Feel It

Feel It විදවන්න නොව විදින්න ජීවිතේ..���

15/01/2026

ඒ හඩේ ලස්සන ❤️


゚viralシfypシ゚

21/08/2025

හිමි නැති සෙනෙහේ - Himi nathi senehee
අසන්ත පීරිස් (Asantha peiris)

හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහි වීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුනා//

අතැගිලි නොගැටී
සිතින් අප එක්වී
මියෙන තුරා ලංවී හිදිමූ
නොදැනී කව්රුත් හදවත සංකා
ඔබ වෙනුවෙන් මා රැකගෙන හිදිමු//

හිමි නැති සෙනෙහේ............

ඉරනම විසදී
යලි අප හමුවී
දවසක් ඒවී ඔබ මගේ වී
ඔබගේ සතුටයි මටනම් ඕනී
ඒ ටික ඇතී මියදෙන්න කලින්.......

හිමි නැති සෙනෙහේ..............

Highly Recommended ❤️
08/10/2024

Highly Recommended ❤️

Any Graphic Design You Need From Us,

Curriculum Vitae (CV)
Posters
Facebook Posts
Logo Design
Facebook Cover Making
Youtube Thumbnail Making
Youtube Profile Cover
Tik tok Video Editing

Contact Us:-
0778732671

Happy New Year ❤️😍💐
14/04/2024

Happy New Year ❤️😍💐

31/03/2024

චාරු දේවී - Chaaru devi
Nisal gamage

ඇස් කොනින් නුරා බැලුම්
දෙතොල් අගින් සිනා කැළුම්
මන්දහාස මුවග වෑහෙනා
නින්ද නේන හේතු සෑදෙනා

ළමැද යහනේ හිස තියා
හිඳිමි දෙවුරේ අත තියා
සුහදිනීයේ ලං ලං වෙලා
හිසම පිරිමැද සනසනා
සුවයටම නතුවෙමි සිතා
ස්නේහ වර්ශාවෝ ඉතිරෙන
නුඹම වේ මා රාජිණි
සංසාර ගමනේ හා බැඳී
නිම් නොවූ ස්නේහයේ හොවා

ඇස් කොනින් නුරා බැලුම්.

උදුල සඳවත දැක නිතී
පියුමුපුල නොබලා ඉමී
චාරු දේවී මා සනසනා
සිහින හැම ඔබ හා බැඳී
ලොවම ඔබ වෙනවා දැනී
ආල සන්තානේ ඉතිරෙනා
හිඳිනෙමී මා ආදරී
සංසාර ගමනේ හා බැඳී
නිම් නොවූ ස්නේහයේ හොවා

ඇස් කොනින් නුරා බැලුම්....

Artist - Nisal gamage
Music - Nisal gamage
Lyrics -Nisal gamage

20/01/2024

හන්තානේ -Hanthaney
Dhyan Hewage

ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම් පාරේ
සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ
කල් යල් බැලුවාට ආදරේ අල්තාරේ
රතු තොල්පෙති පාට ගෑවුණේ නෑ ආයේ
සිහිනේ ඡායා
පාරාලා ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා මා කීවා
නෑසෙනා සේ දරා වේදනා

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ

තනියෙන් මා ගිය කාලේ ඔය මල් පාරේ
නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ රතු තොල් පෙති පාට නෑ ආයේ
කල් යල් බැලුවාට නෑ ආවේ
සිහිනේ ඡායා
පාරාලා ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා මා කීවා
නෑසෙනා සේ දරා වේදනා

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ

Artist - Dhyan Hewage
Music - Yuki Nawarathne
Lyrics - Yashodha Adhikari

31/12/2023

Happy New Year
😍❤️

Address

Hettipola

Website

Alerts

Be the first to know and let us send you an email when Feel It posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share