වහන්සේලාගෙන් "දකුණු උඩු දළදාව" කොහෙද සහ "දකුණු යටි දළදාව" කොහෙද කියලා වෙන් වශයෙන් නිවැරදි විස්තරයක් සදහන් නෑ.

සම්බුද්ධ පරිණිර්වාණයෙන් පසුව දාතුන් වහන්සේලා බෙදා ගන්න රජවරු අතට ලොකු තරඟයක් තිබුනා. වාද තිබුනා.

මේ වෙලාවේ "ද්‍රෝණ" කියන වැඩිමහල් බ්‍රහ්මණයෙක් ඉදිරිපත් වුනා ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න..

භාග්‍යවතුන් වහන්සේගේ රන් දෙණ විවෘත කරද්දි දොරෝණ බමුණා දැක්කා භාග්‍යවතුන් වහන්සේගේ සුදෝ සුදු දළදා වහන්සේලා තුන් නමක් වැඩ ඉන්නවා.
රජවරු පොඩ්ඩක් එහාට මෙහාට වෙන අතරේ ද්‍රෝණ බමුණා දළදා වහ්සේලා තුන් නමක් සඟවා ගත්තා.

🟢එක් දකුණු දළදා වහන්සේ නමක් හිසේ ජටාව තුල සඟවා ගත්තා.

🔵එක් දකුණු දළදා වහන්සේ බිම දමා පයින් වසා ගත්තා.

🟡වම් උඩු දළදා වහන්සේ තම වස්ත්‍රය තුල සගවා ගත්තා.

ද්‍රෝණ බමුණා හිතුවට සඟවා ගත් දළදා වහන්සේලා කවුරුත් දැක්කේ නෑ කියලා තුන් දෙනෙක් මේක දැක්කා. කව්ද මේ තුන් දෙනා?

🟢 හිසේ සඟවා ගත් දකුණු දළදා වහන්සේ.

ද්‍රෝණ බමුණා දකුණු උඩු දළදා වහන්සේ තමන්ගේ හිසේ ජටාවේ සඟව ගන්නවා සක් දෙවිඳු දැක්කා.
සක් දෙවිඳු බැලුවා බමුණට දළදා වහන්සේට පුද සත්කාර කරන්න පුලුවන් ද කියලා. ඔහුට එහෙම හැකියාවක් නෑ කියලා දැන ගත්ත සක් දෙවිඳු ඉර්ධියෙන් හිසේ තිබුන දකුණු උඩු දළදා වහන්සේ ගත්තා. අරගෙන තව්තිසාවේ සිළුමිණ සෑයේ තැන්පත් කලා. සිදුහත් කුමරාගේ වස්ත්‍රත්, කෙස් වැටියත් සමඟ දකුණූ උඩු දළදා වහන්සේ තවමත් සිලුමිණ සෑයේ වැඩ ඉන්නවා.

🔵 බිම දමා පාගා ගත් දකුණු දළදා වහන්සේ.

ද්‍රෝණ බමුණා බිම දමා පාගාගත් දකුණු යටි දළදා වහන්සේව දැක්කා ජයසේන කියන නාගරාජයා. ජයසේන නාගරාජයත් බමුණාට නොදැනෙන්න දළදා වහන්සේව නාග භවනට රැගෙන ගියා. නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වූවා. කාවන්තිස්ස රජතුමා ලක්දිව රජකම් කළ සමයේ වැඩ සිටිය මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වුණ මහින්ද නම් වූ මහරහතන් වහන්සේ සමග මේ නා රජු බොහොම හිතවත් වුණා. නාග භවනට වැඩම කළ උන්වහන්සේ මේ මහානීය දළදා වහන්සේව දැකලා පුද පූජා පිණිස මේ දළදාව මනුෂ්‍ය ලෝකයට ගෙන යාමේ අවශ්‍යතාවය පහදා දී දළදා වහන්සේ ඉල්ලා සිටියා.

සර්වඥ දළදා ධාතුන් වහන්සේට මහත් ආදර සත්කාර කළ නා රජු ඒ ඉල්ලීමෙන් බොහොම විපිලිසර වුණා. ඒත් මහරහතන් වහන්සේගේ ඇසුර නා රජුට වඩාත් සතුටු වුණ නිසා ඔහු ධාතූන් වහන්සේව තෙරණුවන්ට ලබා දුන්නා. ගිරි අභය රජතුමා සහ සෝමාවතී දේවිය තමයි මහින්ද මහරහතන් වහන්සේ සතු වූ ඒ උත්තම දක්ෂිණ දළදා වහන්සේව වඩා හිඳුවලා සෝමාවතිය මහා සෑය ඉදි කළේ. අදත් මහා පෙළහර පාමින් සුදුමුදු බුදුරැස් විහිදුවමින් ඒ උත්තම දක්ෂිණ දළදා වහන්සේ සෝමාවතියේ වැඩ සිටිනවා.

