Ourholiday

Ourholiday වඩාත් සතුටෙන්,සාමයෙන් ජිවත් වෙමු 🤍✨We are Mihiran n Jayani Born in 🇱🇰Came to Higher Studies to🇬🇧

26/08/2026

📍 Conwy, North Wales 🌊🐚

නගරයට ඉහළින් අභිමානයෙන් නැගී සිටින කොන්වි බලකොටුවෙන් අපි අපේ ගමන පටන් ගත්තා ඉතින් එහි බලකොටුව වටා ඇවිදිමින් පැරණි නගර බිත්ති දිගේ ගමන් කරද්දි නගරය, අවට කඳුකරය හරි අපුරැව දකින්න පුලුවන්.

කොන්වි නගරයේ කුඩා වීදිත් ඒ තරමටම ආකර්ෂණිය පෙන්න ගන්නාවා හරියට චිත්‍රපටියක කොටසක් වගේ. පැරණි ගොඩනැගිලි, කෝපි කොප්යක් බොන්නම හිතෙන කැෆේ නම් ගොඩාරියක් තිබ්බා ඒ වගේම කුඩා වෙළඳසැල් අතරින් ඇවිද ගෙන යද්දි නම් කාලය ටිකක් මන්දගාමී වූවා වගේ හැඟීමක් ඇති වෙනවා.

ඉතින් නගරේ වටේ ඇවිදලා නිස්කලංක බංකුවක වාඩි වෙලා ඉදිරියේ දිගහැරෙන වෙරළබඩ පරිසරයේ සුන්දරත්වය විදින්න අපි අමතක කලේ නම් නැහැ.❤️🏰🌊☕🥐✨🕰️💫 📸🥰

19/08/2026

Great Orme Tramway in Llandudno 🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿

සාමාන්‍ය කොච්චියක යන ගමනකට වඩා නම් සම්පූර්ණයෙන්ම වෙනස් අපූරු අත්දැකීමක් වටපිට සුන්දරත්වය බලමින් ට්‍රෑම් රථය සෙමින් ග්‍රේට් ඕර්ම් කන්ද ඉහලින් පටන් අරන් හිමිට පහලට ආවා. 🚋✨ 🍃 🌊 😲
ඉතින් අවට දර්ශන නැරඹීමට හොඳ අවස්ථාවක් නම් මේක යන අයට ලැබෙනවා. ලැන්ඩුඩ්නෝ නගරය, මුහුදු වෙරළ සහ ඈතට විහිදෙන නිල් පැහැති මුහුද ඉතා සුන්දරව අපි දැක්කා.අපිට නම් ඉතින් ඒ ගමන විනෝදය එකට එක් කළ අපූරු ගමනක් 🤩

18/08/2026

A little Italian dream in the heart of Wales 🇮🇹

සැබෑවක්ද සිහිනයක්ද කියාලා සිතෙන තරම් අපූරු ස්ථානයක් තමයි Portmeirion. ඉතාලි ගම්මානයක සුන්දරත්වය සිහිගන්වන මේ පුංචි ගමේ පැය ගානක් ඇවිදින්න බලන්න දේවල් වගේම පිසා පැස්ටා විතරක් නෙවේ රසම රස අයිස්ක්‍රම් කන්නත් පුලුවන් නිසාම ඒ ගමන විශේෂ අත්දැකීමක්.

ඉතින් ගෘහ නිර්මාණ ශිල්පී Sir Clough Williams-Ellis විසින් නිර්මාණය කළ Portmeirion හි අරමුණ වූයේ ගෘහ නිර්මාණ කලාව සහ ස්වභාවික පරිසරය එකිනෙකට අලංකාර ලෙස සම්බන්ධ කිරීමයි. මේ පුංචි ගමේ සුන්දර මංපෙත් ඔස්සේ ඇවිදිමින්, නිස්කලංක උද්‍යාන නැරඹීමටත්, අවට කඳු සහ ගංගාවේ අපූරු දර්ශන විඳීමටත් පුලුවන් විදියට නිර්මාන කරපු වේල්ස් තියන තවත් එක් සංචාරක ස්ථානයක්.

