08/01/2022
Digital Marketing යනු අදවනවිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්ව ඇත්තේ පවතින කොරෝනා තත්වය තුළ ව්‍යාපාරවලට පෙර පරිදි පවත්වාගෙන යාමට ඇති නොයෙකුත් බාධා නිසාය. ලංකාව මෙන්ම ලෝකයේද බොහෝ දෙනෙක් අන්තර්ජාලය හරහා ව්‍යාපාරික කටයුතු, අලෙවිකරණ කටයුතු හා ගණුදෙනු වලට සීග්‍රයෙන් යොමුවෙමින් පවතී. මේ හේතුව නිසා අදවනවිට ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර කටයුතු සදහා ඩිජිටල් මාධ්‍ය භාවිතා කිරීම අත්‍යවශ්‍ය වී ඇත.
අප ආයතනය අපගේ නවතම Digital Marketing සේවාව හරහා ව්‍යාපාරික ඔබට මෙම ඩිජිටල්කරණයට යොමුවීම සදහා සෑම ආකාරයකම සේවාවන් ලබාදීමට තීරණය කර ඇත. එමගින් ඔබට ඔබේ ව්‍යාපාර ඩිජිටල්කරණය කළ හැකිවනවා සේම ඔබේ අලෙවිකරණ පණිවිඩ හරියටම නිවැරදි පාරිභෝගිකයින් පිරිසක් වෙත ගෙන යාම කළ හැකිවේ.
පහත දැක්වෙන්නේ අප විසින් ව්‍යාපාරික ඔබ වෙනුවෙන් ලබාදෙන ප්‍රධාන ඩිජිටල් සේවාවන් කීපයකි.
1) Google My Business හා Google Maps තුළට ඔබේ ව්‍යාපාරය ඇතුලත් කිරීම
වර්තමානය වන විට ඔබේ ව්‍යාපාරය Google My Business හා Google Maps තුළට ඇතුලත් කිරීම අත්‍යවශ්‍ය වේ. මෙමගින් ඔබේ පාරිභෝගිකයින්ට Google තුළ සෙවීම මගින් ඔබව පහසුවෙන් සොයාගැනීමට හැකිවනවා ඇත. Google Maps නිසා ඔබගේ ව්‍යාපාරික හෝ සේවා ස්ථානය කරා පාරිභෝගිකයින් පහසුවෙන් ලගාවීමද සිදුවේ. මෙමගින් නිසැකවම ඔබට අලුත් පාරිභෝගිකයින් පිරිසක්ද සොයා ගැනීමට හැකිවේ. ඔබේ සේවාව කෙතරම් තත්වයෙන් උසස් වුවද ඔබ ඔබේ ව්‍යාපාරය මෙහි ඇතුලත් නොකිරීමෙන් සිදුවන්නේ ඔබේ තරගකරුවන් වෙත පාරිභෝගිකයින් ඇදී යාමයි.
අප විසින් ඔබගේ ව්‍යාපාරය මෙම Google My Business හා Google Maps වලට ඇතුලත් කරන අතර එමගින් ඔබට අදාල ප්‍රදේශයේ ඔබේ සේවාව සොයන නව පාරිභෝගික පිරිසක් නිසැකවම ඔබ වෙත ලගා කරලීමට අප දායක වන්නෙමු.
2) Facebook පිටු නිර්මාණය හා කළමනාකරණය
වර්තමානය තුළ ලංකාවේ අතිවිශාල ප්‍රමාණයක් දෙනා Facebook භාවිතා කරන බැවින් ඔබේ ව්‍යාපාරයට අදාලව page එකක් හෙවත් ෆේස්බුක් පිටුවක් තිබීම ඉතා වැදගත්වේ. මෙමගින් Facebook වලට එන ඕනෑම කෙනෙක්ට පහසුවෙන් ඔබේ පිටුවට පැමිණ එමගින් ඔබ හා සම්බන්ධ වීම හා විමසීම් ආදිය පහසුවෙන් කිරීම කළ හැකිය. තවද ඔබේ පිටුව මගින් දැන්වීම්කරණය සිදුකර ඔබේ සේවාවන් විශාල පිරිසක් වෙත ගෙනයාමටද හැකිය. එසේම ඔබේ පිටුව සමග ඔබේ ව්‍යාපාරයට කැමති පිරිසක් එකතු කරගැනීමටද මෙමගින් හැකිවේ.
page එකක් තිබූ පමණකින් ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය නොවේ. ඒ සදහා ඔබේ පිටුව නිරන්තර කළමණාකරනයද ඉතා වැදගත් වේ. මෙමගින් ඔබේ පිටුව වටා එකතුවී ඇති පිරිස් යාවත්කාලීන වනවා සේම නව පිරිස් ඔබේ පිටුව වෙත නිරන්තරයෙන් එකතුවීමද සිදුවේ.