🟡 ජටාවේ සඟවා ගත් වම් උඩු දළදා වහන්සේ

ගන්ධාර දේශයෙන් පැමිණි තරුණයෙක් හිටියා මෙයාට දෙවි කෙනෙක් අනාවකියක් කිව්වා අනාගතයේ නුඹට දළදා වහන්සේ නමකට පුද සත්කාර කරන්න පින තියෙනවා කියලා. ඒ නිසාම මේ උපාසකයා ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ එතන්ට ඇවිත් හිටියා. මෙයා දැක්කා ද්‍රෝණ බමුණා එක් දළදාවක් තම වස්ත්‍රයේ සඟවා ගන්නවා. දෙවියන්ගේ අනාවැකිය සත්‍යක් කරමින් ඔහු බමුණාට නොදැනෙන්න වම් උඩු දළදා වහන්සේ වස්ත්‍රයෙන් පිටතට ගත්තා. රැගෙන ගන්ධාරයේ හිංගල නම් ප්‍රදේශයට (වර්තමානයේ පකිස්තාන, ඇෆ්ගනිස්තාන සීමාව ) රැගෙන ගියා.

ගන්ධාර දේශයට වැඩි උඩු වම් දළදා වහන්සේ ගැන් ඉන් මතුවට සඳහනක් නෑ. එහෙත් ලංකාවේ නාගධාඨගේ පුවරු ලිපිය සහ තිස්සමහාරාම ටැම්ලිපියටත් අනුව යටාල දාගැබ (තිස්සමහාරාම) තුල වැඩ ඉන්නේ මෙම ගන්ධාර දළදා වහන්සේය.

එතකොට වම් යටි දළදා වහන්සේට මොකද වුනේ?

🔴 වම් යටි දළදා වහන්සේ.

තථාගත ශ්‍රී දේහය දැවෙමින් තිබෙනකොට තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් වාම ශ්‍රී දළදා වහන්සේව රැගත් "ඛේම මහරහතන් වහන්සේ" කාලිංගයට වැඩම කරවලා, එකල කලිඟු රජු වුණ ‘බ‍්‍රහ්මදත්ත රජුව’ තිසරණයෙහි පිහිටුවලා පුද පූජා පැවැත්වීම පිණිස ධාතුන් වහන්සේව භාර කළා. රජතුමා ගරු සිත් පෙරටුව දළදා වහන්සේ උදෙසා මුතු මැණිකෙන් තැනවූ ආසනයක් සහිතව දඹදිව පළමු දළදා මැදුර ඉදි කළා.

අපගේ වාම ශ්‍රී දළදා වහන්සේ අසිරිමත් ඉර්ධි ප්‍රාතිහාරය පෑවෙත් මේ කලිගු රටේ වැඩ සිටියදීයි. මේ ඉර්ධිප්‍රාතිහාරය පෑ විස්තරය හරි අසිරිමත් වගේම දීර්ඝයි.

කාලයක් ගත වීමෙන් කොසඹෑ නුවර උදේනි රජ පුත් වූ දන්ත කුමරුවන් දළදා වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් යුතුව කලිඟු රටට පැමිණියා. ඔහු රජු පහදවාගෙන දළදා වහන්සේට නොයෙකුත් පුද සත්කාර කරමින් කල් ගෙව්වා. රජු දන්ත කුමරු ගැන සියලූ පුවත් දැනගෙන රාජකීය වූ තම පවුලටම ගැළපෙන ඔහු හට සිය දියණිය වූ හේමමාලා කුමරිය විවාහ කර දුන්නා. ධාතු රක්ඛකාධිකාරී තනතුරත් භාර දුන්නා. ඛීරධාර රජුගේ බෑණා මෙවර ගුහසීව රජු හා සටනට ආවේ දළදා වහන්සේගේ අයිතිය වෙනුවෙනුයි. තම දිවි ගියත් දළදා වහන්සේ අනෙකෙකුට ලබා දෙන්න අකැමැති වුණ ගුහසීව රජු එකල සදහම් ඓශ්චර්යයෙන් ශෝභමානව තිබුණ ලක්දිව රජකම් කළ සිය හිතමිතුරු මහසෙන් රජුට දළදා වහන්සේව භාර දෙන්නට හේමමාලා යුවළට උපදෙස් දී යුද්ධයට ගියා. එයින් ගුහසීව රජු පැරදුණා. රජු පැරදුණ බව දැනගත් දන්ත හේමමාලා දෙදෙනා බමුණු වෙස්ගෙන ගම් දනව් දුරු කතර ගෙවාගෙන ලක්දිව ගමනට පිටත් වුණා. ලක්දිව ‘මහාතිත්ථ’ තොටුපළට ගොඩ බැස්සා.

