හීං මල්ලි

හීං මල්ලි ආතල් එකේ කට්ටියත් එක්ක Films/TV Serious බලමු�

✿ Premium Members Only 🔹New Release🔹✺ Baaghi 4✺ "ආදරවන්තයෙකුගේ තරහව..."✺ 2025 Action/Thriller✺ 2.6/10 IMDb✺ Hindi“Baaghi...
07/09/2025

✿ Premium Members Only 🔹New Release🔹
✺ Baaghi 4
✺ "ආදරවන්තයෙකුගේ තරහව..."
✺ 2025 Action/Thriller
✺ 2.6/10 IMDb
✺ Hindi

“Baaghi” කිව්වාම නොදන්න කෙනෙක් නෑනෙ.. ඔන්න මේක තමයි බාගි ෆිල්ම් සීරීස් එකේ 4 වෙනි දිගහැරුම, හැබැයි මේ එකක්වත් එකට එකක් සම්බන්ධ නැහැ.

Baaghi 1 නිකුත් වුනේ හරියටම 2016 අවුරුද්දේ, පැහැරගත්තු තමන්ගේ පෙම්වතියව රොනී කියන තරුණයා බේරගන්න කරන සටන තමයි මේක පුරාවටම තිබ්බෙ.

Baaghi 2 කියන 2018 නිකුත් වුන මේ ෆිලුමෙ, එක්තරා පුද්ගලයෙක් විසින් පැහැරගත්තු තමන්ගෙ දුවව හොයාගන්න කරන සටන තමයි තිබ්බෙ.

Baaghi 3 කියන 2020 නිකුත් වෙච්ච ෆිලුමෙ තමන්ගෙ සහෝදරයා පැහැරගත්තාම ඔහුව බේරගන්න කරන සටන තමයි තිබ්බේ..

විශේෂයෙන්ම මේ සේරම දමිළ සහ තෙලුගු ෆිල්ම් වල රීමේක් විදිහට තමයි පොඩ්ඩක් වෙනස් කරල ඇක්ෂන් ගතිය වැඩි කරල නිෂ්පාදනය වුනේ..ගොඩක් දෙනෙක්ට පළවෙනි ෆිල්ම් එක ඇරුනාම අනික් දෙක නම් සෙට් වුනේම නෑ.. ඒකටත් හේතු නැතුවාම නෙවෙයි 🥲 ඔන්න ඉතින් ඊට හරියටම අවුරුදු 5කට පස්සෙ Baaghi 4 කියන නමින්, කන්නඩ අධ්‍යක්ෂකවරයෙක් යටතේ මේ ෆිලුම නිකුත් වුනා.. ඉතින් මේකත් 2013 නිකුත් වුන Ainthu Ainthu Ainthu කියන දමිළ චිත්‍රපටයේ රීමේක් එකක්..මුල් කතා පෙළත් එක්ක බලනකොට පැහැරගැනීම නම් එහෙම්මම තිබුනා.. බාගි = කිඩ්නැප් වෙලානෙ තියෙන්නෙත් 🥲

මේ ෆිලුම තනිකරම ටයිගර්ගෙ වන් මෑන් ශෝ එකක්.. මුළු කතාවම එයාගෙ වටා තමයි ධාවනය වුනේ.. ෆයිට් සහ සින්දු වලින් තමයි කතාව ගොඩක් ඉස්සරහට ගියෙ..2016 ඉදන් හැම අවුරුද්දකම ටයිගර්ගෙ ෆිල්ම් එක දෙක ගානෙ වගේ රිලිස් උනා.. බාගි 1 වගේ අනික් එකක්වත් ගොඩක් දෙනෙක්ට සෙට් වුනේ නෑ.. ඒකට හේතුව එයාගෙ හැම ෆිල්ම් එකක්ම එකම ටයිප් වෙච්ච එක,

කැලේ මාරු වුනාට කොටියගෙ (ටයිගර්) පුල්ලි මාරු වෙන්නෑ කියනවනෙ, ඉතින් ඒවගේ තිබ්බ ඇක්ෂන් මූමන්ට්ස් එහෙම මේකෙත් එහෙම්ම තිබ්බා.. මේකෙ වෙනසකට තිබ්බේ මන්නා කැති වලින් කැපිලි, කෙටිලි ටිකක් එකතුකරල තිබ්බා..ඒකට හේතුව මේකෙ කන්නඩ අධ්‍යක්ෂකතුමා තමයි ඉතින්.. හැබැයි කලින් ඒවත් එක්ක බලනකොට මේකෙ ටයිගර්ගෙ ඇක්ටින් නම් ගොඩක් හොඳ මට්ටමක තිබුනා..ෆයිට් 10කට වඩා තිබුනා, හැම විනාඩි 15කට සැරයක්ම.. පොරගෙ ඇක්ෂන් ස්ටයිල් එකට කැමති පිරිසක් ඉන්නවනෙ, එයාලට නම් මේක අනිවාරෙන්ම සෙට් වෙයි 🔥

