OMSN

OMSN Trusty and Balance News around the word

කලා ඔයේ ජලය පිරිපහදු කර කිලෝමීටර් හතරක දුරක් මුහුදු පතුලේ එලූ නළ මාර්ගයක් හරහා කල්පිටියට ගෙන ඒමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ...
25/05/2024

කලා ඔයේ ජලය පිරිපහදු කර කිලෝමීටර් හතරක දුරක් මුහුදු පතුලේ එලූ නළ මාර්ගයක් හරහා කල්පිටියට ගෙන ඒමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජල සම්පාදන අමාත්‍යංශය පවසයි.

එම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබේ. කල්පිටිය යනු ලංකාවේ බොහෝ එළවළු වර්ග වගා කළ හැකි ප්‍රදේශයක් මෙන්ම ගල් අඟුරු, සුළං සහ සෝලා බලාගාර හරහා රටේ ජාතික විදුලි පද්ධතියට 66% ක විදුලි ධාරිතාවක් දැනටමත් ලබාදෙන ප්‍රදේශයකි.

එමෙන්ම ලංකාවේ ලුණු නිෂ්පාදනය 50% කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේත් කල්පිටිය අයත් ප්‍රධාන පුත්තලම දිස්ත්‍රික්කයෙනි.

නමුත් ජල සම්පාදන අමාත්‍යාංශය පවසන්නේ මෙම ප්‍රදේශයේ ජනතාවට ඇති විශාලතම ගැටලුව පිරිසිදු පානීය ජලය නොමැතිකම බවය.

ඒ හේතුවෙන් පසුගියදා කල්පිටිය මජ්ජිත් කුෆා මුස්ලිම් පල්ලි භූමියේ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වැය කරමින් නැනෝ තාක්ෂණික ප්‍රති ආශ්‍රිත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර තිබේ.

කෙසේ වෙතත් කලා ඔයේ සිට මෙලෙස ජලය පිරිපහදු කර කල්පිටියට ගෙන ඒමේ වැඩපිළිවෙළ ක්ෂණිකව කළ නොහැකි බවත් ඒ සඳහා විශාල පිරිවැයක් මෙන්ම ශ්‍රමයක් දැරීමට ද සිදුවන බව අමාත්‍යාංශය පවසයි. නමුත් ඉදිරි වසර කිහිපය තුළ මෙය සම්පූර්ණ වශයෙන් අවසන් කළ හැකි බවද ඔවුහු කියා සිටීති.

The Ministry of Water Supply and Estate Infrastructure Development plans to purify water from Kala Oya and transport it to Kalpitiya through a pipeline laid on the seabed for four kilometers. This program will provide clean drinking water for the people in that area.

Kalpitiya is known for growing many vegetables and supplying 66% of the country's electricity through coal, wind, and solar power. It also produces over 50% of Sri Lanka's salt in the Puttalam district.

Despite these advantages, the area lacks clean drinking water. Recently, a nano-technology-based water treatment center was established at the Kalpitiya Grand Masjid Mosque, costing over Rs. 50 lakhs. The Ministry states purifying and transporting water from Kala Oya will take significant effort and expense, but it is expected to be completed in the next few years.

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවස...
25/05/2024

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, සබරගමුව පළා‍‍තේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද දැනුම් දී තිබෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50-60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

The Department of Meteorology announced the current rain and wind conditions will continue due to the Southwest monsoon.

The Western, Sabaragamuwa, Central, North-Western, and Southern Provinces will have rain or thunderstorms. Heavy rains above 100 mm are expected in some areas of the Western and North-Western Provinces, as well as in the Kandy, Galle, and Matara Districts. The Sabaragamuwa and Nuwara Eliya Districts will also see heavy rain.

In the Northern and North Central Provinces, there may be rains of around 75 mm. Winds of 50-60 km/h are expected in the Western slopes of the Central Hills and in the Northern, North Central, Western, Southern, and North Western Provinces, and the Trincomalee District. In other parts of the island, winds may reach 30-40 km/h.

නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.ඒ අනුව ඉන් අයදුම්කරුවන්...
25/05/2024

නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉන් අයදුම්කරුවන් 3,422ක් සමත් වී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3,580ක පිරිසක් ඉදිරිපත් වී තිබුණු අතර ඉන් සමත් සංඛ්‍යාව මුළු පිරිසෙන් 95.6% ක් බවයි සඳහන් වෙන්නේ.

මෙම විභාගයේ ප්‍රතිඵල මැයි මස 27 වන දින www.slbfe.lk වෙබ් අඩවියේ පළ කරන අතර විභාගය සමත් වූ අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරීක්ෂණ මැයි මස 28 වන දින ආරම්භ වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

The Korean language proficiency test results for the production and fishing sectors have been released. According to the Sri Lanka Foreign Employment Bureau, 3,422 out of 3,580 applicants passed, with a pass rate of 95.6%.

The results will be published on www.slbfe.lk on May 27th, and medical exams for the successful candidates will begin on May 28th.

