16/12/2019
ප්‍රසූත සැත්තකමක් සාර්ථකව සිදු කර,,නිවසට පැමිනි තරුන මවක්,,තම වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදී......
ඇයට,,වෛද්‍යවරයා විසින් තබා තිබූ,,වෙනස්ම ආකරයේ සටහනක් දිස් විය...........මේ,,
එම වෛද්‍යවරයා විසින් තබා තිබූ සටහනයි.............
ලද විට ඇමතුමක් මට සැත්කමක් කියා,,
හනිකට දුව ගියෙමි කල වැඩ පසෙක දමා,,
සූදානම් වෙලා බැලුවම කව්ද කියා,,
නුබ දුටු විටම මට සිහිසුන් නැතුව ගියා.......................
පෙර එදා මගෙ තුරුලෙ හිදගෙන ආලෙ පෑ
මුලු හිත පුරා,,
ඉන්නේ මේ ඒ මැනිකෙමයි මගෙ,සයනයේ
විලිබර වෙලා,,
හදුන ගත්තොත් ඉතින් මාවත් නුබත් අසරන
වෙයි සිතා,,
මැනික මන් මුව වසා ගත්තා නොපෙනෙන්න
කව්දැයි කියා....................................
පෙම් කරපු ඒ දවස් මතකයිද
සුදු මැනික,,
දුවෙක් මට දෙනව දැයි කියා මම
ඇහුවාම,,
නෑ දෙන්නේ දුවෙක් නන් කියා
සුදු අයියාට,,
හිනහුනා මතකයිද හිද මගේ
තුරුලේම..........................................
උහුලන්නේ කෙලස මන් මේ මතක හිත තියන්,,
රිදෙනවා මුලු හිතම සුදු මැනික ඇති තරන්,,
කොයිතරන් නපුරුයිද දෛවයේ වෙනස්කම්,,
හිත හිතා අරගතිමි පිහිය දෑතට මෙමන්......................
පෙර එදා මන් පහස ලැබුමට ආස කල
නුබෙ වත පුරා,
සීරුවට අද පිහිතුඩක් ගෙන බඩ වටේ
අරගෙන ගියා,
ඉරාගෙන පිහිතුඩ බහිද්දී නුබේ ලේ කැටි
වල පොගා,
සත්තමයි හිරිවැටී දෑතම සියොලගම
වෙව්ලා ගියා....................................
දෙපලු කරගෙන නුබේ කුස මන් අතට අරගෙන
පොඩි එකා,
තුරුල් කරගෙන හිටියා ඩින්ගක් පුරුදු සුවදක්
ආ නිසා,
නුබ වගේමයි හරිම ලෝබයි දකිද්දීත් මට
උගෙ හිනා,
අහන්නට හිතුනා නුබෙන් මට ඇයි මගේ
නොවුනේ කියා..................................
අදටත් ඇති නිසා පෙම්හිත නුබ ගාව,
අපි මැව් හීන වල ජීවත් වෙමි තාම,
අයිතිය නැති උනත් මගෙ ලේ වල ගෑව,
පියෙක් උනා මන් නුබෙ පැටියට දාව...........................
ඉතින් අවසරයි මන් දැන් සමු ගන්නන්,
උබේ ලෝකේ උබ සතුටින් කල් ගෙවපන්,
මාව මතක් වෙන්නට මේ දේ කරපන්,
අමතක නොකර පැටියට මගෙ නම තියපන්....................
(post එක උස්සනවා නන්,,
name එකත් එක්ක උස්සපන්...............