රොනී රිය අනතුරකට මුහුණ දීලා කෝමා එකක ඉන්නෙ, හරියටම මාස 7කට පස්සෙ එයා පියවි සිහියට එනව.. සිහිය ආපු වෙලාවෙ ඉදන් එයා කියන්නෙ එකම නමයි “අලීශා” ඔහුගේ මතකයේ හැටියටඅලීශා කියන්නෙ ඔහුගේ හිටපු ආදරවන්තිය, හැබැයි ඇය ඇත්තටම හිටියා කියන්න කිසිම සාක්ෂියක් නෑ.. ඔහුගේ ඩොක්ටර් පවා කියන්නෙ ඒක ඔහු හිතින් මවාගෙන ඉන්න දෙයක් කියල.. ඔහුගේ සහෝදරය පවා ඒක ඔහුගේ මතකයේ ප්‍රශ්නයක් කියනව.. ඒත් රොනී ඇය ගැන දිගින් දිගටම හොයනවා.. රොනී කියන විදිහට රිය අනතුර සිද්ද වෙන වෙලාවෙත් ඔහු එක්ක ඇය ඉදල තියෙනවා..

එක්තරා තැනකදි රොනී ගාව තියෙන එකම සාක්ෂිය, අලීශාගේ සොහොන පවා ඔහු හිතින් මවාගෙන ඉන්න දෙයක් විදිහට ඔහු වටේ ඉන්න පිරිස් කියන්න ගන්නවා.. එක මොහොතකදි ඔහුට ඔහුගේ පෙම්වතියත් එක්ක තිබ්බ එකම එක මතක සටහනක් ගැන සිහියට එනව.. ඔහු ඒක හොයාගෙන ඇය ජීවත් වුන තැනට යනවා.. එහෙදී එකතරා පිරිසක් ඔහුට…

ඇත්තටම රොනී මේ සේරම හිතින් මවාගෙනද.?
නැත්තම් එයා කියන සේරම ඇත්තද.?
______________________________________
✺ Film Link... ↡
https://www.facebook.com/events/761397943266998/permalink/761398326600293/?app=fbl
______________________________________
( Link Open වෙන්නෙ සුලු මුදලක් ගෙවා Premium Membership ගන්න අයට පමණයි. )

✿ Premium Membership අවශ්‍ය අය පමණක් Page එකට Msg එකක් දාන්න.

✿ Premium Members Only 🔹New Release🔹✺ Lokah Chapter 1: Chandra✺ "යක්ෂි..."✺ 2025 Fantasy/Adventure✺ 8.2/10 IMDb✺ Malayal...
07/09/2025

✿ Premium Members Only 🔹New Release🔹
✺ Lokah Chapter 1: Chandra
✺ "යක්ෂි..."
✺ 2025 Fantasy/Adventure
✺ 8.2/10 IMDb
✺ Malayalam

අදත් මම අරගෙන එන්නෙ අලුතෙන්ම සිනමා ශාලා වලට නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , උපසිරැසියනම් දැනට නිකුත් කරන්නෙ කැම් කොපියක.. හොඳ කොපි ආවම අප්ඩේට් කරන්නම් දුල්කර් සල්මාන්ගෙ WAYFARER FILMS කියන නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කරපු LOKAH CHAPTER 1 : CHANDRA කියන ෆිල්ම් එක තමයි අද අරගෙන එන්නෙ. මේ වෙද්දි ඉන්දියාවෙ විවිධ භාශා වලින් සිනමා කර්මාන්ත කිහිපයකම UNIVERSE කිහිපයක්ම තියෙනවා , ඔන්න පලවෙනි වතාවට මලයාලම් සිනමාවෙනුත් සිනමා යුනිවර්ස් එකක් ඇවිල්ලා , ඒ වගේම මේක තමයි දකුණු ඉන්දියාවෙ ප්‍රධාන නිලියක් සුපිරි වීරයෙකුට රඟපාන පලමු ෆිල්ම් එක. මේක හඳුන්වන්නෙ WAYFARER CINEMATIC UNIVERSE කියලා , ඉතින් මේකෙ පලවෙනි චිත්‍රපටිය තමයි මේ විදිහට පහුගිය අගෝස්තු 28 වෙනිදා සිනමාශාලා වලට නිකුත් උනේ , හැමෝම දන්න විදිහට මේක සුපිරි වීර ෆිල්ම් එකක් , සුපිරි වීරයො කිව්වට මේවා අපි ඔය දන්න මෝහිනී , මහසෝනා , රීරියකා , කලුකුමාරයා , ඔඩ්ඩි මස්සිනා , නිට්ටෑවා වගේ දේශීය කතා අනුසාරයෙන් හදපු සුපිරි වීර කතාවක් , ඉතින් මෙතනදි කේරලයේ ජනප්‍රවාද වල එන මේ වගේ කතා බොහෝමයක් සුලු වෙනස්වීම් සමග කතාවට ඇතුලත් කරලා තියෙනවා , ඒවා තමයි යක්ශි , එහෙම නැත්නම් වැම්පයර් , එහෙමට් නැත්නම් කල්ලියන්කාට්ටු නීලී , කඩමට්ටතු කාතනාර් , ඔඩියන් , කුට්ටිචාතන් , වගේ කතා , මේවත් ටිකක් හොයාගෙන කියවන්න.