ඒ වෙනකොට මහසෙන් රජු මියගිහින්. රජ වෙලා හිටියේ කිත්සිරි මේඝවර්ණ රජතුමා. කිත්සිරි මේඝවර්ණයන් තිසරණයෙහි පිහිටා ලක්දිව දැහැමිව රජකම් කරන බව අසා යළි හේමමාලා දන්ත කුමරු සතුටට පත් වුණා. ආර්ය සංඝරත්නයට දළදා වහන්සේව භාර දුන්නා. කිත්සිරිමෙවන් රජු යස ඉසුරු ලැබූවෙකු ආකාරයෙන් දළදා වන්දනාවට පැමිණියා. මේ අපගේ ශාස්තෘන් වහන්සේගේ දළදා වහන්සේම නම් මහා පෙළහර පෑ යුතු වන්නේය කියලා රජු හිතනවත් සමඟ ම දළදා වහන්සේ ලක්දිව දාඨා ප‍්‍රභාවෙන් ඒකාලෝක කරමින් පෙළහර පාන්නට වුණා. රජු ඉමහත් සතුටින් දළදා වහන්සේව ලංකා රාජ්‍යයෙන් පුද දුන්නා. එදා පටන් ලංකා රාජ වංශයේ අවසානය දක්වාම දළදා වහන්සේගේ හිමිකරුවා තමයි රටේ පාලකයා බවට පත් වුණේ.

එක් සක්වලක වැඩ ඉන්නෙත් එක් දළදාවයි.

එහෙත් මේ ලක්දෙරණ භාග්‍යවතුන් වහන්සේගේ දළදා වහන්සේල තුන් නමකගේ පහස ලද මහා පුන්‍යවන්ත භූමීයක්. සෙංකඩගල නුවරදි තව නොබෝ දිනකින් අපිට දැක ගන්න ලැබෙන්නේ අසිරිමත් ඉර්ධි ප්‍රාතීහාරය පෑ අපගේ ශ්‍රී වාම දළදා වහන්සේයි. සෙංකඩගල නුවර අපගේ වාම ශ්‍රී දළදා වහන්සේ ඇතුලු සතර දළදා වහන්සේලාට අපගේ නමස්කාරය වේවා...!!!

මෙය උපුටාගත් සදහම් ලිපියකි.

අනිත් අයටත් දැනගැනීමට Share කරන්න.

තෙරුවන් සරණයි...!!! 🙏

🌸සහස්සමපි චේ වාචා🌸අනත්ථපදසංහිතා🌸ඒකං අත්ථපදං සෙය්‍යෝ🌸යං සුත්වා උපසම්මති 🌷මෙලොවත් පරලොවත් අයහපතට හේතු වන වචන දාහක් දෙඩුවත්...
19/04/2025

🌸සහස්සමපි චේ වාචා
🌸අනත්ථපදසංහිතා
🌸ඒකං අත්ථපදං සෙය්‍යෝ
🌸යං සුත්වා උපසම්මති

🌷මෙලොවත් පරලොවත් අයහපතට හේතු වන වචන දාහක් දෙඩුවත් කිසිවැඩක් නෑ. ඒ වුණත් අර්ථවත් එකම එක වචනයක් අහලා ජීවිතය සංසිඳෙනවා නම් අන්න ඒ වචනය තමයි උතුම්.🌷

(වේළුවනාරාමයේදී තම්බදාඨික අරභයා වදාළ ගාථාවකි.)

🌸සහස්සමපි චේ ගාථා
🌸අනත්ථපදසංහිතා
🌸ඒකං ගාථාපදං සෙය්‍යෝ
🌸යං සුත්වා උපසම්මති

🌷මෙලොවත් පරලොවත් අයහපතට හේතු වන මිථ්‍යා දෘෂ්ටික ශ්ලෝක දාහක් දෙඩුවත් කිසිවැඩක් නෑ. ජීවිතාවබෝධය ඇතිවෙන එකම එක ගාථා පදයක් අහලා ජීවිතය සංසිඳෙනවා නම් අන්න ඒ ගාථාපදය තමයි උතුම්.🌷

