10/10/2022
🌊 අස්වාභාවික නාන තටාක තියෙන තල්පේ 🌊
මේ post එක වෙන් කරන්නෙ අස්වාභාවික නාන තටාක පිහිටා ඇති තල්පේ වෙරල තීරය ගැන.. තල්පේ වෙරල ගැන දකුණු පලාතෙ කාගෙන් හරි ඇහුවොත් කියයි, පොල්ලෙලි වලවල් වල නාන්න ගියාද කියලා.. 😂 ඉතින් මේ කතාවනම් බොරුවක් නෙමෙයි.. මොකද ඉස්සර කාලෙ මෙතන තිබිලා තියෙන්නෙ පොල්ලෙලි පල් කරලා ඒවගෙන් කෙඳි අරගන්න තැනක්.. සුනාමියත් 🌊 එක්ක ඒ පොල්ලෙලි මෝල නැති වෙනවත් එක්ක මෙතන දෙස් විදෙස් සංචාරකයන්ගෙ ආකර්ශනීය නැවතුම්පලක් වෙනවා.. 🌏 මෙතන සුන්දරත්වය විඳගන්න නම් වසරෙ හැම කාලෙකදිම බෑ.. ගොඩක් දුරට පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වගේ කාලවලදි තමයි මෙතන ගොඩක්ම ලස්සන වෙන්නෙ ( season දවස් නෙ ඉතින් ).. නැත්නම් මේ වලවල් වැලි වලින් වැහෙනව.. 🏝
ඉතින් කොලඹ පැත්තෙ ඉඳන් එනවනම් ගාල්ල නගරය පහු කරලා 11km වගේ දුරකින් තමයි මෙතන තියෙන්නෙ.. කෝච්චියෙ 🚂එනවනම් තල්පේ station එකක් තියෙනව.. එතනින් බැහැලා මාතර පැත්තට යන්න ඕන.. Location පහලින් දාන්නම්..
https://maps.app.goo.gl/KCFGuU9WwutNgvcY8?g_st=ic
නාන්න පුළුවන් උනාට ටිකක් අවධානම් තැනක්.. 🐡 මොකද මෙතන මුහුදු ඉකිරි එහෙම ගොඩක් ඉන්නවා.. උන්ගෙන් නම් පරිස්සම් වෙන්න වෙනවා හැබැයි අනිවාර්යයෙන්ම.. ඒ වගේම එතන තියෙන ගල් පරයෙන් එහාට ගියොත් එතනත් අවධානම්.. 🏊♂️ මොකද දවල් කාලයෙ එහෙම රැල්ල සැරවෙන්න පුළුවන්.. ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා ඒ ගැන නම්..
මොනව උනත් මේ වගේ තැන් පරිස්සම් කරගන්න කියලා ඉතින් අපේ අයට හැම වෙලාවෙම කියන්න වෙනව.. 🥺 මොකද ඉතින් ඒ තරමටම කියන දේ අහන අයනෙ ඉන්නෙ.. නාලා විනෝද වෙලා 👫 එනගමන් ලස්සන මතක ටිකක් එහෙමත් එකතු කරන් මේ ස්ථාන ආරක්ශා කරගන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.. ❤️
Natural Pool Thalpe
077 187 6350