ඉතින් අපේ ප්‍රධාන චරිතය චන්ද්‍රාට පණපොවන්නෙ සුන්දර මලයාලම් නිලි කල්‍යාණි ප්‍රියදර්ශන් , ඇයගෙන් යක්ශි හා නීලී වගේ කතා නිරූපනය වෙනවා , මීට අමතරව අපේ තරුණ වැඩ්ඩා නස්ලන් කේ. ගෆූර් , සමග තවත් නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා , ආ කියන්න ඕන මේකෙ මලයාලම් ප්‍රධාන නලුවො බර සෙට් එකක් කැමියෝ වලට ඉන්නවා , ඉතින් ඒ කියන්නේ ඒ චරිත ගැන තමයි මීලග කොටස් වලින් කියන්නෙ. කතාව අධ්‍යක්ශණය DOMINIC ARUN , සංගීතය JAKES BEJOY ගෙන් , ලිපිය ලියන කොට ආදායම දින 7 කින් ලොව පුරා කෝටි 100 ක් ඉක්මවලා ගිහිල්ලා , ඒකත් නිකන් නෙවෙයි සමහර දින වල ආදායම දවසට කෝටි 20 ට වැඩියි , මීට කලින් කෝටි 20 ක් දවසට හොයලා තිබ්බෙ මෝහන්ලාල්ගෙ ෆිල්ම් කිහිපයක දින වල විතරයි , ඉතින් ඒකත් විශේෂයි.

කතාව පැත්තට ගියොත් බැංගලෝර් හී ෆ්ලැට් එකක ජීවත් වෙන අපේ සනී ( නස්ලන් ) යාලුවො එක්ක ආතල් එකේ ඉන්න පොරක් , එයාලගෙ ෆ්ලැට් එක ඉස්සරහා ෆ්ලැට් එකට ලස්සන කෙල්ලෙක් එනවා , ඒ තමයි චන්ද්‍රා , මුලින් ටිකක් මේ කොල්ලො චන්ද්‍රා පස්සෙන් ගියත් පස්සෙ ටිකක් අමුතුයි කියලා පස්සෙ මුන්ට තේරෙනවා , මේ අතරෙ බැංගලෝරයේ මිනිස්සුත් අතුරුදහන් වෙනවා , පොලිසියත් මේ ගැන විමසිල්ලෙන් ඉන්නෙ , ඉතින් මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි.
______________________________________
✺ Film Link... ↡
https://www.facebook.com/events/702176816176384/permalink/702177239509675/?app=fbl
______________________________________
( Link Open වෙන්නෙ සුලු මුදලක් ගෙවා Premium Membership ගන්න අයට පමණයි. )

✿ Premium Membership අවශ්‍ය අය පමණක් Page එකට Msg එකක් දාන්න.

✿ Premium Members Only 🔹New Release🔹✺ Noise✺ 2025 Horror/Thriller✺ 5.8/10 IMDb✺ Koreanමේක Horror / Mystery චිත්‍රපටයක් 2...
06/09/2025

✿ Premium Members Only 🔹New Release🔹
✺ Noise
✺ 2025 Horror/Thriller
✺ 5.8/10 IMDb
✺ Korean

මේක Horror / Mystery චිත්‍රපටයක් 2025 ජනවාරි මාසෙ තමයි නිකුත් වෙන්නෙ යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර තමයි චිත්‍රපටයට ලැබිලා තියෙන්නෙ…..

මේක මේ වෙද්දි 5.9 ක IMDb අගයක් වගේම 69% ක කුණු තක්කාලි අගයක් අරගෙන තියෙනවා මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Lee Sun-bin ඒ වගේම Shark: The Storm කතා මාලාවෙ ඉඳපු Kim Min-seok මේ චිත්‍රපටියෙ වැදගත් චරිතයක් කරනවා ඒ වගේ The closet , Open the door , Asura , Watcher වගේ චිත්‍රපට වල රඟපාපු නිළියක් වන Kim Soo-jin තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙ…..

කතාව ගැන කිව්වොත්…..