(ජේතවනාරාමයේදී දාරුචීරිය තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

🌸යෝ චේ ගාථාසතං භාසේ
🌸අනත්ථපදසංහිතං
🌸ඒකං ධම්මපදං සෙය්‍යෝ
🌸යං සුත්වා උපසම්මති

🌷යම් කෙනෙක් මෙලොව, පරලොව අයහපත ඇතිකරන ශ්ලෝක සියයක් කිව්වත් වැඩක් නෑ. යම් ධම්මපදයක් අහලා ජීවිතය සංසිඳෙනවා නම්, අන්න ඒ එකම ධම්මපදය තමයි උතුම්.🌷

🌸 යෝ සහස්සං සහස්සේන
🌸සංගාමේ මානුසේ ජිනේ
🌸ඒකඤ්ච ජෙය්‍ය අත්තානං
🌸ස වේ සංගාමජුත්තමෝ

🌷යම් කෙනෙක් යුද්ධ දාහක් කරලා, දහස් ගණන් මිනිසුන්ව පරදවා, ජයග්‍රහණය කළත්, ඒක නියම ජයග්‍රහණයක් නොවෙයි. නමුත් යම් කෙනෙක් මේ කෙලෙස් යුද්ධයෙන් තමන්ව දිනාගත්තොත්, ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම අර සියලු යුද්ධ දිනපු කෙනාට වඩා උත්තම කෙනෙක් වෙනවා.🌷

(ජේතවනාරාමයේදී කුණ්ඩලකේසී තෙරණිය අරභයා වදාළ ගාථාවන්ය.)

🌸අත්තා හවේ ජිතං සෙය්‍යෝ
🌸යා චායං ඉතරා පජා
🌸අත්තදන්තස්ස පෝසස්ස
🌸නිච්චං සඤ්ඤතචාරිනෝ

🌷ඇත්ත වශයෙන්ම තමන්ව ජයගැනීමමයි උතුම් වෙන්නේ. අනික් ජනයා මොන දේවල් වලින් ජය ගත්තත්, ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ. තමාව දමනය කරගෙන, නිතරම ඉන්ද්‍රිය සංවරයෙන් සිටින පුද්ගලයාටයි ජයග්‍රහණය ලැබෙන්නෙ.🌷

🌸 නේව දේවෝ න ගන්ධබ්බෝ
🌸න මාරෝ සහ බ්‍රහ්මුනා
🌸ජිතං අපජිතං කයිරා
🌸තථාරූපස්ස ජන්තුනෝ

🌷දෙවියෙකුටවත්, එබඳු පුද්ගලයෙකුගේ ජයග්‍රහණය වළක්වන්ට බෑ. ගාන්ධර්වයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත් ඒ ජයග්‍රහණය වළක්වන්ට බෑ🌷

(ජේතවනාරාමයේදී එක්තරා බ්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවන්ය.)

🌸මාසේ මාසේ සහස්සේන
🌸යෝ යජේථ සතං සමං
🌸ඒකඤ්ච භාවිතත්තානං
🌸මුහුත්තමපි පූජයේ
🌸සා යේව පූජනා සෙය්‍යෝ
🌸යඤ්චේ වස්සසතං හුතං

🌷දහස් ගණන් වියදම් කරගෙන, මාසයක් ගානෙ යාග කළත්, අවුරුදු සියයක් මුළුල්ලේ යාග කළත්, සිත දියුණු කරගත් රහතන් වහන්සේ නමකට එක් මොහොතක පුද පූජාවක් කළොත්, අර සියක් අවුරුදු මුළුල්ලේ කරපු යාගයට වඩා මොහොතකට කළ මේ පූජාවයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ.🌷

(වේළුවනාරාමයේදී සැරියුත් තෙරුන්ගේ මාමා අරභයා වදාළ ගාථාවකි.)

🌸යෝ ච වස්සසතං ජන්තු
🌸අග්ගිං පරිචරේ වනේ
🌸ඒකඤ්ච භාවිතත්තානං
🌸මුහුත්තමපි පූජයේ
🌸සා යේව පූජනා සෙය්‍යෝ
🌸යඤ්චේ වස්සසතං හුතං

🌷යම් පුද්ගලයෙක් මහ වනයක ඉඳගෙන සියක් අවුරුදු මුළුල්ලේ ගිනි පූජාවන් කර කර ඉන්නවාට වඩා සිත දියුණු කරගත් එක රහතන් වහන්සේ නමකට මොහොතක් පුද පූජාවන් කළොත්, අවුරුදු සියයක් මුළුල්ලේ කරන අර ගිනි පූජාවට වඩා මොහොතකට කළ මේ පූජාවයි ශ්‍රේෂ්ඨ වන්නේ.🌷

(වේළුවනාරාමයේදී සැරියුත් තෙරුන්ගේ සොහොයුරෙකු අරභයා වදාළ ගාථාවකි.)