අප විසින් ඔබට නව page නිර්මාණය කරන අතරම දැනට ඔබ සතුව තිබෙන pages කළමණාකරණය, යාවත්කාලීන කිරීම හා ඒවායේ දැන්වීම්කරණයද සිදු කරයි. තවද Facebook වල අලෙවිකරණයට අදාල සෑම ආකාරයකම සේවා අප විසින් පාරිභෝගිකයින්ට සපයනු ලැබේ.
3) Instagram, Twitter, Linkedin, Pinterest ඇතුළු වෙනත් සමාජ ජාල කළමණාකරණය
වර්තමානය වනවිට Facebook වලට අමතරව අනෙකුත් සමාජ ජාලයන් වන Instagram, Twitter, Linkedin වටාද විශාල ජගහණයක් එකතුවෙමින් පවතී. මේ නිසා ඔබේ ව්‍යාපාරයද මෙම සමාජ ජාල වෙතද යොමු කිරීම ඉතා වැදගත් වේ. එමගින් Facebook වලට අමතරව නව පාරිභෝගික පිරිසක් ඔබේ ව්‍යාපාරය වටා නිසැකවම එකතුවේ. ඔබේ තරගකරුවන් තවමත් මෙම සමාජ ජාලවෙත යොමුවී නොමැතිනම් ඔබට මෙය නිසැකවම අවස්ථාවක් වනවා නොඅනුමානය.
අප විසින් ඔබට මෙම සෑම සමාජ ජාලයක් තුළම ගිණුම් ආරම්භ කිරීම, ඒවා කළමණාකරණයට අවශ්‍ය දැනුමද ලබා දීමට කටයුතු කරන්නෙමු. තවද ඔබ වෙනුවෙන් මෙම සෑම සමාජ ජාලයක්ම කළමණාකරණය හා යාවත්කාලීන කිරීමද අප විසින් සිදු කරන්නෙමු.
4) සමාජ මාධ්‍ය දැන්වීම්කරණය (Social Media Advertising)
කිසියම් ව්‍යාපාරයක් Facebook, Twitter හෝ වෙනත් සමාජ ජාලයක ඔවුන්ගේ පිටු හෝ ගිණුම් පවත්වාගෙන ගිය පමණින්ම ව්‍යාපාරයට ලොකු බලපෑමක් සිදු නොවේ. නමුත් මෙකී සමාජ ජාලවලට මුදල් ගෙවා කරන දැන්වීම්කරණය (Advertising) තුළින් එම ව්‍යාපාරයකට විශාල වාසියක් ලගාකර ගැනීම කළ හැකිය. මෙමගින් ඔබේ සේවාව හෝ භාණ්ඩයට අදාල නිවැරදිම පාරිභෝගික පිරිස වෙත ඔබේ දැන්වීම් යොමු කළ හැකි නිසා ඔබ වියදම් කරන මුදලට සාපේක්ෂව විශාල වාසියක් ඔබට ලගාකරගත හැකිය.
මෙහිදී අප විසින් ඔබේ ව්‍යාපාරයට අදාලව Facebook Advertising, Twitter Advertising, Linkedin Advertising, Youtube Advertising හා Instagram Advertising වැනි සමාජ ජාලවල දැන්වීම්කරණය සිදුකරණ අතර එමගින් ඔබේ ව්‍යාපාරික පණිවිඩය ගැලපෙන නිවැරදිම පිරිස වෙත යොමු කරලීම සිදුකරනු ලැබේ.
5) Google Ads හා Dispaly Advertising
Google Ads යනු Google වල කිසියම් සෙවුම් වචනයකට අදාලව දැන්වීම් පළ කිරීම වේ. මේ සදහා වෙබ් පිටුවක් තිබීම අනිවාර්‍ය වේ. අදාල සෙවුම් වචනයට අදාලව පරිශීලකයින් එම දැන්වීම හරහා අදාල පිටුව වෙත ගමන් කිරීම සිදුවේ. මෙමගින් යම්කිසි භාණ්ඩයක්, සේවාවක් හෝ Google My Business පිටුවක් වෙත ගැලපෙන නිවැරදිම පාරිභෝගික පිරිසක් ගෙන්වා ගත හැකිවේ.
Display Advertising යනු වෙනත් වෙබ් අඩවියක දැන්වීම් පළ කිරීමයි. මෙමගින් වෙනත් වෙබ් අඩවියක් වෙත අප ඉලක්ක කරන්නා වූ පාරිභෝගිකයින් පිරිසක් පැමිණේ නම් එම පිරිස උදෙසා අපගේ දැන්වීම එම වෙබ් අඩවියේ පළ කිරීම සිදුවේ. මෙමගින්ද ඉතාමත් ඉලක්කගත පාරිභෝගික පිරිසක් වෙත අපගේ අලෙවිකරණ පණිවිඩයක් ගෙන යා හැක.
අප විසින් ඔබ ඉලක්ක කරන්නා වූ පාරිභෝගික පිරිස වෙත ඔබේ අලෙවිකරණ පණිවිඩය ගෙන යාම සදහා Google ads හා display advertising සේවා ලබා දෙන්නෙමු