Benja's Diary

Benja's Diary Lets travel with me 😜

18 පුංචි theatre එකේදි කෙලින් වෙනෝ.. එදාට හම්බුවෙමු.. හෙල්මට් එකක් අරන් එන්න.. 🩶
17/01/2024

18 පුංචි theatre එකේදි කෙලින් වෙනෝ.. එදාට හම්බුවෙමු.. හෙල්මට් එකක් අරන් එන්න.. 🩶

සික්ස් පැක් ඉවර උනා නේ..? අවුල්ද..? අවුල් නැද්ද ඉතිං ඒක දුක මරපු ලෝකයක් නෙ..? හැබැයි Six-Pac Season 2 පටන් ගන්නකන් අසංක ...
29/12/2023

සික්ස් පැක් ඉවර උනා නේ..? අවුල්ද..? අවුල් නැද්ද ඉතිං ඒක දුක මරපු ලෝකයක් නෙ..? හැබැයි Six-Pac Season 2 පටන් ගන්නකන් අසංක සායක්කාර දෙනවා අපිට පොඩි ආතල් එකක්.. ආතල් එකක් කිව්වට මේක පොඩ්ඩක් වෙනස්ම එකක්.. උඩ තට්ටුවෙයි යට තට්ටුවෙයි ඉන්න කසාද බැඳපු මිනිස්සු දෙන්නා ඔවුනොවුන්ගේ කුටුම්භ සංරක්ෂණය කරන ගමන් උන් දෙන්නගෙ ජීවිත ඇතුලෙ ආතල් එක හොයන අමුතු කතාවක්.. හොඳම සීන් එක මුං දෙන්නත් ඇවිල්ලා වෙනස්ම දේශපාලන ස්ථර දෙකක සහ දෘශ්ටිකෝණ දෙකක.. එකෙක් රාජ්‍ය සේවකයෙක් අනිත් එකා online business කරන එකෙක්..

ගෑණු දෙන්නත් එසේම තමයි.. සාම්ප්‍රදායික ගෘහණියයි අලුත බැඳපු western type බිරිඳයි.. දුවගෙ character එක ඇවිල්ලා දැන් තියෙන සමාජෙ ඇතුලෙ වැඩියෙන්ම දකින්න තියෙන ටයිප් එකේ එකක්..

ඉතින් මේ පවුල් දෙකත් Balance කරගෙන මේ පිරිමි දෙන්න මේ ගහන ආතල් ගේම රසවිඳලා බලමු..

පොඩි ඉඟියක් දෙන්නද..? 🤭 මේකෙත් ending එක ට්‍රැක පනිනවා.. 😍

මෙන්න 1st episode එක
https://youtu.be/PRHthTzTSus?si=Ls0gdZVRMo_Ugf7P

ආගම්? සංස්කෘති? මොනවද බං ඒ..?
27/12/2023

ආගම්? සංස්කෘති? මොනවද බං ඒ..?

I want to laugh at heavy moments 💜️🛵📸 Ashen Wattegedara
21/12/2023

I want to laugh at heavy moments 💜️🛵
📸 Ashen Wattegedara

05/03/2023

සායාගේ සතිය 🎭 නාට්‍ය දැක්ම
මේ මාසෙ 18-24 වෙනකන්..
Online ticket මිලදී ගැනීමට පහල link එකට සෙට් වෙන්න.. ❤️
https://www.ticketsministry.com/theatre #සායාගේ_සතිය

පෙබරවාරි 24ට කලින් tickets book කරගන්නව නම් 10% ක වට්ටමක් ලබා ගන්න පුළුවන්.. ඉක්මන් කරන්න #සායාගේ_සතිය 🎭
22/02/2023

පෙබරවාරි 24ට කලින් tickets book කරගන්නව නම් 10% ක වට්ටමක් ලබා ගන්න පුළුවන්.. ඉක්මන් කරන්න
#සායාගේ_සතිය 🎭

මචන්ලා 5ක් එකට පෙන්නන කෙටි නාට්‍ය 5ක්.• ලයිට් කිපිලා - අඛිල සපුමල්• උත්පලවර්ණා - සචිත්‍ර ‍රාහුබද්ධ• නයන ලලන - අසංක සායක්...
20/02/2023

මචන්ලා 5ක් එකට පෙන්නන කෙටි නාට්‍ය 5ක්.
• ලයිට් කිපිලා - අඛිල සපුමල්
• උත්පලවර්ණා - සචිත්‍ර ‍රාහුබද්ධ
• නයන ලලන - අසංක සායක්කාර
• බොක්ස් - චාලක රණසූරිය
• චේ සහ ජුලියට් - චමිල ප්‍රියංක
ලබල සෙනසුරාදා 25 හවස 3.30 සහ 6.30 එල්ෆින්ස්ටන්. ටිකට් දැන් මිල දී ගන්න වෙන්කරන්න පුළුවන්.
0713651083 ට කතා කරන්න.