🌸යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලෝකේ
🌸සංවච්ඡරං යජේථ පුඤ්ඤපෙක්ඛෝ
🌸සබ්බම්පි තං න චතුභාගමේති
🌸අභිවාදනා උජ්ජුගතේසු සෙය්‍යෝ

🌷පින් කැමති කෙනෙක් මේ ලෝකයේ අවුරුද්දක් ගානෙ මහා යාග, පොඩි යාග ආදී මහ දන් දුන්නත්, ඍජු මග ගමන් කරපු රහතන් වහන්සේලාට කරන වන්දනාවකින් හතරෙන් පංගුවක් තරම්වත් ඒක වටින්නෙ නෑ. රහතන් වහන්සේලාට කරන වන්දනාව ම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ.🌷

(වේළුවනාරාමයේදී සැරියුත් තෙරුන්ගේ යහළු බ්‍රාහ්මණයෙකු අරභයා වදාළ ගාථාවකි.)

🌸අභිවාදනසීලිස්ස
🌸නිච්චං වද්ධාපචායිනෝ
🌸චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති
🌸ආයු වණ්ණෝ සුඛං බලං

🌷සිල්වත් උතුමන්ට වන්දනා කරනවා නම්, ගුණයෙන්, නුවණින් වැඩිහිටියන්ට නිතර සළකනවා නම්, ඔහු තුළ ආයුෂ, වර්ණය, සැපය, බලය යන මේ ගුණ හතර ම වැඩෙනවා.🌷

(දීඝලම්බක වනයේදී ආයුවඩ්ඪන කුමරු අරභයා වදාළ ගාථාවකි.)

🌸 යෝ චේ වස්සසතං ජීවේ
🌸දුස්සීලෝ අසමාහිතෝ
🌸ඒකාහං ජීවිතං සෙය්‍යෝ
🌸සීලවන්තස්ස ඣායිනෝ

🌷යම් කෙනෙක් දුස්සීලව, චිත්ත සමාධියක් නැතුව, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා, සිල්වත් වෙලා, ධ්‍යාන වඩමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.🌷

(ජේතවනාරාමයේදී සංකිච්ච සාමණේරයන් අරභයා වදාළ ගාථාවකි.)

🌸යෝ චේ වස්සසතං ජීවේ
🌸දුප්පඤ්ඤෝ අසමාහිතෝ
🌸ඒකාහං ජීවිතං සෙය්‍යෝ
🌸පඤ්ඤවන්තස්ස ඣායිනෝ

🌷යම් කෙනෙක් ප්‍රඥාවකුත් නැතුව, චිත්ත සමාධියකුත් නැතුව, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා, ප්‍රඥාව ඇති කරගෙන සමථ විදර්ශනා වඩමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.🌷

(ජේතවනාරාමයේදී ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

🌸යෝ චේ වස්සසතං ජීවේ
🌸කුසීතෝ හීනවිරියෝ
🌸ඒකාහං ජීවිතං සෙය්‍යෝ
🌸විරියමාරභතෝ දළ්හං

🌷යම් කෙනෙක් නිවන් මගේ හැසිරෙන්ට උත්සාහයක් නැතුව, සමථ විදර්ශනා වඩන්නට වීරියක් නැතුව, අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, දැඩි වීරියකින් යුක්තව, සමථ විදර්ශනා වඩමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.🌷

(ජේතවනාරාමයේදී සප්පදාස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

🌸 යෝ චේ වස්සසතං ජීවේ
🌸අපස්සං උදයව්‍යයං
🌸ඒකාහං ජීවිතං සෙය්‍යෝ
🌸පස්සතෝ උදයව්‍යයං

🌷යම් කෙනෙක් පංච උපාදානස්කන්ධයේ හටගැනීමත්, නැතිවීමත් විදර්ශනා ප්‍රඥාවෙන් නොදැක, අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකිමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.🌷

(ජේතවනාරාමයේදී පටාචාරා තෙරණිය අරභයා වදාළ ගාථාවකි.)

🌸යෝ චේ වස්සසතං ජීවේ
🌸අපස්සං අමතං පදං
🌸ඒකාහං ජීවිතං සෙය්‍යෝ
🌸පස්සතෝ අමතං පදං

🌷යම් කෙනෙක් ඒ අමා නිවන අවබෝධ නොකොට, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා ඒ අමා නිවන අවබෝධ කරගෙන එක දවසක් ජීවත්වීම ශ්‍රේෂ්ඨයි.🌷

(ජේතවනාරාමයේදී කිසාගෝතමී තෙරණිය අරභයා වදාළ ගාථාවකි.)