යූූ-හි සහ ජුන් කියන්නෙ සහෝදරියන් දෙන්නම ෆ්ලැට් එකක තමයි ජීවත් වෙන්නෙ මේ යූ හී කියන බාල සහෝදරියට එයාලා ඉන්න මහල් නිවාසෙ ගෙදර අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නවා ටික ටික මේ තත්වෙ උග්‍ර වෙනවා වැඩිමල් සහෝදරියට මේ ගැන කොච්චර ඔප්පු කරන්න හැදුවත් එයා පිලිගන්නෙ නෑ යූ හීට විතරක් ඇහෙන මේ ශබ්ද මොනවද කියලා දැනගන්නනම් ෆිලුම බලන්නම වෙනවා.
______________________________________
✺ Film Link... ↡
https://www.facebook.com/events/5040065176219573/permalink/5040068559552568/?app=fbl
______________________________________
( Link Open වෙන්නෙ සුලු මුදලක් ගෙවා Premium Membership ගන්න අයට පමණයි. )

✿ Premium Membership අවශ්‍ය අය පමණක් Page එකට Msg එකක් දාන්න.

✿ Premium Members Only 🔹New Release🔹✺ Hari Hara Veera Mallu✺ "ගැලවුම්කරුවා..."✺ 2025 Action/Adventure✺ 5.8/10 IMDb✺ Telu...
06/09/2025

✿ Premium Members Only 🔹New Release🔹
✺ Hari Hara Veera Mallu
✺ "ගැලවුම්කරුවා..."
✺ 2025 Action/Adventure
✺ 5.8/10 IMDb
✺ Telugu

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit කියන්නේ ඉන්දියාවේ තෙළුගු භාෂාවෙන් නිර්මාණය කරන ඓතිහාසික ක්‍රියාදාම ත්‍රාසජනක (historical action adventure) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A. M. Jyothi Krishna සහ Krish Jagarlamudi විසින්. Pawan Kalyan ප්‍රධාන චරිතය වන Veera Mallu ලෙස රඟපා ඇති අතර, Nidhhi Agerwal සහ Bobby Deol ද ප්‍රමුඛ චරිතවලට රඟපායි.

චිත්‍රපටයේ අනුචරිත වලට Sathyaraj, Easwari Rao, Sunil, Nassar, Subbaraju, Ayyappa P. Sharma, Kabir Duhan Singh, Raghu Babu, Nihar Kapoor සහ තවත් කලාකරුවන් රඟපායි.

කතාව 17 වන සියවසේ මුගල් අධිරාජ්‍යයේ කාල සීමාවෙ, ප්‍රසිද්ධ රණවීරුවෙකු වන Veera Mallu මුගල් සෙබළුන්ගෙන් නගරයක් බේරාගන්න දරණ උත්සාහයක් තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ.

Pawan Kalyan ගේ ෆිල්ම්වලට ආස අයට මේකත් හොද ෆිල්ම් එකක් වෙයි කියලා කියන්න පුලුවන්.
______________________________________
✺ Film Link... ↡
https://www.facebook.com/events/31261725036776671/permalink/31261736486775526/?app=fbl
______________________________________
( Link Open වෙන්නෙ සුලු මුදලක් ගෙවා Premium Membership ගන්න අයට පමණයි. )

✿ Premium Membership අවශ්‍ය අය පමණක් Page එකට Msg එකක් දාන්න.

✿ Premium Members Only 🔹New Release🔹✺ Nobody 2✺ "මතක එකතු කරමු..."✺ 2025 Action/Thriller✺ 6.6/10 IMDb✺ Englishකොහොමද යාල...
06/09/2025

✿ Premium Members Only 🔹New Release🔹
✺ Nobody 2
✺ "මතක එකතු කරමු..."
✺ 2025 Action/Thriller
✺ 6.6/10 IMDb
✺ English

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ එනකල් ආසාවෙන් බලන් හිටිය ඉංග්‍රිසි චිත්‍රපටියක්.

ඒ 2021 නිකුත්වුණු Nobody චිත්‍රපටියේ සීක්වල් එක වෙන Nobody 2 (2025).

සුපුරුදු විදිහට Action/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Timo Tjahjanto. එතකොට රචනය ජෝන්වික් චිත්‍රපටවල නිර් මාණකරු Derek Kolstad ගෙන්. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 29යි. චිත්‍රපටය බෙදාහැරීම සිද්ධවුණේ Universal Pictures ආයතනය හරහා.

Bob Odenkirk, Connie Nielsen, RZA, Christopher Lloyd යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න. ඔයාලට ජය.
______________________________________
✺ Film Link... ↡
https://www.facebook.com/events/1808642596395890/permalink/1808645226395627/?app=fbl
______________________________________
( Link Open වෙන්නෙ සුලු මුදලක් ගෙවා Premium Membership ගන්න අයට පමණයි. )

✿ Premium Membership අවශ්‍ය අය පමණක් Page එකට Msg එකක් දාන්න.

