08/10/2025
මූල අංක මනුෂ්‍යයා කෙරෙහි බලපාන ආකාරය
මූල අංකය යනු ඕනෑම සංඛ්‍යාවක අංක එකතු කිරීමේදී අවසානයට එන තනි ඉලක්කමයි.
මෙම 1 සිට 9 දක්වා ඇති අංක නවයේ ගූප්ත විද්‍යාත්මක බලයන් වෙන් වෙන් වශයෙන් හැදෑරිය හැකිය. යම් නිශ්චිත දිනයක උප්පත්තිය ලබා ඇති අයෙකුගේ ස්වභාවය අපට මැනවින් වටහා ගැනීමට, අංක හා ග්‍රහයින්ගේ කම්පනය පිළිබදව අපට හැදෑරිය හැකිය. සෑම ග්‍රහයෙකුටම අංකයක් ලබා දී ඇති අතර යම් පුද්ගලයෙකුගේ උපන් දිනය ඔහුටම ආවේණික ස්වභාවයක් ඇත. අපි බලමු 29 දින ඉපදුනු අයෙකුගේ මූල අංකය 2+9=11, 1+1=2 වේ. මේ ඔහුගේ ඔහුගේ ඔහුගේ පෞද්ගලික අංකයයි. මේ අංකය නියෝජනය කරන ග්‍රහයාගේ බලපෑමට එම දිනයේ උපන් පුද්ගලයා යටත් වේ. තවද 29, 2 සහ 9 වෙන් වෙන්වද අදාල ග්‍රහයන්න්ගේ බලපෑමට පුද්ගලයා යටත් වේ.
ඒ වගේම තමාගේ භාවිත නමේ සදහන් අකුරු සදහා ද අංක ලබා දී ඇත. ඒ අනුව භාවිත නම සදහා ද ග්‍රහයින් සම්බන්ධ වේ.
ඉදිරියේ දී අංකවලට අදාල ග්‍රහයන් කවුරු ද යන්න අපි බලමු.
How Root Numbers Affect a Person
A root number is the single digit that results from adding the digits of any given number.
Each number from 1 to 9 can be individually studied for its occult and mystical influences. By examining the vibrations of numbers and their associated planets, we can gain a deeper understanding of the nature of a person born on a specific date. Every planet is assigned a number, and the date of birth of a person gives them a unique personality.
For example, someone born on the 29th has a root number of 2+9 = 11, and 1+1 = 2. This becomes their personal number. The person born on that date is influenced by the planet represented by this number. Furthermore, 29 the numbers 2 and 9, taken separately, also subject the individual to the influence of the corresponding planets.
Similarly, the letters in a person’s name are also assigned numerical values. Based on that, the name too is associated with certain planetary influences.
In the future, let us explore which planets are associated with which numbers.