ඉතින්
වේල්ස ඉතාලිය නොවුනත්
මේ පුංචි අපූරු ගම්මානය
පුරාවටම
ඉතාලිය අපි දැක්කා 🌈🏛️🍋🌸 ❤️🇮🇹 ✨

18/08/2026

Chasing waterfalls in the heart of Snowdonia 💙✨🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿

අපේ සංචාරයේ තුන්වන නැවතුම වූයේ Aber Falls 💦✨. හයික් යන්න ආස නිසාම කඳුකරයෙන් වටවුණු සුන්දර පරිසරයක පිහිටි Aber Falls වෙත යන ගමනම සුන්දර අත්දැකීමක්🚶‍♀️🥾🌳. කොළ පැහැයෙන් පිරුණු ගස්වැල්,නිස්කලංක මංපෙත් සහ ඈතට විහිදෙන කඳු දර්ශන වගේම අපේ යාලුවෝ ටික නිසාම මේ ගමන වේල්ස් ගිහින් අපි ගොඩාක් enjoy කරපු තැනක්.

දිය ඇල්ලට ළං වෙද්දී නම් අපේ හර බර කාතා ටික නතර වෙලා කට්ටියගේ හිතට ගෙනාවේ පුදුමාකාර සැනසිමක්. එකත් එක්ම ලන්කාවත් මතක් වුනා. Aber Falls දිය ඇල්ල උසින් වැඩි වේල්ස් වල බලන්න තියෙන දියඇලි අතරින් ලස්සනම දියඇල්ලක් .

ඉතින් දිය ඇල්ල ගාවා අපි වැඩි වේලාවක් හිටියා පිරිසිදු කඳුකර වාතය 🌬️, හෝ ගානා වතුර හඬ 💦 නිස්කලංක පරිසරය, වතුරේ හිටිය චුටි චුටි මාලු පැටව්න්ට අපි නම් එහෙමත් දැම්මා 🐟 😂🌿
ඉතින් මේ වගේ නිදහස හොයන අපි වගේ ළමයින්ට පැය ගානක් උනත් ඉන්න පුලුවන් vibe එකක් තියෙන පරිසරයක් එතෙන තියෙනවා 🦋🐿️🦌🎒⛰️🌲🌊

13/08/2026

පැහදිලි වලාකුලු පිරැනු නිල් අහසේ දිහා බලාගෙන කාලකින් අපි ගිය සවාරිය

🚗🛣️🌄🎶📸☀️🏕️

North Wales Road Trip 🚗🛣️🌄🎶📸☀️🏕️
13/08/2026

North Wales Road Trip
🚗🛣️🌄🎶📸☀️🏕️

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

🌊☀️🏖️🐚🌴🍹☀️🌊💙🏝️🐚📸🏖️🌊🌅🍹🩵✨🌴☀️🌊🩴🍉🏖️🌊🐚☀️💦🌴🤍🌅🌊🏖️💙✨🍹
11/08/2026

🌊☀️🏖️🐚🌴🍹
☀️🌊💙🏝️🐚📸
🏖️🌊🌅🍹🩵✨
🌴☀️🌊🩴🍉🏖️
🌊🐚☀️💦🌴🤍
🌅🌊🏖️💙✨🍹

31/07/2026

North Wales චාරිකාවේ හොදම ටික 🎶🎤🪘💃🍻

අපි සාවාරි යන්නේ එලිවෙන කම් සින්දු කියන්න නටන්න.ඉතින් නිදිමාරාගෙන සාජ්ජේ ජයටම යද්දි එහා පැත්තේ කැම්ප වෑන් එකේ සුදු මාමා දොරට තට්ටු කලා.
ඉතුරැ ටික හිතා ගන්න පුලුවන්නේ👻🛌😴

ᩣシ

🌊⚓️🪼💙🦐🦪
25/07/2026

🌊⚓️🪼💙🦐🦪

Address

Homagama

Telephone

+94767645880

Website

Alerts

Be the first to know and let us send you an email when Ourholiday posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share