✿ Premium Members Only 🔹New Release🔹✺ Red Sonja✺ "රණශූරියකගේ නැගීම සහ අධිරාජ්‍යයෙකුගේ වැටීම..."✺ 2025 Action/Fantasy/Adv...
06/09/2025

✿ Premium Members Only 🔹New Release🔹
✺ Red Sonja
✺ "රණශූරියකගේ නැගීම සහ අධිරාජ්‍යයෙකුගේ වැටීම..."
✺ 2025 Action/Fantasy/Adventure
✺ 4.4/10 IMDb
✺ English

සොන්ජා කුඩා කාලයේ ඇගේ ගෝත්‍රයට ඇන්සස් නම් අධිරාජ්‍යයෙක් පහර දෙනවා. ඇය වනාන්තර පලා ගිහින් දිවි බේරාගන්නවා. ඇය දැන් තරුණියක්. ඒ අවුරුදු ගණනාව පුරාම ඇය කලේ ඉමක් කොනක් නැති හිර්කේනියන් වනාන්තරයේ තම ගෝත්‍රයේ අය හොයන එක. මේ අතර ඇන්සස් මරා අධිරාජ්‍යය පැහැරගත් ඩ්‍රේගන් නමැත්තෙක්, ඇන්සස්ටත් වඩා දරුණු පාලනයක් ගෙනියනවා. හිර්කේනියන් වනාන්තරයට සහ එහි සතා සිවුපාවුන්ට දැඩි තර්ජනයක් එල්ලවීමත් සමඟ, වනාන්තරය තම නිවස සහ ලෝකය කරගත් සොන්ජා ඩ්‍රේගන්ට විරුද්ධව හිටගන්නවා.

ඉතින් චිත්‍රපටය ගැන කිව්වොත් මුල ඉඳන් අගටම ඇක්ෂන් නොඅඩු, කිසිම බෝරින් එකක් නැතුව බලන්න පුලුවන්. කැලයේ අමුතු ජාතියේ සත්තු, ආදි කාලීන, ම්ලේච්ඡ ඇරීනා සටන්, ඔබව ඉතිහාසයටත් එහා හයිබොරියානු යුගයට ඔබව අරන් යාවි.
______________________________________
✺ Film Link... ↡
https://www.facebook.com/events/1264911025333224/permalink/1264911348666525/?app=fbl
______________________________________
( Link Open වෙන්නෙ සුලු මුදලක් ගෙවා Premium Membership ගන්න අයට පමණයි. )

✿ Premium Membership අවශ්‍ය අය පමණක් Page එකට Msg එකක් දාන්න.

✿ Premium Members Only 🔹New Release🔹✺ Akshardham: Operation Vajra Shakti✺ "අක්ෂර්ධාම් මෙහෙයුම..."✺ 2025 Action/Thriller✺...
06/09/2025

✿ Premium Members Only 🔹New Release🔹
✺ Akshardham: Operation Vajra Shakti
✺ "අක්ෂර්ධාම් මෙහෙයුම..."
✺ 2025 Action/Thriller
✺ 6.7/10 IMDb
✺ Hindi

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Akshardham: Operation Vajra Shakti කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ත්‍රාසජනක (thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ken Ghosh විසින්. William Borthwick සහ Simon Fantauzzo විසින් පිටපත ලියා ඇත. Zee Studios විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Akshaye Khanna, Chandan Roy, Abhilash Chaudhary, Gautam Rode, Akshay Oberoi, Mridul Das, Vivek Dahiya සහ Shivam Bhaargava ය.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 55ක් වන අතර 2025 ජූලි 4 වන දින ඉන්දියාවේ සිනමාහල්වලට නිකුත් කර තිබෙනවා.

කතාව පැත්තට ගියොත්, ගුජරාටයේ දේවාලයක් වටලලා මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට අරගන්නවා, මේ අය බේරගන්න කතාව තමයි තියෙන්නෙ.
______________________________________
✺ Film Link... ↡
https://www.facebook.com/events/3288230461331532/permalink/3288234747997770/?app=fbl
______________________________________
( Link Open වෙන්නෙ සුලු මුදලක් ගෙවා Premium Membership ගන්න අයට පමණයි. )

✿ Premium Membership අවශ්‍ය අය පමණක් Page එකට Msg එකක් දාන්න.