🌸 යෝ චේ වස්සසතං ජීවේ
🌸අපස්සං ධම්මමුත්තමං
🌸ඒකාහං ජීවිතං සෙය්‍යෝ
🌸පස්සතෝ ධම්මමුත්තමං

🌷යම් කෙනෙක් මේ උතුම් ධර්මය අවබෝධ නොකොට අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.🌷

(ජේතවනාරාමයේදී බහුපුත්තිකා තෙරණිය අරභයා වදාළ ගාථාවකි.)

🏵️බුද්දක නිකාය🏵️ධම්ම පදය🏵️

🏵️සහස්ස වග්ගෝ🏵️

🌹භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට මේ උතුම් නමස්කාරය වේවා!!🌹

දළදා සමිඳු දැකීමට රොද බැදගත් ජනයා ගැන අනුකම්පා කළයුතු නැත.මන්ද යත් ඔවුන් මේ සිදුකරන්නේ කායපූජාවෙන් නැතහොත් කායද්වාරයෙන් ...
19/04/2025

දළදා සමිඳු දැකීමට රොද බැදගත් ජනයා ගැන අනුකම්පා කළයුතු නැත.මන්ද යත් ඔවුන් මේ සිදුකරන්නේ කායපූජාවෙන් නැතහොත් කායද්වාරයෙන් භාග්‍යවතුන් වහන්සේට ආමිස පූජාවකි.එහි ඵලය සුළුපටු නැත.එය ඔවුන්ට දෙව් මිනිස් සැප පිණිසම හේතු වේවි.මඟඵල පිළිවෙලින් නිවන පිණිසම හේතු වේවි.
ලෙවී ලොව්තුර සැප පිණිසම හේතු වේවි.

තවද,ඔවුන් සැඩ හිරු රැස් මැද පෝළිම් වල සිට දහදිය වැගිරුවද කම් නැත.මන්ද යත් භාග්‍යවතුන් වහන්සේ මාද ඔබද වෙනුවෙන් විසි අසංඛේය කල්ප ලක්ෂයක් පුරා දුක් විඳ ඇත.එක් සත්වයෙකු වෙනුවෙන් කල්පයක් නිරයේ පැසුණහොත් අනන්ත සක්වළ අනන්ත සත්වයා වෙනුවෙන් කල්පය බැගින් පැසී නිමවුණු තැන බුදුබව ලැබේ යැයි යමෙක් නියතයෙන් කියතහොත් ඒ අසීරු කර්තව්‍ය පවා සිදු කිරීමට ඒ මහා බෝසතාණෝ පසුබට නොවන තරම් මහා කරුණාවකින්,මහා වීර්‍යකින් අප සැම මේ රුදුරු බව නොමදන්නා භව කතරින් එතෙර කරනු පිණිස,ගැඹුර නොමදන්නා භව සයුරින් ගොඩගනු පිණිස කයෙන් මනසින් අනෝරා දුක් ඉවසමින් අසීමාන්තික දරාගැනීමකින් කළා වූ ඒ මහා කැපකිරීමට,ගත් මහා වෙහෙසට මෙවන් පෝළිම් නොව පොළෝ තලයේ පටන් භවාග්‍රය තෙක් දිවෙන මාවතක රැඳුණු පෝළිමක ගියද ණය ගෙවා නිමකළ නොහැක.

ඒ මහා බෝසතාණන් වහන්සේගේ දනට යමක් නොලැබූවෙකු අප අතර නැත.වරක් දෙවරක් නොව කෝටි ප්‍රකෝටිවර අප ඒ බෝසත් ශ්‍රීමතාණන්ගෙන් දන් ලබන්නට ඇත.ඒ දනින් සා පිපාසා සංසිඳුවා ගන්නට ඇත.ගත විලි වසාගන්නට ඇත.ගත සරසාගන්නට ඇත.හිසට සෙවණක් ලබන්නට ඇත.