🎭 සායාගේ සතිය 🎭අසංක සායක්කාරගේ නාට්‍යය දැක්මමාර්තු 18 සිට 24 දක්වා මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී■ මාර්තු  18/19 - කොටු...
19/02/2023

🎭 සායාගේ සතිය 🎭

අසංක සායක්කාරගේ නාට්‍යය දැක්ම
මාර්තු 18 සිට 24 දක්වා මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී

■ මාර්තු 18/19 - කොටු
(මංගල දැක්ම)
■ මාර්තු 20 - සංගදාසගේ චූටි කලිසම
■ මාර්තු 21 - මං කෙළින් මිනිහෙක් (වැඩිහිටියන්ට පමණයි)
■ මාර්තු 22 - ඌරෝ අතර pork
■ මාර්තු 23 - අයියා මළෝ
■ මාර්තු 24 - වැඩිහිටියන්ට පමණයි

අකුරටිය කන්ද.. ❤️ඉතින් අකුරටි කන්ද කිව්වම   වලට ගොඩක්ම ප්‍රසිද්ධ තැනක් නම් නෙමේ.. ගමේ අය එහෙමනම් ගොඩක් වෙලාවට night camp...
08/11/2022

අකුරටිය කන්ද.. ❤️

ඉතින් අකුරටි කන්ද කිව්වම වලට ගොඩක්ම ප්‍රසිද්ධ තැනක් නම් නෙමේ.. ගමේ අය එහෙමනම් ගොඩක් වෙලාවට night camping දෙක තුනක් කරල තියෙනව කියලනම් ආරංචි උනා.. ඉතින් අපි මේ කන්ද හොයාගෙන ගියේ පලවෙනි වතාවට කන්ද ගැන කරන එකක් කරන්න.. අවාසනාවට video එකක්නම් කරගන්න බැරි උනා.. 🥺

📍Location තියෙන්නෙ බද්දෙගම town එකේ ඉඳලා අගලිය පැත්තට 2km වගේ යද්දි තමයි කන්ද තියෙන්නෙ..

මේ කන්දෙ සමහර කොටස් ඒ කාලෙ රබර් වගාව සඳහා පාවිච්චි කරලා තිබුනා.. දැන් නම් සම්පූර්ණයෙන්ම වගේ වනාන්තරය 🌳තියෙන්නෙ..

ඉතින් මම තනියෙන් යන්න බය නිසා 😌 Kavindu මල්ලියි Deshan වත් සෙට් කරගෙන ගියා night camping එකකට.. 3ට විතර කන්ද නගින්න ගත්ත එක 5 වගේ වෙද්දි අපිට ඕන වෙච්ච තැනට යාගන්න පුළුවන් උනා.. මේ යද්දි "කොඩි ගල" කියල තැනක් හම්බුවෙනවා.. මෙතන signal tower එකක් හදන්න plan කරල තිබුනත් දැන් නම් ඒක තහනම් වෙලාලු.. කොඩිගලේ ඉඳලා චුට්ටක් පහලට බහිද්දි තමයි viewpoint එක තියෙන්නෙ.. ⛰

කොහොම හරි කූඩාරමත් ⛺️ අටවගෙන කෝපි කෝප්පයක් සප්පායම් වෙලා අර දෙන්නා දර කඩන්න යවලා මම ගියා වීඩියෝ එක කරන්න හිතාගෙන.. ඒ වෙලාවෙ තමයි අපි ගෙනියපු cam එකේ battery ප්‍රශ්නයක් වෙලා වැඩේකරගන්න බැරුවගියේ.. 😣
(ඊට කලින් වීඩියෝ කරගත්ත ටිකක් ඇති)

දර ටිකක් හොයාගෙන රෑට කන්න එහෙම හදලා තියලා ඉවර වෙලා පොඩි කයියක් එහෙම ගහගෙන ඉඳලා කාලා ඉවර වෙලා ගිනිමැලේකුත් ගහගෙන රෑ වෙනකල් ඇහැරිලා ඉඳලා චූටියට සින්දුවක් එහෙම කියලා 12ට විතර නිදාගන්න ගියා.. විනාඩි 10ක් යන්න උනේ නෑ ධාරාණිපාත වැස්ස.. 😂💔

ඉතින් කොහොමහරි යන්තම් චුට්ටක් නිදාගෙන උදේ ඇහැරිලා කෝපි එකක් බොන්න වතුර උණු කරගන්න බලද්දි දර ඔක්කොම තෙමිලා.. වැඩේ කොට උඩ.. 💔 එපාර ඉතින් තුන්දෙනා එක්ක බඩගින්නෙම පල්ලම් බහින්න ගත්තා.. කොහොමහරි 10 විතර වෙද්දි කන්ද පාමුලට ආවා.. පොඩ්ඩක් යන අතරමග අමාරු උනාට වෙනස්ම අත්දැකීමක් උනා.. ❤️🥰

මෙතනට යනවනම් හරියට පාර දැනගෙන යන්න.. කොහොමහරි යනවනම් මෙතන ආරක්ශා කරගන්න... පොලිතින් එහෙමනම් දාලා එන්නම එපා..මොකද මේක ගොඩක් සංවේදී පරිසර 🦔🐇පද්ධතියක්.. ❤️ safe travels.. ❤️

දවස් ගාණක් බලන් ඉඳලා පලවෙනි වීඩියෝ එක කරන්න කියලා හිතාගෙන ගිය ගමන photos ටිකකට විතරක් සීමා කරන්න උන එක ගැන මාර දුකක් තියෙන්නෙ..

- Benja's Diary

Address

Hikkaduwa
80240

Telephone

+94765839753

Website

Alerts

Be the first to know and let us send you an email when Benja's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share