✿ Premium Members Only 🔹New Release🔹✺ Ghost Train✺ "හොල්මන් දුම්රිය..."✺ 2025 Horror/Thriller✺ 4.9/10 IMDbකතාව ගැන කෙටිය...
04/09/2025

✿ Premium Members Only 🔹New Release🔹
✺ Ghost Train
✺ "හොල්මන් දුම්රිය..."
✺ 2025 Horror/Thriller
✺ 4.9/10 IMDb

කතාව ගැන කෙටියෙන් කිව්වොත කතාවේ ප්‍රධාන චරිතය වන දා-ක්යුන් (Joo Hyun-young), අන්තර්ජාලයේ හොල්මන් රැජිණ (Horror Queen) නමින් ජනප්‍රිය යූටියුබර් කෙනෙක්. ඒත් එකපාරටම එයාගෙ චැනල් එකේ සබ්ස්ක්‍රයිබස්ලා අඩු වෙන්න පටන් ගන්නවා. තමන්ගේ චැනල් එක බේරගන්න අලුත් දෙයක් හොයන දා-ක්යුන්ට, ගින්නක් වගේ පැතිරෙන අමුතු කටකතාවක් ආරංචි වෙනවාඒ, අද්භූත ග්වන්ග්‍රිම් ස්ටේෂන් එක සහ ඒ හා සම්බන්ධ හොල්මන් දුම්රිය ගැනයි.

මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතන දා-ක්යුන්, තමන්ගේ නිෂ්පාදක මිතුරා, වූ-ජින් (Choi Bo-min) එක්ක එකතු වෙලා මේ කටකතාවේ ඇත්ත නැත්ත හොයන්න යනවා. එතනදී ඇයට ස්ටේෂන් මාස්ටර් (Jeon Bae-soo), ඒ ස්ථානයේ අඳුරු රහස් ටිකෙන් ටික එළි කරන්න පටන් ගන්නවා.
මේ ෆිල්ම් එකේ තියෙන තවත් පැත්තක් ගැන කතා කරොත් ඒ තමයි අද තියෙන යූටියුබ් සංස්කෘතියේ අඳුරු පැත්ත, ඒ කියන්නේ වෛරල් වීම පිටුපස ඇති පීඩනය ගැනත් කතා කරන නිර්මාණයක්. දා-ක්යුන්ට තමන්ගේ විව්ස්, ස්බ්ස්ක්‍රයිබර්ස්ලා අඩු වෙනකොට, තමන්ගේ වටිනාකම නැතිවෙනවා වගේ හැඟීමකින් මානසිකව ඇද වැටෙනවා. තමන්ගේ ජනප්‍රියත්වය ආයෙත් ගොඩනගාගන්න, ඇය ඕනෑම අවදානමක් ගන්න සූදානම්. ඇත්ත හොල්මනක්ද, නැත්නම් භයානක උගුලක්ද කියලා නොදැන, ජීවිතය පරදුවට තියලා අභිරහස් ස්ටේෂන් එකකට යන්න ඇයව පොළඹවන්නේ මේ වෛරල් වීමේ උණයි. හොඳම කන්ටෙන්ට් එකක් වෙනුවෙන් නිර්මාණකරුවෙක් තමන්ගේ සීමාවන් බිඳගෙන කොයිතරම් දුරක් යන්න පුළුවන්ද කියන එකත් මේකෙන් බලාගන්න පුළුවන්.

වෛරල් වීඩියෝවක් වෙනුවෙන් දා-ක්යුන් කොයිතරම් දුරක් යයිද? ග්වන්ග්‍රිම් ස්ටේෂන් එකේ සැඟවුණු රහස ඇත්තටම මොකක්ද? මේ ප්‍රශ්නවලට උත්තර, චිත්‍රපටය බලලාම තමයි දැනගන්න වෙන්නේ.
ඉතින්, මේ හොල්මන් ට්‍රේන් එකට ටිකට් එකක් අරගෙන, ඒ අද්භූත ගමනට එකතු වෙන්න ඔයාලා සූදානම්ද? කුතුහලය, බිය සහ අභිරහස් පිරුණු සිනමා අත්දැකීමකට අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්.
______________________________________
✺ Film Link... ↡
https://www.facebook.com/events/787832430615739/permalink/787834897282159/?app=fbl
______________________________________
( Link Open වෙන්නෙ සුලු මුදලක් ගෙවා Premium Membership ගන්න අයට පමණයි. )

✿ Premium Membership අවශ්‍ය අය පමණක් Page එකට Msg එකක් දාන්න.

✿ Premium Members Only 🔹New Release🔹✺ Together✺ "සදාකල් එකට..."✺ 2025 Horror/Thriller✺ 6.8/10 IMDb✺ Englishමේක ඇවිත් තිය...
04/09/2025

✿ Premium Members Only 🔹New Release🔹
✺ Together
✺ "සදාකල් එකට..."
✺ 2025 Horror/Thriller
✺ 6.8/10 IMDb
✺ English

මේක ඇවිත් තියෙන්නේ 2025 ඒවගේම imdb අගය 6.9/10 අරන් තියෙනවා ධාවන කාලය පැ01 වි42 අධ්‍යක්ෂණය Micheal Shanks තව මේක body horror,psychological,romance genre එකට අයත් වෙනවා

{dave franco-tim,alison brie-millie,damon herriman-jamie,mia morrissey-cath,jack kenny-luke ලෙස රංගනයෙන් දායක වෙනවා}