23/05/2024
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60...
22/05/2024

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60- 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කල්පිටියේ සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බවයි.

නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩි වීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුර මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමිටර 50 - 60 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

The Department of Meteorology warns that wind speeds may reach 60-70 km/h offshore from Colombo to Pottuvil, passing through Galle and Hambantota.

They also state wind speeds could reach up to 60 km/h in the sea from Kalpitiya to Colombo. Additionally, due to stronger southwest monsoon winds, speeds may increase to 50-60 km/h on the western slopes of the Central Highlands and in the North, North Central, Western, Southern, and North Western Provinces.

එළැඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.හාල්මැස්සෝ, ලොකු ළුෑණු, කඩල සහ සුද...
22/05/2024

එළැඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

හාල්මැස්සෝ, ලොකු ළුෑණු, කඩල සහ සුදු සීනි වල මිල මෙලෙස අඩුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

For the upcoming Vesak festival, Lanka Sathosa has lowered the prices of several items including halibut, big onions, chickpeas, and white sugar.

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.එහි ...
22/05/2024

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ඉහත විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන බවය.

ඒ සඳහා 2024 මැයි 27 දින සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ.

කිසිඳු හේතුවන් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවද අවධාරණය කරයි.

The Department of Examinations announced the Grade 5 scholarship exam will be held on Sunday, September 15th, 2024.

Applications can be submitted from 27th May 2024 to 14th June 2024 through the online system.

Furthermore, the deadline for accepting applications will not be extended for any reason.

අද දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම...
22/05/2024

අද දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ බව පැවසීය,

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ශාපතනයත් දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාර්තාවීමත් සමග එම දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

එසේම මේ වනවිට රැකියාවේ නිරතව සිටින බහුදින ධීවර යාත්‍රා වෙත ද ආරක්‍ෂිත ප්‍රදේශ හරහා ගමන්කරන ලෙසට දැනුම්දී ඇති බව එහි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Speaking to the media today, Director General Susantha Kahawatta announced all fishing vessels, including multi-day ones, are banned from leaving for work starting today until further notice. This decision is due to expected heavy rainfall and strong winds in the sea around the island in the coming days.

Additionally, multi-day fishing vessels currently at sea have been advised to move to protected areas.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකිය...
21/05/2024

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවද නානායක්කාර මහතා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මනූෂ නානායක්කාර මහතා කීවේ රනිල් ජනපති තරඟයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් මූලික කර ගනිමින් නොව සියලු දෙනාටම එකඟ විය හැකි එක් විය හැකි ජාතික අපේක්ෂකයෙක් ලෙස බවයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැතැයි බොරු ප්‍රචාර යවමින් සජිත් ප්‍රේමදාස පාක්ෂිකයන් රැක ගැනීමේ සටනක නිරත වෙමින් සිටින බව කී අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂිකයින් වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ රට ඉදිරියට ගෙනයාමේ අපේක්ෂාව මේ මොහොතේ ඉටුවෙමින් තිබෙන හෙයින් ඔවුන් නිරායාසයෙන්ම ජනාධිපතිවරයා වටා එකතු වීම වලක්වන්නට හැකියාවක් නැතැයි ද සඳහන් කළේය.

Minister of Labor and Foreign Employment, Manusha Nanayakkara, announced that an official statement confirming Ranil Wickremesinghe's candidacy for the presidential election will be made in June.

Speaking at a press conference at the United National Party Headquarters, he said the presidential election will be held first. Ranil Wickremesinghe will run not as a party leader but as a national candidate acceptable to all. Nanayakkara stated that Sajith Premadasa is spreading false propaganda that Wickremesinghe will not run, trying to mislead party members. He said as the UNP's vision for the country's progress is being realized, it is natural for members to rally around the president.

ඉදිරි දින කිහිපය තුළ මුහුදු ප්‍රදේශය හරහා තද සුළං ඇතිවිය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍...
21/05/2024

ඉදිරි දින කිහිපය තුළ මුහුදු ප්‍රදේශය හරහා තද සුළං ඇතිවිය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.

හෙට දිනය වන විට බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ඇතිවීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක පැවසුවේ.

The Department of Meteorology advises the marine and fishing community not to sail until further notice due to expected strong winds over the sea in the next few days.

Director General Athula Karunanayake stated a low-pressure zone is likely to form around the Bay of Bengal tomorrow.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.ව...
20/05/2024

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

All schools in the Puttalam district will be closed tomorrow (21st) due to bad weather, as stated by the North West Province Director of Education.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළ...
20/05/2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

The Colombo District Court has issued an injunction preventing Mr. Wijayadasa Rajapaksa and Mr. Keerthy Udawatta from acting as the President of the Sri Lanka Freedom Party. This order was issued by Judge Sandun Withana after considering a complaint from MP Duminda Dissanayake.

Address

Ometa Management (Pvt) Ltd
Ja-Ela

Telephone

+94768685588

Alerts

Be the first to know and let us send you an email when OMSN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to OMSN:

Share