අප යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩාදී අමනුෂ්‍ය ආත්ම වල හිඳ ලේ පිපාසාවෙන්,මාංශ ආශාවෙන් පෙළෙමින් ඒ මහා පුරුෂයා වෙත එළඹි කල සිරුර සිදුරු කොට වගුර වගුරා ලේ දන් දෙන්නට ඇත.සිරුර ඉර ඉරා ඇඟ මස් දන් දෙන්නට ඇත.අප අනේකවර කණයන් වී ඇස් ඉල්ලා ඒ මහා පුරුෂයා කරා එළඹි කල සියතින්ම ඇස් කුහර හාර ඇස් ගළවා දන් දෙන්නට ඇත.වස්තුවට ගිජු බවින් හිස ඉල්ලා ඒ මහා පුරුෂයා කරා එළඹි කල සියතින්ම ගෙල සිඳ දන් දෙන්නට ඇත.මෙහෙවර පිණිස කෙනෙකු ඉල්ලා ඒ මහා පුරුෂයා කරා එළඹි කල දිව්‍ය ස්ත්‍රීන් සම තම සෙනෙහෙවන්ත අඹුවන් දන් දෙන්නට ඇත.වරපටින් ගැට ගසා තම කීකරු දරුවන් දන් දෙන්නට ඇත.වරක් දෙවරක් නොව,කෝටි ප්‍රකෝටි ගණනින් එසේ අප ඒ මහා පුරුෂයාගෙන් දන් ලබන්නට ඇත.ඉතින් අප කෙතරම් ඒ පුරුෂෝත්තමයාණන් වහන්සේට ණයගැතිද?

පෙරුම් පුරනා සමයේ පමණක් නොව බුද්ධත්වය ලද පසුවද සංසාර සත්වයාගේ සුව පිණිස පැය දෙකකටත් වඩා අඩු කාලයක් පමණක් විවේක ගෙන රෑ දිවා නොතකා පන්සාළිස් වසක් පුරා නොනිමි වෙහෙසක් නොගත්තේද? බුදුනට අකීකරුවීමේ ඵලයක් වශයෙන් හෝ,වෙනයම් සම්‍යක් පැතුමක් හේතුවෙන් හෝ අප සසර දිගුකර නොගන්නට ඒ මහෝත්තමයාණන් වහන්සේගේ පිහිට පිළිසරණ ලැබ අප සසර ගිනි නිවාගෙන නිවනින් නිවී සැනසී හමාරය.වරද අපගේය.පමාවට හේතුව අපගේය.ඉතින් අප කෙතරම් ඒ පුරුෂෝත්තමයාණන් වහන්සේට ණයගැතිද?

අද සදෙව් ලොව දෙවියන් දෙව්සැප ලබන්නේ ඒ මහා පුරුෂෝත්තමයා නිසාය.ඔබද මමද මනුලොව මනුසැප ලබන්නේ ඒ මහා පුරුෂෝත්තමයා නිසාය.ඒ මහා පුරුෂෝත්තමයාට මදකින් හෝ අවනතව කීකරුව සිල් රැකි නිසා අද මනු තලයේය.නැතිනම් සතර අපායකය.ඒ පුරුෂෝත්තමයාගේ බස මදකින් හෝ අසා දන්දුන් නිසා අද කිසිවෙකුට අත නොපා මනුසැප විඳින්නේය.නැතිනම් සෙම්,සොටු පොදක් නොලැබ දුක් ගන්නා ප්‍රේත විෂයෙහිය.නැතිනම් ලේ රස සොයන අසුර යෝනියෙහිය.නැතිනම් බලවතා දුබලයා ආහාරය කරගන්නා තිරිසන් කුලයෙහිය.නැතිනම් නිමක් නැති දුකින් වේදනාවෙන් ගහණ නිරයෙහිය.ඉතින් අප කෙතරම් ඒ පුරුෂෝත්තමයාණන් වහන්සේට ණයගැතිද?

කෙටියෙන්ම කියතහොත් අද ඔබ විකලතාවයෙන් මිනිස් සිරුරක් දරාගෙන විකලතාවයෙන් තොර මනසකින් යුතුව දළදා වහන්සේ වැඳපුදා ගැනීමට තරම් භාග්‍යවන්ත වූ මනුෂ්‍යාත්මභාවයක් ලද ඔබ හා මම ඒ මහා පුරුෂෝත්තමයා හට බෙහෙවින් ණයගැතිය.

එහෙයින් ගෙවා නිමකාල නොහැකි මහා ණය කඳක් සහිත ඔබ සහ මම ඒ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේගේ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට මේ ගන්නා වෙහෙස කම් නැත.ඒ මහා පුරුෂයා අපව සසරින් නිදහස් කරනු පිණිස අනවරාග්‍ර සසර ගත් මෙපමණ යැයි ගැනිය මිනිය නොහැකි අපමණ වෙහෙස ඉදිරියේ ඔබත් මමත් මේ පෝළිමක රැඳී ගන්නා වෙහෙස වෙහෙසක් නොවේ.එය ඒ මහා පුරුෂෝත්තමයා අප වෙනුවෙන් ගත් මහමෙර තරම් වෙහෙස ඉදිරියේ වැලි කැටයක්වත් තරම් නොවේමය.....