කතාව ගැන- ටිම් මිලි කියන්නේ අවුරුදු ගානක ඉඳන් සම්බන්ධයක් තියන් ඉන්න දෙන්නෙක් ඉතින් මෙයාලා ටිකක් නගරෙන් ඈතට ගිහින් ජිවිතේ විඳින්න කියලා හදන්නෙ ඒත් ටිම් ට කිසිම ඕන කමක් නෑ මේ සම්බන්ධෙ තවදුරටත් අරන් යන්න කොහොමහරි මෙයාලා දවසක් ගුහාවට යනවා කැලේ තියෙන ඒ ගුහාවෙන් මොකක්ද වෙන්නේ කියලා දැනගන්න මේක බලන්න වෙනවා.

තව දෙයක් මේක 18+ එකට තමයි දාන්න වෙන්නේ කම්පනය වෙන දර්ශන වගේම නිරුවත් දර්ශන තියෙනවා ඒ නිසා වැඩිහිටියන්ට ගොඩක් සුදුසුයි.
______________________________________
✺ Film Link... ↡
https://www.facebook.com/events/2076749677059793/permalink/2076751870392907/?app=fbl
______________________________________
( Link Open වෙන්නෙ සුලු මුදලක් ගෙවා Premium Membership ගන්න අයට පමණයි. )

✿ Premium Membership අවශ්‍ය අය පමණක් Page එකට Msg එකක් දාන්න.

✿ Premium Members Only 🔹New Release🔹✺ Eddington✺ "එඩින්ටන් බල අරගලය..."✺ 2025 Western/Thriller✺ 6.7/10 IMDb✺ English“Edd...
04/09/2025

✿ Premium Members Only 🔹New Release🔹
✺ Eddington
✺ "එඩින්ටන් බල අරගලය..."
✺ 2025 Western/Thriller
✺ 6.7/10 IMDb
✺ English

“Eddington“ කියන්නේ 2025 අවුරුද්දේ නිකුත් වුණ Western/Comedy/Crime සහ Thriller ශානරයන්ට අයත්, පැය දෙකකුත් විනාඩි විසි පහක ධාවන කාලයක් හිමි, IMDb 6.7 ක අගයක් සහ කුණු තක්කාලි 69% ක අගයක් ලබාගත් සිනමාපටයක්.. සුප්‍රසිද්ධ Ari Aster අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වුණු මේ සිනමාපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගනයෙන් දායක වෙන්නේ කවුරුත් දන්න Joaquin Phoenix සහ Pedro Pascal. ඒ වගේම සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළි Emma Stone ද මේ සිනමාපටයට දායක වෙනවා.

කතාව දිවයන්නේ 2020 මැයි අගභාගයට.. කවුරුත් දන්නවා ඒ කොරෝනා හෙවත් COVID-19 බිහිසුණු වෛරසය ලෝකයම වෙළාගත් කාල පරිච්ඡේදය කියලා. මේ පසුබිමක ඇමරිකාවේ පොඩි නගරයක් වෙච්ච “එඩින්ටන්” තුළ තමයි කතාව දිගහැරෙන්නේ.. මේ නගරයේ නගරාධිපති තනතුරට තරඟ කරන චරිත දෙකක් ඔස්සේ තමයි මූල බීජය සැපයෙන්නේ.. එක්කනෙක් වත්මන් නගරාධිපති ටෙඩ් ගාර්සියා.. අනිත් කෙනා එඩින්ටන් ප්‍රාන්ත ෂෙරිෆ් ජෝ ක්‍රොස්.. මුල ඉඳන්ම සීතල යුද්ධයක් පවතින මේ දෙන්නා කතාවේ අගභාගය වෙනකොට පීක් ලෙවල් එකට ළඟාවෙනවා.. මේ දෙන්නගේ සටන කොහොම එකක්ද? කතාවේ මැද එඩින්ටන් නගරයේ කළු සුදු බේද ගොන්නක් මැද්දෙන් පැන නගින විරෝධතා වලින් කොච්චර නම් බලපෑමක් මේ චරිත වලට වෙයිද? වෛරසය කොච්චර බලපෑමක් මේ කතාවට කරලා තියෙනවද? වගේම මේ දෙන්නගෙන් දිනන්නේ කවුද සහ අවාසනාවන්ත ඉරණමකට මූණ දෙන්න වෙන්නේ කාටද? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර මේ සිනමාපටයේ අන්තර්ගතයි.

කතාව මුල හරිය ටිකක් බෝරින් ගතියක් උසුලන මුත් මැදින් පටන් ගන්නේ Next Level සිනමා අත්දැකීමක්.. විශේෂයෙන් ම කියන්න ඕන Phoenix ගේ රංගනය අතිවිශිෂ්‍ටයි.. Pedro ගේ වගේම Emma ගෙන් පවා ඊට නොදෙවෙනි රංගනයන් බලාගන්න පුළුවන් වෙනවා..

