Capital News Sinhala

Capital News Sinhala ප්‍රවෘත්ති ඔබට වැදගත්, ඔව් නිසැකවම ඔබ?

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා මේ මොහොතේ නව කොවිඩ් නීති පැනවීමේ අවශ්‍යාතාවක් නොමැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අ...
22/01/2023

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා මේ මොහොතේ නව කොවිඩ් නීති පැනවීමේ අවශ්‍යාතාවක් නොමැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පසුගියදා පැවති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති බවයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය බලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.
මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව කොවිඩ් පාලන ක්‍රමවේද හඳුන්වාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය 17 වැනිදා කටයුතු කළ අතර එය පසුව, 20 වනදා දක්වා කල් දැමීමට පියවර ගනු ලැබුවා.
කෙසේවෙතත් වර්තමානයේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී නව නීති මාලාවක් පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවට හඳුනාගෙන ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
යම් හෙයකින් එවැනි නීති මාලාවක් හඳුන්වා දෙන්නේනම් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා පමණක් එය ක්‍රියාත්මක කිරීමට ද පසුගියදා පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළව ඇති බව සඳහන්.

අධ්‍යාපන චාරිකා සඳහා පාසල් සිසුන් රැගෙන යා හැකි දුර ප්‍රමාණය සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ ...
22/01/2023

අධ්‍යාපන චාරිකා සඳහා පාසල් සිසුන් රැගෙන යා හැකි දුර ප්‍රමාණය සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව දිනකට සිසුන් රැගෙන යා හැකි උපරිම දුර ප්‍රමාණය කිලෝ මීටර් 100කට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ අවධානයට ලක්ව ඇති බවයි එම අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකු වෙත කියා සිටියා.
එලෙස අධ්‍යාපන චාරිකා සඳහා රැගෙන යන සිසුන් පස්වරු 6ට පෙර යළි අදාළ පාසලට රැගෙන ආ යුතු වනවා. ඉදිරියේදී පාසල් සිසුන් රැගෙන යන අධ්‍යාපන චාරිකා සඳහා තෝරාගන්නා ප්‍රදේශ පිළිබඳවද වැඩි අවධානයක් යොමු කිරීමටද නියමිතව තිබෙනවා.
නව උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් සියලු පාසල් හා අධ්‍යාපන බලධාරීන් වෙත කඩිනමින් නිකුත් කිරීමටද පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.
එලෙස නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත්තේ ඉකුත් සිකුරාදා රාත්‍රියේ නුවරඑළිය නානුඔය රදැල්ල ප්‍රදේශයේදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක් වීම හේතුවෙන්.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ව එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් වයඹ ආණ්ඩුකාරවරයා විසින් ඔහුව...
22/01/2023

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ව එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් වයඹ ආණ්ඩුකාරවරයා විසින් ඔහුව ධුරයෙන් නෙරපා ඇති බව වාර්තා වනවා.
කුරුණෑගල නගර සභාවේ අයවැය සම්මත කර ගැනීමට අපොහොසත් වීම ඊට හේතුව ලෙස දැක්වෙනවා.
වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතායි.

ගාලු කුමාරි දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටී ඇති බව වාර්තා වනවා.මාතර වැලිගම දී එම අනතුර සිදුවී තිබෙනවා.ඉන් එක් අයෙක් මියගොස්...
22/01/2023

ගාලු කුමාරි දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටී ඇති බව වාර්තා වනවා.
මාතර වැලිගම දී එම අනතුර සිදුවී තිබෙනවා.
ඉන් එක් අයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
අද (22) උදෑසන 6.45 ට එම අනතුර සිදුවී තිබුණා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල මේ වන විට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේ...
22/01/2023

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල මේ වන විට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ අද (22) දිනය තුළ විභාග මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු සිදුකෙරෙන බවයි
2022 - 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (23) දිනයේ සිට විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්වීමට නියමිතයි.
මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාගය පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වෙනවා.
එමෙන්ම විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත් වූ ලාබාලතම ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට ...
19/01/2023