ඉතින් ඒ සුවාසුදහසක් ධර්මස්කන්ධයේ පහස ලද්දා වූ අසිරිමත් දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීමට පෝළිමේ රැඳි සිටින විට ඒ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේ ඔබත් මමත් වෙනුවෙන් කළ ඒ මහා කැපකිරීම ගැන සිතන්න.ගත් මහා වෙහෙස ගැන සිතන්න.විඳි මහා දුක් සම්භාරය ගැන සිතන්න.මහා පොළවට පවා දරා ගත නොහැකි,මහා පොළොව පවා කම්පා කළ ඒ මහා පුරුෂ රත්නයේ සොඳුරු ගුණ ගැන සිතන්න.දෙව් බඹුන් පවා සරණ ගිය ඒ අසිරිමත් ශාස්තෲවරයාගේ ශාස්තෲ ගුණ ගැනම සිතන්න.ඔබේ වෙහෙස ආකාස ගංගාවෙන් හෙලූ සීතල දිය දහරාවකින් නැහැවී ගියාක් සේ නිවී යාවි.ඒ සැඩ හිරු රැස් සෞම්‍ය සඳරැස් මෙන් ඔබව සනසාවි.ඒ දැනෙනා සා පිපාසාව අනවතප්ත විල්දිය වැළඳු කලෙක මෙන්,දිව බොජුන් වැළඳූ කලෙක මෙන් නිවී සංසිඳී යාවි.

කෙසේ නමුත් දළදා සමිඳු වැඳපුදා ගැනීමට පැමිණෙන සැදහැති ජනයාට දළදා සමිඳුගේ පිහිටින් රැකවරණයෙන්,සමිදිටු දෙවියන්ගේ ආශිර්වාදයෙන් අනුග්‍රහයෙන් කිසිඳු කායික,චිත්ත පීඩාවකින් තොරව තම වන්දනාව සඵල කරගැනීමට කටයුතු සැලසේවා......!!!

යන්න,තුටින් ඒ ශ්‍රීමතාණන් වහන්සේගේ ශ්‍රීමත් දළදා වහන්සේ වැඳගන්න.මන්ද යත් යළි කෙදිනක ඒ වටිනා පින්බර අවස්ථාව එළඹේදැයි ඔබත් මමත් නොදන්නා නිසාය.එළඹුනද රසඳුනක් බඳු ඒ පින්වත් දසුන ඔබේ නෙතට දිස්වන්නට ඔබගේ ආයුෂ පවතී යැයිද නොදන්නා නිසාය.ආයුෂ පැවතුණද ඔබගේ දෙනෙත් වල ආලෝකය රැඳේදැයි නොදන්නා නිසාය.

බුදුවරයෙකුගේ උත්පාදය දුලභය...එවන් බුදුවරයෙකු ධාතුන් වහන්සේලා විසිරීමට අදිටන් කරනු දුලභය.එවන් බුදුවරයෙකුගේ ධාතුන් වහන්සේලා දුලභය.ධාතුන් වහන්සේලාගේ දසුන දුලභය.එමෙන්ම මනුසත් දිවිය දුලභය.කය මනස පිරිපුන් මනුසත් දිවිය දුලභය.මේ පින්බිමේ ඉපදීම දුලභය.දුලභව ලද මේ සුභ මුහුර්තයෙහි ඵල නෙළාගන්න.දළදා රත්නයෙන් බුද්ධ රත්නය දකින්නටද,බුද්ධ රත්නයෙන් ධර්ම රත්නය දකින්නටද,ධර්ම රත්නයෙන් බුද්ධ රත්නය දකින්නටද වෙර දරන්න.
දළදා සමීඳු පිහිටයි...!

ජීවන්ත සමරනායක
18.04.25
( ඉතාම අනර්ඝ ලිපියකි පද ගැලපුමකි එය එලෙසම උපුටාගෙන පලකලෙමි තෙරුවන් සරණයි)

🙏
27/07/2024

🙏

10/11/2023

බොන තැනක නොබී, ඒ අය අසිහියෙන් විදින සතුට ඔබට සිහියෙන් විදින්න පුලුවන් නම් ඒ තමයි ඇත්තටම අභිමානනිය පෞරුෂයක් හිමි චරිතය 🌿

Address

Hanwella

Website

Alerts

Be the first to know and let us send you an email when පටිසෝතගාමී - Patisothagami posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share