Recommendations පැත්තට ගියාම කියන්න තියෙන්නේ කතාවේ මුල මැද කිසිම ප්‍රශ්නයක් නැතුව පවුලේ සැමට බලන්න පුළුවන් කතාවක්.. ඒත් අන්තිම හරියේ එක නිරුවත් දර්ශනයක් අන්තර්ගත වෙනවා.

ජය වේවා!
______________________________________
✺ Film Link... ↡
https://www.facebook.com/events/1455297092360337/permalink/1455302722359774/?app=fbl
______________________________________
( Link Open වෙන්නෙ සුලු මුදලක් ගෙවා Premium Membership ගන්න අයට පමණයි. )

✿ Premium Membership අවශ්‍ය අය පමණක් Page එකට Msg එකක් දාන්න.

✿ Premium Members Only 🔹New Release🔹✺ Nobody 2✺ "මතක එකතු කරමු..."✺ 2025 Action/Thriller✺ 6.6/10 IMDb✺ Englishකොහොමද යාල...
04/09/2025

✿ Premium Members Only 🔹New Release🔹
✺ Nobody 2
✺ "මතක එකතු කරමු..."
✺ 2025 Action/Thriller
✺ 6.6/10 IMDb
✺ English

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ එනකල් ආසාවෙන් බලන් හිටිය ඉංග්‍රිසි චිත්‍රපටියක්.

ඒ 2021 නිකුත්වුණු Nobody චිත්‍රපටියේ සීක්වල් එක වෙන Nobody 2 (2025).

සුපුරුදු විදිහට Action/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Timo Tjahjanto. එතකොට රචනය ජෝන්වික් චිත්‍රපටවල නිර් මාණකරු Derek Kolstad ගෙන්. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 29යි. චිත්‍රපටය බෙදාහැරීම සිද්ධවුණේ Universal Pictures ආයතනය හරහා.

Bob Odenkirk, Connie Nielsen, RZA, Christopher Lloyd යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න. ඔයාලට ජය.
______________________________________
✺ Film Link... ↡
https://www.facebook.com/events/793081953233342/permalink/793083659899838/?app=fbl
______________________________________
( Link Open වෙන්නෙ සුලු මුදලක් ගෙවා Premium Membership ගන්න අයට පමණයි. )

✿ Premium Membership අවශ්‍ය අය පමණක් Page එකට Msg එකක් දාන්න.

✿ Premium Members Only 🔹New Release🔹✺ Thalaivan Thalaivii✺ 2025 Romance/Comedy✺ 5.9/10 IMDb✺ Tamilආන්ඩිරාජ්ගේ අධ්‍යක්ෂණය...
04/09/2025

✿ Premium Members Only 🔹New Release🔹
✺ Thalaivan Thalaivii
✺ 2025 Romance/Comedy
✺ 5.9/10 IMDb
✺ Tamil

ආන්ඩිරාජ්ගේ අධ්‍යක්ෂණයෙන් හා කතාවෙන් විජේ සේදුපති හා නිත්‍යා මෙනන් එක්ව රගපාපු චිත්‍රපටය තමයි මේ තලයිවන් තලයිවි. මේකේ සිනමාකරණය එම් සුකුමාර් හා සංස්කරණය ප්‍රදීප් ඊ රාගව්. සංගීතය සන්තෝෂ් නාරායනන් විසින්.

චිත්‍රපටය ගැන කියනවානම් මේක වර්ග කරල තියෙන්නේ Romance Action Comedy කියල. මේක තනිකරම පවුලේ විනෝදාත්මක චිත්‍රපටයක්. කතාව පවුල් දෙකක් වටා ගෙතුන එකක්. තම දෙමාපියන්ට කොටුවුන තරුණ යුවළකගේ ඉරනම.

ෆිල්ම් එක හාස්‍යජනක වුනත් දෙන පණිවිඩය දෙමාපියන් හා තරුණ අයට ඉතා වටි. ඉන්දියාවේ හොඳ විචාරයක් එක්ක සාර්ථක ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා. එනම් කෝටි 33ක වියදමකින් කෝටි 100ක ආදායමක් ලබා ගන්න සමත්වෙලා තියෙනවා.

ඉතින් ෆිල්ම් එක බලලම කියන්න කොහෝමද කියල.
______________________________________
✺ Film Link... ↡
https://www.facebook.com/events/710102885413439/permalink/710103598746701/?app=fbl
______________________________________
( Link Open වෙන්නෙ සුලු මුදලක් ගෙවා Premium Membership ගන්න අයට පමණයි. )

✿ Premium Membership අවශ්‍ය අය පමණක් Page එකට Msg එකක් දාන්න.

Address

Homagama

Telephone

+94760768435

Website

Alerts

Be the first to know and let us send you an email when හීං මල්ලි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share