25/06/2021
[විසිතුන් හැවිරිදි කාන්තා මලසිරුර සැකසීමට නොහැකි යැයි කියා එම්බාම්කරු මල් ශාලාවෙන් පිටතට පැමිණේ]
මහා වැහි දවසක
වැහිලිහිණියන්ටත් අඬන්න අමතක වුන හවසක
එදිනෙදා වැඩ ඉවර වී මිනිස්සු යෙනෙන මොහොතක
දවසෙ වැඩ අැරඹුම ආවේ කාකි ඇඳුමක කරමත
නාඳුනන මරණයක් කිව්වාම පළමුව
හිත හැමදාම මෙන් සෙලවුනා හුරුවට
අැසිඩ් හලාගෙන බං
පුච්චගෙන හොඳටම
වයස, ස්ත්‍රී පුරුෂ
කියද්දි සාජන් විස්තර
කාගෙ හරි දරුවෙක්නෙ කියා
බර සුසුමකි හදවතෙන් පිට වුන..!
___________________________________
කඩාගමි සසර පුරුද්දට කාල එක උගුරට
කෙල ගසා විසි කරමි දුක,බිය හනික ඉවතට
ගනිමි සැත, ෆෝමලීන් පොලිතීන් ලඟටම
බාල පෙට්ටියක දිග අරිමි ජීවිතේ නිරුවත
මැරුණට පස්සෙ මොකටද කොහොමත්
දැම්මාට නොයෙකූත් කැටයම
දෙන වැසූ ඉටිකොලය ඉවත දා හනිකට
පටන් ගමි ජීවිතේ මෙනෙහි කරන්නට අනිත්‍ය
ගෙලට උඩ සිට අඟුරු කැබැල්ලකි උවනෙත
හිතකින් කරන්න පුළුවන් ද
මෙහෙම දෙයක් කිසිදින
අනික,
සියදිවි නසාගන්නත් වෙන ක්‍රම නැතිවද
________________
කාරලා කෙල සමඟ ඉවත දා යලි දුක
ඉවත් කරලමි ඇය ඇඳන් සිටි අැඳිවත
එක වරට දුටු දෙයින් නතර වූ හදවත
ප්‍රාණවත් කරගමි දුම්වැටියක් දල්වා හනිකට
කව්රුත් නැද්ද මහත්තයෝ අයිතිකාරයෙක් මේකිට
__________________________
කවුරුත් නෑ බං සිරිල් අඳුනගත්තෙ ඕකිව
කොහොම අඳුනගන්නද බං ඉතිං
අඟුරු වුනාම මුහුණත
_________________
පෙරලා දා පිට පැත්ත හනිකට
සැක හැර ගනිමි
වෙවලමින් අත් දෙක
________________________
ගෙදරින් ගියේ තරහ වීලයි ප්‍රේමෙකට ඉස්සර
අඳුනගනු බැරිද මට ආදරෙන් හදපු අත් දෙක
කපන්නෙ කොහොමද මහත්තයෝ පිහියකින් හදවත
ඔය ඉන්නෙ මගේ කෙල්ලයි
පිච්චුනාට සඳවන් උවනෙත
|අවිශ්ක බී.එල්.ටී.
උපුටා ගැනීම #ගම්පොළයා පිටුවෙන්