12/09/2026
ආපදා හා හදිසි අවස්ථාවන්හිදී කාන්තාවන්, ගැහැණු ළමුන් සහ මාතෘ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමට ඇමෙරිකානු ඩොලර් 250,641 ක මානූෂීය ආධාර තොගයක් මෙරටට.
මෙරටට බලපාන ආපදා සහ හදිසි අවස්ථාවන්හිදී විශේෂයෙන් අවදානමට ලක්වන කාන්තාවන්, ගැහැණු ළමුන් සහ ගැබිණි මව්වරුන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව තහවරූ කිරීමට මෙන්ම එවැනි අවස්ථාවන්හිදී අවශ්‍ය සෞඛ්‍ය මැදිහත්වීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ඇමෙරිකානු ඩොලර් 250,641 ක් වටිනා හදිසි ආපදා මානූෂීය ආධාර තොගයක් ඊයේ (11) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
මෙම මානූෂීය ආධාර තොගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine), ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් රූත් බෙයාර්ඩ් (Ruth Baird) සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා වැඩබලන නියෝජිත ෆුන්ට්ෂෝ වංයෙල් (Phuntsho Wangyel) යත මහත්ම මහත්මීන් විසින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී භාරදෙන ලදී.
මෙම විශේෂිත මානූෂීය ආධාර වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත රජයන් විසින් මූල්‍යමය දායකත්වය ලබාදී ඇති අතර, ආපදා තත්ත්වයන්හිදී විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කාන්තාවන්, ගැහැණු ළමුන්, ගැබිණි මව්වරුන් සහ වැඩිහිටි පුද්ගලයන් වෙත අවශ්‍ය සෞඛ්‍ය, සනීපාරක්ෂක හා ආරක්ෂණ පහසුකම් කඩිනමින් සැලසීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වේ.
මෙම හදිසි ආපදා මානූෂීය ආධාර තොගයට ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු කූඩාරම් 08 ක්, ඒ අතර සූර්ය බලශක්ති ආලෝක පද්ධති සහිත කූඩාරම් 03 ක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා ගමන් කට්ටල (Midwifery Go-Bags) 999 ක්, ගැබිණි මව්වරුන් සඳහා භාණ්ඩ කට්ටල (Maternity Kits) 1,283 ක්, වැඩිහිටි කට්ටල (Elderly Kits) 246 ක් සහ කාන්තාවන් හා ගැහැණු ළමුන් සඳහා සනීපාරක්ෂාව තහවුරු කිරීම සඳහා වන කට්ටල (Dignity Kits) 1,659 ක් ඇතුළත් වේ.
Horana Api - හොරණ අපි
Bandaragama Api - බණ්ඩාරගම අපි
7NEWS Australia
අපි පානදුර - Api Panadura
la