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත් වූ ලාබාලතම ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය යොවුන් පිතිකරු ශුබ්මන් ගිල් ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, නවසීලන්තය සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයේදී.
එහිදී ශුබ්මන් ගිල් පන්දු 149කදී 6හේ පහර 9ක් සහ 4රේ පහර 19ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 208ක්. ඔහු මෙම ද්විත්ව ශතකය රැස් කරන විට ඔහුගේ වයස අවුරුදු 23යි දින 145ක්. ඔහු මෙලෙස බිඳ හෙලුවේ ඉකුත් වසරේ දෙසැම්බ්ර් මාසයේදී අවුරුදු 24යි දින 145ක් වයසැති ඉන්දීය පිතිකරුවෙකුම වූ ඉෂාන් කිෂාන් ලකුණු 210ක් රැස් කරමින් බිහි කර තිබූ ලෝක වාර්තාවයි.
එමෙන්ම මෙම තරඟයේදී එක්දින ලකුණු දහසේ සීමාව පසුකර යාමට සමත් වූ අතර ඒ සඳහා ඔහු වැය කර තිබුණේ ඉනිම් 19ක් පමණයි. එය සැලකෙන්නේ ඉන්දීය පිතිකරුවෙකු අඩුම ඉනිම සංඛ්‍යාවකින් එක් දින ලකුණු දහසේ සීමාව පසුකර ගිය පළමු අවස්ථාව ලෙසයි.
මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 349ක් රැස් කළ අතර නවසීලන්තයට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 337ක් පමණයි. ඉන්දියාවට ප්‍රබල සටනක් ලබා දුන් නවසීලන්තයේ මිචෙල් බ්‍රේස්වෙල් පන්දු 78කදී 6යේ පහර 10ක් සහ 4රේ පහර 12ක් සමඟ ලකුණු 140ක් රැස් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන  Lucile Randon නමැති කන්‍යා සොයුරිය මියගොස් තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශයේ ජී...
19/01/2023

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන Lucile Randon නමැති කන්‍යා සොයුරිය මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශයේ ජීවත් වූ 118 හැවිරිදි වියේ පසු වූ ඇය ටූලෝන් හි පිහිටි වැඩිහිටි නිවාසයකදී මියගොස් ඇති බවයි.
1904 වසරේ පෙබරවාරි මාසයේදී උපත ලැබූ Lucile Randon කන්‍යා සොයුරිය 2022 වසරේදී ලොව වයස්ගතම පුද්ගලයාට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවා

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නො...
19/01/2023

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බවයි.
මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා මෙම අදහස් පළකළා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ...
19/01/2023

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ දෙදින නිල සංචාරයක් සඳහා ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවයි.
මෙම සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමග ද ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.නිව...
19/01/2023

අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මේ බව පවසනවා.
මේ අතර උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

ගාලු පාරේ, වැලිගම, කප්පරතොට පාලම ආසන්නයේ දී මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය...
17/01/2023

ගාලු පාරේ, වැලිගම, කප්පරතොට පාලම ආසන්නයේ දී මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ගමන් කරමින් සිටි මවකගේ හා පුතෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මව මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි කිරලවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මාතර රෝහලට ඇතුළත් කිරීමේදී මව මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
අදාළ බස් රථයට වැලිගම බස් නැවතුම්පොළෙන් ගොඩවූ පුද්ගලයින් සිව්දෙනෙකු බස් රථයේ කොන්දොස්තර සමග ඇති වු ගැටුමක් දුරදිග යාමෙන් පසු ඔවුන් බස් රථයේ රියදුරුට ද පහර දී තිබෙනවා.
එම අවස්ථාවේ දී රියදුරු අසුනෙන් ඇදවැටීම හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් ගිලිහුණු බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන්.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා. එමෙ...
17/01/2023

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා. එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.
විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමත්, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රසිද්ධ කිරීමත් සිදුනොකළ යුතුයි.
කිසියම් පුද්ගලයෙකු, ආයතනයක් ‍හෝ වෙනත් පාර්ශවයක් මෙම නියෝග නොසළකා කටයුතු කළහොත් දැඩි නීතිමය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.
එවැනි ආකාරයේ උපදෙස් කඩකිරීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව පොලීසිය හෝ 1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා දැනුම්දෙනවා
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ වන අතර විභාගය පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි ඒ සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

Address

No. 142/21, Devika Gardens, Wijekumaratunga Mw, Kirulapone
Havelock Town

Alerts

Be the first to know and let us send you an email when Capital News Sinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Capital News Sinhala:

Share